gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයට වසර 200 ක් සපිරෙයි සුව ඇමැතිගෙන් දන්ත ඒකකයක්

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 200 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන උත්සවය පිළිබද මාධ්‍ය හමුවක් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (26) පස්වරුවේ පැවැත්විනි.
මාර්තු මාසයේ පැවැත්වෙන 200 වන සංවත්සර උත්සවයේ සැමරුම් ලාංඡනය ද මෙහිදී එළිදක්වන ලදි.

ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති පැරණිතම පාසලක් වන බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය මෙරටට හදුන්වාදීමේ දී මිසනාරිවරුන් විසින් ආරම්භ කරන ලද පාසලකි. මේ වන විට සිසුන් 3000 ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ ගුරුවරුන් 150 ක් පමණ සේවය කරති. මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය දිනෙන් දිනම දියුණුවට පත්වීම තම අපේක්ෂාව බවයි. ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට කැපවන බවත්, එම විද්‍යාලයේ දන්ත වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා, විද්‍යාලයේ විදුහල්පති එන්.ජී සෝමසිරි මහතා, ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති දනික නානායක්කාර මහතා මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා ඇතුලු විද්‍යාලයේ ආදිශිෂ්‍යයින්, සිසුන් එක්ව සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka