gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ASP ලියනගේ කටාර් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ඔහුට දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.
ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

පසුගිය වසරේ කටාර්වල පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගුරුවරුන් හා පුස්තකාලාධිපති දෝහා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම එහි වෙසෙන තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා විසින් සිදුකරන ලද පළි ගැනීමක ප්‍රතිථිලයක් බව පවසමින් ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

එහිදී ඔහු එම විද්‍යාලයේ කටාර් රියාල් මිලියන 12ක පමණ අරමුදලක් ඇති බවත්, එම අරමුදල කොල්ල කෑමේ අදහසින් මෙම තානාපතිවරයා එම විද්‍යාලයේ නිලධාරීන්ට හා දෙමව්පියන්ට බලපෑම් කරමින් සිටින බවට ද චෝදනා එල්ල විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka