gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මිනි කූපර්’ රථය හොරට ලියා­ප­දිංචි කරාට RMV නිල­ධා­රීන් 5කගේ විදෙස් ගමන් තහ­නම්!

‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් ව්‍යාජ දත්ත ඉදි­රි­පත් කර­මින් ලියා­ප­දිංචි කර රජ­යට බදු ආදා­යම් අහිමි කළ සිද්ධි­යට අදාළ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් 5 දෙනකු ඇතුළු හත් දෙන­කුගේ විදෙස් ගමන් තහ­නම් කර ඇති බව අල්ලස් කොමි­සම පව­සයි. 1994 අංක 20 දරන අල්ලස් හෝ දූෂණ සංශෝ­ධන පනත ප්‍රකා­රව මොවුන්ගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ගය නිකුත් කළ බවද එම කොමි­සමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහ­නම් කරනු ලැබ ඇත්තේ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක වැඩ­ස­ට­හන් සම්පා­දක කුකු­ළේ­ගම කංකා­න­ම්ලාගේ රෝහිත සම­ර­වීර එහි සංව­ර්ධන සහ පර්යේ­ෂණ හිටපු කොම­සා­රිස් කළු­දේ­වගේ බන්දුල ජය­සිංහ,

එම දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන සහ­කා­ර­ව­රුන් වන නීතිඥ මුණ­සිංහ ආර­ච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, මුත්තුංග මුදි­ය­න්සේ­ලාගේ කේමන්ත මුත්තුංග, එහි ලිපි­කාරු නෙර­ළුව ගම­ගේ­වත්ත චන්න රෝහිත සහ ව්‍යාපා­රි­ක­යන් වන රන්දි මෝටර් හිමි­කරු දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­රත්න බණ්ඩා සහ ඔහුගේ බෑණ­නු­වන් වන වලි­සු­න්දර මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර වලි­සු­න්දර යන අය­ගේය.
වර්ෂ 2017දී මෙර­ටට ගෙන්වූ ත්‍රිරෝද රථ­යක දත්ත ඉවත් කර ඒ වෙනු­වට 2015දී මෙර­ටට ආන­ය­නය කරන ලද ‘මිනි­කූ­පර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථය ලියා පදිංචි කර රජ­යට අය විය යුතු රුපි­යල් ලක්ෂ විසි­ප­හක බදු මුද­ලක් අහිමි කළ බවට චෝදනා කර­මින් අල්ලස් කොමි­සම මෙම අය­ව­ලුන්ට එරෙ­හිව ඉකුත් 22 වැනි දා කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු­ක­ලේය.

රජ­යට බදු මුදල් වංචා කර­මින් මේ ආකා­ර­යෙන් ව්‍යාජ ලෙසින් ලියා­ප­දිංචි කරන ලද වාහන සංඛ්‍යාව පන්ද­හ­ස­කට ආසන්න බවට හඳු­නා­ගෙන ඇති බවත්, ඉන් සුඛෝ­ප­භෝගී වාහන 200කට අධික සංඛ්‍යා­වක් මේ වන විට හඳු­නා­ගෙන ඇති බවත්, අල්ලස් කොමි­සම පව­සයි. රුපි­යල් බිලි­යන ගණ­නින් රජ­යට බදු ආදා­යම අහිමි කර­මින් සිදු කරන මෙම මහා පරි­මාණ වංචාව සංවි­ධා­නා­ත්මක ආකා­ර­යෙන් සිදු­ක­රන ලද්දක් බවත් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සමේ බුද්ධි අංශ විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම කොමි­සම වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

 නිමන්ති රණ­සිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka