gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වල් ඌරන්ට ඇටවූ මන්දකට හසුවූ වඳ වි යැමේ තර්ජනයකට ලක් වුනු කොටියෙකුට සිදුවුන දේ - (PHOTOS)

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතුයායේ ඉහල කොටසේ තේ වත්තේ වතු කම්කරුවන් විසින් වල් ඌරන්ට අටවා  තිබු මන්දකට හසු වි ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු අඩි 6 පමණ දිගකයින් හා අඩි 3 පමණ උසකින් යුත් අවුරුදු 3 ½ පමණ වයසැති හොදින් වැඩුණු කොටියෙකු ඊයේ (16)  අලුයම මිය ගොස් තිබෙනව‍ා.
ඒ අනුව  මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල මධ්‍යම පලාත් වනජිවි පශු වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.කරුණාකරන් මහතා ඊයේ නුවරඑළිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට නියෝග කර තිබෙනවා.

මිය ගිය කොටියාගේ සිරුර පරික්ෂා කල වනජිවි නිලධාරින් කියා සිටියේ වඳ වි යැමේ තර්ජනයකට ලක් වි ඇති  තේ වතු ආශ්‍රිතව සැරිසරන මෙවැනි කොටින් විශාල ප්‍රමාණයක් ඉකුත් වසරේ මර උගුල්වලට හසු වි සහ වස මිශ්‍ර ආහාර ලබාදිමෙන් මිය ගිය බවයි.

මේ වසරේ මිය ගිය පළමු කොටියා මෙය බවත්, මෙම කොටියා මීට ප්‍රථම මන්දකට හසු වි බේරි ඇති බවත්,මිය ගිය කොටියාගේ ගෙල වටා විශාල තුවාලයක්ද තිබු බවත් වනජීවි නිලධාරින් වැඩිදුරටත් කියා සිටියා.

කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පසුගිය වසරේ විශාල වශයෙන් කොටියන් සහ හඳුන් දිවියන් සැරි සැරීම නිසා වතු කම්කරුවන් දැඩි භීතියට පත් වි සිටිම නිසා වනජීවි නිලධාරින් එම වතුයායේ සැරිසැරු හඳුන් දිවියන් සහ කොටියන් අලිවෙඩි දමා රක්ෂිතවලට පලවා හැරිමේ මෙහෙයුමක්ද දියත් කර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka