gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉවත් කළ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යළි එම ධුරයට !

තනතුරින් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05) නැවත එම තනතුරට පත් කර ඇත.

 චාර්ල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බවත් මාස තුනක ප‍්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග කියයි.
රජයේ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ බව සනාථ කළ බවයි.

 චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී තීරණය කර තිබිණි.

 ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැුස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇතැයිද ‘දිවයින‘ට වාර්තා වේ.

 මේ අතර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට නිල දැනුම් දීමක් තවමත් සිදුව නැති නිසා එවැනි නිල දැනුම් දීමක් හෝ අදාළ පත් වීමේ ලිපිය ලැබෙන තුරු සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

 රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව සිටියි.

 රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවීම සඳහා ඊයේ (05 දා) රැුස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප‍්‍රකාශ වුවද ඒ සම්බන්ධයෙන් තවමත් රේගු දෙපාර්තමේන්තුවට නිල දැනුම් දීමක් නැති නිසා සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව රේගු අධිකාරි සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා ඊයේ  කීවේය.

දිවයින’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka