gossip lanka

ලැගුම්හලට ගිය අයෙක් මරු තුරුලේ! - කාන්තාව පැන යයි

බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයෑමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයා හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් තිබුනේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා අදාළ කාන්තාව සමඟ පෙරේද (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කිහිපයක් ගතවීමත් සමග එම කාන්තාව කෑගසමින් කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

පසුව ඇය විසින් ලැගුම්හලේ කළමනාකරුට දැනුම්දී ඇත්තේ එම පුද්ගලයා රෝගාතුරු වි ඇති බවයි.

කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහා ක්‍රියාත්මකවී එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය පළාගොස් ඇති අතර පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
gossip lanka