gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහල්වලටත් මිල සූත්‍රයක් !

ඉන්ධනවලට මෙන් සහල්වලටද අප්‍රේල් 01දා සිට මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය බදාදා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා කියා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් යන අය සමඟ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සමහර දෙනකුද සහභාගි වී සිට ඇති බව පැවසේ.

මෙම මිල සූත්‍රය අනුව ක්‍රියා කරන්නේ නම් සහල් සඳහා පාලන මිලක් ඇති නොකර ස්වයංක්‍රීයව මිල තීරණය කළ හැකි බව සාකච්ඡාවට සහභාගිවූ අයගේ මතය වී තිබේ.

මේ අනුව ගොවියාට, ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයාටද එක හා සමානව සහන සැලසෙන බව ඔවුහු කියති.

අදාළ සූත්‍රය සකස් කර ඇත්තේ වී කිලෝවක මිල රුපියල් 10ක් යැයි උපකල්පනය කළවිට හාල් කිලෝවක තොග මිල රුපියල් 24ක්ද සිල්ලර මිල රුපියල් 28ක්ද වන පරිදිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka