අල්ටෙයාර් මිතුරු මරණයට වගකියන්න ඕනි කියා රාධ්‍යා පාසලේදී පීඩනයට ලක්වුණා - දෙමාපියන්ගෙන් ලිපියක්!

පසුගියදා කොළඹ නෙළුම් කුළුණෙන් බිමට පැන ජීවිතය අහිමිකරගත් ‍CIS පුද්ගලික පාසලේ රාධ්‍යා ගුණසේකර නම් සිසුවියගේ දෙමාපියන් එම සිදුවීම ගැන සටහනක් ඔස්සේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

"ඔබ සෑම විටම අපගේ හදවත් හා මතකයන් තුළ..." ඔහු සමුගෙන මාස තුනකුත් ගිහින් - ඇයට දැන් කොහොමද? ඔහු වෙනුවෙන් තවත් පිංකමක් විදෙස් රටක සිදුවුණේ මෙහෙමයි

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ තෙමස් පුර්ණ තවත් පිංකම විදෙස් රටක දී සිදු වුණා.

ඒ පිළිබඳ ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් සමගින් ඡායාරූප පුතු විසින් එක් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තවත් තෙමස් පුර්ණ පිංකම පසුගියදා නිවසේ පවති අතර එම ඡායාරූප වල වසන්තගේ බිරිඳ මැණික් දක්නට ලැබෙන්නේ නැහැ.

"එයා නංගිටත් හරි ආදරයෙන් හිටියේ... අපි දන්න විදිහට දෙන්නා අතර ආරවුල් තිබුණේ නැහැ..." - රටක් කැළඹූ හලාවත ඛේදවාචකයේ වෙනස්ම කතාවක් එළියට!

හලාවත, සිංහපුර පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා, බිරිය සහ දියණියගේ මරණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ රස පරීක්‍ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා පදනම් කරගෙන නිශ්චිත තීරණයකට එළැඹීමට කටයුතු කරනු ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ එම මරණ තුන සියදිවි හානිකර ගැනීම්ද, ඝාතනයක්ද නැතහොත් පිලිස්සීමෙන් සිදුවූවක්ද යන්න නිශ්චිතවම තහවුරු කර ගැනීමට අවශ්‍යව ඇති නිසාය.

කෙසේ වෙතත් මේ වන විට කරන ලද මූලික විමර්ශනවලදී පොලිසිය සැක කරනුයේ බිරිය සහ දියණිය මරා පුලුස්සා අදාළ කෝටිපති ව්‍යාපාරිකයා සියදිවි හානිකර ගන්න ඇති බවය.

ඊට හේතු වූ සැක කටයුතු කරුණු කාරණා රැසක් පොලිසිය සතුව ඇත. පොලිසිය පවසන්නේ එම හේතු නිසා නිවෙස තුළම සිදුවූ යම් සිදුවීමක ප්‍රතිඵලයක් මත මෙම මරණ සිදුව ඇති බවය.

සිද්ධිය සැලවීමෙන් පසු එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට පෙනී ගිය එක් කරුණක් වූයේ නිවෙසේ ‍ෙදාර තිබී ඇත්තේ ඇතුළතින් අගුළුලා බවය. එමෙන්ම නිවෙසේ සෑම ජනේලයක් සහ ‍ෙදාරවල්ද තිබී ඇත්තේ ඇතුළතින් අගුලුලාය.

මේ අනුව පොලිසිය සැක කළේ පිටස්තරයකුට නිවෙසට ඇතුළු වී හෝ පිටව යන්නට නැති බවය. ඒ නිසා මෙම මරණ තුනම නිවෙස තුළම සිදු වූ යම් සිදුවීමක ප්‍රතිඵලයක් මත වූයේද යන සැකය නිලධාරීන්ට ඇති වී ඇත. තවද නිවෙස මිදුලේ තිබූ පොල් ලෙලි හා දර කැබැලි නිවෙසේ සාලයේ පිලිස්සී තිබෙන අයුරුද නිලධාරීන්ට නිරීක්‍ෂණය විය.

මේ අනුව නිලධාරීන්ගේ සැකය එකම පැත්තට යොමු වුවද රස පරීක්‍ෂක වාර්තාව සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවද අධ්‍යයනය කර මරණවලට හේතුව අනාවරණය කර ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමේදී හලාවත කොට්ඨාස භාර උසස් නිලධාරියෙක් කීවේය.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව තිබුණේ එස්.ඒ. සේනාරත්න නමැති පියා, මංජුලා නිරෝෂණී නමැති බිරිය සහ දියණිය නෙත්මි නිමේෂා යන තිදෙනාය.

මියගිය ව්‍යාපාරිකයා හලාවත නගරයේ ඉඩම් කැබැලි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුගේ බිරිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළාය. දියණිය නිමේෂා හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානම්ව සිටියාය.

කෙසේ වෙතත් ව්‍යාපාරික සේනාරත්නගේ සහ දියණිය නෙත්මි නිමේෂාගේ සිරුරු තිබී ඇත්තේ සාලයේය. එම සිරුරු බෙහෙවින් පිලිස්සී තිබිණි. ඒ නිසා එම සිරුරු හඳුනා ගැනීමට නොහැකි වූ අතර ව්‍යාපාරිකයාගේ බිරියගේ සිරුර පහත මාලයේ කාමරයක තිබී සොයාගැනිණි. ඇගේ ගෙල කපා දමා තිබූ අතර එය කඳින් වෙන්කර ඇති බව නිරීක්‍ෂණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසියට මෙම මරණ පිටස්තරයකු විසින් සිදුකළ බවට සාක්‍ෂි ඊයේ සවස් වනතුරුත් සොයාගත නොහැකි විය.

කෙසේ වෙතත් නිවෙසේ ගෘහමූලිකයා සහ බිරිය අතර ආරවුල් ඇති වී තිබූ බවට තොරතුරුද පොලිසිය සතුවිය. හලාවත කුරුණෑගල පාරේ ව්‍යාපාරිකයාගේ බිරියට අක්කර 5ක ඉඩමක් අයත්ව තිබී ඇති බවත් එම ඉඩම කට්ටිකර විකිණීමට ඇගේ සැමියා උත්සාහ කර තිබූ බවත් එම තොරතුරු අතර විය. ඒත් ව්‍යාපාරිකයාගේ බිරිය ඊට කැමැත්ත පළකර නොතිබූ බැවින් දෙදෙනා අතර ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබූ බවද ලැබුණු තොරතුරුවල සඳහන්ය.

මියගිය ව්‍යාපාරිකයා එම ඉඩම කට්ටිකර විකිණීමට උත්සාහ කර ඇත්තේ ඔහු මුදල් ගැටලු කිහිපයකට මැදිව සිටි නිසා බව කියයි.

පොලිසිය නිවෙස අවට පිරිසගෙන්ද කරුණු කාරණා විමසීය. ඒ අවට ස්ථාපිත සී.සී.ටී.වී. කැමරාද නිරීක්‍ෂණය කළේය. එහෙත් එම නිවෙසට ඇතුළු වන හෝ නිවෙසින් පිටවන කිසිවකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ රූපරාමු කිසිවක් පොලිසිය සොයාගෙන තිබුණේ නැත.

එමෙන්ම මෙම නිවෙස තුළ මෙවන් අපරාධයක් හෝ ගිනි ගැනීමක් සිදුවුවද නිවෙස තුළින් කෑගැසීමක් හෝ වෙනයම් කිසිදු ශබ්දයක් අහල පහළ අයට ඇසී නැත. එයද විමර්ශනයට ගෙන දුන්නේ කිසියම් ගැටලුවක්ය. නිවෙස ගිනි ගන්නා අයුරු හැරෙන්නට වෙන කෑගැසීමක් හෝ මරලතෝනියක් තමන් නොදුටු බව අසල්වාසීහු පැවැසූහ. පොලිසිය මෙන්ම ගිනි නිවන ඒකකය පවා එම නිවෙසට පැමිණෙන්නේ අසල්වැසියන් ලබාදුන් තොරතුරු මතය.

රස පරීක්‍ෂකවරයා ගිනිගත් නිවෙසට ඇතුළු වී සිද්ධිය හොඳින් නිරීක්‍ෂණය කළ අතර සොකෝ නිලධාරීන්ද විමර්ශන ආරම්භ කර තිබිණි. මෙහිදී පෙනී ගියේ කිසියම් ඉන්ධන වර්ගයක් සාලය මැදට විසිකර ඇති අයුරුය. නිවෙසේ ගෘහ උපකරණ ඇතුළු සෙසු ද්‍රව්‍ය මළ සිරුරුවලට පවා එම ඉන්ධන වැටී තිබූ බවත් එම ඉන්ධන වැටීමත් සමඟ සිරුරු ඇතුළු ගෘහ උපකරණ තදින් පිලිස්සී ගොස් ඇති බවත් විමර්ශනයේදී පෙනී ගියේ පහත මාලය පුරා ගින්න පැතිරීමට හැකියාව ලැබී ඇත්තේ එම ඉන්ධන නිසා බව පොලිසියේ සැකය විය.

මෙය ඝාතනයක් වී නම් 15 හැවිරිදි නිමේෂා ඝාතනය වූයේ මන්දැයි සැකයකි. ව්‍යාපාරිකයා සහ බිරිය අතර ඇති වූ කිසියම් ආරවුලක් මත ඇය ඝාතනය කළත් දියණිය මරා දැමීමට තරම් හේතු වූ කරුණු සැක සහිතය. පිටස්තරයකු විසින් මෙම ඝාතන සිදුකොට මියගිය වූවන් පුලුස්සා දැමුවේ නම් ඊට හේතුව කුමක්ද යන්න තවමත් නිරීක්‍ෂණය වී නැත. මියගිය ව්‍යාපාරිකයාගේ සහෝදරයකු පවසා ඇත්තේ නවදෙනකුගෙන් යුත් පවුලේ අටවැනියා එම ව්‍යාපාරිකයා බවය. මියගිය සහෝදරයා පවුලට හයියක් වූ බවද හෙතෙම පවසා තිබුණේය.

“අපි නිකවැරටියේ ජීවත් වුණේ. මීට අවුරුදු දාහතකට කළින් කසාද බැඳලා තමයි මල්ලි හලාවත පදිංචියට ආවේ. එයා නංගිටත් හරි ආදරයෙන් හිටියේ. අපි දන්න විදිහට දෙන්නා අතර ආරවුල් තිබුණේ නැහැ. ඒ දුවත් ඉගෙනගන්න දක්‍ෂයි.” ඔහු පවසා තිබුණේය.

ඉකුත් 18 වැනිදා දහවල් කාලයේ නිවෙසේ ගතකර ඇති මෙම ව්‍යාපාරිකයා රාත්‍රි කාලයේ සිය දියණිය යතුරුපැදියකින් ගොස් ඇය නිවෙසට රැගෙනවිත් තිබිණි. ඒ වන විට ඇය උපකාරක පන්තියකට සහභාගි වීමට නිවෙසින් පිටව ගොස් තිබුණාය. උපකාරක පන්තිය නිමවී ඇය යෙහෙළියකගේ නිවෙසක රැඳී සිටියදී මියගිය ව්‍යාපාරිකයා ඇය නිවෙසට කැඳවා ගෙනවිත් තිබුණේය. ඇය ඝාතනය වන්නේ ඉන් පසුවය.

මේ පිළිබඳව කළ විමසීමකදී හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංග කීවේ පැති දෙකක් ඔස්සේ විමර්ශන සිදු කරන බවත් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන බවත්ය.

මේ අතර සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වන්නේ ව්‍යාපාරිකයාගේ බිරිය සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බවය.

ව්‍යාපාරිකයාගේ බිරියගේ ගෙලට පිහි පහර හයක් එල්ල කර ඇති බවත් දියණියගේ ගෙලේද තියුණු ආයුධයකින් පහර දුන් බව කියන තුවාල දෙකක් නිරීක්‍ෂණය වී තිබේ. එම තුවාල හා ගින්නෙන් පිලිස්සීම හේතුවෙන් ඇය මියගොස් තිබිණි.

කෙසේ වෙතත් පිලිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නැති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය.

එහෙත් සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබූ අතර අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබුණේ දින 14කට පසු සිරුරු ඥාතීන්ට භාරදෙන ලෙසය. එතෙක් මළ සිරුරු මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. ඒ අනුව සැමියා විසින් බිරිය සහ දියණියගේ ගෙල කපා මරා ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණයේදී සැක පළ වී තිබේ.

අධික ලෙස මත්පැන් පානය කර ඇති ව්‍යාපාරිකයා බිරියගේ සහ දියණියගේ ගෙල කපා ඔහුද මියගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත.

හලාවත කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රුක්ෂාන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අරුණ ශාන්ත ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කීර්ති මෙන්ඩිස්

ලොකු සීයාගේ ඝාතනය ගැන නැවතුණු විමර්ශන යළි අරඹන්න පුත්‍රයෝ ජනපතිගෙන් ඉල්ලති!

මීට වසර 13කට පෙර සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කළ රාගම දේවාලයේ ප්‍රධාන දේවගැති එම්.එස්.එම්. නියාස් නොහොත් ලොකු සීයා සම්බන්ධයෙන් නතර කර ඇති විමර්ශන නැවත ආරම්භ කර ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලොකු සීයාගේ පවුලේ ඥාතීහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පෙරේදා (20දා) ඉල්ලීමක් කළහ.

2011 ඔක්තෝබර් 27 වැනිදා ලොකු සීයා පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කර අක්කරපත්තුව ප්‍රදේශයේ මුහුදේ ගිල්වා තිබියදී පාදවලට දමා තිබූ යකඩ කොටස් ද සමග සිරුර ගොඩ ගසා තිබි හමුවූ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර ඝාතකයන් කොටුකර ගැනීමට යෑමේදී එම නිලධාරීන් මාරු කිරීමට එවක එම ප්‍රදේශයේ සිටි දේශපාලකයකුගේ බලපෑම් එල්ල වූ බවත් ඒ මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන එම්.එන්.එම්. හිජාස් (පොඩි සීයා) සහ එම්.එන්.එම්. හිපාස් (චූටි සීයා) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවක පාර්ලිමේන්තු මහන්ත්‍රිවරයකුව සිටියදී දැනුවත් කළ බවත් එහිදී අනුර කුමාර දිසානායක මහතා තමන් බලයට පැමිණි පසු මේ සම්බන්ධයෙන් සොයා බලන බවට ප්‍රකාශ කරමින් ලිපියක් ලබාදී තිබෙන බවත් ඔවූහු පැවසූහ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැයක් තමන් සතුව පවතින බවත් නිසි විමර්ශනයක් සිදුකළහොත් එම තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන බවත් මාධ්‍ය හමුවේදී ඔවූහු අවධාරණය කළහ.

තම පියා විසින් වාර්ෂිකව කරගෙන ගිය රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය සහ බත් දන්සල මෙවර 49 වන වරටත් සිය පියාට පිං පිණිස පවත්වන බවත් 26 සෙනසුරාදා පෙරවරු 6.00ට බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඣායනයෙන් ආරම්භ කෙරෙන දේව පූජා මංගල්‍යය ද රාත්‍රි 7.00 සිට බත් දන්සල ද පවත්වන බවත් ඔවූහු කියා සිටියහ.

වාර්ෂික මහ මංගල්‍යයේදී ලොකු සීයාට පිං පිණිස තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජලය සහ විදුලිය සැපයුම් ලබාදීමටත් ඇස් කාච සහ ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට මූල්‍යමය පරිත්‍යාග ලබාදීමටත් කටයුතු කරන බව ද ඔහුගේ පුත්‍රයෝ දෙදෙනා වැඩිදුරටත් පැවසූහ.

චමින්ද සිල්වා

ඡායාරූප රැසකින් සමන්විත නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරයි

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය නිල් පැහැයෙන් යුක්ත වන අතර විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව ඇත.

ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, යාපනය නල්ලූර් කෝවිල, කොළඹ නෙළුම් කුළුණ, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින් සමන්විතය.

පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබුණද නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර පැරණි විදේශ ගමන් බලපත්‍රවල N අංකය භාවිතා කළද නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරයි.

සිය බිරිඳ 03 හැවිරිදි පුතු මරා එක් මස් බිළිඳාද සමග යහනට ගිනි තැබූ සාහසිකයාට හිමිවූ දඬුවම!

කොළඹ මහාධිකරණය විසින් ඊයේ දිනයේ (21) විත්තිකරුවකුට එරෙහිව නියම කළ මරණීය දණ්ඩනය ස්ථිර කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

ඒ තම නව පෙම්වතිය විවාහ කරගැනීමේ අරමුණින් 29 හැවිරිදි පාසල් ගුරුවරියක වූ සිය බිරිඳගේ හා තුන් හැවිරිදි පුතුගේ ගෙල සිර කර නිදි යහනේදීම මරා දමා සිය මසක් වයසැති බිළිඳා සමගම නිදි යහනට ගිනි තබා සමූල ඝාතනය කිරීමේ චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල මරණීය දණ්ඩනය ස්ථිර කළේය.

ව්නිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේ මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා විසින් 2019.11.07 වැනිදා රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි විජේමුණි මධුර මනුරංග ද සිල්වා නමැත්තාට එරෙහිව නියම කළ එකී මරණීය දණ්ඩන අධිකරණය හමුවට ඉදිරිපත්වූ සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි හා පරිවේෂණය සාක්ෂි මැනවින් සලකා බලා එකී අමානුෂික ඝාතන සිදුකර ඇත්තේ වෙනත් කිසිවකු නොව විත්තිකරු චේතනාන්විත අරමුණින්ම බව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කරගැනීමෙන් පසුව බවයි.

පසුගිය 2012.12.16 වැනි දින රත්මලාන කල්දෙමුල්ල ගොලුමඩම හන්දිය අංක 12/2/ඒ දරන ලිපිනයේ පදිංචිව සිටි පී. සචේතනා සඳමාලි ප්‍රනාන්දු (අවු. 29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (අවු.3) හා කුෂාන් සඳරු ද සිල්වා යන තිදෙනා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩු විභාගයේදී එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 14 දෙනකු සාක්ෂි ලබාදී තිබිණි.

සිද්ධිය වන විට 31 හැවිරිදි වියේ පසුවූ විවාහකයකු වූ විත්තිකරු කොළඹ ප්‍රධාන පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටියදී දැනහඳුනාගත් මීගමුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කළ තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන තිබූ බවත් ඇය සමග විවාහවීමේ අරමුණින් එම ඝාතන සිදු කළ බවත් එම ඝාතන සිදුකොට දින කීපයකට පසුව එවකට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට ඇගේ නිල මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදී තිබිණි.

හලාවත ඛේදවාචකය ඝාතනයක් බවට සාධාරණ සැකයක්!

ඊයේ (20) උදෑසන 5.30ට පමණ හලාවත නගරය ආසන්නයේ සමිදුගම මාර්ගයේ පිහිටි නිවසක් ගිනි ගැනිමෙන් නිවසේ සිටි මව, පියා හා දියණිය මියගොස් තිබේ.

වයස අවුරුදු 51 වූ සමිදුලාගේ ගෙදර සේනාරත්න (පියා), වයස අවු. 43 වූ මුහන්දිරම්රාලලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර (මව), වයස අවු. 15 වූ නෙත්මි නිමේෂා සෙනරත් බණ්ඩාර (දියණිය) යන අය මෙසේ මියගොස් ඇත.

මියගිය පියා හලාවත නගරයේ ඉඩම් විකිණීම සම්බන්ධව පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මුන්නේෂ්වරම ග්‍රාමසේවා වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය ලෙස සේවය කර ඇත. දියණිය හලාවත ජාතික පාසලේ 10 වසරේ සිසුවියකි.

ඊයේ අළුයම ප්‍රදේශවාසීන් විසින් අදාළ දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මහලේ ගින්නක් ඇතිව ඇති බව හලාවත පොලිසියට දැනුම් දී ඇති අතර පැයකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයකින් අනතුරුව පොලිසිය ප්‍රදේශවාසීන් හා හලාවත නගර සභාව එක්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර ඇත.

එහිදී පිලිස්සුනු මවගේ සිරුර නිවසේ කාමරයක් තුළ තිබී හමුවී ඇති අතර සිරුරේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල තිබී ඇති අතර ඇඳ ආසන්නයේම තියුණු ආයුධයක්ද තිබී හමුවී තිබේ.

දරුණු ලෙස පිලිස්සී තිබූ පියාගේ සහ දියණියගේ මළ සිරුරු නිවසේ සාලයේ පුටුවක් මත තිබී හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

හමාස් නායකයාගේ ඝාතනයට වන්දි ගෙවන්න සූදානම් වෙන්න... ඊශ්‍රායලයට අනතුරු අඟවයි

හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නව ප්‍රවේශයකට සහ තවත් උත්සන්න වීමට හේතුවිය හැකි බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සදහන් කරයි.

නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීමට එරෙහිව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර දැඩි කරන බවත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සහ හමාස් සංවිධාන සඳහා ප්‍රසිද්ධියේ සහාය දක්වන ඉරානය සදහන් කර ඇත්තේ, මෙම ඝාතනය නිසා ඔවුන් ලබාදෙන සහාය අඩු නොකරන බවයි.

හමාස් නායකයා මියයෑමට මොහොතකට පෙර ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානයක් ඔහු අසලටම යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

“ඔයා බයවෙන්න එපා ආශා අක්කේ… අපේ තාත්තට ඕනේ තරම් සල්ලි තියෙනවා” – ආදරයෙන් අන්ද වී ආශාගේ හැට හතර මායම් දැලේ පැටලුණු කෝටිපති පුත්‍රයා

මාලන් අධ්‍යාපනය ලැබුවේ අගනුවර ප්‍රධාන පෙළේ පාසලක.

උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටින්න සූදානමින් හිටිය නිසා මාලන් බොහොම වෙහෙස වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.

මාලන්ගේ තාත්තා කෝටිපති ව්‍යාපාරිකයෙක්. තාත්තාට ඕනේ තරම් සල්ලි තිබුණා වියදම් කරන්න. ගෙදර යාන වාහන පිරිලා. මාලන්ට ඕන ඕන හැම දෙයක්ම එයාගේ තාත්තා අරගෙන දුන්නා.

කොරෝනා ප්‍රශ්නය නිසා පාසල් අධ්‍යාපනය එහෙම පිටින්ම අවසන් වෙලා ගිහින් තිබුණා. ඉතින් මාලනුත් අනිත් ළමයි වගේ අධ්‍යාපන කටයුතු කළේ අන්තර් ජාලය ඔස්සෙයි. උදේ ඉඳලා රැ වෙනකල්ම මාලන් හිටියේ අන්තර්ජාලයේ සැරිසරමිනුයි.

මුල් දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහොම ඕනේකමින් අධ්‍යාපන කටයුතු කළත් පහුවෙද්දී මාලන්ට මේ වැඬේ නීරස වුණා. අධ්‍යාපන වැඩ කරනවට වැඩිය අන්තර් ජාලය ඔස්සේ වෙන බාහිර දේවල් ගැන සොයන්න බලන්න මාලන් උනන්දු වුණා. මාලන්ගේ පන්තියේ යාළුවොත් ඒ විදිහටම මේ දේවල්වලට ඇබ්බැහි වෙලා හිටියා.

මචං අලූත්ම වෙබ් සයිඞ් එකක් හම්බ වුණා. ඒකේ මාර කෑලි ටිකක් ඉන්නවා. අපිට කන්ටැක් කරගන්න එකත් ලේසියි. මාලන්ගේ යාළුවෝ දුරකථනයෙන් වැඩිපුරම කතා කළෙත් මේ අධ්‍යාපන වැඩ ගැන නෙමෙයි.

එක එක කුණුහරුප ගැනයි. ගණිකාවන් සැරිසරන වෙබ්අඩවි ගැනයි. අන්තර්ජාලයේ දැන්වීම් පළකරපු රූමත් තරුණියෝ කීප දෙනෙක් එක්කම මාලන් ඒ වෙනකොට සම්බන්ධතා ගොඩනඟාගෙන හිටියේ.

මාලන්ගේ වැඩිහිටියොත් මේ දේවල් ගැන හාන්කාවිසියක් දැනගෙන හිටියේ නැහැ… මුදලට තම ශරීරය අලෙවිකරන රූමත් තරුණියෝ මාලන්ගේ මනස විකෘති කරලා තිබුණා.

මාලන්ගේ වැඩිපුරම හිතගත්ත තරුණිය තමයි ආශා. එයා නතරවෙලා හිටියේ ගල්කිස්ස පැත්තේ කුලී නිවසක. මාලන් අන්තර්ජාලය ඔස්සේ ආශා එක්ක නිතරම විනෝද වුණා. දැන් මාලන්ට අධ්‍යාපන කටයුතු ගැන මතකයක් උවමනාවක් නැහැ. උදේ ඉඳලා රැ වෙනකල් එයා කරන්නේ ආශා එක්ක පෙම්කරන එක.ආශාත් දැනගෙන හිටියා මාලන් කියන්නේ කෝටිපතියෙක්ගේ පුතෙක් කියලා.

“අනේ පැටියෝ ඔයා වගේ හොඳ කොල්ලෙක් අඳුනගන්න ලැබිච්ච එක මට කොයිතරම් වාසනාවක්ද. මම මේ රස්සාව කරන්නේ හිතකින් නෙවෙයි. මගේ දරුවෝ දෙන්න වේලක් හරි වේලක් කාලා ඉන්නේ මේ හම්බවෙන සොච්චමෙන්.” ආශා පුළුවන්තරම් එයාගේ දුක මාලන්ට කියලා අනුකම්පාව දිනාගත්තා.

“ඔයා බයවෙන්න එපා ආශා අක්කේ. අපේ තාත්තිට ඕනේ තරම් සල්ලි තියෙනවා. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට කියන්න මං උදව් කරන්නම්.”ආශාගේ හැටහතර මායම්වලට අහුවෙලා හිටිය මාලන් එයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න පොරොන්දු වුණා.

දැන් මාලන්ට ආශාගෙන් තොර ලෝකයක් නැහැ. සතියට දෙතුන් වතාවක් එයා ආශාව මුණගැහෙන්න ගල්කිස්සට යනවා.

“අනේ කොල්ලෝ මං ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මගේ දරුවට අසනීපයි. එයාට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒකට ලක්‍ෂ 2 ක් විතර යනවා. මට ඒකට සල්ලි නැහැ. මේවා කියන්න කෙනෙකුත් නැහැ.”ආශා මාලන් එක්ක විනෝද වෙලා නිදහසේ ඉන්න වෙලාවක් බලලා කිව්වා. ‘අයියෝ ඕක පොඩි දෙයක් නේ. මං ඔයාට හෙටම සල්ලි ගෙනත් දෙන්නම් ඔයා ඔපරේෂන් එක කරගන්න.”

මාලන් රුපියල් ලක්‍ෂ දෙකක මුදල ආශාට ගෙනත් දුන්නා. මෙන්න මේ විදිහට ආශා එයාගේ මායම් පාවිච්චි කරලා මාලන්ගෙන් රුපියල් ලක්‍ෂ ගාණක මුදල් කඩා ගත්තා. දැන් මාලන්ට අධ්‍යාපන කටයුතු ගැන උනන්දුවක් ඇතතේම නැහැ. එයා ආශා එක්ක වෙනම ජීවිතයක් ගත කරන්න පුරුදුවෙලා හිටියේ.

පුතාගේ හැසිරීමේ වෙනසක් තියෙන බව මාලන්ගේ දෙමව්පියන් දැනගන්න කොට වෙන්න ඕන බොහෝ දේවල් සිද්ධවෙලා ඉවරයි. ඒ වෙනකොට මාලන් ඉගෙනීම එහෙම පිටින්ම කාඩාකප්පල් කරගෙන ගෙදර තිබුණ රුපියල් ලක්‍ෂ ගාණක මුදල් අතුරුදන් වෙලා කියලා මාලන්ගේ තාත්තා දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සේ.

අනේ තාත්තේ අමාරුවේ වැටිලහිටිය අක්ක කෙනෙකුට මං උදව් කළා. එයාගේ ජීවිතේ ගොඩ ගන්න තමයි මං හැම දෙයක්ම කළේ. මාලන් සිද්ධවෙච්ච හැම දෙයක්ම අන්තිමේදී තමන්ගේ තාත්තා එක්ක කිව්වා. ඒ වෙනකොට මාලන්ව දැපනෙ දාගෙන හිටිය ආශා ගල්කිස්ස කුලී නිවසත් අතහැරලා ගිහින් තිබුණා.

සිද්ධවෙච්ච පාඩුව විඳ දරාගෙන තමන්ගේ පුත්‍රයා යහමගට ගන්නෙ කොහොමද කියලා මාලන්ගේ තාත්තා දහඅතේ කල්පනා කරන්න වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හරියවෙලා ඉවරයි.

– උපුටා ගැනීමකි –

සැලුන් චන්දිමාල් සවුත්තු වෙයි ; පුෂ්පිකාව රූ රැජින කරන්න අධිකරණය නියෝග කරයි

2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශයට පත් කරන ලෙසට ගල්කිස්ස දිසා අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ, ඇයගේ කිරුළ ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි 

ඒ අනුව පැය 24 ක් ඇතුලත ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ නිවේදන ඉවත් කර ගන්නා බවටද, පුශ්පිකා ඩි සිල්වා යන නම ‘’2021 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ” යන කිරුල නීත්‍යානුකූලව දරණ හිමිකාරිය බවට එහි පල කරන බවටද රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන චන්දිමාල් ජයසිංහ මහතා ඵකඟ විය යුතු බවට ද නියෝග කර ඇත. 

එමෙන්ම දින 14ක් ඇතුළත ඔහුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව දැනුම්දිය යුතු බවට ද දිසා අධිකරණය නියෝග කර තිබේ.

එහිදී අදාළ කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිමිකාරිනිය බවත් ඊට තමන් මැදිහමත්වීමක් සිදු නොකරන බවත් චන්දිමාල් ජයසිංහ මහතා ප්‍රකාශ කළ යුතු බවටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණා.

කන්ද­තො­ඩු­වාව ගම්මා­න­ය විස්මයට පත් කළ සහෝදරියන් තිදෙනාගේ එකළඟ මරණ!

පුත්තලම, මදු­ර­න්කු­ලිය, කන්ද­තො­ඩු­වාව ගම්මා­නයේ පදිං­චිව සිටි එකම පවුලේ සොහො­යු­රි­යන් තිදෙ­නකු සති­යක් වැනි කෙටි කාල­ය­කින් විටින් විට මර­ණ­යට පත්ව ඇත.

පළමු සහෝ­ද­රිය මිය­යෑ­මෙන් ඇති වූ හිත් වේද­නාව මත දෙවැනි සහෝ­ද­රි­යත් ඒ දෙදෙ­නාගේ මර­ණ­ව­ලින් සිත් වේද­නා­වට පත්ව තෙවැනි සහෝ­ද­රි­යත් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ කන්ද­තො­ඩු­වාවේ පදිංචි එකම පවුලේ සොහො­යු­රින් තිදෙ­නකු වන 77 හැවි­රිදි වය­ලට් පීරිස්, 70 හැවි­රිදි ලුසි පීරිස් හා 67 හැවි­රිදි ඇනි පීරිස් නමැති එකම පවුලේ සොහො­යු­රි­යන් තිදෙ­නෙකි.

මේ තිදෙ­නාම විවා­හක කාන්තා­වන් වන අතර ඔවුන් තම සැමි­යන් හා දරු­වන් සමඟ වෙන වෙනම කන්ද­තො­ඩු­වාව ගම්මා­නයේ ඔවුන්ගේ නිවෙ­ස්වල වාසය කර ඇත. පසු­ගිය සතියේ පළ­මුව මේ සොහො­යු­රි­යන්ගේ බාල නැග­ණිය වන 67 හැවි­රිදි ඇනි පිරිස් මහ­ත්මිය හදි­සියේ ඇතිවූ අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී මිය­ගොස් ඇත. එසේ මර­ණ­යට පත්වූ ඇනි පිරිස් මාතාව දරු­වන් තිදෙ­න­කුගේ මවකි.

ඇනි පිරිස් මවගේ මර­ණින් දින තුනක් යද්දී ඒ වන විටත් රෝගී තත්ත්ව­යෙන් පසුවූ ලුසි පිරිස් නමැති සහෝ­ද­රිය මිය­ගොස් ඇත. ඇය ද දරු­වන් තිදෙ­න­කුගේ මවක් වන අතර දරු මුණු­බු­රන් සිටි ඇයගේ මර­ණින් පසු ඥාතීන් දැඩි කම්ප­න­යට පත්ව සිටිති.

තම බාල සොහො­යු­රි­යන් දෙදෙනා හදි­සියේ මිය යෑමෙන් මහත් කම්ප­න­යෙන් සිටි වැඩි­මල් සොයු­රිය වන වය­ලට් පිරිස් මාතාව පසුව මිය­ගොස් ඇත.

සොයු­රි­යන් දෙදෙ­නාගේ මර­ණය ගැන දැඩි කල­කි­රී­මෙන් පසුවූ ඇය ද නොසිතූ ලෙස ජීවි­තය හැර­ගොස් ඇත්තේ දෙවන මර­ණ­යෙන් දින තුන­කට පසු­වය.

මේ සොයු­රි­යන් තිදෙනා දැඩි ලෙන්ග­තු­ක­මින් ජීවත් වූ බවත් ඔවුන් අතර පුදු­මා­කාර සහෝ­දර බැඳී­මක් තිබූ බව ද පවුලේ උද­විය මෙන්ම අස­ල්වැ­සියෝ ද පව­සති.

මේ සහෝ­ද­රි­යන් තිදෙ­නා­ගෙන් වැඩි­මල් සොහො­යු­රිය වූ වය­ලට් පිරිස් (77) මහ­ත්මි­යගේ මර­ණ­යෙන් බර­ප­තළ මාන­සික බිඳ වැටී­ම­කට ලක්ව ඇති ඇයගේ සැමියා වන 82 හැවි­රිදි ජෝන් ප්‍රනාන්දු මහතා දෑස්වල කඳුළු පුරවා ගනි­මින් මෙසේ පැව­සු­වාය.

“එයා නංගි­ලාගේ මර­ණය දරා ගන්න බැරිව ලොකු හිත් තැවු­ලෙන් හිටියේ. එයා නංගිලා එක්ක පුදුම බැඳී­මක් තිබුණේ. ඒක මම හොඳ­ටම දැක්කා. ඒ මරණ දෙක අපි කාටත් දරා­ගන්න බැරිව හිටියේ. ඒ මර­ණ­ව­ලින් කම්ප­න­යෙන් තමා මගේ නෝනා මේ තරම් හදි­සියේ මර­ණ­යට පත්වුණේ.

අපි දෙන්නා කව­දා­වත් රණ්ඩු වෙලා නැහැ. ඒ තර­මට අපි දෙන්නා අතර බැඳී­මක් තිබුණා. මට දැන් අවු­රුදු 82ක් වුණාට අපි දෙන්නා කිසිම දව­සක ගෙදර ඇඳන් දෙකක නිදා ගත්තේ නැහැ. එකම ඇඳේ ආද­ර­යෙන් හිටියේ. එහෙම හිටිය මට මේ මර­ණය ලොකු කම්ප­න­යක් වුණා” ඔහු හැඟී­ම්බ­රව කඳුළු සල­මින් පැව­සීය.

පවුලේ ඥාතීන් පව­සන්නේ මේ මරණ තුන සති­යක් තුළදී සිදු­වී­මත් සමඟ තමන් දැඩි සංවේ­ග­යට පත්ව ඇත්තේ හිතා ගත නොහැකි අයු­රින් මේ මරණ නොසිතු ලෙස සිදු­වීම හේතු­වෙනි.
(හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)

හමාස් නායක යහියා සින්වාර් මරා දැමුවා - ඊශ්‍රයාලය කියයි

ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග වලට අනුව, හමාස් සංවිධානයේ නායක යහියා සින්වාර් 2024 ඔක්තෝබර් 16 වන දින ගාසා හි සිදුකළ මෙහෙයුමක දී ඝාතනය වී ඇති බවට සැක කෙරේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) වාර්තා කර ඇත්තේ නිශ්චිත ස්ථානයක දී සටන්කරුවන් තිදෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මොළකරු ලෙස සැලකෙන සින්වාර් මියගියවුන් අතර සිටියේ දැයි පරීක්ෂා කරමින් සිටින බවත්ය. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් බොහෝ දෙනෙකු පැහැරගෙන යන ලදී.

 මෙහෙයුම සිදුවූයේ දකුණු ගාසා හි වන අතර, එහිදී IDF භටයින් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සටන්කරුවන් තිදෙනෙකු මරා දැමූ බව වාර්තා වේ.  මේ වන විට IDF විසින් සින්වාර්ගේ මරණය තහවුරු කර නොමැති අතර, මරා දැමූ අයගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා DNA විශ්ලේෂණ සිදු කරමින් සිටින බව පවසයි.

 වාර්තා වලට අනුව සින්වාර් මෙම මෙහෙයුමේදී නිශ්චිත ඉලක්කයක් නොවූ අතර, ඔහුගේ සුවිශේෂ මරණය හමාස්ට එරෙහිව සිදුකළ පුළුල් හමුදා ක්‍රියාමාර්ග අතරතුර සිදුවූ "අහම්බයක්" ලෙස විස්තර කර ඇත.

යහියා සින්වාර් 2017 දී ගාසා හි හමාස් නායකයා ලෙස තේරී පත්වූ දා සිට එහි ප්‍රමුඛ චරිතයක් විය. ඔහු දැඩි ස්ථාවරයක් දරන්නෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර ඊශ්‍රායලයට එරෙහිව හමුදා උපාය මාර්ග සැකසීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

ඊශ්‍රායලයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නියැලීම හේතුවෙන් සින්වාර් වසර 20කට වැඩි කාලයක් සිරභාරයේ සිටි නමුත් 2011 දී සිරකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුවකදී නිදහස් කරන ලදී. ඔහුගේ නායකත්වය සමයේ ඊශ්‍රායලය සමඟ සතුරුකම් සැලකිය යුතු ලෙස උත්සන්න විය.

සින්වාර්ගේ මරණය ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුමට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. හමාස් හි ප්‍රධාන නායකයින් ඉවත් කිරීම සංවිධානයේ මෙහෙයුම් හා ගාසා හි පාලන හැකියාවන් අවුල් කිරීම සඳහා ප්‍රධාන අරමුණක් බව ඊශ්‍රායල නිලධාරීන් අවධාරණය කර ඇත. මෙය තහවුරු වුවහොත්, එම සිද්ධිය ගැටුමේ ගතිකයන් වෙනස් කළ හැකි අතර අනාගත සාකච්ඡා හෝ හමුදා උපායමාර්ග වලට බලපෑම් කළ හැකිය.

පරීක්ෂණ දිගටම සිදුවෙද්දී, හමාස් නායකයින් හඹා යාමට සහ ගාසා තුළ ඔවුන්ගේ මෙහෙයුම් ජාලයන් විනාශ කිරීමට ඇති කැපවීම ඊශ්‍රායල අධිකාරීන් යළි අවධාරණය කර ඇත.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට සුපිරි ජයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 1ක් දැවී ලකුණු 166ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරග ඉතිහාසයේ කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසයි.

SF ලොක්කාගේ ඝාතනය ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීම පොලිස් නිලධාරීන් පිරිසකගේ සහ තවත් සිවිල් පුද්ගලයින් කිහිප දෙනකුගේ දැනුවත් වීමෙන් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එස්.එෆ් ලොක්කා ඝාතනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසකට සහ සිවිල් පුද්ගලයෙකුට මුදල් ලබාදී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම තොරතුරු තහවුරු කර ගැනීම සදහා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට අමතරව පොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන් වරයෙකුගේ, සහ කාන්තාවක ඇතුලු තවත් සිවිල් පුද්ගලයෙකුගේ නම්වලින් පවතින ගිණුම් වාර්තා අධිකරණයට ලබාදෙන ලෙසට නියෝග කළේය.

අපරාධ කල්ලි සාමාජික වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නැමැත්තා ඝාතනය කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික පේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මෙම නියෝගය නිකුත් කර ඇත.

මාස 6දී කේන්දරේ බැලුවාම කවදා හරි රජ වෙනවා කිව්වා – ජනාධිපති පුතා ගැන අම්මා කතා කරයි!

අවුරුදු 12දී පන්සලේ හාමුදුරුවෝ මහණ කරන්න ඉල්ලුවා මම දුන්නේ නෑ..මාස 6දී කේන්දරේ බැලුවාම කවදා හරි රජ වෙනවා කිව්වා’! ජනාධිපති පුතා ගැන අම්මා කතා කරයි

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට දක්වා පැමිණි ගමන සෙසු ජනාධිපතිවරුන්ගේ ගමන මෙන් රෝස මල් යහනාවක් නොවේ. ඔහුගේ ගමනේ ආරම්භය සහ පැමිණි ගමන්මගට දුෂ්කරතා බොහෝ විය.

‘එක සැරයක් පන්සලක ලොකු හාමුදුරුවෝ එයාව පැවිදි කරන්න දෙන්න කියලා මගෙන් ඉල්ලා සිටියා. එතකොට එයාට අවුරුදු 12යි. මම එකඟ වුණේ නැහැ,’ යනුවෙන් අනුරගේ මව වන ඩී.එම්. සීලවතී පවසන්නීය.

අනුරට මාස හයක් පමණ වන විට ඔහුගේ කේන්දරය බැලීම සඳහා ගිය අවස්ථාවේ ජ්‍යොතිර්වේදියා තුෂ්ණිම්භූත වූ මුහුණින් යුතුව තම පුතු කවදා හෝ ‘රජ’ වන බව ප්‍රකාශ කළේ යැයිද අනුරගේ මව පවසන්නීය.

86 වැනි වියේ පසුවන මෙම මවට තම අදහස් ප්‍රකාශ කිරීම වයසත් සමග සෑහෙන දුෂ්කර වී ඇති බැවින් ඇයට උපකාර කරන්නේ 62 හැවිරිදි දියණිය වන ඩී.එම්. ශ්‍රියාලතායි. ඇය දැනට ජීවත්වන්නේ කලාවැව ආසනයේ මහවැලි ‘එච්’ ක්‍රමය යටතේ සංවර්ධනය වූ ගම්මානයක චාම් නිවසකය. ඔවුන් එහි පදිංචියට ගොස් ඇත්තේ 1972දීය.

තඹුත්තේගම ගොවි නගරයේ සිට (අනුරාධපුරයේ සිට කිලෝමීටර් 25ක්) කර්කශ මාර්ගයකින් මිනිත්තු දහයක පමණ ගමනකින් පසු නිවෙසට ළඟාවිය හැකිය. එම යන ගමනේදී ක්‍රීඩා පිටියක් සහ බෞද්ධ විහාරයක් පසුකර යා යුතුය. මිනිත්තු කිහිපයකට පසු නිවෙසට ළඟා විය හැකි අතර නිවාස වටා කටුකම්බි යෙදූ වැටකි. නිවස නව සෙවිලි තහඩු දමා අලුත්වැඩියා කටයුතු සිදුකර ඇති බවට සලකුණු දැකිය හැකිය.

ශ්‍රියාලතා දියණියගේ වාරුවෙන් සාලයේ හාන්සි පුටුවකට පැමිණි ඇය ඉදිරියෙන්ම වූයේ රූපවාහිනී යන්ත්‍රයකි.
‘අම්ම රෑට ප්‍රවෘත්ති බලනවා. මගේ මල්ලි ඉන්නව නම් හැම වෙලාවේම අම්මා අහන්නේ, ‘එයා මගේ පුතාද’ කියලා. අම්මා එයාට පුදුම විදිහට ආදරෙයි. ඒ වගේම මගේ අනුර මල්ලිත් එයාට ගොඩක් ආදරෙයි. එයා මේ පැත්තේ එන හැම වෙලාවකම අපිව බලන්න එනවා.’ යනුවෙන් ශ්‍රියාලතා සඳහන් කරයි.
අනුරගේ මවට අනුව ඔහු කුඩා කාලයේ සරුංගල් සමග සෙල්ලම් කරන්නට රුසියෙකි. ඊට අමතරව ඔහු පිහිනීමට ද කැමැත්තක් දක්වා තිබේ. ඔහු සෑම දිනකම දිය නෑමට යන්නේ නිවෙසේ සිට විනාඩි පහක් පයින් යා හැකි දුරින් පිහිටි නාලච්චිය වැවටය.

ඇය හෙළිකළ පරිදි ඇගේ පුත් අනුරගේ වඩාත් විශේෂත්වය වන්නේ ඔහු පොත් ගුල්ලෙකු වීමයි.
‘පොතක් කියන්නේ එයාට කෑමක් වගේ. අපේ ගෙදර ඉස්සරහ අරලිය ගහක් තිබුණා. ඒ ගහට නැගලා අත්තක වාඩිවෙලා එයා පොත් හඬනගා කියවනවා,’ යනුවෙන් ඇය සිනාසෙමින් සිහිපත් කළාය.

‘අපි කෑමට මේසයේ වාඩි වෙනකොටත් එයාට නිතරම පොතක් හරි පත්තරයක් හරි ඕනේ. මට කවදාවත් එයාට පාඩම් කරන්න කියලා කියන්න වුණේ නැහැ. එයා හැමවෙලාවෙම ඒ දේවල් තනිවම කළා’ යැයි ඇය සිහිපත් කළාය.

‘අනුරගේ තාත්තා එහෙමත් නැත්නම් මගේ මහත්තයා වැඩ කළේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ. 1992 දී ඔහු මියගියා. ඒ තමයි අපි ගෙවපු දුෂ්කරම කාලය. ඒ සිදුවීම අනුර ආරම්භ කරපු ගමන නොකඩවාම ඉදිරියට ගෙන යෑමේ අධිෂ්ඨානය තවත් වැඩි කළා’ යැයි ද සීලවතී මව පැවසුවාය.
පැවැති වාතාවරණය අනුව ඇගේ පුත් අනුරට තම පියාගේ අවමංගල්‍යයට සහභාගි වීමට නොහැකි වූ බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ හමුදාව නිවෙසේ රැඳී සිටි බවත් ඇය හෙළි කළාය.

ඔහුගේ මව පවසන පරිදි, දේශපාලනය කෙරෙහි අනුරගේ ඇති උනන්දුව වැඩි වන්නේ ඔහු උසස් පෙළ විභාගය කරන අතරතුරය. එවිට ඔහුට මරණ තර්ජන එල්ල වී තිබේ. ඔහු සමීපව ඇසුරු කළ ඔහුගේ පියාගේ සහෝදරයා ඝාතනය වී ඇත.

‘අද මගේ පුතා ඉන්න තැන ගැන මම සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා’ යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
‘මගේ පුතා බොරුකාරයෙක් හරි වංචාකාරයෙක් හරි නෙවෙයි. ඒ වගේ වැඩ ගැන ඇහෙනකොටත් එයාට තරහා යනවා. මගේ ප්‍රාර්ථනාව නම් මගේ පුතාට අනුරාධපුරයේ පූජනීය ස්ථානවලට ගිහින් ආශීර්වාද කරන්න. එයාට තියෙන්නේ නිරහංකාර ආරම්භයකින් ආපු ගමනක්’ යනුවෙන් සීලවතී මව වැඩිදුරටත් සඳහන් කළාය.

එම නිහතමානී ආරම්භය දිසානායක ජනාධිපති ධුරයට පත්වීම හා ඊට පෙර සිදු වූ සිදුවීම්වලින් ද පිළිබිඹු විය. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර, ඔහු සිය මෝටර් රථයේ නිදාගත් ආකාරය බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඔහුගේ දිවුරුම් දීම වැඩි ඝෝෂාවකින් තොරව සිදුවිය. පොලිස් අශ්වයන්, නැටුම් කණ්ඩායම්, ජයමංගල ගාථා, රතු පළස්, ගෞරව ආරක්ෂක භටයන් එහි තිබුණේ නැත. ඒවා සැබැවින්ම ජනතාවාදී ජනාධිපතිවරයකුගේ ලක්ෂණ වේ.

"වේලාව පාන්දර 01ට විතර ඇති..." - මැදි වියේ අනියම් පෙම්වතුන් පාන්දරම නව පවුල් දිවියක් අරඹයි... වැල්ලම්පිටියෙන් ඇහෙන පුදුම හිතෙන කතාවක්...

මේ අලුත් පවුල් දිවියක් ගැන ඇහෙන කතාවක්.

මේ කතාව ඇහෙන්නේ වැල්ලම්පිටියෙන්.

මැදි වයසේ පසුවන පිරිමි අයෙකු සහ කාන්තාවක වැල්ලම්පිටිය පොලීසිය වෙත පැමිණ නව පවුල් දිවියක් ආරම්භ කළ පුවතක් තමයි මේ.

ඊයේ පාන්දර 01ට පමණ පොලීසියට පැමිණි මොවුන් දෙදෙනාම විවාහක පුද්ගලයන් බව සඳහන්.

නමුත් පිරිමි පුද්ගලයා තම නිත්‍යානුකූල බිරිද සහ දරුවන් හැර දමා පැමිණ තිබුණ අතර කාන්තාවද තම නිත්‍යානුකූල සැමියා සහ දරුවන් හැර දමා පැමිණ තිබුණ බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා පොලීසියට පවසා තිබුණේ තමන් දෙදෙනා තම පෙර විවාහ ජීවිත අත හැර අලුත් ජීවිතයක් ආරම්භ කරන බවයි.

ඒ බව සදහන් කරමින් පොලිස් පොතේ පැමිණිල්ලක් කර දෙදෙනාම නව යුග දිවියක් සදහා මහ රාත්‍රියේම පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

"කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද" - සැමියාගේ බෑගයේ තිබෙන දේ දුටු බිරිඳට විවාහය තිත්ත වෙයි

පොළෙන් ගෙනා බඩු බෑගයේ කාන්තා යට ඇඳුම් හමු වී තම බිරියගෙන් ගුටි කෑ සැමියකු පිළිබඳ පුවතක් කලවාන ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේය.

ඔහු සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා දිනයේදී පොළට ගොස් බඩු රැගෙන තම බිරිය කලක සිට ඉල්ලමින් සිටි පාවහන් දෙකද රැගෙන කළු කවරයක දමා ගෙදර යාමට පිටත් වී ඇත.

අතර මගදී බුලත් විටක් ගැනීමට කඩයකට ගොඩවී ඇති අතර බෑග් එක බිම තබා විට කෑමෙන් පසුව බෑග් දෙක පැටලී දළු කඩා වැඩ අවසන් වී ගෙදර යන කාන්තාවකගේ බෑගය ඔහු විසින් ගෙදර රැගෙන ගොස් ඇත.

ගෙදර යන අතරේ තම බිරිය පුදුම කරවන්නට සිතා ඇය ආස කරන සෙරෙප්පු දෙක පසුව දෙන්නයි සිතා දර මඩුවේ සඟවා ගෙට ගොඩ වී තිබේ.

තම සැමියා යමක් සඟවනු දුටු බිරිය දර මඩුවට ගොස් මල්ල පරීක්ෂා කර බැලීමේදී කාන්තා යට ඇඳුම් හා සබන් කැබැල්ලක්, තුවායක් දුටු ඇය යකා ආරූඪ වී බෑගයද රැගෙන සැමියා ළඟට ගොස්"අද කොහේද ගියේ" යැයි අසා සිටි අතර

තම බිරිය සෙරෙප්පු දෙක දැක සතුටු වී සල්ලි කොහොන්ද අසනවා යැයි සිතා " කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද" යැයි ඇසුවේ බිරිය දෙස ආදර බැල්මක් හෙලමිනි.

වැරදි වැඩේ කරලා ඒවා මටපෙන්නන්නත් ගෙනවා නේද? යයි පවසමින් අසල තිබූ දර පොල්ලක් රැගෙන සැමියාට පහර දී ඇතැයි වාර්තා වේ.

ඇය ඒ වෙනුවෙන් වසර 25ක් බලා ඉඳලා.. නිලධාරිනියකවී පියාගේ ඝාතකයින් නීතිය ඉදිරියේ දණගැස්වූ ජිස්ලේන් සිල්වා

ඇය අධිශ්ඨානයෙන් යුතුව කටයුතු කළ දියණියක්.. ඒ නිසාම ඇගේ  අරමුණ වෙත ළඟා වෙන්න ඇයට පුළුවන් වෙලා.. 

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
ඇය නමින් ජිස්ලේන් සිල්වා.. 35 හැවිරිදි වියේ පසුවන ජිස්ලෙන් වයස අවුරුදු 9 දී ඇයගේ පියා අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණේ ඇයත් නොසිතන මොහොතකයි..

පොලිසිය මග හරිමින් සිටි සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස් නිලධාරිනියකවී පියා ඝාතනය කර වසර 25 කට පසුව ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්වූ දියණියක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වෙනවා..

ජිස්ලෙන් යුක්තිය සොයමින් වසර 20 කට අධික කාලයක් වැය කර ඇති අතර අවසානයේ ඇයම පොලිස් නිලධාරිනියක ලෙස සාක්ෂි පසුපස හඹා යමින් සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත් වුණා..

පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන එමින් සිය පවුලට යම්කිසි සැනසීමක් ලබාදීමට අවසානයේදී ජිස්ලෙන්ට හැකියාව ලැබුණා...

ජිස්ලෙන්ගේ පියා වන ජිරාල්ඩෝ ජොසේ විසෙන්ටේ 1999 වසරේ තැබෑරුමකදී ඇතිවූ ආරවුලක්දී හිසට වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇති අතර, වෙඩි තැබීම සිදුකර ඇත්තේ රයිමුන්ඩෝ අල්වේස් ගෝමස් නැමැත්තෙක් බව හඳුනාගත් පොලිසිය ඔහුට විරුද්ධව මිනීමැරීමේ චෝදනා ගොනු කර තිබුණා..

අවසානයේදී 2013 වසරේදී අධිකරණය හමුවේ රයිමුන්ඩෝ වරදකරුවී ඒ සඳහා වසර 12 ක සිර දඬුවමක් නියම වුවත් එම අවස්ථාවේ ඔහු පොලිසිය මග හරිමින් සැඟවුණා..

පොලිසියෙන් සැඟවුණු සිය පියාගේ ඝාතකයා නැවතත් නීතිය ඉදිරියට ගෙන ඒමේ අධිෂ්ඨානයෙන් ජිස්ලේන් පොලිස් නිලධාරිනියක වී ඇති අතර අවසානයේ පසුගිය 26 වැනිදා රයිමුන්ඩෝ අල්වේස් ගෝමස් නැවතත් අත් අඩංගුවට ගැනීමට ඇය සමත් වුණා.. අත් අඩංගුවට ගැනීමෙන් පසුව ජිස්ලේන් විසින් රයිමුන්ඩෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී 2013 වසරේදී ඔහුට ලබාදුන් සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියම කර තිබුණා..

රයිමුන්ඩෝ ඝාතනය සිදුකරන විට 35 වැනි වියේ පසුව ඇති බවත් අවසානයේ 60 වැනි වියේදී නීතිය ඉදිරියට ගෙන ඒමට ජිස්ලෙන්ට හැකියාව ලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා..

යාපනයේ තරුණයෙකුගේ මළ සිරුර රුසියානු දේශසීමාව අසල මහ මග තිබී හමුවෙයි!

යාපනයේ කෝපායී ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළ සිරුරක්  රුසියානු  දේශ සීමාවේ පාරක් අසල තිබී ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා  (15)   සොයා ගෙන තිබේ.

මේ අන්දමට මියගොස් ඇත්තේ යාපනයේ කෝපායී ප්‍රදේශයේ පදිංචි එස්.ජූඩ්සන් නැමති 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු කුඩා කාලයේදීම ඔහුගේ දෙමව්පියන් යුද්ධය හේතුවෙන් මියගොස් ඇති අතර යුරෝපයේ සිටින බව කියන ඥාතියෙකුගේ උදව්ව මත ඔහු යුරෝපයට ගොස් ඇත. 

එහි සිට තවත් අට දෙනෙකු සමග නීති විරෝධී ලෙස රුසියාවට යමින් සිටියදී මේ පිරිස ගමන් කළ වාහනයේ ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම මත මේ තරුණයා රෝගී වී පසුව මියගොස් තිබේ. 

මියගිය අයගේ මළ සිරුර දේශ සීමාව අසල දමා අනෙක් පිරිස රුසියාවට ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මියගිය තරුණයාගේ මළ සිරුර ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිණිස කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති අතර යුරෝපයේ සිටින බව කියන ඥාතියෙකු දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ගේ නියෝගයක් මත දේශ සීමා පොලීසිය වෙත ගොස් තිබේ.

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

මැද පෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මැද පෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවිය හැකි හදිසි අවස්ථාවක දී ඒ පිළිබඳ විමසීම සඳහා 011 233 8812 හෝ 011 771 1194 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්,

ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ තරුණයාගේ සිරුර කමාන්ඩෝ මෙහෙයුමෙන් සොයා ගැනේ!

පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දී ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දමා තිබූ 22 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුගේ සිරුර දින 16 කට පසු ඊයේ (16දා) උදේ සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ හාලිඇල, රොසට්වත්ත පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් නමැති අයගේ සිරුරය.

පහර දී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක් පමණ ප්‍රපාතයකට මොහුගේ සිරුර විසිකර දමා තිබුණි.

ඊයේ වැල්ලවාය කුඩාඔය යුද හමුදා කොමාන්ඩෝ නිලධාරීන් පිරිසක් විසින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැස මළ සිරුර සෙවීමේ කටයුතුවල නිරත වූ අතර, පසුව එම සිරුර සොයාගෙන පොහොර බෑගයක දමා කඹවලින් ගැටගසා කඹ ආධාරයෙන් පස්වරු 2.00ට පමණ උඩට ගත් බව පොලිසිය කීය.

මෙම ඝාතනයට අදාළව සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තරුණයා ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකළ බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

සැකකරුවකුගේ ත්‍රිරෝද රථය රුපියල් 350,000කට මාසිකව රුපියල් දහතුන් දහසක ලීසිං වාරික ගෙවීමේ පොරොන්දුව මත මියගිය තරුණයා විසින් මින් පෙර ලබාගෙන තිබේ. සැකකරු හා තවත් අයකු එම ත්‍රිරෝද රථ රියැදුරුව පසුගිය 30 වැනිදා මඩොල්සිම නගරයට ගෙන්වාගෙන පුංචි ලෝකාන්තයට යන මාර්ගයේ කැලෑවේ මැණික් ගල් හා රන් භාණ්ඩ සඟවා ඇති බවට පවසා කැඳවාගෙන ගොස් ඇත. එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් අදාළ අපරාධය සිදුකර පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දමා ඇතැයි දැනට සැක කෙරේ.

මෙම ත්‍රිරෝද රථය ද සැකකරුවන් විසින් රැගෙන ගොස් පෞද්ගලික මූල්‍ය සමාගමකට ඊයේ හාරලක්‍ෂ පනස්දහසකට උකස් කර තිබියදී සොයාගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්!

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය ඔක්තෝබර් 8 වැනිදා වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරන ලදී.

ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති “ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි” තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණි.

ඒ අනුව, අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්න ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද මෙහිදී තවත් නියෝගයක් නිකුත් කෙරුණි.

කවුරු නැතත් දැන් මොකද..? එයා ළඟ චූටි දෝණි ඉන්නේ.. මෙන්න බලන්නකෝ මාෂිගේ උපන්දින සැමරුම (PHOTOS)

මේ කියන්න යන්නේ ඇයගෙ ජීවිතයේ ගෙවුණු තවත් ලස්සන දවසක් ගැන කතාවක්..

මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඉතින් මේ වෙනකොට විදෙස් රටක ජීවත් වෙන මාෂි ඇගේ හිතවතුන් එක්ක මෙන්න මේ විදිහට උපන්දිනය සමරලා..

ඉතින් කවුරු නැතත් දැන් මාෂි ලඟ ඇගේ චූටි දෝණි ඉන්න නිසා මෙදා උපන්දිනය ඇයට කවදාටත් වඩා විශේෂ වෙන්න ඇති.. 

ඔන්න ඉතින් එයත් අරගෙන.. සමාජ මාධ්‍යය කැළඹූ හනාගේ අලුත්ම වාහනේ (PHOTOS)

හනා ශෆා කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවෙව් උන්න ජන්‍ර්පියම යොවුන් ගායිකාවක් ඉතාමතම කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න ඇයට හැකිවුණා.

ඉතින් මේ වෙද්දි හනා ජනප්‍රියම යොවුන් ගායිකාව බවට පත්වෙලා කිව්වොත් නිවැරදියි. ඒ තරම්ම මේ වන විට ඇයව මෙරට වගේම පිටරට ප්‍රසංග වල පවා දක්නට ලැබෙනවා.

එවැනි ඉතින් කොහොම වුණත් හනා මේ වෙද්දි එයාගේ ජීවිතෙව් ගොඩක් ඉස්සරහට ගිහින්. එයා හරිම ලස්සන වාහනේකුත් අරගෙන පුංචි වයසකින් එයාට එතන්ට එන්න පුළුවන් වුණු එක ගැන නම් අගය කළ යුතු කාරණයක්.

ඇය ඇගේ ඒ ජයග්‍රහණය වචනයට නගලා තිබුණේ මෙන්න මේ විදියට   

''දමිතා අබේරත්න, මගේ වචනයෙන් නම් මට පොරක්. ඔයාව මේ කලාවට ඕනේ එදා අද වගේම හෙටටත්..'' - දමිතා අබේරත්න වෙනුවෙන් දිලිනි ලක්මාලිගෙන් ආදරණීය කතාවක්!

මේ දවස්වල වැඩියෙන්ම කියවෙන නම් අතර, දමිතා අබේරත්න නම හරි විශේෂයි.

ඒ, ඇයගේ දේශපාලනය එක්ක.

දේශපාලන කටයුතුවලින් එහාට ගියාම දමිතා අබේරත්න කියන දක්ෂ ,ප්‍රවීණ රංගන ශිල්පිනියට ලැබෙන අසීමිත ආදරයේ අදටත් කිසිදු වෙනසක් ඇත්තේ නෑ.

ඊට කදිම නිදසුනක් අපේ ඇස ගැටුණා ජනප්‍රිය නිළි දිලිනි ලක්මාලිගේ මුහුණු පොතෙන්.

''මුලින්ම කියන්න ඕනේ මේ පොස්ට් එක මම ලියන්නේ මේ මොහොතේ අවංකවම මට දැනෙන හැඟිම එක්ක මිසක් වෙන කිසිම අරමුණකින් නොවන වග..

දමිතා අබේරත්න මහත්මිය මගේ වචනයෙන් නං මට පොරක්..

ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඇයගේ අති විශිෂ්ඨ රංගන කෞශල්‍ය නිසා..

එක ඔබ මම අවිවාදයෙන් පිළිගත යුත්තක්..

මේ රංගන ජීවිතේ ඇය රංගන ශිල්පීනියක් විදිහට දෙස් විදෙස් සම්මානයන් රාශියකට උරුමකම් ලබා තියෙනවා ( එය මට නං හීනයක් )

ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්වල චරිතයන්හි නම් අපිට අදටත් මතකයි...

ඇයගේ රංගන දක්ෂතාවයට මං හරිම කැමති, ඒ දිහා බලාගෙන ඉගෙන ගත්ත දේවල් බොහොමයක් මට තිබුණා...

මට කියන්න ඕන වුණේ මෙච්චරයි මම කොටින්ම ඇය දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නෑ..

මට ඕනේ ඒ දමිතා අබේරත්න කියන්න විශිෂ්ඨ රංගන ශිල්පීනිය යළි පුංචි තිරේ දකින්න..

ඇගේ රංගනය තුළින් නිර්මාණය වන නිර්මාණයන් දකින්න..

මොකද ඒ හැකියාව අපි කොහොම කිව්වත් අද අපේ රටේ අතලොස්සක් ජේෂ්ඨ කලා ශිල්පිනියන් අතරේ ඇය ඉහළින්ම ඉන්න නිසා...

ආදරණීය දමිතා අක්කේ..

මං ලංකාවෙන් එද්දි කිව්වා ඔයාට ලොකේ කොහේ හිටියත් අපිට බලන්න ලස්සන නිර්මාණයන්වලින් එන්න කියලා...

ඔයාව මේ කලාවට ඕනේ එදා අද වගේම හෙටටත්....

ආදරෙයි ඔයා මට නිරන්තරයෙන්ම දක්වන සෙනෙහසට, ආදරයට..

මේ වචන ටික අන්න ඒ ආදරයට...''

"හේෂට මම සැලකුවේ මගේ සහෝදරයෙකුට වගේ..." - හේෂාගේ පැටිකිරිය ලක් අම්මා වමාරයි

සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමාට නාමයෝජනා නොලැබුණ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සදහන් කළාය.

තමාට රටේ ඕනෑම තැන්වලින් මහ මැතිවරණය සදහා ඉල්ලන්න ඉල්ලීම් තිබුණ බවත් වෙනත් පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීම් තිබුණ බවද රංගන ශිල්පිනී දමිතා අබේරත්න සදහන් කළාය.

දමිතා අබේරත්න තවදුරටත් සදහන් කළේ,

“හේෂට මම සැලකුවේ මගේ සහෝදරයෙකුට වගේ. හේෂාම තමා යෝජනා කරන්නේ රත්නපුරයෙන් අපි ඉල්ලමු කියලා. එහෙම කිව්වහම සජිත් සර් කිව්වා අපි ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයාට ඕන දෙයක් කියන්න කිව්වා.

නාමයෝජනා කමිටුවක් තිබුණා. ඒකෙන් මට අවසරය ලැබුණා. ඊට පස්සේ මම ගිහින් (08) වෙනිදා නාමයෝජනා අත්සන් කළා. ඊට පස්සේ මම රෝහිණි කවිරත්න මහත්මිය එක්ක කතා කළා. එයා කිව්වා (09) වෙනිදා හේෂා කාර්යාලයට ගිහින් කිව්වලු මේක වෙනස් කරන්න ඕනේ.

මෙයා නැතුව වෙන කෙනෙක් මේකට දාන්න කිව්වලු. හැබැයි හේෂා මට සුබ පතලා වෙන ගේම් එකක් තමා යටින් ප්ලේ කරලා තියෙන්නේ. රත්නපුරයෙන් ආපු ප්‍රතිචාරයත් එක්ක හේෂා බයවෙන්න ඇති. මේක තනිකර කුමන්ත්‍රණයක්. හේෂා කැපුවා. 

මට දුක නෑ. මම ඕන තරම් තැන්වලින් ඉල්ලන්න ඉල්ලීම් තිබුණා. මට වෙන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීම් තිබුණා. හේෂා මේ නැති කළේ මනුස්සයෙක්ගේ අයිතිවාසිකමක්. මම ඇහුවා හේෂාගෙන් මල්ලි මම රත්නපුරයට එන්න ඕනේ කීයටද කියලා.

ඒ අනුව මම රත්නපුරයේ කච්චේරියට යනවා. ඇතුළේ දී හේෂා හම්බවුණාම මම ඉස්සෙල්ලා සුබ පැතුවා. එතකොට කිව්වා හේෂා අක්කේ පොඩ්ඩක් ඉන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. කාමරයකට ගිහින් ඇවිත් මට කිව්වා අක්කේ මේ ඊයේ රෑ 2.30ට මහ ලේකම්තුමා ඔයාව අයින් කළා කිව්වා.”

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මේ බව සදහන් කළාය.

"අක්කා එකපාරම අයියා එනවා, ඉක්මනින් පැනගන්න, කිව්වා. ඒත් මට පැනගන්න හම්බුණේ නෑ. අයියා එකපාරම..." - 34 අක්කට පෙම් බැන්ඳ 22ක් වයස කැම්පස් මල්ලීගේ ඉරණම විසඳුන හැටි...

මිනිස්සු හැඟීම් එක්ක සෙල්ලම් කරනවා. නැත්තම් හැඟීම් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමන කොහොම පටන් අරන් කොහොම ඉවර වුණත්... සමහර වෙලාවට ඒ අවසානය ඛේදාන්‍තයක් වෙන්න පුලුවන්...

මේකත් ඒ විදිහේ කතාවක්...

''මම කැම්පස් කොල්ලෙක්. අවුරුදු 22යි.මගේ බෝඩිම තිබුනේ මහරගම පැත්තේ ගෙදරක. ඒ ගෙදර අක්කට වයස 34 ක් වගේ. උදේ හවස කැම්පස් කැන්ටිමෙන් කන නිසා රෑ කෑම ඒ අක්කගෙන්. එයාට 5 වසරේ එයාට පුතෙක් හිටියා. ඉතින් අක්ක දවසක් කිව්වා මල්ලි මගෙ පුතාටත් පුළු පුළුවන් වෙලාවට උගන්වන්න කියලා. ඉතින් ගෙදර කෙනෙක් වගේ මම එහෙට හුරු වුනා.

ඉතින් අක්ක ලස්සනයි, බළල් ඇස් තිබුණේ. කෙට්ටුයි කොන්ඩේ ස්ට්‍රේට් කරලා. එයගේ හස්බන්ඩ් ඉතාලියේ.

ඉතින් මම හිටියේ පිටින් කාමරේක ඒත් අක්ක ඔන්න දවසක් කිව්වා මල්ලි මදුරුවෝ ඉන්නවා ඇති නේද ඔයා මෙහෙ ඇතුළේ කාමරේ ඉන්න කියලා. ඉතින් මම සද්ද නැතිව හිටියා. ඊට පහුවදා මට SMS එකක් ආවා මල්ලි මෙහ ඇවිත් නිදාගන්න කියලා...මම් ඉතින් ඒ කියපු දවසේ ගියා.

අක්ක News බලනවා මට කිව්ව සැටියේ වාඩිවෙලා බලන්න කියලා. ඉතින් අක්ක මගෙන් ඇහුවා කෙල්ලෙක් නැද්ද කැම්පස් එකේ කියලා. මම කිව්ව තාම හිතලා නෑ අනේ කියලා. ඉතින් කතාවකුත් බලලා නිදාගන්න ගියා...

එහෙම නිදාගෙන ඉද්දි මට අක්කා ගැන මොකක්දෝ හැගීමකුත් ඇති වුනා... අක්කා ඔන්න මට SMS එකක් එව්වා good night මල්ලි කියලා.

ඉතින් මාත් එහෙමම දැම්මා.. ඔන්න ටිකක් වෙලා ගිහින් මදුරුවෝ නෑනේද කියලත් ඇහුවා. මාත් රිප්ලයි කරා...ඇත්තටම කෙල්ලෙක් නැද්ද කියලා ඔන්න තව SMS එකක් ආවා. මටත් දැන් නින්ද යන්නෙ නෑ. ඊටපස්සෙ ආපු SMS එක තමයි මගේ හද කුල්මත් කරේ.

ඔයාට මම ආසයි මල්ලි කියලා...ඉතින් මම කිව්වා මාත් එහෙමයි කියලා. බාබා නම් නිදි සාලේ සැටියට එන්න කිව්වා..මටත් ඉන්න බෑ..දෑන් ආසාව...

එයා කොට ශෝටයි හැට්ටෙයක් ඇදන් හිටියේ. සාලෙ සැටියේ ඔන්න එයා හිටියා. මාත් වාඩි උනා. මම ඇහුවා බබා එයිද කියලා නෑ නෑ එයා ඇහැරෙන් නෑ කියල අක්කා කිව්වා.

අන්තිමට අක්කගේ අතින් මම නිරුවස්තර වුණා. ඊට පස්සෙ වුණු දේවල් මෙහෙම කියන්න පුලුවන් දේවල් නෙවේ. ඒ දවසෙන් පස්සෙ මම ආයෙම අක්කට ඇබ්බැහි වෙන්න ගත්තා.

ඒත් දවසක් අක්කා එක්ක එහෙම මම ඉද්දි "පැටියෝ අයියා එනවා, ඉක්මනින් පැනගන්න" කියලා අක්කා කිව්වා. මම බය වෙලා පැන්නා. ඒත් පැනගන්න හම්බුනේ නෑ. අයියා මාව ඇදලා අරන් ගැහුවා නිල් වෙන්න. මම එහෙම්මම ඇදගෙන වැටුණා. එදා මුලු ගමටම මගේ සීන් එක ආරංචි වෙලා තිබ්බා. අම්මා අවුරුදු තුනක් මාව ගෙටවත් ගත්තෙ නෑ...

දැන් කාලයක් වෙනවා ඒ ප්‍රශ්න විසඳිලා. ඒ අක්කාවත් අරන් අයියා ඩුබායි ගියා. දැන් එයාගේ බබත් ලොකුයි. මට කවදාවත් මේ සිද්ධිය අමතක නෑ. මොකද ඒකෙන් මම ඉගෙන ගත්තා කැත වෙච්ච නමක් ආයෙ හදාගන්න එක පට්ටම අමාරුයි.. හැඟීම් වලට වහල් වුණොත් විනාශය ස්ථීරයි...

"ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්.. කළ උදව්වට බොහොම ස්තුතියි..!" ලිපිය කියවූ පසු ඇය මළානිකව වුණා.. හීන වෙනුවෙන් එකතු කළ මුදලත් ගෙන ඔහු කළ රඟපෑම දැනගත් විට ඇයට මොනවා හිතෙන්න ඇතිද..?

ඇගේ ජීවිතය ගැන ඒ අම්මා තාත්තා මොන තරම් නම් හීන මවන්න ඇතිද..? ඒ විතරක් නෙවෙයි ඇය පණ වගේ ආදරය කළ ඔහුගෙන් ඒ තරම් වංචාවක්.. 

මේ ඔක්කොම අවසානයේ ඇයට තනියම විඳ දරාගන්න වෙලා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. පවුලේ එකම දරුවා වූ ඇයට මවුපියන් දැඩි ආදරයක් දැක්වූ අතර, මවුපියෝ ගොවිතැනින් උපයා ගන්නා මුදල් දියණියගේ බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කළා..

ඇය පාසල් යන වයසේදී ඇති කරගත් ඇසුරක් මත ගොඩ නගාගත් ආදර සබඳතාවයක් පවත්වාගෙන ගිය තරුණයකු, තමා විවාහයට තෝරාගෙන ඇති බව තරුණිය මවුපියන්ට පැවැසුවා...

මවුපියන් තරුණයාගේ වතගොත විපරම් කර බැලීමේදී, අසල ගමක වත්පෝසත්කම් අතින් අඩු, පවුල් පසු බිමට නොගැළපෙන අයකු බැවින් එම තරුණයා සමග විවාහ වීම සුදුසු නැති බව මවුපියෝ දියණියට කිව්වා.. ඔවුහු ඊට විරුද්ධත්වය පළ කළා..

ඒත් තරුණිය මේ ගැන තරුණයාට දැනුම් දීමෙන් පසු තරුණයා යෝජනා කළේ “මවුපියන්ට හොරා විවාහ වෙමු” කියායි.. ඒ සඳහා දිනයක්ද නියම කෙරුණා.. එම අදහසට එකඟ වූ තරුණිය, වියදමට මුදල් තම බැංකු ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කළා...

එක් දිනක් නගරයේ බැංකුව වෙත ගිය තරුණිය සහ තරුණයා තරුණියගේ බැංකු ගිණුමෙන් විශාල මුදලක් ලබා ගත්තා... මුදල් ගත් ඔවුන් රෙදි පිළි කඩයකට ගොස් තරුණියට අවශ්‍ය සාරි, ගවුම් රෙදි ආදි අවශ්‍ය දේ මිලට ගැනීමෙන් පසුව, ඉතිරි මුදල් ටික තරුණයාට දී ඇයට අවශ්‍ය රත්‍රන් බඩු මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියා..

නියම කරගත් දිනයට විවාහවීමේ අපේක්ෂාවෙන් පසු වූ තරුණියට, තම පෙම්වතා කලින් මෙන් ඇමැතුම් නොදී, හමු වීම මග හරිමින් කාලය ගෙවී යන අතරතුර නියම කරගත් විවාහ වීමේ දිනයද පසුවී ගියා.. ඉතාම වේදනාවට පත්ව සිටින ඇයගේ නමට තැපෑලෙන්, ලියුමක් ලැබුණා. එය තම පෙම්වතාගෙන් බව දැනගත් ඇය ලිපිය විවෘත කර බැලීවා....

“ආදර......., මම ඔයා සමග විවාහ වෙනවට දෙමාපියන් කැමැති නැහැනේ..මොකටද දෙමාපියන්ගෙ හිත රිද්දවන්නේ.. අර සල්ලිවලින් මම මගේ ඥාති නැගණියක විවාහ කරගන්නට කටයුතු කළා.. මම ඇය සමග දැන් ජීවත් වෙනවා..ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්.. කළ උදව්වට බොහොම ස්තුතියි ! මීට - ආදරෙන් සිටි ....... මම වෙමි."

ලිපිය කියවීමෙන් පසු මළානිකව ගිය තරුණිය තම කාමරයේ ඇඳට ගොස් සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන කඳුළු සලන්නට වුණා.. මවුපිය විරෝධයෙන් පෙම්වතාත්, මුදලු‍ත් අහිමිවීම ගැන ඇය දුක් වූවා..

මදුසමයෙන් පස්සේ නිවී සැනසිල්ලේ ලැබුණු තෑගිබෝග බලපු ඒ දෙන්නා වගේම පවුලේ අයත් පුදුම වෙලා... මිතුරන්ගේ තෑග්ග නිසා ඥාතීන් ඉදිරියේ අසරණ වුණු මනාල යුවලකගේ කතාව මෙන්න

ඒ දෙන්නාගේ විවාහයට  බොහෝ දෙනෙක්ට ආරාධනා ලැබුණා.. ඒ අතරින් ඔවුන්ගේ මිතුරන් විශේෂයි..

ඒත් අවසානයේ ඒ ආරාධනාවෙන්ම විවාහ උත්සවයට ආව යාළුවෝ නිසා ඒ දෙන්නා ලොකු අපහසුතාවයකට පත් වෙලා...
දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

දියණියකගේ මංගල උත්සවයට පවුලේ ඥාති පිරිසට අමතරව ඔහු තමන් ඇසුරු කරන හිතවතුන් කීප දෙනෙකුට ද ආරාධනා කිරීමට අමතක නොකළ මුත් මේ කියන්න යන්නේ හිතාගන්න බැරි කතාවක්.. මෙම ආරාධනය ලැබු ඔහුගේ සමීපතම හිතවතුන් හය දෙනෙකු මෙදින පෙරවරු 09.00ට පමණ හසලක නගරයට එක් වූයේ මිතුරාගේ මංගල උත්සවයට යෑම සඳහායි.. එම කණ්ඩායමේ අයෙකු යෝජනා කළේ මිතුරාගේ නිවසට යෑමට පෙර මෙහිදීම යමක් සප්පායම් වෙලා ගියොත් හොඳයි කියායි..

මොකද එහේ මේවා නැති වුණොත් කියා.. එම යෝජනාවට පිරිසේ මත් වතුර පානයට ලොල් පස් දෙනෙක් කැමැත්ත පළ කළා.. දරුවාට තෑගිදීමට මෙපමණ මුදලක් දිමටත් මත්වතුර බෝතලයට මෙපමණ මුදලක් දාමු නේද යැයි අයෙකු ගෙනා යෝජනාවට කණ්ඩායම කැමැත්ත පළ කළ අතර අදාළ මුදල මත් වතුර පානය නොකරන අය වෙතට හය දෙනාම දුන්නේ තවත් අයෙකු වෙත මත් වතුරට වෙන් කළ යම් මුදලක් ඉතිරි කරගනිමින්..

එම පස් දෙනා එකතුකර ගත් මුදලින් මත්වතුර බෝතලයක් ගෙන නගරයේ එක් ස්ථානයකට ගොස් එය පානය කළ අතර එය ඔවුන්ට ප්‍රමාණවත් නොවිය.. තවත් මත් වතුරේ අවශ්‍යතාවක් මතුවුණා.. එයට වැය කිරීම සඳහා කිසිවකු අත මුදල් නැහැ.. එහිදී එම පිරිසේ අයකු යෝජනා කළේ අර තෑග්ගට එකතු කරපු මුදලෙන් යම් මුදලක් ගෙන එයින් අවශ්‍යතාව ඉටු කරගනිමු කියායි.. එම යෝජනාවට මත් වතුර නොබොන කෙනා විරුද්ධ වුවත් පස් දෙනෙකුගේ කැමැත්ත මත එය ස්ථිර වුණා... එසේ තවත් වාරයක් මත් වතුරට මුදල් වැය කළ පසුව ඉතිරි වූයේ රුපියල් 1500/- වැනි මුදලක්..

මෙම මුදලට තෑග්ගක් ගත නොහැකි බවත් මේ ගමන තමන් නොයන බවත් මත්වතුර නොබොන කෙනා පැවසුවා.. මත් වතුරෙන් මත්වී සිටි අයෙකු අදාළ මුදල රැගෙන ප්ලාස්ටික් බඩු කඩයක් වෙත ගොස් විනාඩි කීපයකින් ලොකු පාර්සලයක් කර තියාගෙන ආවේ හා දැන් යමුයි කියමින්..

මංගල නිවසට ගිය කණ්ඩායම ඉතා උසස් අන්දමින් පිළිගෙන ඔවුන්ට සිතැගි පරිදි කෑමට සහ බීමට ද අවශ්‍ය පසුබිම ගෘහමූලිකයා වූ මිතුරා විසින් සකස් කර දෙනු ලැබුවා.. මංගල අවස්ථාවේ දී ගුණ කතන කීපයක් ද කර රැගෙන ආ තෑගි පාර්සලය දියණියට ලබාදී පෙරළා එම නිවසින් ඔවුන් පිටව ආවේ එක එකා වෙන් වෙන්වයි..

මංගල උළෙල අවසන් වී පසුදින දහවල් කාලයේ ලැබුණු තෑගි බෝග පරීක්ෂා කළ පවුලේ අයට ගෘහ මූලිකයාගේ මිතුරන් විසින් දුන් විශාල පෙට්ටිය සහිත තෑගි පාර්සලය ලිහා බැලූ විට නිවැසියන්ට සිනහව නතර කර ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර ඔවුන් සිනහා වෙන්නේ මන්දැයි විමසීමට පවුලේ අය සිටි කාමරයට පැමිණි ගෘහ මූලිකයාට මෙන්න ඔයාගේ මිතුරන් දුන් තෑගි යැයි කියා එහි තිබු දෑ පෙන් වූ පසු ඔහුට ඇතිවූ අපහසුතාවය මෙතෙකැයි කියා නිම කළ නොහැකි වූ බව පසු දින ගමේ මිතුරන්ට පැවසුවේ එහි තිබුණේ කුඩා ළමයින් සෙල්ලම් කිරීමට ගන්නා ප්ලාස්ටික් බඩු තොගයක් නිසාවෙන් කියායි..

