ගුරුවරියකගේ සහ සිසුවකුගේ ප්‍රී ශූට් එකක් නිසා සමාජ ජාලා කැළඹෙයි

ගුරුවරියක් සහ ඇගේ සිසුවෙකු සමඟ සිටින ඡායාරූප කිහිපයක් නිසා සමාජ මාධ්‍ය දැඩි කැළඹීමකට ලක්ව තිබෙනවා.

Deccan Herald පුවත්පතට අනුව, මෙම ඡායාරූප ගත කිරීම අධ්‍යයන චාරිකාවක් අතරතුර සිදුවී ඇති අතර මෙම ගුරුවරිය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මුරුගමල්ල රජයේ උසස් පාසලේ අයෙකු බව සඳහන්.

මේ අතර සිසුවා 10 වසරේ ඉගෙනුම ලබන අයෙකු වනවා.

ඡායාරූපවල දැක්වෙන්නේ ගුරුවරිය සිසුවියව බදාගෙන සිප ගන්නා ආකාරය වන අතර ඔහු ඇයව එක් ඡායාරූපයක පවා ඔසවාගෙන සිටින ආකාරයද දකින්නට හැකියාවක් තිබෙනවා.

කෙසේ නමුත් මෙම ගුරුවරිය පවසා ඇත්තේ ඔහු සහ ඇය අතර ඇත්තේ මවකගේ සහ පුතකුගේ ආකාරයේ සම්බන්ධයක් බවටයි.මෙම ඡායාරූප ගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ තවත් සිසුවකු බවට සඳහන්.

කෙසේ නමුත් ප්‍රාන්ත බලධාරීන් මෙම ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

පිරිමි දරුවන් දෙන්නෙක් එක්ක ගුරුවරයෙක් ලැගුම්හලක - වොලිබෝල් වලට එක්කගෙන යනවා කියලා ගිහින් තියෙන්නේ (VIDEO)

එප්පාවල නගරයේ ලැඟුම්හලක පිරිමි ළමුන් දෙදෙනකු සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ගල්නෑව අධ්‍යාපන කලාපයේ පාසලක සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපනය (ක්‍රීඩා ගුරුවරයා) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයෙකි.

මෙම ගුරුවරයා පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු සමඟ මෙලෙස එප්පාවල නගරයේ නවාතැන් පොලක සැකකටයුතු ලෙස රැදී සිටිම හේතුවෙන් පොලිස් අත්අඩංගුව ගෙන ඇත.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පසුගිය 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙනො රැගෙන යන බවට එම දරුවන්ගේ මවුපියන්ට දැනුම් දී , දරුවන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන පැමිණ ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.


මගී ප්‍රවාහන බස් රථයකින් මෙම ගුරුවරයා හා ළමුන් පැමිණ ඇති අතර ,එම වොලිබෝල් පුහුණුවීම නොපැවැත්වෙන බැවින් එප්පාවල නගරයෙන් බැස නවාතැන් පොළට 27 වැනි දින පැමිණ ඇත.

එප්පාවල පොලීසිය මගින් 28 වැනි දින හදිසියේ නවාතැන්පළ පරික්ෂාවක් සිදු කර ඇති අතර එහිදී මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දරුවන් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පාසල් දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවට අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

දරුවන්ගේ මවුවරුන් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් කියා සිටියේ ගුරුවරයා දරුවන් එප්පාවල නගරයේ නවාතැන් පළක රඳවා ගන්නා බව තමන්ට නොදැනවූ බවයි.

අත්අඩංගුවට ගත් 51 හැවිදිරි ක්‍රීඩා ගුරුවරයා බාල වයස්කාර දරුවන් දෙදෙනකු නීත්‍යාණූකූල භාරකාරීත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ ඊයේ (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වීඩියෝ දර්ශන පහතින්,

යකඩ පොල්ලකින් පහර කෑ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීප් රථය මෙන්න

මාරවිල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ තල්විල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිට දී ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ (29දා) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියැදුරු කුපිත වී සනත් නිශාන්ත අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථයට යකඩ පොල්ලකින් පහරදී අලාභහානි සිදුකර රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහර දී තිබේ.

මෝටර් රථයේ රියැදුරු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරච්චිකට්ටුව සිට වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීම සඳහා ගමන් කරමින් සිටියදී මාරවිල දෙස සිට තොඩුවාව දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මාරවිල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

ජනවාරි මාසයේ මුල් සතියේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර,කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ,චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

T20 කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලකයි.

මෙම ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව සඳහන්.

දෙනෝ දාහක් බලා සිටියදී කාන්තාවක් නිරුවත් කර පාරේ ඇවිද්දවයි.. කණුවක ගැටගහයි!

කාන්තාවන් නිරුවත් කර පාරවල් දිගේ ඇවිද්දවීම ඉන්දියාවෙන් නිතර වාර්තාවන තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ පිළිබඳව කාන්තා සංවිධාන ඇතුළු බොහෝ පාර්ශ්වවල අවධානය වැඩි වැඩියෙන් යොමු වෙමින් තිබෙනු දැකිය හැකිය. මෙයට දින කිහිපයකට පෙරද මෙවැනි සිද්ධියක් එරට කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වී තිබිණි. හොසා වන්තමුරි නමැති ගම්මානයේ පදිංචිකාරියක වූ කාන්තාවක් එදින දහවල් සිය නිවසේ සිටියදී දහ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඇගේ නිවසට කඩා වැදී තිබිණි. එයින් පසු එම පිරිස ඇය නිවසින් පිටතට ඇදගෙන ගොස් ඇඳුම් උනා දමා, පාරවල් දිගේ ඇවිද්දවා පසුව හන්දියක කණුවක ගැට ගසා පහර දී ඇත. ඇය වයස අවුරුදු 42ක කාන්තාවකි.

ඉහත කී පිරිස ඇයට මේ ආකාරයෙන් දඬුවම් කර තිබුණේ ඇයගේ 24 හැවිරිදි පුත්‍රයා එම පිරිසට අයත් කෙනෙකුගේ දියණියක සමග රහසින් පලා යෑම නිසාය. එම දියණිය වෙනත් කෙනෙකුට විවාහ කර දීමට සැලසුම් කර තිබී ඇති බව ද වාර්තා වේ. ඇයගේ පවුලේ අය ඉහත කී කාන්තාව නිරුවත් කර ඇවිද්දවා තිබුණේ ඇයගේ පුත්‍රයා ඔහුගේ පෙම්වතිය සමග සැඟවී සිටින තැනක් දැන ගැනීමටය. සිද්ධිය ගැන සැලවීමෙන් පසු පොලිසිය එහි පැමිණ කාන්තාව බේරාගෙන රෝහල් ගත කර තිබිණි. ඇය දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව වාර්තා වේ. කාන්තාවගේ සැමියා පවසා තිබුණේ තම පුත්‍රයා ඉහත කී ආකාරයේ ප්‍රේම සම්බන්ධයක් පැවැත් වූ බව තමාවත්, බිරිඳවත් නොදැන සිටි බවයි.

කාන්තාවන්ට දැඩි ලෙස නිගා දෙන, ඔවුන් දරුණු ලෙස ලජ්ජාවට පත් කරන මෙවැනි සිදුවීම් සුළභ වෙමින් තිබීම කාන්තාවන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද අවධානයට ලක් වෙමින් තිබේ. ගැබිනි කාන්තාවක් මේ ආකාරයෙන් නිරුවත් කර ඇවිද්දවීමේ සිද්ධියක් ද මෙයට මාස කිහිපයකට පෙර විශාල ආන්දෝලනයක් ඇති කළේය. රාජස්ථාන් ප්‍රාන්තයේ සිදු වූ මෙම කනගාටුදායක සිද්ධියට මුහුණ දී තිබුණේ 20 හැවිරිදි වියේ කාන්තාවකි. ඇය මේ ආකාරයෙන් නිරුවත් කර තිබුණේ ඇගේම සැමියා සහ ඔහුගේ පවුලේ අයයි. එයට හේතු වී තිබුණේ මෙම තරුණිය සැමියා අත්හැර වෙනත් පිරිමියකු සමග පලා යෑමය.

මෙයට ටික කලකට පෙර ගුජරාත් ප්‍රාන්තයෙන් ද මෙවැනිම සිද්ධියක් ගැන වාර්තා වූ අතර ඊට ද හේතු වී තිබුණේ අදාළ කාන්තාව සිය සැමියා අත්හැර යෑමය. සැමියන් අත්හැර යන කාන්තාවන් මෙවැනි දඬුවම්වලට ලක් වුවත් බිරියන් අතහැර යන පිරිමින්ට එවැනි දඬුවම් ලැබෙන්නේ නැත. ජාතිවාදී, වර්ගවාදී පළිගැනීම් ලෙස ද සමහර අවස්ථාවල මෙවැනි දඬුවම් ක්‍රියාත්මක වෙයි. පසුගිය ජුලි මාසයේ මනිපූර් ප්‍රාන්තයෙන් එවැනි සිදුවීමක් ගැන වාර්තා වූ අතර එය ලොව පුරා විශාල විරෝධයක් ඇති කළ සිදුවීමක් බවට පත් විය. මනිපූර් ප්‍රාන්තයේ වෙසෙන කුකි සහ මේතෙයි යන ජනවර්ග දෙක අතර දැන් කාලයක සිටම ගැටුම් පවතී. මෙම ගැටුම්වලට මැදි වන කාන්තාවන් නිතර විවිධ හිංසනයන්ට ගොදුරු වනු දක්නට ලැබේ.


ඉහත කී සිද්ධියට මුහුණ දී තිබුණේ කුකි නමැති ජන වර්ගයට අයත් කාන්තාවන් දෙදෙනෙකි. මේතෙයි ජන වර්ගයට අයත් පිරිමින් පිරිසක් ඔවුන් දෙදෙනා නිරුවත් කර පාරවල් දිගේ අවිද්දවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය තුළ සංසරණය විය. මෙම කාන්තාවන්ගෙන් එක් අයෙකු සමූහ දූෂණයට ලක් කර තිබූ බවට ද චෝදනා එල්ල විය.

කුල ප්‍රශ්න නිසා ද කාන්තාවෝ මෙවැනි ලජ්ජා සහගත සිද්ධීන්ට ගොදුරු වෙති. ටික කලකට පෙර දාලිත් නමැති කුලයේ කාන්තාවන් පස් දෙනෙකු නිරුවත් කර ඇවිද්දවීමේ සිද්ධියක් විශාල අවධානයක් දිනා ගත්තේය. ඔවුන්ට මෙම දඬුවම ලබා දී තිබුණේ ඔවුන් ජීවත් වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උසස් යයි පිළිගත් කුලයකට අයත් පවුලකි. එම පවුලේ දියණියක දාලිත් තරුණයකු සමග පලා යෑම මෙම සිද්ධියට පසුබිම් වී තිබිණි.


කාන්තා ක්‍රියාකාරිනියන් සහ කාන්තා සංවිධාන පෙන්වා දෙන්නේ මෙවැනි බොහෝ සිදුවීම් නිසි ආකාරයෙන් වාර්තා නොවන තත්ත්වයක් ද පවතින බවයි. මේ ආකාරයේ සිදුවීම් ගැන පැමිණිලි කළ විට එයින් ද අපහසුතාවට පත්වන්නේ කාන්තාවන් සහ ඔවුන්ගේ සමීපතමයන් වීම ඊට එක් හේතුවක් වී තිබේ. පොලිස් ස්ථානවල දී සහ උසාවිවල දී මෙම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඉතා අසංවේදී ආකාරයෙන් බවත්, එයින් ඔවුන් තවත් ලජ්ජාවට, අපහසුතාවට පත්වන බවත් කාන්තා ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති.


කාන්තාවන්ට සිදුවන මෙම අසාධාරණ නතර කිරීම සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල දැඩි අවධානයක් යොමු වෙයි. සමාජය තුළ ආකල්ප අතින් වෙනසක් ඇති කිරීම එහි දී ප්‍රධාන සහ වැදගත් පියවරකි. කාන්තාවන්ට ගෞරවයෙන් සැලකීමට යොමු කරන අධ්‍යාපනයක් ලබාදීම අතිශයින් වැදගත් බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙති. කාන්තාවන් මේ ආකාරයෙන් ලජ්ජාවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බවටද අදහස් පළ වේ. මෙවැනි වරදකරුවන්ට බොහෝ විට ලැබෙන්නේ වසර තුනක පමණ සිර දඬුවමක් බව සඳහන් වේ. මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව නීතිවේදීහු ද, කාන්තා ක්‍රියාකාරිනියෝ ද පෙන්වා දෙති.

කාන්තාවන් නිරුවත් කර පාරවල ඇවිද්දවද්දී බොහෝ දෙනෙකු බලා සිටින මුත් එම ක්‍රියා වැළැක්වීම සඳහා බොහෝ විට කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුදායක කාරණයක් වී තිබේ. මේ සම්බන්ධයෙන් ද යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බව ඉහත කී පාර්ශ්වවල අදහසයි. මෙවැනි සිදුවීම්වලට මෙම “නරඹන්නන්ද” වගකිව යුත්තන් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් වියයුතු බව ඔවුහු පෙන්වා දෙති.

– Aruna

සමිතාට ඇත්තටම මොකද වුණේ? ලයිව් වීඩියෝවකින් ඇවිත් සමිතා කියූ කතාව (VIDEO)

සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

හැමෝම ආදරය කරන සමිතා රෝහල්ගත කරා කියන පුවත අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

ඇය මේ වන විට ඇගේ යූටියුබ් නාළිකාවට වීඩියෝවක් නිකුත් කර තිබුණා.

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා කියා ප්‍රේමය බලෙන් පුද කරන්න ගිය තරුණයා මලෙන් රොන් බලෙන් අරගෙන...

ඇය 19 හැවිරිදි විවාහක තරුණියකි.

කුච්චවේලි පදිංචි ඈ හට ගමේ තරුනයකුගෙන් ප්‍රේම යෝජනාවක් ගෙන එනවා.

නමුත් විවාහක තරුණියක් බැවින් ඇය ඒ බව පවසා එම යෝජනාව ප්‍රතික්ශේප කර තිබෙනවා.

නමුත් තව දුරටත් මෙම තරුනයා ඇයට කැමැත්ත පවසා බලපෑම් කලත් ඇය තව දුරටත් ඒ යෝජනාව ප්‍රතික්ශේප කිරීම නිසා ඈ සමගින් ඔහු අමනාපයක් ඇති කරගෙන 

පසුව ඇය නිවසෙහි රැයක තනිව සිටින අවස්ථාවක් සොයා එම අවස්ථාවෙහි තවත් මිතුරකු සමග ඇගේ ගෙට පැන පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා තිබෙනවා.

පසුව දෙදෙනාම එකතුව ඇයව දූශනය කර පලාගොස් තිබෙනවා.ඇය කල පැමිණිල්ලකින් අනතුරුව විමර්ශනය ආරම්භ කල කුච්චවේලි පොලීසිය සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවටයි ප්‍රකාශ කලේ.

"මෙන්න මේ මිනිහා මට ඉඩමට එන්න කියලා මට අතවර කරන්න හදනවා.." ඇගේ ටකරම් කටට බයේ ඔහු හැම දේම සඟවාගෙන ඉඳලා... ඒ කතාව මෙන්න....

දවස්වල ගොඩක් දේවල් වෙළඳපොලේ ගොඩක් ගණන් නේ..

ඉතින් කවුරු වුණත් බලන්නේ  අද කාලේ අඩුගානට දේවල් එකතු කරගන්න නේ... 

මේ කතාවට මුල පුරන්නේ වයස අවුරුදු 55ක කාන්තාවක්..

මේ අන්සතු ඉඩමක්.. එය පිහිටා ඇත්තේ එහි හිමිකරු පදිංචි ඉඩමේ සිට කිලෝ මීටරයක පමණ දුරින්... එම ඉඩම්වල කටයුතු කිරීමට ඔහුට ප්‍රමාණවත් වේලාවක් නොමැතිකම නිසා අඳ පංගුවට කුඹුරු ඉඩම හිතවතකුට වගා කිරීමට ලබාදුන්න...

මිණිපේ ප්‍රදේශයෙන් වාර්තා වු මේ කතාවේ එන ඉඩමේ හිමිකරු ඉතා ගුණ යහපත් මනා චරිතයකින් හෙබි 51 හැවිරිදි වියේ පසු වන ඔහු තිදරු පියෙක්.. පළාතේ රාජ්‍ය ආයතනයක සැලකිය යුතු රැකියාවක් කරන ඔහුට පිය උරුමයෙන් ලැබුණු ගොඩ ඉඩමක් සහ කුඹුරු ඉඩමක්ද හිමිව තිබිණා..

ගොඩ ඉඩමේද පොල් පුවක් කෙසෙල් ගම්මිරිස් වැනි වගා ඇති අතර සති දෙක තුනකට වරක් එහි ගොස් වගා කටයුතු සොයා බැලීම ඔහුගේ පුරුද්දක්..

මෙහි ඇති වගාවල බොහොමයක් අස්වනු අසල්වාසීන් භුක්ති විඳින්නේ හොර රහසේයි... විවේකයක් ලද ඔහු මෙදින දිවා කාලයේ සිය ඉඩමට යද්දී ඈත තියාම දැකගත හැකි වූයේ කාන්තාවක ඉඩමේ ඇති පොල් ගස්වලින් ගෙඩි කඩා ඒවා අහුලමින් සිටින අයුරුයි..

ඔහු එම ස්ථානයට ගියත් ඇය තම ඉඩමකින් ගෙඩි කඩා අහුලා ගන්නා විලසින් එම කාර්යයේ නිරතව සිටියාය. ඇය අසල ඉඩමක පදිංචි 55 හැවිරිදි වියේ පමණ පසුවන තමන් දන්නා හඳුනන කාන්තාවක බව ඔහු හඳුනා ගෙන තිබුණා..

ඔහු කැඩූ පොල් අහුලමින් සිටි කාන්තාව ආසන්නයට ගියා... “මේවා තමන්ලාගේ අම්මාගේ අප්පගේ දේපළ කියලා හිතාගෙනද අපි නැති අතරේ මේවා කඩා වඩා ගන්නේ...? කැත වැඩ කරන්න එපා... අද අහුලාගත්තු පොල් ටික අරන් ගියාට කමක් නැහැ... මින් මත්තට මේ වාගේ හොරකම් කළොත් බඩුත් එක්ක පොලිසියට අල්ලා දෙනවා.” ඔහු ඇයට අවවාද කළා...

“පුළුවන්නම් අද පොලිසියට අල්ලා දෙන්න... එහෙම කළොත් මුළු ගමටම ඇහෙන්න ‘මෙන්න මේ මිනිහා මට ඉඩමට එන්න කියලා මට අතවර කරන්න හදනවා’ කියලා කෑගහනවා....” අවවාදයෙන් උරණ වූ ඇය ඔහුට දැඩි ස්වරූපයෙන් පැවැසුවේ ඇඟිල්ල ද දිගු කරමින්..

ඇය එසේ පවසනවාත් සමගම ඔහු ඉදිරියට තැබූ පය අඩියක් පස්සට ගෙන ආපසු හැරී නිවෙසට විත් සිය බිරිඳට සිද්ධිය විස්තර කර පැවැසුවේ නැවත ඉඩමට යන කොට මාත් එක්ක යන්න එන්න.. එහෙම නොවුණොත් මේ හොරු හින්දා මට හිරෙත් ළගින්න වෙනවා යැයි කියමිනි..

"මම එයාගේ රහස් ප්‍රදේශයට ....... ගියා" - බිරිඳ අනියම් පෙම්වතා සමඟ බාත්රූම් එකේ නානවා දුටු සැමියා කල අපරාධය...

ඔහුගේ නම අරුණ. අරුණ තමන් කළ අපරාධය පාපොච්චාරණය කරන්න පටන් ගත්තේ මෙහෙමයි...

