gossip lanka

'ඩැනීගේ අයිතිකාරියයි, තව ගොඩක් අයයි, ඒ වෙලාවේ එතැනට ඇවිල්ලා හිටියා....': ක්‍රීඩක 'ධනිෂ්ක ගුණතිලක', දුඹුරු ළමිස්සිත් එක්කලා, රහසින්ම ඇරඹූ 'ඉනිම' (PHOTOS)

'ධනිෂ්ක ගුණතිලක' පසුගිය සමයේ කතාබහට ලක්වුණේ ඔහු 'ඔස්ට්‍රේලියාවේ' දී ලිංගික චෝදනා එල්ල ව අනතුරුව 'බන්ධනාගාර' ගත කිරීමේ සිද්ධියත් සමඟ යි‍.‍

මෙම සිද්ධියට 'ජාත්‍යන්තර' මාධ්‍යයේ දී සුවිශේෂී අවධානය යොමු වූ අතර, 'නඩු තීන්දුවේ' තොරතුරු මෙන්ම 'ධනිෂ්කගේ පෞද්ගලික' තොරතුරු පවා 'ඩේලි මේල්' වැනි මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතරතුර දී, 'ධනිෂ්ක' හා නඩු කටයුත්තට පැමිණි 'සුදු ජාතික කාන්තාවක'ගේ ඡායාරූපයක් ඒ සමයේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන්නට වුණා.

'ඈ' ධනිෂ්කගේ 'නීතිඥවරිය' බවත්, 'නඩු කටයුත්ත' අතරතුර දී ඔවුන් 'ප්‍රේම සම්බන්ධතාවයක්' ඇරඹි බවත් ඒ සමයේ බොහෝ දෙනෙක් 'සමාජ මාධ්‍ය' තුළ සටහන් කොට තිබුණා.

ඒ නමුත්, සැබැවින්ම 'ඈ' නීතිඥවරියක් හෝ ඒ සම්බන්ධ 'උපදේශන' ලබා දෙන අයෙකු හෝ නොවන බැව්, 'ධනිෂ්ක' වෙනුවෙන් පෙනී සිටි 'නීතිඥයින්' දන්වා තිබුණා.

'නඩු කටයුත්ත' ධනිෂ්ක ජයග්‍රහණය කළ අනතුරුව ඔහු මෙරටට පැමිණියේ ද ඔහුගේ 'හිතවත් සුදු ජාතික කාන්තාව' ද සමඟයි. (ඒ කියන්නෙ 'ඈ' දැන් ඔහුගේ පෙම්වතිය බැව් තහවුරු යි...)

එසේ පැමිණි 'ධනිෂ්ක' පසුගිය දිනෙක 'නවතම ව්‍යාපාරික' කටයුත්තකට ඈ හා සම්බන්ධ වී තිබුණා.

අප කළ විමසා බැලීමකදී තහවුරු වූයේ 'ධනිෂ්ක' ඔහු සතු 'හොටෙල් ව්‍යාපාරය' නැවත වතාවක් 'ආරම්භ' කෙරූ බවයි.

මේ අවස්ථාවට 'ධනිෂ්ක'ගේ පෙම්වතිය මෙන්ම පවුලේ 'සමීපතමයින්' ද එක් ව සිටියා.
gossip lanka