මත්වතුර නොබිව් කෙනා කතාවේ සියලූ තොරතුරු ගෘහමුලිකයා ඇතුළු හිතමිතුරන් හමුවේ පසුව පවසා තිබිණා.. මෙය දින කීපයක් යන්නට පෙර ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙන්...

ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපලා මෙට්ටයක ඔතලා ගගට දාන්න හදලා! ළමා නිවාසයේම දරුවන් දෙකක් පොලිසියෙන් අල්ලගනී!

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 

ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් පැමිණි පොලිස් කණ්ඩායමකට සිද්ධීයෙන් කෙටි වෙලාවක තුළ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල පබුණුගම පදිංචිව සිටි පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ සික්කු හේවගේ පියදාස ඩයස් නමැති 80 හැවිරිදි දෙදරු පියෙකි.

මුරකරු නින්දේ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

lankadeepa

මාක­ඳුරේ මධුෂ්ට වෙඩි තබා පලා­ගිය අප­රා­ධ­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට නොගැ­නීම ගැන පුළුල් විම­ර්ශ­න­යක්!

පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වූ මාක­ඳුරේ මධූෂ් කොළඹ අප­රාධ කොට්ඨාස අත්අ­ඩං­ගුවේ සිටි­යදී වෙඩි තබා පලා­ගිය අප­රා­ධ­ක­රු­වන් මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට පොලිස් බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුව ඇත.

ඩුබායි සිට 2019 වස­රේදී මාක­ඳුරේ මධූෂ් මෙර­ටට රැගෙන ඒමෙන් පසු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ රඳ­වා­ගෙන ප්‍රශ්න කරනු ලැබීය. එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරනු ලැබුවේ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස මේ වන විට කට­යුතු කරන විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය.

අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහ­තාය.

මාක­ඳුරේ මධූෂ් රඳ­වා­ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ මත්කුඩු ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන් කිහිප දෙනෙ­කුගේ තොර­තු­රුද හෙළිවී තිබුණි. ඒ අනුව එකී දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන් කිහිප දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට අවශ්‍ය විම­ර්ශන පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එකල ආරම්භ කර තිබුණි.

පාතාල නායක මාකඳුරේ මධුෂ් 2020 ඔක්තෝබර් 19 අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ දිනවල මාධ්‍ය හා සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කර තිබුණි. ඒ මෙසේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මධුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙලේ අපරාධකරුවා, ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු
ඉතාම ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වැඩිදුර ප්‍රතිඵලදායක ලෙස විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදුන්නා.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පසුදිනම හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් ප්‍රදේශයකින් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව මොහුගෙන් අනාවරණය වෙච්චි කරුණු අනුව ඔහුගෙන්ම තොරතුරු එකතු කරගෙන ඉතාම සාර්ථක විමර්ශන කිහිපයක් කරගෙන ගියා.

ඒ අනුව ඔහුව යොදාගෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ තවත් ඔහු හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවලා ඔවුන්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට අවස්ථාව ලබාගැනීමට. ඒ අනුව ඔවුන් සාකච්ඡා කරගත් පරිදි පොලිස් නිලධාරීන් සහ මාකඳුරේ මධුෂ් එම අපරාධකරුවන් හමුවීමට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගිය අවස්ථාවේදී ම

ොහු විසින් ලබාදීලා තියෙන ඒ … ඒ … ඒ …. යම් යම්කිසි ඉඟියක් අනුව මොහුව එම පැමිණි අපරාධකරුවන් යතුරු පැදියකින් පොලිස් නිලධාරීන්ට ඉලක්ක කරලා වෙඩි තැබීමක් කරලා තියෙනවා.

එම වෙඩි තැබීමේදී කලවා ප්‍රදේශයට වෙඩි තැබීමකින් තුවාල වෙච්ච එක් පොලිස් කොස්තාපල්වරයෙක්ව ජාතික රෝහලේ රෝහල්ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිද්ධිය වුණු ස්ථානයේ සිටි අනෙක් සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර සහ ඒවගේම අත් බෝම්බ ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවෙදි ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාරවලින්
මාකඳුරේ මධුෂ් මියගිහින් තියෙනවා.

ඒත් එක්කම එම ස්ථානයේ සිටි මීට කලින් මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම්වලට ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමා කංජිපානි ඉම්‍රාන්. ඔහුගේ මත්ද්‍රව්‍ය තිප්පොලක් කිට්ටුව තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. මෙම ස්ථානයේ තිබිලා හෙරොයින් කිලෝ 22ක්, ඒ කියන්නෙ කෝටි 22ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට අරන් තියෙනවා. ඒවගේම මේ ස්ථානයේදී අපරාධකරුවන් භාවිතා කරපු බ්‍රවුනින් වර්ගයේ අලුත්ම පිස්තෝල දෙකක් පොලිසිය සොයාගෙන තියෙනවා. ඒවගේම අපරාධකරුවන් පැමිණියායැයි කියන යතුරුපැදියක් ඒ අවස්ථාවෙ ධාවනය කරගෙන ගිහින් අනතුරකට ලක්වෙලා මඟදමා ඔවුන් පළාගිහිල්ලා තියෙනවා”

කැනඩාව – ඉන්දියාව යළිත් ගැටෙයි!

කැනඩාවේ භූමියේදී සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින ආරවුල තවදුරටත් උත්සන්න වනවිට ඉන්දියාව සහ කැනඩාව රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ඔවුන්ගේ ඉහළ නියෝජිතයන් නෙරපා හැර ඇත.

හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය ඒජන්තයින් සෘජුවම සම්බන්ධ බවට පොලිසිය විශ්වාසදායක චෝදනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමෙන් පසුව තම රජය ප්‍රතිචාර දැක්වූ බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සදහන් කරයි.

ඉන්දියාව කැනඩාවෙන් එහි රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය දුසිම් ගනනක් ඉවත් කර ගන්නා ලෙස සහ වීසා සේවා අත්හිටුවන ලෙස ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව උග්‍රවීමත් සමග කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව වැදගත් බව ඉන්දියාව සදහන් කරයි.

ඉන්දියාව සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර කැනඩාව සිය ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් සපයා නැති බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව වැඩිවන ප්‍රචණ්ඩ තර්ජන හේතුවෙන් ආපසු කැදවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දීය රජය කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයින් ආපසු කැඳවීමට තීරණය කර ඇත.

හතුරුසිංහ බංග්ලාදේශයෙන් දොට්ට දමයි!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් එරට ක්‍රිකට් බලධාරීන් නිවේදනය කර තිබේ.

2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් බංග්ලාදේශයේ අන්තර්වාර පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් කටයුතු කරනු ඇත.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවැනි වරටත් එම කණ්ඩායම සමග එක්ව තිබූ අතර එරට ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා හතුරුසිංහ නැවත එක්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබූ බවද වාර්තා වෙයි.

මෙරට සොරකමේ ආ රුසියානුවන් දෙදෙනෙකුට කෝටි 11ක දඩයක්!

සිංහරාජ වනාන්තරය සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුල් වී ශ්‍රී ලංකාවට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටි රුසියානු ජාතික සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනාට ශ්‍රී ලංකා මුදලින් රුපියල් එකලොස් කෝටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කලේය.

රුසියාවේ මොස්කව් පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් නැමති 18 හැවිරිදි පුද්ගලයෙක් සහ සහ නිකොලයි ඊල්යිච් නැමති 21 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට අදිකරණය විසින් නියම කළේය.

රුසියානු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවිමට නියෝගයක් ලබාදෙන ලෙසත්, (15) දින එම දඩ මුදලෙන් ලක්ෂ පහලෝවක මුදලක් අධිකරණය වෙත ගෙවිය හැකි බවත් ය.

කෙසේවෙතත් එම ඉල්ලිමට වනජිවි නිලධාරින් විරුද්ධවූ අතර දෙපාර්ශවයේම කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට නියෝග කළේය.

කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දඩ මුදල සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රදවා තබාගන්නා ලෙසයි.

අවිවාහක සුරූපී උපාධිධාරී තරුණිය බත්තරමුල්ල අනාරක්ෂිත උඩුමහලින් වැටී මරුට!

නේවාසිකාගාර සපයන්නන් ඒවා  ලබාගන්නන්ගේ ජීවිත තුට්ටු දෙකට දමා ආරක්ෂාව සම්බන්ධයෙන්  අබමල් රේණුවක තැකීමක් නොකර මාසය අන්තිමට මුදල්ම පමණක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ   අවාසනාවන්ත අකල් මරණයක තොරතුරු බත්තරමුල්ලෙන් වාර්තා වීය.

තලංගම පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය.

අඩක් වැඩ නිම කරන ලද දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස අනාරක්ෂිත  කොටසින් පහළට වැටී  රූමත් අවිවාහක උපාධිධාරී  තරුණියක් මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල,  ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නැමැති  (30) හැවිරිදි  තරුණියයි

මියගිය තරුණිය  තවත් තරුණියන් තිදෙනෙකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ   දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර  ඉකුත්  සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40  ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඇය සමග කාමරයේ වෙසෙන  ඉඩම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ මිතුරිය  ද රැකියාව නිමවා  ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා  ඇය රැගෙන එන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවත්ය.

ඒ අතරතුර එම මිතුරිය විසින් නාන කාමරයට වැදි ඇඟ සෝදා පිරිසුදු වන අතරවාරයේදී  කෑ ගැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් සමඟම ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ  සෝදිසි කිරීමේදී මිතුරිය පෙනෙන්නට නොසිටි බැවින් කාමරය  තුළද බලා අනතුරුව උඩුමහලේ සිට නිවස පිටුපස දොරින්  පහත බැලීමේදී කිසියම් අයෙකු වැටී සිටුනු දැක බිම් මහලේ පදිංචි නිවස හිමිකරුවන් වෙත  පවසා ඇතැයි පොලිසිය කියයි

අනතුරුව ඔවුන් සමග පිටුපසට ගොස් බැලීමේදී මියගිය කළමනාකාර සහකාරවරිය දෙමහල් නිවසේ පළමු මහලේ පිටුපස කොටසේ  දමා තිබූ ප්ලාස්ටික් කෑන් මත  උඩුබැලි  අතට වැටී සිට ඇති අතර ඇයගේ වම් කණින් සහ නහයෙන් රුධිරය වෑහෙන අයුරු  දක්නට ලැබුණු බව එම මිතුරිය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන්ය

ඇය විසින් සුද්ද කරන ලද ඉස්සො මාළුවන්ගේ ඉවතලන කොටස් අඩංගු බෑගයද එම ස්ථානයේ වැටී තිබූ  බව පොලිසිය කියයි

නිවෙස් හිමිකාරියගේ ඥාතිපුත්‍රයකු විසින් බරපතළ තුවාල ලද  තරුණියව ඒ ආසන්නයේ නිවසක් ඉදිරිපිටට රැගෙන ගොස් 1990 සුවසැරිය  ගිලන් රථය මගින්  කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (13) පෙරවරුවේ වාට්ටු අංක 73  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

මියගිය තරුණිය   සුද්ද කරන ලද ඉස්සෝ අවශේෂ කොටස් උඩුමහලේ පිටුපස කොටසේ තබා ඇති භාජනයට දැමීම සඳහා යාමේදී ඇයගේ පය ලිස්සා ගොස් උඩුමහලින් පහළට වැටෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි

මියගිය තරුණියක් මීට පෙර ඉඩම් රේජිස්ටර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි

 කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම  සිදුකෙරිණි

( බිමල් ශ්‍යාමන්)