gossip lanka

සාලිය අශෝකමාලලාට,රොමියෝ ජුලියට්ලාට ,රාමා සීතලාට මීට පස්සෙ උද්‍යානයේ පෙම් කෙළි බෑ!

කොළඹ විහාරමහාදේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සම්බන්ධයෙන් ගත වූ මාස දෙක තුළදී පමණක් මහජන පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරනවා.

කොළඹ මහනගර සභාව සහ පොලිසිය එක්ව අදාළ සොයා බැලීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එහිදී අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සිටී නම් ඔවුන් එම මොහොතේම පොලිසිය වෙත රැගෙන ගොස් අවවාද කරන බවද සඳහන්.

මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබීමද විශේෂත්වයක්.

උද්‍යානය තුළ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කර ඒ හරහා දැනුවත් කිරීම් සිදු කරන බැවින් ගත වූ මාස දෙකට සාපේක්ෂව පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි සහ සිද්ධි වැඩි වශයෙන් වාර්තා නොවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
gossip lanka