gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් 350 ක එක වසරට එක ළමයෙක්වත් නෑ

පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයක පළමු ශ්‍රේණියට එක් ළමයෙක් හෝ ඇතුළත් නොවීම පිළිබඳව වහා අවධානය යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ අනුව මෙම පාසල් ස්වභාවිකවම වැසී යන තත්ත්වයක් ඇති වන බව ඉතා පැහැදිලි බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සටහන් වේ.

මීට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ පාසලක සිටිය යුතු ගුරුවරු ප‍්‍රමාණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 01/2016 චක‍්‍රලේඛය මගින් පාසලේ විෂයන් අනුව ගුරුවරු සංඛ්‍යාව තීරණය කිරීම වෙනුවට ළමුන් හා පන්ති සංඛ්‍යාව අනුව ගුරුවරු ලබාදීමයි. මේ තත්ත්වය තුළ කුඩා පාසල්වලට ගුරුවරු ස්ථාන ගත නොකරන අතර, එය සීමා කිරීමෙන් පාසල් ගණනාවක ගුරුවරු නොමැතිවීම මත දෙමාපියන් දරුවන් ඇතුළත් කිරීම සිදු නොකරයි. එසේම ද්විතීයික පාසල් සංකල්පය පදනම කරගෙන ප‍්‍රාථමික හා ද්විතීයික පාසල් නිවැරදිව සිතියම් ගත කිරීමකින් තොරව වෙන් කිරීමෙන්ද මෙම පාසල් කඩා වැටීමට ලක් වී ඇත.

2017 වසරේ අධ්‍යාපන අමත්‍යාංශ සංඛ්‍යා ලේඛනවලට අනුව 1 ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 433 කි. එසේම 1 ශ්‍රේණිය සඳහා එක් ළමයෙක් ඇතුළත් වූ පාසල් 137 කි. ළමුන් දෙදෙනෙක් ඇතුළත් වූ පාසල් 138 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවල දැක්වේ. දැනගන්නට ඇති තොරතුරු අනුව 2019 වසරේද පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය ළඟම පාසල හොඳම පාසල වැනි ප‍්‍රචාරක ව්‍යාපෘති සිදු කළ ද පාසල් වැසීයාමේ තත්වයට නිවැරදි විසඳුමක් ලැබී නැති අතර, එය හුදු ප‍්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් අධ්‍යාපන පද්ධතියේ බරපතල විනාශයක් ඇතිවීම වැලැක්විය නොහැක. ළමයි 50 ට අඩු පාසල් 1486 ක් ද, ළමයි 100 ට අඩු පාසල් 1560 ක් ද පවතින බැවින් මෙම පාසල් දියුණු කිරීමට මානව හා භෞතික සම්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි.

රජයේ පාසල් සම්බන්ධයෙන් තත්ත්වය මෙසේ උවත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ඉදිරිපත් කළ අංක 2018/ඊඩී/ඊ/19 අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් උපකෘත පාසල් 36 කට ශඛා පාසල් 05ක් සකස් කිරීමටත්, එම පාසල්වල ගුරු වැටුප් ලබාදීමටත්, තවත් පෞද්ගලික පාසල් 13 කට ගුරු වැටුප් ආධාර ලබාදීමටත් තීරණය කර ඇත.

මෙමඟින් පැහැදිලි වන්නේ රජයේ පාසල් ස්වභාවික මරණයකට පත් කරමින් පෞද්ගලික පාසල් ප‍්‍රවර්ධනයට රජය දරණ උත්සායයි. ඉහත කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කොට කුඩා පාසල්වලට ප‍්‍රමාණවත් ලෙස භෞතික හා මානව සම්පත් ලබාදී, කුඩා පාසල් වැසීයාමේ අවධානමින් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka