gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා මර්දනය වෙලා - හැරිසන්

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
“සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා, දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ඒ සඳහා අවශ්‍ය පෙළගැසීම දැන් සිදු වෙලා තියෙනවා.

මේ දවස් වල ලොකුම කථාව තියෙන්නේ සේනා දළඹුවා ගැනනේ, සේනා දළඹුවා බඩඉරඟුත් කාලා, රටත් කාලා අපිත් කනවා. සමහරු අහනවා දළඹුවා ආවේ ඇට වලින්ද කියලා, සමහරු අහනවා විද්‍යාගාරයක් තුළ හදලා මේක එළියට දැම්මද කියලා.මගේ මිත්‍ර විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මගෙන් ඇහුවා මේ දළඹුවා කොහොමද පියාඹාගෙන ආවේ කියලා.මේ මනුස්සයා දළඹුවා දන්නේ නෑ- සලබයා දන්නේ නෑ, හැබැයි බහුශුතයා , හැමදෙයක්ම දන්න මිනිහා.එතනදී හරි බලනවා මේකේ පොඩි කොනක් අල්ලා ගන්න පුළුවන්ද කියලා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka