gossip lanka

සුඛෝපභෝගී ගෙයක ඉඳලා, සුරූපි තරුණියන්ට 'මාමා' කරපු කැත වැඩේ අතේ මාට්ටු වෙලා!

අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ''මාමා" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ය.

ඒ අනුව ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය ද වටලා තිබෙනවා.

එහිදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනකු සමඟ තවත් තරුණයන් හතර දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මූලික පොලිස් පරීක්ෂණවල දී අණාවරණය වී ඇත්තේ සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබා දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුවන බවයි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් එම නිවස වැඩිදුරටත් සෝදිසි කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත.
gossip lanka