gossip lanka

දෙනෝදාහක් බලා සිටියදී, දුම්රිය මාර්ගයෙන් ඇද වැටුණු අම්මෙක් සහ දරුවෝ දෙන්නෙක්! අහම්බෙන් කැමරා ඇස ගැටුණූ කම්පන සහගත වීඩියෝව

දුම්රිය ගමන් ගනිද්දි සිය 'දරුවන්' ආරක්ෂා කළ 'මවක්' ගැන අතිශය කම්පන සහගත පුවතක් 'ඉන්දීය මාධ්‍ය' වාර්තා කරනවා.

ඊයේ දිනයේ 'බිහාර්' හි 'බාර්හ්' දුම්රිය ස්ථානයෙන් මෙම 'සිදුවීම' වාර්තා වී තිබුණා.

'දුම්රිය' මාර්ගයේ 'වකුටු වී' සිය දරුවන් දෙදෙනා ආරක්ෂා කරගත් 'කාන්තාව' අහම්බෙන් මෙන් කැමරා ඇසට ගැටුණු අතර, මේ වන විටත් මෙම වීඩියෝව අන්තර්ජාලය තුළ අතිශය කතාබහට ලක්වනවා.

අතිවිශාල 'සෙනඟක්' මධ්‍යයේ දුම්රියට ගොඩ වන්නට ආ නමුත්, ඒ 'ක්ෂණයෙන්' කාන්තාව දුම්රිය මාර්ගයට ඇද වැටී තිබුණා.

කෙසේ හෝ වේවා, දෙනෝදාහක් බලා සිටියදී දුම්රිය පිටත් වන්නට වූ අතර, කාන්තාව සිය 'ශරීරයෙන්' ළමයින් ආවර‍ණය කෙරූ අයුරු දැකගත හැකිවුණා.

අනතුරුව 'දුම්රිය' පිටත් වූ පසුව වේදිකාවේ රැඳි සිටි කිහිප දෙනෙක් බිමට පැන, 'කාන්තාව' සහ ඇගේ දරුවන් බේරාගෙන තිබුණා.

ඔවුන්ට කිසිදු අනතුරුක් නොමැති නමුත්, 'කම්පනය' නිසා, අසළ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බැව් 'ඉන්දියා ටුඩේ' තොරතුරු වාර්තා කරනවා.

මෙම 'ආශ්චර්යමත්' සිදුවීම මේ වන විටත් බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක්වන්නෙ, එයින් කියා පාන 'මවකගේ ආදරයක මහිමය' ද කියා පාමින්.

'ඉන්දියා ටුඩේ' ඇසුරිනි
gossip lanka