gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ !

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන ආකාරයට උප්පැන්න සහතිකය භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් කර මුද්‍රණය කර ලබාදීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා කියා සිටී.
නව උප්පැන්න සහතිකයේ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනට අමතර දිය සලකුණ (Water mark) ඇතුළු ආරක්‍ෂිත සලකුණු කිහිපයක් ඇතුළත් කර තිබෙන බව ද ඒ මහතා කීය.

මෙම නව උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසයට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම උප්පැන්න සහතිකයේ වයස අවුරුදු 16 ලබන විට ලබාදෙන හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ද හෙතෙම කීය.

ඒ අනුව එම හැඳුනුම්පත් අංකය විභාග දෙපාර්තමේන්තුවට ලබා දීමටද කටයුතු කෙරෙනු ඇත.

මේ වන විට දරු උපත් සමඟ අන්තර්ජාලය හරහා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka