සමහර විට මේ කියන දේ අදහාගන්නත් බැරිවේවි.. ආදරයේදී මේ තරම් වංචාවක්.. ඒත් එක්කම මේ තරම් ලොකු රැවටීමක්..
ඇය කොහොම නම් මේ දේවල් දරාගනිවිද..?
අනියම් පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා...
රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වූ තැනැත්තෙක්..
මේ අතරතුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ, තමා විවාහක බව ඇයට සඟවමින්...
මේ අතර පසුගියදා ඇගේ උපන්දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට පැමිණ තිබෙනවා..
උපන්දිනය දවසේදී පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමට සිතා කාටත් හොරෙන් වෙළඳසැලට පැමිණි ඔහු පුදුම වී ඇත්තේ සිය පෙම්වතියද එම වෙළඳසැලේදීම හමුවීම නිසයි..
තමා සැමියා සමඟ එහි පැමිණි බව ඇය විසින් පවසා තිබෙනවා..
තමා විවාහ වී සිටින පෙම්වතා හඳුන්වාදීමේ අරමුණෙන් ඇයට එහිදී කතා කොට ඇති අතර,තරුණයාගේ දෙලොව රත් වී ඇත්තේ එම තරුණයා කවුරුන්ද යන්න දුටු විටයි.
ඒ අන් කවරෙකුත් නොව තමාගේ විවාහක බිරිඳගේ පෙර පෙම්වතා බව දුටු ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව සියල්ලම හෙළිකොට තිබෙනවා...