‘‘මම හොඳට සල්ලි තියෙන පවුලක කොල්ලෙක්. මගේ තාත්තා මේ රටේ ඉන්න ඉහළ පැලැන්තියේ බිස්නස්කාරයෙක්...මට නිරාශා මුණ ගැහෙනකොට මම දහය වසරේ. නිරාශා පදිංචි වෙලා හිටියේ එංගලන්තයේ. ඇය එහේ ජිවත් වුණේ එයාගේ අම්මත් එක්ක. එංගලන්තයේ ස්ථිර පදිංචිකාරියක් වුණත් අම්මගේ අභාවයෙන් පස්සේ නිරාශා ආපහු ලංකාවට ආවා.මම එයා එක්ක යාලුවෙද්දි මට අවුරුදු දාහතයි. එයාට දාසයයි. අපි දෙන්නට පුදුම නිදහසක් තිබුණා.

ඒත්... අපි ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ. අන්තිමේදී යාලුවෙලා අවුරුදු හයකින් අපි දෙන්නට කසාඳ බඳින්නත් පුළුවන් වුණා..අපේ වෙඩින් එකට එයාගේ පැත්තෙනුයි අපේ පැත්තෙනුයි හොඳට සල්ලි වියදම් කළා. වෙඩින් එක ගත්තේ ලොකු හොටෙල් එකක. අපි හනිමූන් ගියේ සිංගප්පූරුවේ. සතියක් විතර ඉඳලා ඇවිත් හෝම් කමීන් එක ගත්තේ ලොකු ගාඩ්න් එකක. එයාගේ තාත්තා අපිට පදිංචි වෙන්න බම්බලපිටිය පැත්තේ එපාර්මන්ට් එකක් අරන් දුන්නා. කාමර තුනක් තිබුණා ඒ ගෙදර. මාර ලස්සනයි. අපේ බෙඩ් රූම් එකේ ලොකු ජනේලයෙන් කෙළින්ම පේන්නේ මුහුද.

අපි පුදුම සතුටකින් ආදරයකින් ජිවත් වුණේ....නිරාශා හරිම කෙළිලොල් කෙල්ලෙක්. එයා ජිවිතේ කිසිම වගකීමක් ගන්න කැමති වුණේ නැහැ. අඩුම තරමේ දරුවෙක් හදාගන්නවත් එයාට උවමනාවක් තිබුණේ නැහැ. ඉවුම් පිහුම් කළෙත් ඉඳලා හිටලා. අපි කෑම ගත්තෙත් වැඩිපුරම හෝටල්වලින්...මට දරුවෙකුගේ උවමනාව තදින්ම තිබුණා. පස්සේ එයා ටිකෙන් ටික ඒකට කැමති වුණා.

ඒත් .... එයාගේ බඩට දරුවෙක් ආවෙම නෑ. අවුරුදු දෙකක් විතර බලලා අපි කතා වුණා පිටරටකටවත් ගිහින් ප්‍රතිකාර ලබා ගන්න. අපි දෙන්නම සිංගප්පූරුවල තියෙන ප්‍රසිද්ධ හොස්පිට්ල් එකකට ගිහින් පරීක්ෂණ කරගත්තා. ඒ පරීක්ෂණවලදී හෙළි වුණේ එයාට දරුවෝ හදන්න බෑ කියලා...ඒක ඇහුවම මට හරි අවුල් ගියා. එයා නම් ගනන් ගත්තෙවත් නෑ. අපි හිස් අතින් ආපහු ලංකාවට ආවා...දරුවෝ ලැබෙන්නේ නෑ කියන්නේ පවුල් ජිවිතේ කඩාකප්පල් වෙනවා කියන එක නෙවෙයිනේ. අපි දෙන්නා ඉස්සර වගේම ආදරේ හිටියා. ඔය අතරේ තමයි එයාට රස්සාවකට යන්න ඕනි වුණේ.. නිරාශාට අලුත් පෙම්වතෙක් මුණ ගැහෙන්න රැකියාවට යාමත් එක්කමයි. ඒ පෙම්වතා උස, සුදු කඩවසම් පෙනුමැති බර්ගර් ජාතික තරුණයෙක්. 

රස්සාවට ගිහින් ටික කාලයක් යද්දි මට නිරාශාගේ වෙනසක් පෙණුනා. කොයි වෙලෙත් මොබයිල් එක අතේමයි. දවසක් උදේ ලස්සන කොල්ලෙක් ගෙදරට එක්කන් ඇවිත් මට අඳුන්වලා දුන්නා...ඊට පස්සේ වැඩ ඇරිලා නිරාශා එන්නේ අරුණ එක්කමයි. සමහර දවස්වලට එකට රෑ කෑමත් අරගෙන එනවා. මට මේ දෙන්නා ගැනම සැකයක් ආවේ ඔය අතරෙදී. ටීවි බලන වෙලාවටත් මට හොරෙන් ඒ දෙන්නාගේ අතරේ මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසයි මම තීරණය කළේ එයාලා දෙන්නගේ මූමන්ට් එක කොහොමද කියලා බලාගන්න..

මම දවසක් එයාට කෝල් කරලා කිව්වා, මම එද්දි රෑ වෙනවා, කාලා නිදාගන්න කියලා. එයා ඒකට උඩින්ම කැමති වුණා...මම එහෙම කියලා මගේ කාර් එක කම්පැනි එකේ දාලා ට්‍රයිෂො එකකින් ගෙදරට ගිහින් තුන්වැනි කාමරේ හැංඟිලා බලාගෙන හිටියා. ඒ යද්දි පිහියකුත් අරගෙනයි ගියේ. ඒ කාමරේ අපි කවුරුත් පාවිච්චි කරන් නෑ. මොන හේතුවකටවත් නිරාශා ඒ කාමරේට යන්නේ නෑ. මම උදේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම කාමරේට වෙලා හැංඟිලා හිටියේ. හවස හය හමාර හත වෙද්දි දෙන්නා ගෙට ආවා.

මේ දෙන්නා කරන්න යන්නේ මොනාද කියලා මට හිතාගන්න බැරිවුණා. දෙන්නා අමු හෙලුවෙන් බාත්රූම් එකට යන හැටි මම බලාගෙන හිටියා... බාත් රූම් එකට ගියාට දොර වහනවා ඇහුණේ නැහැ... ඊට ටික වෙලාවකට පස්සේ ෂවර් එක ඇරලා වතුර වැටෙන සද්දේ ඇහුණා. නිරාශා කෑ ගගහ හිනාවෙනවා.. මම හෙමීට දොර ඇරගෙන බාත්රූම් එක ළඟට ගියා. ගිහින් දොර ඉස්සරහ හිටගෙන දෙන්නා කරන දේවල් හොරෙන් බලාගෙන හිටියා. මට මං ගැනම ලැජ්ජ හිතුණා. මම එකපාරම නිරාශාට කතා කළා..ඒ සද්දෙට ෂවර් එක යට තුරුල් වෙලා හිටපු දෙන්නා එකපාරම බැලුවා. දෙන්නටම කර කියාගන්න දෙයක් නෑ..

''අරුණ. උඹ පලයන් මෙතනින්...''මම එහෙම කියද්දි අරුණ නිරුවතින්ම එළියට බැහැලා කමරේට ගියා. නිරාශා බයවෙලා මගේ දිහා බලාගෙන හිටියා. මම ළඟට ගිහින් නිරාශාගේ බෙල්ලට පිහිය තියලා ඇද්දා. ඊට පස්සේ මම එයාගේ ලිංගික අවයව වලට ඇනගෙන ඇනගෙන ගියා. ඒ අතරේ මට ඇහුණා ඉස්සරහ දොර ඇරෙනවා...නිරාශාගේ බොඩි එක බාත්රූම් එකේ තියෙද්දි මම සාලෙට ආවා. අරුණ යන්න ගිහින්.... විනාඩි පහොළවකින් විතර මිනිහා ආවේ පොලීසියත් එක්කරගෙන....අරුණගේ කතාව අවසන් වෙන්නේ එතනින්. ඔහු කියන විදිහට, තමන්ට තියෙන එකම පසුතැවීම බිරිඳට කැමති දෙයක් කරගන්න කියලා ඉවත බලාගන්න බැරිවුණානේ කියන එක.ඒ දේ එහෙම වුණත් අවසානයේ සිරගෙදර නතර වුණු අරුණ ජිවිතේට හොඳ පාඩමකුත් එකතු කරගෙන තිබුණා.

“දිය කිඳුරිය සේ සාගරේ…. දෝතින් ගෙන ආ ආදරේ…” – සංජීවත් එක්ක නට නට සින්දු කියූ තිස්සකුට්ටි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ කලුතර හොරණ කාර්යාලය විවෘත කිරිමේ පසුගියදා සිදු වුණා.

එම අවස්ථාවට මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිචි මහතා පැමිණ සිටියා.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නටමින් ගීතයක් ගායනා කල ආකාරය පහතින්,

'විනෝද චාරිකාවක්' යන්න සුදානමින් සිටි 'සඳුනි සුලෝචනා'ගේ මෙතෙක් හෙළි නොවූ 'මරණයේ අභිරහස'! 'නිවුස් වලට කිවුවා එහෙම...'

(ආසන්නතම පුවත, කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා...)

'සඳුනි සුලෝචනා'....

හෙද සේවයේ 'නියුතු' ඈ දාහක් හීන මවාගෙන 'ආවා' වුණත් නොසිතූ මොහොතක 'අවසන්' ගමන් යන්න තරම් 'දෛවය' ඈ වෙත 'නපුරුකම්' කරන්න ගන්නවා.
අවුරුදු 24ක් වුණු 'ඈ' 'නවක පත්වීම්' ලාභීයක් විදිහට කොයි තරම් නම් 'බලාපොරොත්තු' පොදි බැඳන් ඉන්න ඇතිද?

ඒ සැණින් 'ඈ' බිලිගන්න තරම් කුරිරුකම් කළේ කවුරු වෙන්න පුළුවන්ද?

'විනෝද ගමනක්' යන්නත් ඈ 'සුදානමින්' උන් බැව් ඇගේ දෙමව්පියන් සඳහන් කර තිබුණා.

මේ වන තෙක් 'හේතුවක්' හෝ අනාවරණය නොවුණු ඇගේ මරණය, ඈට සමීප බොහෝ දෙනෙක් 'කම්පනයට' පත් කොට තිබෙනවා. (ඒ ගැන සංවේදී සටහන් බොහෝමයකුත් මුහුණු පොතෙන් අපිට හමුවුණා.....)

