gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතයි, ලේලියි වෙන් කරන්න කෝටි ගණනක් සුප්‍රසිද්ධ කපුවෙකුට පුදලා... කපුවා කපෝති වෙද්දී නැන්දම්මාට වුණ දේ!

අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගත වන විට ලේලිය සමග උරණ වී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

සිදුවීමට මුහුණ දුන් කාන්තාව දේව ඇදහිලි හා ශාන්ති කර්ම මෙන්ම හදි හූනියම් පිළිබඳව තදින් විශ්වාසය තබා කටයුතු කළ තැනැත්තියකි.

සිය එකම පුතුගේ කල වයස සම්පූර්ණ වන විට ඔහුගේ ප්‍රේම සම්බන්ධතා වලට පවා තහංචි දමා මගුල් කපුවකු මාර්ගයෙන් යෝජිත විවාහයක් කරදී ඔවුන් දෙදෙනා තමන් සමගම එකම නිවසේ පදිංචි කරවා ගැනීමට මෙම කාන්තාව කටයුතු කර ටික කලක් ගතවන විට සිය ලේලිය සමග උරණ වූ මෙම කාන්තාව මෙම ගැටලුවට පිළියම් සෙවීමට කපුවාගේ පිහිට පතා ඇත.

දේව කැමැත්ත අනුව පුතු හා ලේලිය වෙන් කළ යුතු බව පවසමින් ඒ සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාවගෙන් කපුවා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබේ.

සිය අරමුණ ඉටු නොවීම පිළිබඳව විමසීම සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාව කපුවා හමුවීමට ගොස් ඇති නමුත් යම් සිදුවීමක සැකකරුවෙකු ලෙස කපුවා නීතියේ රැහැනට කොටුවීමත් සමග එම උත්සාහය අසාර්ථක වී ඇත.

රජයේ උසස් රැකියාවක නිරත වී මීට වසර කිහිපයකට පෙර මියගිය සිය සැමියාට ලැබුණු වන්දි මුදල් වලින් කපුවාට මුදල් ගෙවා ඇති මෙම කාන්තාව අහිමි වූ සිය මුදල් ගැන සිහි කරමින් සිහි විකලෙන් දොඩවන බව දැන ගන්නට ඇත.

සිය මවගේ හදි හූනියම් හෝ අකටයුතුකම් පිළිබඳව කිසිත් නොදන්නා ඇයගේ පුත්‍රයා සිය බිරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් මේ වනවිට විදේශ රටක සතුටින් දිවි ගෙවන බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka