gossip lanka

සංචා­ර­ය­කට ආ රුමේ­නි­යානු යුවළ එර­ටින් රක්ෂණ වන්දි ගන්න ගහපු ගේමක් අතේ පත්තු වෙයි!

හැටන් ප්‍රදේ­ශයේ ප්‍රධාන සංචා­රක හෝට­ල­ය­කට සංචා­රක සේවා සමා­ග­මක් හරහා පැමිණි රුමේ­නි­යානු ජාතික යුව­ළක් එර­ටින් රක්ෂණ මුදල් ලබා ගැනී­මට සිදු කළ කුම­න්ත්‍ර­ණ­යක් හෙළි­ද­රව් කර ගැනී­මට එම සංචා­රක හෝට­ලයේ පාලන අධි­කා­රිය සහ දිඹුල පතන පොලි­සිය සමත් ව ඇත.

දින 8ක සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ ඇති රුමේ­නි­යානු ජාතික සංචා­රක යුවළ 24 –25 දෙදින එම සංචා­රක හෝට­ලයේ නවා­තැන් ගෙන (26) දින මහ­නු­වර ප්‍රදේ­ශයේ සංචා­ර­යක් සඳහා පිටත්ව යාමට සිටින යුව­ළක් බවයි එම සංචා­රක හෝට­ලයේ පාලන අධි­කා­රියේ නිල­ධා­රි­යෙකු කියා සිටියේ.

දෙස් විදෙස් සංචා­ර­ක­යන්ගේ වැඩි ආක­ර්ශ­ණ­යක් ලබා­ගෙන ඇති එම සංචා­රක හෝට­ල­යට (24) දින පැමිණි එම යුවළ හෝට­ලයේ මිලෙන් අධික කාම­ර­යක් වෙන් කර­වා­ගත් බවත්, (24) දින රාත්‍රියේ රුමේ­නි­යානු ජාතික (35) හැවි­රිදි කාන්තාව සම්බා­හ­න­යක් ලබා­ගැ­නී­මට අවශ්‍ය බව පවසා ඇති අතර,

එහිදී එම හෝට­ලයේ පාලන අධි­කාරි විසින් සම්බා­හන අංශයේ සේවය කරන කාන්තා­ව­කගේ සේවය ලබාදී ඇත.

රුමේ­නි­යානු කාන්තාව විසින් හෝට­ලයේ පාලන අධි­කාරි අමතා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ පිරිමි පුද්ග­ල­යෙ­කුගේ සේවා­වක් බවයි.

ඇයගේ ඉල්ලීම අනුව සම්බා­හන අංශයේ සේව­ක­යෙකු සේවාව ලබා­දී­මෙන් අන­තු­රුව එම කාන්තාව සම්බා­හන අංශ­යෙන් පිට­තට පැමිණ ස්නානය කර මද වේලා­ව­කින් පසු හෝට­ලයේ මානව සම්පත් කළ­ම­නා­ක­රණ ඒක­කය වෙත පැමිණ තමන්ට සම්බා­හන සේවය ලබා­දී­මට පැමිණි පුද්ග­ලයා තමන්ට අත­වර කිරී­මට තැත් කළ බව පැව­සී­මෙන් අන­තු­රුව එම හෝට­ලයේ පාලන අධි­කා­රිය විසින් ඒ පිළි­බඳ දිඹුල පතන පොලි­සිය වෙත දැනුම් දී ඇත.

හෝට­ලයේ පාලන අධි­කා­රියේ දැනුම් දීම මත හෝට­ල­යට පැමිණි පොලිස් නිල­ධා­රීන් අත­ව­ර­යට ලක් වුවේ යැයි කියන රුමේ­නි­යානු ජාතික කාන්තා­ව­ගෙන් පැමි­ණිල්ල සට­හන් කර­ගැ­නී­මට යාමේ දී ඇය විසින් මේ සඳහා පැමි­ණි­ල්ලක් අවශ්‍ය නොවන බවත්, එර­ටින් රක්ෂණ මුදල් සහ මෙර­ටට පැමිණි ගුවන් ටික­ට්පත් වල මුදල් ලබා ගැනිම සඳහා මෙරට නීති­ඥ­ය­ව­ර­යෙ­කු­ගෙන් සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලිඛි­තව ලිපි­යක් සහ­තික කර­දෙන ලෙසත් ඉල්ලා ඇත.

තවද තමන් හෝට­ල­යෙන් පිටව යන­තෙක් කිසිදු මුද­ලක් අය නොක­රන ලෙසට හෝට­ලයේ පාලන අධි­කා­රි­යෙන් ඉල්ලී­මක් කර ඇත.

එම ඉල්ලීම සහ නිති­ඥ­ය­ව­ර­යෙ­කුගේ ලිපි­යක් ලබා­දීම හෝටල් පාලන අධි­කා­රිය විසින් ප්‍රති­ක්ෂේප කර ඇති අතර, හෝටල් පාලන අධි­කා­රිය මගින් රුමේ­නි­යානු ජාතික යුවළ වෙත අව­ධා­ර­ණය කර ඇත්තේ එවැනි සිද්ධි­යක් සිදු ව ඇත්නම් ඒ සඳහා මෙරට අනු­ග­ම­නය කළ යුතු ප්‍රධාන සාධය වන්නේ පොලි­සිය වෙත පැමි­ණිලි කිරීම බවයි.

සිද්ධය සම්බ­න්ධ­යෙන් හෝටල් පාලන අධි­කා­රිය මගින් එම රුමේ­නි­යානු ජාතික යුවළ හෝට­ලය වෙත යොමු කර තිබු සංචා­රක සේවා ආය­ත­න­යට දැනුම් දුන් බවයි එම සංචා­රක හෝට­ලයේ උසස් නිල­ධා­රි­යෙකු කියා සිටියේ.

හැටන් රංජිත් රාජ­පක්ෂ
gossip lanka