'ඩැනීගේ අයිතිකාරියයි, තව ගොඩක් අයයි, ඒ වෙලාවේ එතැනට ඇවිල්ලා හිටියා....': ක්‍රීඩක 'ධනිෂ්ක ගුණතිලක', දුඹුරු ළමිස්සිත් එක්කලා, රහසින්ම ඇරඹූ 'ඉනිම' (PHOTOS)

'ධනිෂ්ක ගුණතිලක' පසුගිය සමයේ කතාබහට ලක්වුණේ ඔහු 'ඔස්ට්‍රේලියාවේ' දී ලිංගික චෝදනා එල්ල ව අනතුරුව 'බන්ධනාගාර' ගත කිරීමේ සිද්ධියත් සමඟ යි‍.‍

මෙම සිද්ධියට 'ජාත්‍යන්තර' මාධ්‍යයේ දී සුවිශේෂී අවධානය යොමු වූ අතර, 'නඩු තීන්දුවේ' තොරතුරු මෙන්ම 'ධනිෂ්කගේ පෞද්ගලික' තොරතුරු පවා 'ඩේලි මේල්' වැනි මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතරතුර දී, 'ධනිෂ්ක' හා නඩු කටයුත්තට පැමිණි 'සුදු ජාතික කාන්තාවක'ගේ ඡායාරූපයක් ඒ සමයේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන්නට වුණා.

'ඈ' ධනිෂ්කගේ 'නීතිඥවරිය' බවත්, 'නඩු කටයුත්ත' අතරතුර දී ඔවුන් 'ප්‍රේම සම්බන්ධතාවයක්' ඇරඹි බවත් ඒ සමයේ බොහෝ දෙනෙක් 'සමාජ මාධ්‍ය' තුළ සටහන් කොට තිබුණා.

ඒ නමුත්, සැබැවින්ම 'ඈ' නීතිඥවරියක් හෝ ඒ සම්බන්ධ 'උපදේශන' ලබා දෙන අයෙකු හෝ නොවන බැව්, 'ධනිෂ්ක' වෙනුවෙන් පෙනී සිටි 'නීතිඥයින්' දන්වා තිබුණා.

'නඩු කටයුත්ත' ධනිෂ්ක ජයග්‍රහණය කළ අනතුරුව ඔහු මෙරටට පැමිණියේ ද ඔහුගේ 'හිතවත් සුදු ජාතික කාන්තාව' ද සමඟයි. (ඒ කියන්නෙ 'ඈ' දැන් ඔහුගේ පෙම්වතිය බැව් තහවුරු යි...)

එසේ පැමිණි 'ධනිෂ්ක' පසුගිය දිනෙක 'නවතම ව්‍යාපාරික' කටයුත්තකට ඈ හා සම්බන්ධ වී තිබුණා.

අප කළ විමසා බැලීමකදී තහවුරු වූයේ 'ධනිෂ්ක' ඔහු සතු 'හොටෙල් ව්‍යාපාරය' නැවත වතාවක් 'ආරම්භ' කෙරූ බවයි.

මේ අවස්ථාවට 'ධනිෂ්ක'ගේ පෙම්වතිය මෙන්ම පවුලේ 'සමීපතමයින්' ද එක් ව සිටියා.

ලංකාවේ මෙච්චර ලස්සන නිළියක් දැකලා තියනවද... හැමෝම කථාවුණු ඒ ලස්සන ෆොටෝ ශූට් එක කරපු කෙනා මෙන්න (PHOTOS)

ජනප්‍රිය රංගන ශිලිපිණි රෂිපබා සංදීපනි කිය්ලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂතම නිළියක්. ඉතින් ඇයට ඇගේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරනවා.

අද අපි ඔබට කියන්න යන්නේ. ඇය කරපු ලස්සන වැඩක් ගැන. ඉතින් මේ වැඩේ මේ වෙද්දි ලංකාවේ හැමෝගෙම අවදානයට ලක්වෙලා.

ඉතින් අපි කියන්නේ ඇය කරපු ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් ගැන. කාටූන් චරිතයක් ලෙස හැඩ ගැන්වී ඇය ඒ කළ ෆොටෝ ශූට් එකට නම් මේ වෙද්දි විශාල ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියනවා.

ඇය මෙම ෆොටෝ ශූට් එක කරලා තිබුනේ ඇගේ උපන්දිනය වෙමුවෙන්. ඇගෙ මෙවර උපන්දිනය නම් හරිම ලස්සන වෙන්න ඇති.

ඉතින් ඇගෙ ඒ හැමෝම කතාවුණු ජායාරූප පෙල පහතින් නරඹන්න...

සුඛෝපභෝගී ගෙයක ඉඳලා, සුරූපි තරුණියන්ට 'මාමා' කරපු කැත වැඩේ අතේ මාට්ටු වෙලා!

අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ''මාමා" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ය.

ඒ අනුව ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය ද වටලා තිබෙනවා.

එහිදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනකු සමඟ තවත් තරුණයන් හතර දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මූලික පොලිස් පරීක්ෂණවල දී අණාවරණය වී ඇත්තේ සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබා දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුවන බවයි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් එම නිවස වැඩිදුරටත් සෝදිසි කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කුකුළු පැටවුන් බෙදා දෙයි!

උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් නිදලි කුකුල් පැටවුන් බෙදාදීම වැඩසටහනක් පෙරේදා (27) සවස පැවැත්විණි.

උතුරු මැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන සත්ත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සත්ව නිෂ්පාදන හා සත්‍ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගය ඉහළට!

දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පෙරේදා (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති බවයි.

මේ දිස්ත්‍රික්ක නවයේ සිටින මාස 06 – 09ත් අතර වයසේ පසුවන ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම ජනවාරි 06දා සිදුකිරීමට නියමිත අතර, එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලයේදී ළඟම පිහිටි රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනයෙන් මෙම එන්නත ලබාගත හැකි වේ.

වයස මාස 09ත් 15ත් අතර කුමන හෝ පුද්ගලයෙකුට සරම්ප මාත්‍රාව ලැබී නොමැති නම් ඒ අයටo සරම්ප එන්නත් ලබාදීම ක්‍රියාත්මක කරන බවද මහීපාල මහතා පැවසුවේය.

මීට අමතරව ජනවාරි මාසයේ තෙවැනි සතියේදී නැවතත් මෙවන් වැඩසටහනක් දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තා වීම අවම කර ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන උපදෙස් අනූව කටයුතු කරමින් අප රටේ සරම්ප රෝගීන් අවම තත්ත්වයකට ගෙනඒම බවද අවධාරණය කළේය.

මාස 02ක් පමණ කාලයක් තුළ සරම්ප රෝගීන් වාර්තා වීම මේ නිසා සම්පූර්ණයෙන් නවත්වා ගැනීමට හැකිවනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019දී ලෝක සෞඛ්‍ය සංවිධානය අප රටට සහතිකයක් ලබාදුන් බවද, එම සහතිකය කලාපයේ රටවල් 03කට පමණක් ලබාදුන් අතර එම රටවල් ත්‍රිත්වයෙන් එකක් ලෙස අප රටටද එම සහතිකය හිමිවූ බවද සිහිපත් කළේය.

ලෝකය පුරාම ප්‍රතිශක්තීකරණ වැඩසටහන ශක්තිමත්ම රට ශ්‍රී ලංකාව බවද එය 100%ක් බවද ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

අනේ මගේ රත්තරන්ට ඇයි මෙහෙම කළේ... එයාට සාධාරණයක් නැද්ද? - පෙම්වතාට සාධාරණයක් ඉල්ලා ඇය මහපාරට! (VIDEO)

අනේ මගේ රත්තරන්ට ඇයි මෙහෙම කළේ | එයා වෙනුවෙන් සාධාරණයක් නැද්ද..?  පෙම්වතා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා යහළුවන් එක්ක මහපාරට ආ ඇය

මැතිව්ස් ,කුසල් ,මතීෂ නැති ශ්‍රී ලංකා සංචිතයට කලකට පසු අවිශ්ක ,අකිල එයි!

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින සහ T20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.

නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පළමුවරට නම් කරන ලද සංචිතය ද මෙයයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර මෙම සංචිතය අතර නොසිටින බවද වාර්තා වනවා.

සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ යළි ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිදු හසරංග ද මෙම සංචිතය සඳහා කැඳවා ඇත.

ශ්‍රී ලංකා මූලික සංචිතය

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා ,ජනිත් ලියන්ගේ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, චාමික ගුණසේකර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ

ලැගුම්හලට ගිය අයෙක් මරු තුරුලේ! - කාන්තාව පැන යයි

බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයෑමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයා හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් තිබුනේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා අදාළ කාන්තාව සමඟ පෙරේද (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කිහිපයක් ගතවීමත් සමග එම කාන්තාව කෑගසමින් කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

පසුව ඇය විසින් ලැගුම්හලේ කළමනාකරුට දැනුම්දී ඇත්තේ එම පුද්ගලයා රෝගාතුරු වි ඇති බවයි.

කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහා ක්‍රියාත්මකවී එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය පළාගොස් ඇති අතර පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

‘මිනි කූපර්’ රථය හොරට ලියා­ප­දිංචි කරාට RMV නිල­ධා­රීන් 5කගේ විදෙස් ගමන් තහ­නම්!

‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් ව්‍යාජ දත්ත ඉදි­රි­පත් කර­මින් ලියා­ප­දිංචි කර රජ­යට බදු ආදා­යම් අහිමි කළ සිද්ධි­යට අදාළ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් 5 දෙනකු ඇතුළු හත් දෙන­කුගේ විදෙස් ගමන් තහ­නම් කර ඇති බව අල්ලස් කොමි­සම පව­සයි. 1994 අංක 20 දරන අල්ලස් හෝ දූෂණ සංශෝ­ධන පනත ප්‍රකා­රව මොවුන්ගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ගය නිකුත් කළ බවද එම කොමි­සමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහ­නම් කරනු ලැබ ඇත්තේ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක වැඩ­ස­ට­හන් සම්පා­දක කුකු­ළේ­ගම කංකා­න­ම්ලාගේ රෝහිත සම­ර­වීර එහි සංව­ර්ධන සහ පර්යේ­ෂණ හිටපු කොම­සා­රිස් කළු­දේ­වගේ බන්දුල ජය­සිංහ,

එම දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන සහ­කා­ර­ව­රුන් වන නීතිඥ මුණ­සිංහ ආර­ච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, මුත්තුංග මුදි­ය­න්සේ­ලාගේ කේමන්ත මුත්තුංග, එහි ලිපි­කාරු නෙර­ළුව ගම­ගේ­වත්ත චන්න රෝහිත සහ ව්‍යාපා­රි­ක­යන් වන රන්දි මෝටර් හිමි­කරු දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­රත්න බණ්ඩා සහ ඔහුගේ බෑණ­නු­වන් වන වලි­සු­න්දර මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර වලි­සු­න්දර යන අය­ගේය.
වර්ෂ 2017දී මෙර­ටට ගෙන්වූ ත්‍රිරෝද රථ­යක දත්ත ඉවත් කර ඒ වෙනු­වට 2015දී මෙර­ටට ආන­ය­නය කරන ලද ‘මිනි­කූ­පර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථය ලියා පදිංචි කර රජ­යට අය විය යුතු රුපි­යල් ලක්ෂ විසි­ප­හක බදු මුද­ලක් අහිමි කළ බවට චෝදනා කර­මින් අල්ලස් කොමි­සම මෙම අය­ව­ලුන්ට එරෙ­හිව ඉකුත් 22 වැනි දා කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු­ක­ලේය.

රජ­යට බදු මුදල් වංචා කර­මින් මේ ආකා­ර­යෙන් ව්‍යාජ ලෙසින් ලියා­ප­දිංචි කරන ලද වාහන සංඛ්‍යාව පන්ද­හ­ස­කට ආසන්න බවට හඳු­නා­ගෙන ඇති බවත්, ඉන් සුඛෝ­ප­භෝගී වාහන 200කට අධික සංඛ්‍යා­වක් මේ වන විට හඳු­නා­ගෙන ඇති බවත්, අල්ලස් කොමි­සම පව­සයි. රුපි­යල් බිලි­යන ගණ­නින් රජ­යට බදු ආදා­යම අහිමි කර­මින් සිදු කරන මෙම මහා පරි­මාණ වංචාව සංවි­ධා­නා­ත්මක ආකා­ර­යෙන් සිදු­ක­රන ලද්දක් බවත් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සමේ බුද්ධි අංශ විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම කොමි­සම වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

 නිමන්ති රණ­සිංහ

"ඊයෙ ඔප්පු වුණා වගේ ඔයා හැර වෙන කව්රුත් නැති වුණාට මොකෝ ඉතිං" - මාධවී තැබූ අපූරූ සටහන

මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍ර  හීනටිගල ගැන නිතර දෙවේලේ කතාබහට ලක්වෙනවනේ.

හැමවිටම ඒ දෙන්නගේ ආදරය ගැන එයාලට ආදරය කරන බොහෝ රසික රසිකාවියන් කතාබහ කරනවා.

අසිරිමත් නත්තලේ ඒ දෙන්නාගේ ආදරයත් එක්ක නත්තල සමරපු හැටි අපි ගෙන ආවනේ.

ඉතින් ඉයේ නත්තල සමරලා අද හරි අපූරූ සටහනක් එක් කරලා තිබුනේ මාධවී.

බලන්නකෝ ඒක මොන තරම් ආදරණීයයිද කියලා.

හැමදාම අලුත් වෙන ආදරයත් එක්ක මාධවී මෙන්න මේ වගේ සටහනක් තබා තිබුනා.

ලෝකේ මේ ලෝකේ නුඹ මගේ ආලෝකේ...

සුවඳයි හැම හුස්මක් ගානේ...

මගෙ නත්තල් තෑග්ග..  ඊයෙ ඔප්පු වුනා වගේ ඔයා හැර වෙන කව්රුත් නැති වුනාට මොකෝ ඉතිං මට! 

ජංගම දුරකථනයේ ආරවුලෙන් පාසල් දැරියක් දිවි තොරකර ගනී - මව හඩා වැටෙමින් සියල්ල හෙළි කරයි (VIDEO)

වැලිගම මූලස්ථාන පොලිසිය පවසන්නේ, ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් දුරදිග යාමෙන් පසුව වයස 16 පමණ වන පාසල් දැරියක් දිවි හානි කර ගැනිම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල බවයි.

ඇය නමින් ඩි.කේ සදලී උත්තරා වයස 16 පමණ වන වැලිගම පොලිස් වසමේ මුදුගමුව මල්වතුගොඩ ප්‍රදේශයේ පදිංචි මුහුදුගමුව හේමචන්ද්‍ර ගුණසේකර මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි.

25 දින පියා රැකියාවට ගොස් රාත්‍රි නිවසට පැමිණ තිබිණි එහිදි ජංගම දුරකථනය පිළිබඳ සොයා ඇති අතර එහිදි දියණිය විසින් පවසා ඇත්තේ මව විසින් රැගෙන ගිය බවයි.

පියා විසින් ඒ පිළිබඳ මවට දුරකථන ඇමතුමක් ලබා දී දුරකථනය පිළිබඳව විමසා තිබේ. පසුව ජංගම දුරකථනය දියණියගේ කාමරයේ මේසය මත තිබි පියා විසින් රැගෙන ගේ මැද සාලයේ පොළවේ ගසා තිබූ බව පැවසේ.

ඉන් පසුව දියණිය කාමරයේදි දොර වසාගෙන තිබූ අතර පසුව විපරම් කිරීමේදී දියණිය දිවි හානි කරගෙන තිබූ බව කියයි. මව වන එම් .ජි. කාන්ති ශ්‍රියානි කුලී රැකියාව ලෙස ඉවුමි පිහුම් වැඩ කිරීම සිදුකරන බැවින් නිවසක රැකියාවට ගොස් තිබූ බව සදහන්. ඇය මෙසේ පැවසීය.

“දුව ඉගෙන ගන්න දක්ෂයි ඒ වගේම හරි ලස්සනයි මගේ දුව මේ දේ කරගන්නකොට මම ගෙදර හිටියේ නැහැ අපි කුලියට ඉන්න 14 වෙනි අවුරුද්ද (25 ) දින රාත්‍රි තාත්තා හැන්දෑවේ ගෙදර ඇවිත් ෆෝන් එක හොයලා තියෙනවා ඒ වෙලාවේ දුව ගත්තේ නෑ කියලා කිව්වහම මට කෝල් කරලා ඇහුවා මම ගත්තද කියලා කිව්වා මම ගත්තේ නෑ කියලා පසුව පෝන් එක දුවගේ කාමරේ තිබිලා අරගෙන සාලේ පොළවේ ගහලා විසි කරලා දාලා.

එයාට වැඩක් නැති වැඩක් කරලා තියෙන්නේ මෙහෙම දෙයක් වෙන බව දන්නවනම් මම කියනවා ෆෝන් එක අරගෙන ගියා කියලා තාත්තා ගහනවා මටත් ගහලා තියෙනවා අත පය කඩලා දාලා තියෙනවා, මදාවියෙක් එක්ක තමයි ජීවත් වුණේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් අම්මේ යනවා කියලා කිව්වා නම් මමත් එයත් එක්ක යනවා තාත්තගේ පීඩනය නිසා තමයි මෙහෙම දෙයක් වුණේ මේ දරුවා කවදාවත් පන්ති කොහෙවත් යන්නේ නෑ ගෙදර හිර කරගෙන හිටියේ දරුවෙක් එයා ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ පහුගිය දවස්වල කන්නත් නැතුව හිටියා ඒවට වගකියන්න ඕන මේ පාලකයෝ “

මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවති.

මිතුරන් සමඟ නාන්න ගොස් දිය රකුසාට අකාලයේ දිවි දන් දුන් චමෝද්...

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී ඊයේ (26) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවෙක්.

අදාළ සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නාවලපිටිය පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.

සුනාමි ඛේදවාචකයෙන් අවුරුදු 19කට පසුත් හඳුනා නොගත් පුද්ගලයින් 137කගේ ශරීර කොටස් කරාපිටිය වෙද්‍යපීඨයේ!

සුනාමි  ඛේදවාචකයෙන් මියගිය පසුව හමුවූ අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස් තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කොට ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී  මහාචාර්ය යු.සි.පි. පෙරේරා පවසයි.

මෙකී මළ සිරුරුවලඅස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා බවද විශේෂඥ අධිකරණ  වෛද්‍ය  නිලධාරී වරයා පවසයි.


සුනාමි ඛේදවාචකය වී මාසයක් සහ මාස නමයක් අතර කාලය තුළදී  තෙල් වත්ත සහ පැරැලිය යන ප්‍රදේශවල පිහිටි කඩොලාන  සහ වගුරු බිම් වල තිබී  මෙකී මළ සිරුරුවල  කොටස් හමුවු  බවද හෙතෙම පවසයි.

මළ සිරුරු කොටස් සමග හමු වූ ඇතැම් පුද්ගලයින්ගේ  ඇඳුම් පැළඳුම්.උපැස් යුවලවල  ඉතා සුරක්ෂිතව තවමත් තිබෙන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය

සුනාමි ඛේදවාචකයෙන් පසුමුල් මාස කිහිපය තුළදී මෙම මළ සිරුර අස්ථි කොටස් මියගිය අයගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනයට තබා තිබූ බවද හෙතෙම පවසයි

එහෙත් මෙම මළ සිරුර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු අයෙකුට නොහැකි වී   වු බවද මහාචාර්යවරයා කීවේය.

ලලිත් චාමින්ද

සාලිය අශෝකමාලලාට,රොමියෝ ජුලියට්ලාට ,රාමා සීතලාට මීට පස්සෙ උද්‍යානයේ පෙම් කෙළි බෑ!

කොළඹ විහාරමහාදේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සම්බන්ධයෙන් ගත වූ මාස දෙක තුළදී පමණක් මහජන පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරනවා.

කොළඹ මහනගර සභාව සහ පොලිසිය එක්ව අදාළ සොයා බැලීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එහිදී අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සිටී නම් ඔවුන් එම මොහොතේම පොලිසිය වෙත රැගෙන ගොස් අවවාද කරන බවද සඳහන්.

මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබීමද විශේෂත්වයක්.

උද්‍යානය තුළ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කර ඒ හරහා දැනුවත් කිරීම් සිදු කරන බැවින් ගත වූ මාස දෙකට සාපේක්ෂව පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි සහ සිද්ධි වැඩි වශයෙන් වාර්තා නොවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සංචා­ර­ය­කට ආ රුමේ­නි­යානු යුවළ එර­ටින් රක්ෂණ වන්දි ගන්න ගහපු ගේමක් අතේ පත්තු වෙයි!

හැටන් ප්‍රදේ­ශයේ ප්‍රධාන සංචා­රක හෝට­ල­ය­කට සංචා­රක සේවා සමා­ග­මක් හරහා පැමිණි රුමේ­නි­යානු ජාතික යුව­ළක් එර­ටින් රක්ෂණ මුදල් ලබා ගැනී­මට සිදු කළ කුම­න්ත්‍ර­ණ­යක් හෙළි­ද­රව් කර ගැනී­මට එම සංචා­රක හෝට­ලයේ පාලන අධි­කා­රිය සහ දිඹුල පතන පොලි­සිය සමත් ව ඇත.

දින 8ක සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ ඇති රුමේ­නි­යානු ජාතික සංචා­රක යුවළ 24 –25 දෙදින එම සංචා­රක හෝට­ලයේ නවා­තැන් ගෙන (26) දින මහ­නු­වර ප්‍රදේ­ශයේ සංචා­ර­යක් සඳහා පිටත්ව යාමට සිටින යුව­ළක් බවයි එම සංචා­රක හෝට­ලයේ පාලන අධි­කා­රියේ නිල­ධා­රි­යෙකු කියා සිටියේ.

දෙස් විදෙස් සංචා­ර­ක­යන්ගේ වැඩි ආක­ර්ශ­ණ­යක් ලබා­ගෙන ඇති එම සංචා­රක හෝට­ල­යට (24) දින පැමිණි එම යුවළ හෝට­ලයේ මිලෙන් අධික කාම­ර­යක් වෙන් කර­වා­ගත් බවත්, (24) දින රාත්‍රියේ රුමේ­නි­යානු ජාතික (35) හැවි­රිදි කාන්තාව සම්බා­හ­න­යක් ලබා­ගැ­නී­මට අවශ්‍ය බව පවසා ඇති අතර,

එහිදී එම හෝට­ලයේ පාලන අධි­කාරි විසින් සම්බා­හන අංශයේ සේවය කරන කාන්තා­ව­කගේ සේවය ලබාදී ඇත.

රුමේ­නි­යානු කාන්තාව විසින් හෝට­ලයේ පාලන අධි­කාරි අමතා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ පිරිමි පුද්ග­ල­යෙ­කුගේ සේවා­වක් බවයි.

ඇයගේ ඉල්ලීම අනුව සම්බා­හන අංශයේ සේව­ක­යෙකු සේවාව ලබා­දී­මෙන් අන­තු­රුව එම කාන්තාව සම්බා­හන අංශ­යෙන් පිට­තට පැමිණ ස්නානය කර මද වේලා­ව­කින් පසු හෝට­ලයේ මානව සම්පත් කළ­ම­නා­ක­රණ ඒක­කය වෙත පැමිණ තමන්ට සම්බා­හන සේවය ලබා­දී­මට පැමිණි පුද්ග­ලයා තමන්ට අත­වර කිරී­මට තැත් කළ බව පැව­සී­මෙන් අන­තු­රුව එම හෝට­ලයේ පාලන අධි­කා­රිය විසින් ඒ පිළි­බඳ දිඹුල පතන පොලි­සිය වෙත දැනුම් දී ඇත.

හෝට­ලයේ පාලන අධි­කා­රියේ දැනුම් දීම මත හෝට­ල­යට පැමිණි පොලිස් නිල­ධා­රීන් අත­ව­ර­යට ලක් වුවේ යැයි කියන රුමේ­නි­යානු ජාතික කාන්තා­ව­ගෙන් පැමි­ණිල්ල සට­හන් කර­ගැ­නී­මට යාමේ දී ඇය විසින් මේ සඳහා පැමි­ණි­ල්ලක් අවශ්‍ය නොවන බවත්, එර­ටින් රක්ෂණ මුදල් සහ මෙර­ටට පැමිණි ගුවන් ටික­ට්පත් වල මුදල් ලබා ගැනිම සඳහා මෙරට නීති­ඥ­ය­ව­ර­යෙ­කු­ගෙන් සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලිඛි­තව ලිපි­යක් සහ­තික කර­දෙන ලෙසත් ඉල්ලා ඇත.

තවද තමන් හෝට­ල­යෙන් පිටව යන­තෙක් කිසිදු මුද­ලක් අය නොක­රන ලෙසට හෝට­ලයේ පාලන අධි­කා­රි­යෙන් ඉල්ලී­මක් කර ඇත.

එම ඉල්ලීම සහ නිති­ඥ­ය­ව­ර­යෙ­කුගේ ලිපි­යක් ලබා­දීම හෝටල් පාලන අධි­කා­රිය විසින් ප්‍රති­ක්ෂේප කර ඇති අතර, හෝටල් පාලන අධි­කා­රිය මගින් රුමේ­නි­යානු ජාතික යුවළ වෙත අව­ධා­ර­ණය කර ඇත්තේ එවැනි සිද්ධි­යක් සිදු ව ඇත්නම් ඒ සඳහා මෙරට අනු­ග­ම­නය කළ යුතු ප්‍රධාන සාධය වන්නේ පොලි­සිය වෙත පැමි­ණිලි කිරීම බවයි.

සිද්ධය සම්බ­න්ධ­යෙන් හෝටල් පාලන අධි­කා­රිය මගින් එම රුමේ­නි­යානු ජාතික යුවළ හෝට­ලය වෙත යොමු කර තිබු සංචා­රක සේවා ආය­ත­න­යට දැනුම් දුන් බවයි එම සංචා­රක හෝට­ලයේ උසස් නිල­ධා­රි­යෙකු කියා සිටියේ.

හැටන් රංජිත් රාජ­පක්ෂ

දෙනෝදාහක් බලා සිටියදී, දුම්රිය මාර්ගයෙන් ඇද වැටුණු අම්මෙක් සහ දරුවෝ දෙන්නෙක්! අහම්බෙන් කැමරා ඇස ගැටුණූ කම්පන සහගත වීඩියෝව

දුම්රිය ගමන් ගනිද්දි සිය 'දරුවන්' ආරක්ෂා කළ 'මවක්' ගැන අතිශය කම්පන සහගත පුවතක් 'ඉන්දීය මාධ්‍ය' වාර්තා කරනවා.

ඊයේ දිනයේ 'බිහාර්' හි 'බාර්හ්' දුම්රිය ස්ථානයෙන් මෙම 'සිදුවීම' වාර්තා වී තිබුණා.

'දුම්රිය' මාර්ගයේ 'වකුටු වී' සිය දරුවන් දෙදෙනා ආරක්ෂා කරගත් 'කාන්තාව' අහම්බෙන් මෙන් කැමරා ඇසට ගැටුණු අතර, මේ වන විටත් මෙම වීඩියෝව අන්තර්ජාලය තුළ අතිශය කතාබහට ලක්වනවා.

අතිවිශාල 'සෙනඟක්' මධ්‍යයේ දුම්රියට ගොඩ වන්නට ආ නමුත්, ඒ 'ක්ෂණයෙන්' කාන්තාව දුම්රිය මාර්ගයට ඇද වැටී තිබුණා.

කෙසේ හෝ වේවා, දෙනෝදාහක් බලා සිටියදී දුම්රිය පිටත් වන්නට වූ අතර, කාන්තාව සිය 'ශරීරයෙන්' ළමයින් ආවර‍ණය කෙරූ අයුරු දැකගත හැකිවුණා.

අනතුරුව 'දුම්රිය' පිටත් වූ පසුව වේදිකාවේ රැඳි සිටි කිහිප දෙනෙක් බිමට පැන, 'කාන්තාව' සහ ඇගේ දරුවන් බේරාගෙන තිබුණා.

ඔවුන්ට කිසිදු අනතුරුක් නොමැති නමුත්, 'කම්පනය' නිසා, අසළ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බැව් 'ඉන්දියා ටුඩේ' තොරතුරු වාර්තා කරනවා.

මෙම 'ආශ්චර්යමත්' සිදුවීම මේ වන විටත් බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක්වන්නෙ, එයින් කියා පාන 'මවකගේ ආදරයක මහිමය' ද කියා පාමින්.

'ඉන්දියා ටුඩේ' ඇසුරිනි

යක්කු බැඳලා වැඩ ගන්නවා කියලා, 'මෝල් ගස්' අහසේ පා කරන, 'දේවින්ද ගුරුන්නාන්සෙ'ගේ කෙරුවාව මෙන්න.. 'ළඟදිම ප්‍රසිද්ධ මාධ්‍යයට එනවලූ...

මේ දිනවල සමාජ මාධ්‍යයේ අතිශය 'කතාබහට' ලක්වන 'යක්කු බැඳ' වැඩ ගන්නා 'ගුරුන්වහන්සේ'ගේ වීඩියෝ පට ඔබත් දකින්න ට ඇති. (ඔබ පුදුම වුණා වෙන්නත් පුළුවන්.....)

'යක්කු බැඳ' අදෘෂ‍්‍යමාන ලෙස 'බල පුළුවන්කාරකම්' පෙන්වන (ඒවා මැජික් වෙන්නත් බැරි නෑ....) මේ 'ගුරුන්වහන්සේ' නමින් 'දේවින්ද ගුරුන්නාන්සෙ'... (මේ සියල්ල පළ වෙන්නෙ ඔහුගේ මේ කියන ෆේස්බුක් ගිණුම තුළ යි...)

වතාවක් 'කොසු ඉඳල්' ඉහළ පහළ 'පා කරමින්' අවධානය දිනාගත් ඔහු අනතුරුව 'මෝල් ගසක්' ඉහළ පහළ 'පා කරමින්' නැවත වතාවක් කරළියට පැමිණෙනවා.

'යකුන් බැඳ, පූජාවට වැඩ ගැනීම, හුරු කරවීම' යනාදි 'වදන්' ඇතුළත් ඔහුගේ මේ වීඩියෝ පට 'මිලියන ගණනක' නැරඹුම් වාරවලට හිමිකම් කියූවා සේම, ඒ ගැන බොහෝ පිරිස් අදහස් පළ කොට තිබුණා.

'මේවා ඇත්තද බොරුද කියලා මුලු මහත් සමාජයක්ම බලාගන්න කැමතී..තාම මේවා ඇත්ත කියලා ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරන්න සමත් උන කෙනෙක් නෑ...හැබැයි මේවා බොරුයි කියලා ඕනි තරම් ඔප්පු කරපු අවස්තාවන් තියෙනවා...ඔබතුමා හෝ යම්කිසි වෙනත් අයෙක් නොපෙනෙන බලවේගයක් ඇති බව පිළිගත හැකි සාක්ෂි සහතිව ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරනවනම් තව දුරටත් මේ ශාස්ත්‍රය ගැන මිනිස්සු විශ්වාස කරාවී හදාරන්න ගනීවී එයයි ඇත්තටම මෙම කලාව,ශාස්ත්‍රය ඉදිරියට රැකගෙන යෑමට කල යුත්තේ...ඉතිං ඉක්මනින් ඒ අවස්තාව අපිට දැක බලාගන්න ඔබතුමා ජාතික රෑපවාහිනියේ නොපෙනෙන මානය වැඩ සටහනට සහභාගී වෙන්න..එවිට අපේ හිත්වල තියෙන ප්‍රශ්න වලට පිලිතුරු ලැබේවී....' (ලැබී තිබුණු ප්‍රතිචාරයක්...)

කොහොම වුණත්, 'ගුරුන්වහන්සේ' සඳහන් කර තිබුණේ, 'රූප මාධ්‍ය' ඔස්සෙ 'පෙළහැර' පෑමට අවස්ථාව ඉල්ලූ නමුත් 'අවස්ථාවක්' නොලැබුණු බවයි.

'නොපෙනෙන මානයට (රූපවාහිනි වැඩසටහනට) හය වතාවක් අවස්ථාව ඉල්ලුවත් එය නොදෙයි. ඒත් ළඟදීම දිනක් ප්‍රසිද්ධ මාධ්‍යයට ඒමට වැඩ සළසා ඇත...'

'දේවින්ද ගුරුන්වහන්සේ'ගේ මෙකී 'විස්මකර්ම' ගැන සමාජ මාධ්‍ය තුළ ද විවිධ 'මතිමතාන්දර' පවතින් බැව් රහසක් නෙවේ. ඇතැම් පිරිසකට අනුව 'උන්වහන්සේ' මහා හාස්කම් පෙන්වන 'රාවණා' පරපුරේ අයෙක් ය. තවත් පිරිසකට අනුව, 'උන්වහන්සේ' මේ සිදු කරන්නෙ 'ජිල්මාට්' වැඩක් ය.

මේ අතර, 'දේවින්ද ගුරුන්වහන්සේ'ගේ 'යටගියාව' ගැන කියමින් 'ලංකාඊ නිවුස්' හි මාධ්‍යවේදී 'කීර්ති රත්නායක' ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණා.

'කීර්ති රත්නායක' සඳහන් කරන්නෙ 'දේවින්ද ගුරුන්වහන්සේ' නමින් පෙනී සිටින මෙම 'පුද්ගලයා', මින් ඉහත ද 'එඩිට් කරන' ලද ඡායාරූප පෙන්වමින් 'අවඥාව'ට ලක් වූ අයෙක් බවයි.

'කොරෝනා' සමයේ 'ඖෂධයක්' සොයා ගත් බැව් කියමින් 'මිනිසුන්' ඇන්ඳ වීමට ද ඔහු ක්‍රියා කෙරූ බව එහි සඳහන්.

සම්පූර්ණ සටහන පහතින් බලන්න..




'රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ ලෙස පෙනී සිටින අයෙකුගේ වීඩියෝවක් මේ දිනවල බුකියේ හිට් වී ඇත. තමන්ට යකුන් බැඳ පිටි කෙටිය හැකි බව දේවින්ද ගුරා එම වීඩියෝවෙන් කියා සිටියි මොහු මීට කලින්ද මේ ආකාරයේ edited වීඩියෝ, චායා රූප පෙන්වා අවඥාවට ලක් වූ අයෙකි.'

'මොහු මුලින්ම මහාපරිමාන ලෙස මිනිසුන් ඇන්ඳ වූයේ කොරෝනාවට ඖෂධයක් සොයා ගත්තා යයි පවසමිනි. බයියන්ගේ නාඩිය දත් රිටිගල හොර ගුරා ---- නාලිකාවේ ප්‍රධානියා ගොනාට අන්දවා එහි සේවකයන්ට කොරෝනා බේත අලෙවි කළේය. කෙසේවුවද සුමානයක් යාමට මත්තේන් --- නාලිකාවේ බාගයකට වඩා කොරෝනා වැළදුණි.'

'ඒ සමගම රිටිගල ඖෂධයද කෑගල්ලේ ධම්මික පැනිය මෙන් ප්‍රෝඩාවක් බව පසක් විය. තවද රිටිගල කොරෝනා බෙහෙත හදන්නේ උකුසු බිත්තර වලින් යයි පැවසීම නිසා නිසා මොහු අපරාධ වරදකට කො‍ටු වී තිබුණි. එනම් සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව කැඳලි වලින් උකුසු බිත්තර ඉවත් කිරීම අපරාධ වරදක් විය.'

'කොරෝනා ඖෂධ නාටකය බැක් ෆයර් වීමත් සමග අතුරුදහන් වූ මේ තක්කඩියා යලි මතුවූයේ මෙම වීඩියෝව සමගිනි. ලොව භයානකම දේ තක්කඩි මිනිසුන්ගේ තක්කඩිකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඩතාවයයි. ඒ නිසා රිටිගල හොර වෙදා අමතන්න, දුරකතන අංකය පහත දක්වා ඇත!' (කීර්ති රත්නායකගේ ෆේස්බුක් සටහනක්...)

“පිරිමි කියන්නෙම තිරිසන්නු.. මගේ ලස්සන හනිමූන් එක කැත කරපු ඒ මිනිහට කවදාවත් සමාවක් නම් නෑ..” – යුවතියකගේ කඳුළු කතාවක තවමත් නොවිසඳුනු අභිරහස

ලංකාවේ තියෙන සංස්කෘතික බැමිත් එක්කලා, මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එක එක විදිහට හිතන්න. සමහර අම්මලාට වුවමනා පුතාව හොඳම කෙනාට, බන්ඳලා දෙන්න නෙවෙයි, “පිරිසිදුම” කෙනාට බන්ඳලා දෙන්න..

ඒ අය ඒකට කියන්නෙ “සුදු රෙද්දේ පැල්ලම” කියලයි… මේ කියන පිරිමි බොහෝම මේ ලංකාව ඇතුළේ ඉන්නවා. මේ කියන අම්මලාත් මේ ලංකාව ඇතුළේ ඉන්නවා…

“පිරිමි කියනනෙ තිරිසන්නු… මට එච්චරයි කියන්න තියෙන්නෙ. මම ඇත්තටම හිතුවේ කසාදේ තමා මේ ලෝකේ ලස්සනම දේ කියලා. හනිමුන් එක තමා ලොකුම පරිත්‍යාගය කියලා.. ඒත් මගේ මිනිහා හෙවුවේ සුදු රෙද්දෙ රතු පැල්ලමක්.. ඌට වුවමනා වුණේ මගේ පිරිසිදුකම දැනගන්න..”

“මම ඒ වගක් දැනන් හිටියේ නෑ. ඌ කවදාවත් පෙන්නුවෙත් නෑ. ඒත් මොකද්දෝ අවාසනාවකට මට මගේ පිරිසිදුකම ඌ ඉදිරියේ පෙන්වන්න බැරිවුණා. ඇත්තම කතාව මම පිරිසිදුයි.. මම මිනිහෙක් එක්ක ඉඳලත් නැතුව ‌මට මගේ පිරිසිදුකම පෙන්වන්න බැරිවුණා. දෙයියනේ…!! මම ගැහුණා..”

“මම එයාට දිවුරුවා මම වෙන කෙනෙක් එක්ක හිටියේ නෑ කියලා. ඒත් එයා විශ්වාස කළේම නැහැ. මට කරන්න පුළුවන් වුණේ අම්මට කෝල් කරලා අඬන එක විතරයි.. අම්මලා තමයි මේ උපාසක බමුණව හොයලා දුන්නෙ. මම බෑ කියද්දි මගේ කරේ ගැහුවේ..”

“ඒත් අන්තිමට ඌ තිරිසනෙක් කියලා ඌ විසින් ඔප්පු කරලා පෙන්නුවා.. මම එදාම හැමදේම දාලා ගෙදර ආවා. දවස් ගාණක් එක දිගට ඇඬුවා. කසාදේ කටු ගෑවා..”

“දැන් නම් හිත හදාගෙන ඉන්නෙ. මට පණ වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඇත්තටම දැන් මම සතුටින් ඉන්නෙ. ඒත් අවුරුදු ගාණක් ගත වෙලත් මට ඒ දවස් මතක් වෙනවා. එතකොට ගොඩක් දුක හිතෙනවා. මේ ලෝකෙ කිසිම කෙල්ලෙක් ඒ වගේ අසරණ වෙන්න එපා”

“අහන්නකෝ වස්තුව.. මට ඔයාව ඕනි.. ඔයා හෙට එනවද මම අරන් දුන්න නිල් පාට – – එක ඇඳන්.. ආ… තව බඩ්ඩක්…” – අනියම් පෙමක පැටලුණු වරදට දුන්නු අමානුෂික දඬුවම

මිනිස්සු ආදරේ ගැන කියන්න ගන්නෙ ඒක පූජනීය හැඟීමක් කියලා. අනිත් දේ මේ ලෝකෙ නැතුවම බැරි වස්තුව ඒක වග කියලා. හැබැයි ඒ ආදරේම වියරුවක් වෙන තැන්, හිරිහැරයක් වෙන තැන් එනවා.. ඒක ඛේදයක්…. මොකද්ද එහෙම වෙන්න හේතුව…?

තමන් ජීවිතේම කරගත්ත කෙනෙක් පිටගම් යනවා බලන්න කවුද කැමති..? ඒකත් තමන් එක්ක නිදි යහන පවා බෙදාගන්න කෙනෙක් එහෙම පිටුපානකොට දැනෙන දුක මහාමෙරක්..

මේ සිද්ධිය වුණේ බදුල්ල පළාතේ. ලොකු කතාවක් නෙවෙයි, හැබැයි පොලිස් පොතෙත් ලියවුණු කතාවක්.. වියරු ප්‍රේමයක් ගැන ලොකු ඛේදාන්තයක්..

මේ එක පුද්ගලයෙකුගේ පාපොච්චාරණයක්..

“මට නෙහා හම්බෙන්නෙ හපුතලේ දී. අහම්බෙන් බිස්නස් වැඩකට හම්බුණේ. ඒ දවස්වල නෙහාට මිනිහෙක් හිටියා. මිනිහා හෙන දඩාර සයිස් පොරක්. නාහෙට අහන්නෙ නැති එකෙක්. අවුල් චරිතයක්. ගමේ එවුනුත් වැඩි කැමැත්තක් නෑ මිනිහට. ඉතින් නෙහා වැඩි කාලයක් හිටියේ නෑ මිනිහා එක්ක. මාත් එක්කම බදුලු ආවා..”

“කෙටියෙන් කිව්වොත් පැනලා තමයි ආවේ. පස්සෙ අපි කාලයක් සතුටින් හිටියා. මම ජොබ් එක කළේ බදුල්ල ටවුන් එකේ. ගෑනි ගෙදර.. ඒක අපි කුලියට ගත්ත ගෙයක්.. නෙහා ගොඩක් ලස්සනයි.. ඒ කියන්නෙ තනිකරම ඉටිරූපේ. ඒ නිසා මම පාරේ එක්කන් ගියත් කට්ටිය බලනවා. සෙක්සි ඉතින්…”

“ඕක ඉතින් මටත් ටිකක් ආඩම්බරයි. මොකද ගමටම හිටපු ලස්සන ගෑනිනේ. ඒ වගේම තමයි ගෑනිගේ වෙච්චූරන වලට වියදම් එහෙමත් වැඩී මට.. ඔහොම ගිහින් තමයි ගෑනි මටත් හොරෙන් ගමේ පොඩි එකෙක් එක්ක මඟුල් නටන්න ගත්තේ. ඔය පොඩි එකා මගේ හොඳ ගෝලයෙක්. ඌ එක එක වැඩවලට ගෙදර ඇවිත් අපේ එකී එක්ක
හාද වෙලා..”

“මුන් දෙන්නා ෆේස්බුක් එකෙත් චැට් කරලා. ඔහොම ගිහින් මට ටිකක් සැක හිතුණා. මම ගෑනිට හොරෙන් ගෑනිගේ ෆෝන් එක බැලුවා. වැඩේ මාට්ටු… මුන් දෙන්නා මට හොරෙන් ගේම ගහන්නේ.. කොටින්ම මූ රූම් ගානෙත් අරන් ගිහින්.. මුන් දෙන්නට අරුම පුදුම ආසාවල් තිබිලා තියෙන්නේ.

‘අහන්නකෝ වස්තුව.. මට ඔයාව ඕනි.. ඔයා හෙට එනවද මම අරන් දුන්න නිල් පාට නයිටි එක ඇඳන්.. ආ… තව බඩ්ඩක්.. අපි දෙන්නා හවස ෆිල්ම් එකක් බලන්නත් යමු. අද අයියා රෑ වෙනවනේ..’ ඔන්න ඔහොම මැසේජ් ගොඩක් තිබ්බා..”

“මං ඒ වෙලාවේ තමයි ගෑනිව ගෙන්නලා ප්‍රශ්න කළේ. අන්තිමට ගෑනිට පිළිගන්න වුණා. මම ගෑනිට ගැහුවා. ලේ පෙරෙන්න ගැහුවා. අන්තිම ගෑනි වැඳ වැටුණා. ඒත්.. මම අතෑරියේ නෑ. ගමේ එවුනුත් කලබල වෙලා ආවා. ගෑනිව හොස්පිට්ල් අරන් ගියා… ලොකු අමාරුවක් නැල්ලූ. දතක් කඩලා ගිහිල්ලලූ. මම මේ පොලිසියට ආවේ භාරවෙන්න සර්…”

“සර් මගේ ඔය ෆොටෝ බලලා සතුටු වෙන්න දැනට.. හැබැයි සර් මතක තියාගන්න, සර්ව චාටර් කරලා, ටියුෂන් නොකරන තැනට නොගෙනාවොත් මගේ නම ජානු නෙවෙයි..” – ලංකාවම දන්න ටියුෂන් සර්ට කෙල්ලෙක් ලියපු ලියුම මෙන්න

ඉගෙන ගන්න ලොකු තැනකට යන්න ජීවිතේ දිනන්න කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් දකින හීන.. ගොඩක් වෙලාවට ඒලෙවල් පන්තියේ උන් මේ හීනෙට සෑහෙන ආසයි.. උන් ඒක සතුටින් විඳින්නෙ ඒකයි..!! කොයිම තැනකදී හරි තමන්ගේ හීනේ අතරින්න එයාලා කැමති නෑ.. ඇත්තටම එයාලට වුවමනාවක් නෑ…

ලංකාවේ ටියුෂන් ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා. එතනින් ගොඩක් ගුරවරු ළමයින්ට ශිල්ප පුරාණය කරද්ද එතනින් එහාට ගිය ගුරුවරු තමන්ගේ සීමාව අමතක කරනවා.. තමන්ගේ පන්තියට එන ලස්සන දැරිවියෝ ඩැහැ ගන්නවා..

එතැන වරද කාගෙද ? කියන්න තේරෙන්නෙ නැතිකොට සමහර දැරිවියෝ ලෝකෙට බයෙන් නිහඬ වෙනවා.

මේ ඒ විදිහට නිහඬ වුණු කෙල්ලෙක්ගේ ඇත්තම ඇත්ත කතාවක්..

“සර් මගේ නම ජානු.. සර් මාව දන්නවා ඇති. මගේ ඇඟේ හැම ළප කැළලක්ම සර් දන්නවා ඇති. අඳුරනවා ඇති. මේ දැනුත් සර් ඒවා බල බල සතුටු වෙනවා ඇති. සර්ට වුවමනා වුණෙත් එච්චරයි කියලා මම දන්නවා. සර් ගැන මට තිබුණේ ආකර්ශනයක්. මම පිළිගන්නවා. හැබැයි මම පස්සෙ සර්ට පිස්සුවෙන් ආදරේ කළා..”

“සර් මට කියපුවා මතකද ? සර් දික්කසාද වෙනවා කිව්වා, වයිෆ්ට වඩා මගේ ආදරේ දැනෙනවා කිව්වා. මම කොච්චර සතුටු වුණාද කියලා සර් දන්නෙ නෑ. සර්ගේ ටියුට්වල ලොකුවට තියෙන සර්ගේ ෆොටෝ එක කොච්චර ඉඹලා ඇද්ද ? කොච්චර තුරුලු කරන් ඇද්ද ? ඒ මම සර්ට ආදරේ කරපු නිසා..”

“සර් මාව රූම් ඇදපු හැම දවසේම වැඩේ ඉවරවෙලා නළලා ඉඹලා පොරොන්දු වුණා මාව බඳින්න. මගේ ෆොටෝ අරගෙන වීඩියෝ කරද්දිත් මම සර් මගේ කෙනා නිසා හිතුවේ නෑ.. ඒ තරම්ම මම සර්ව විශ්වාස කළා. ඒත් එකපාරම සර් වෙනස් වුණා. මාව මඟඇරියා. මාව ක්ලාස් එකේදිත් ගණන් ගත්තෙ නෑ.. මම කොච්චර ගත්තත් ෆෝන් එක ඉස්සුවේ නෑ..”

“පස්සෙ සර් එවපු එකම එක මැසේජ් එකේ තිබ්බෙ සර්ව අමතක කරන්න කියලයි. මම හිතුවා සර් වයිෆ් වෙනුවෙන් ඒ තීරණේ ගන්න ඇති කියලා. මං එක අතකින් සතුටු වුණා. ඒත් ඇත්ත දැනගත්තෙ පස්සෙ.. සර් ට තවත් අලුත් ගොදුරක් හම්බෙලා. මම දැක්කා සර් නිලූඅක්කා එක්ක කාර් එකේ යනවා එනවා. පන්තියේ ළමයිනුත් කසුකුසු ගානවා..

ඒ කියන්නෙ සර් මාව යූස් කළා විතරයි. ඒක මට දැන් තේරෙනවා. හැබැයි සර් හිතන්න එපා, මගේ ෆොටෝ වීඩියෝ තිබ්බ පළියට මම කට පියන් ඉඳී කියලා. මැරෙන්න මොහොතක් තියලා හරි මම සර්ට පාඩමක් උගන්නනවා. මතක තියාගන්න සර්, සර්ව චාටර් කරලා, ටියුෂන් නොකරන තැනට නොගෙනාවොත් මගේ නම ජානු නෙවෙයි..

“පරිස්සමින් ඉන්න සර්.. හම්බෙන හැම ගොදුරක්ම ආසාවෙන් අතගාන්න..”

එයා තනියම නත්තල් සමරපු හැටි... - (PHOTOS)

ශලනි තාරකා කියන්නේ ලංකාවේ ඉන්න සුන්දරත්වයෙන් ඉහලම නිළියක්.

ඉතින් හැමදාම ලස්සන වෙන ශලනිගේ හරි අපූරූ ඡායාරූප ටිකක් මේ වෙන කොට ෆේස්බුක් එකේ හුවමාරු වෙනවා.

ඉතින් බලන්නකො එයා තනියම නත්තල් සමරපු හැටි...