gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි ලොකු දේවල් කරලා චූටියටවත් පෙන්නන්න බැරි ආණ්ඩුවක් වුණා - අර්ජුන

රට ගොඩනැංවීමට නම් දේශපාලනය පසෙකලා සියලු පක්ෂ එකට එක්විය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

උඩුගම්පොළ ප්‍රෙද්ශයේ ඊයේ(31) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ රට හදන්න නම්, ප්‍රධාන පක්ෂ එක් විය යුතු බව තමා සැමදා විශ්වාස කළ බව පැවසු අමාත්‍යවරයා දේශපාලනය පසෙකින් තබා රට හැදිය යුතු බවද සඳහන් කළේය.

2015 වසරේ දී එය සිදු කළ බවත් ඒ තුළින් රට හැදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වු නමුත් අවාසනාවකට ඡන්ද පදනමක් නොමැති අනාථයින් පිරිසක් විසින් මෙම ජනමතයට පයින් ගසා අද පවතින තත්ත්වය උදා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රචාරණය පැත්තෙන් ආණ්ඩුව ඉතාමත් දුර්වල වු බවත්, පසුගිය ආණ්ඩුවල සුළු දේවල් සිදු කර ලොකුවට පෙන්වු බවත් කියා සිටියේය.

නමුත් වත්මන් ආණ්ඩුව ලොකු දේවල් සිදු කළ ද අද වන විට ඒවා පෙන්වීමට අවකාශය අහිමි වී ඇති බවත් එය විශාල දුර්වලතාවයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka