gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දය දෙන්න පුළුවන්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රජයෙන් කළ ඉල්ලීමක් මත එම කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය.
මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රජයෙන් ඉල්ලීම් කර තිබූ අතර, එය සලකාබලා වහාම එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

ඩිජිටල්කරණය මඟින් විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. තවද සෞඛ්‍ය,ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සියලු ක්‍ෂේත්‍රවලට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසෙන සේ ඡන්ද විමසීමේ දිනයේදී විශේෂිත ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම හෝ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථා ඇතිකිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමය යොදාගැනීම, මැතිවරණ කාලසීමාවේදී අනිසි ලෙස මාධ්‍ය හැසිරවීමේදී රාජ්‍ය මාධ්‍යයට පමණක් සීමාවන නීති පෞද්ගලික මාධ්‍ය වෙනුවෙන්ද පුළුල්කිරීම, ඡන්ද කාලසීමාවේ ඡන්ද වැරදි සම්බන්ධයෙන් වන පැමිණිලි විමර්ශන ක්‍රියාවලි නෛත්‍රිකව බලාත්මක කිරීම ආදී නව නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම තේරීම් කාරක සභාවේදී සලකාබැලීමට නියමිතය.

එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් යාවත්කාලීන විය යුතු නීති 06ක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සභානායකවරයාටදැනුම් දී තිබේ. රාජ්‍ය සම්පත් මැතිවරණයේදී අවභාවිතය වැළැක්වීමේ නීති ශක්තිමත් කිරීම, පාලනායතන සඳහා කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම, ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යය කිරීම, ඡන්ද හිමියන් ඡන්ද පොළට ප්‍රවාහනය පිළිබඳ නීති යාවත්කාලීන කිරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා සැකසීම පිළිබඳ නීති ඩිජිටල් තාක්ෂණය වැනි නව තාක්ෂණයන්ට අනුරූපව යාවත්කාලීන කිරීම, පෙළපාළි පැවැත්වීම හා ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳ පවතින නීති වඩාත් ශක්තිමත් කිරීම ආදී යෝජනා ඒතුළ ඇතුළත්කර තිබේ.

අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්, අවුරුදු 18 සම්පූර්ණ වූ අවස්ථාවේදීම ලියාපදිංචි කිරීමට හැකිවන ලෙස ඡන්ද නාමලේඛනයට පරිපූරක ලේඛන සකස් කිරීමට හැකිවන සේ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම, මැතිවරණයකදී අපේක්ෂකයන් මැතිවරණය වෙනුවෙන් දරනු ලබන වියදම් පිළිබඳ විනිවිදභාවයක් ඇතිකිරීම සහ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමටද කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka