gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට - (CCTV දර්ශන සහිතයි)

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(14) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තියක් මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.


ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩි වැඳීම සිදු අවස්ථාවේ අදාල කාන්තාව නිවසේ ආලින්දයේ රූපවාහිනිය නරඹමින් සිට ඇති අතර ඉදිරිපස් දොරටුවෙන් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීම නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙම වෙඩි තැබීම සටහන්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් එම කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තිය මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මෙම කාන්තාව මේ වනවිට ඩුබායිහි මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ පසුවන බව කියන කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එම වීඩියෝව පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka