gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු අල්ලන STF අණදෙන නිලධාරියාට සේවා දිගුවක් !

හෙට (05) විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ ඔහු විසින් පසුගිය මාස කිහිපය තුලදී මත්ද්‍රව්‍ය හා එහි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට දක්වන ලද කැපවීම සැලකිල්ලට ගනිමිනි.

එම්. ආර්. ලතීෆ් මහතා වසර 41ක් පුරා පොලිස් සේවයේ රාජකාරි කල අතර ඔහු පසුගිය වසර දෙකහමාරක කාලය තුළ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට ඉකුත් සමයේ නායකත්වය ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාය.

ඔහුගේ නායකත්වය යටතේ ඉකුත් මාස 06ක කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 798කි. ඒ අතරට විදේශිකයින් සමග දෙහිවල දී සොයා ගැණුනු ශ්‍රී ලංකාවේ විශාලතම හෙරොයින් තොගය සහ කොල්ලූපිටියේ දී මෑතක දී අත්අඩංගුවට ගැණුනු හෙරොයින් තොගය ද අයත්ය.

බේරුවල දී හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගේ නායකත්වය යටතේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka