gossip lanka

යක්කු බැඳලා වැඩ ගන්නවා කියලා, 'මෝල් ගස්' අහසේ පා කරන, 'දේවින්ද ගුරුන්නාන්සෙ'ගේ කෙරුවාව මෙන්න.. 'ළඟදිම ප්‍රසිද්ධ මාධ්‍යයට එනවලූ...

මේ දිනවල සමාජ මාධ්‍යයේ අතිශය 'කතාබහට' ලක්වන 'යක්කු බැඳ' වැඩ ගන්නා 'ගුරුන්වහන්සේ'ගේ වීඩියෝ පට ඔබත් දකින්න ට ඇති. (ඔබ පුදුම වුණා වෙන්නත් පුළුවන්.....)

'යක්කු බැඳ' අදෘෂ‍්‍යමාන ලෙස 'බල පුළුවන්කාරකම්' පෙන්වන (ඒවා මැජික් වෙන්නත් බැරි නෑ....) මේ 'ගුරුන්වහන්සේ' නමින් 'දේවින්ද ගුරුන්නාන්සෙ'... (මේ සියල්ල පළ වෙන්නෙ ඔහුගේ මේ කියන ෆේස්බුක් ගිණුම තුළ යි...)

වතාවක් 'කොසු ඉඳල්' ඉහළ පහළ 'පා කරමින්' අවධානය දිනාගත් ඔහු අනතුරුව 'මෝල් ගසක්' ඉහළ පහළ 'පා කරමින්' නැවත වතාවක් කරළියට පැමිණෙනවා.

'යකුන් බැඳ, පූජාවට වැඩ ගැනීම, හුරු කරවීම' යනාදි 'වදන්' ඇතුළත් ඔහුගේ මේ වීඩියෝ පට 'මිලියන ගණනක' නැරඹුම් වාරවලට හිමිකම් කියූවා සේම, ඒ ගැන බොහෝ පිරිස් අදහස් පළ කොට තිබුණා.

'මේවා ඇත්තද බොරුද කියලා මුලු මහත් සමාජයක්ම බලාගන්න කැමතී..තාම මේවා ඇත්ත කියලා ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරන්න සමත් උන කෙනෙක් නෑ...හැබැයි මේවා බොරුයි කියලා ඕනි තරම් ඔප්පු කරපු අවස්තාවන් තියෙනවා...ඔබතුමා හෝ යම්කිසි වෙනත් අයෙක් නොපෙනෙන බලවේගයක් ඇති බව පිළිගත හැකි සාක්ෂි සහතිව ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරනවනම් තව දුරටත් මේ ශාස්ත්‍රය ගැන මිනිස්සු විශ්වාස කරාවී හදාරන්න ගනීවී එයයි ඇත්තටම මෙම කලාව,ශාස්ත්‍රය ඉදිරියට රැකගෙන යෑමට කල යුත්තේ...ඉතිං ඉක්මනින් ඒ අවස්තාව අපිට දැක බලාගන්න ඔබතුමා ජාතික රෑපවාහිනියේ නොපෙනෙන මානය වැඩ සටහනට සහභාගී වෙන්න..එවිට අපේ හිත්වල තියෙන ප්‍රශ්න වලට පිලිතුරු ලැබේවී....' (ලැබී තිබුණු ප්‍රතිචාරයක්...)

කොහොම වුණත්, 'ගුරුන්වහන්සේ' සඳහන් කර තිබුණේ, 'රූප මාධ්‍ය' ඔස්සෙ 'පෙළහැර' පෑමට අවස්ථාව ඉල්ලූ නමුත් 'අවස්ථාවක්' නොලැබුණු බවයි.

'නොපෙනෙන මානයට (රූපවාහිනි වැඩසටහනට) හය වතාවක් අවස්ථාව ඉල්ලුවත් එය නොදෙයි. ඒත් ළඟදීම දිනක් ප්‍රසිද්ධ මාධ්‍යයට ඒමට වැඩ සළසා ඇත...'

'දේවින්ද ගුරුන්වහන්සේ'ගේ මෙකී 'විස්මකර්ම' ගැන සමාජ මාධ්‍ය තුළ ද විවිධ 'මතිමතාන්දර' පවතින් බැව් රහසක් නෙවේ. ඇතැම් පිරිසකට අනුව 'උන්වහන්සේ' මහා හාස්කම් පෙන්වන 'රාවණා' පරපුරේ අයෙක් ය. තවත් පිරිසකට අනුව, 'උන්වහන්සේ' මේ සිදු කරන්නෙ 'ජිල්මාට්' වැඩක් ය.

මේ අතර, 'දේවින්ද ගුරුන්වහන්සේ'ගේ 'යටගියාව' ගැන කියමින් 'ලංකාඊ නිවුස්' හි මාධ්‍යවේදී 'කීර්ති රත්නායක' ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණා.

'කීර්ති රත්නායක' සඳහන් කරන්නෙ 'දේවින්ද ගුරුන්වහන්සේ' නමින් පෙනී සිටින මෙම 'පුද්ගලයා', මින් ඉහත ද 'එඩිට් කරන' ලද ඡායාරූප පෙන්වමින් 'අවඥාව'ට ලක් වූ අයෙක් බවයි.

'කොරෝනා' සමයේ 'ඖෂධයක්' සොයා ගත් බැව් කියමින් 'මිනිසුන්' ඇන්ඳ වීමට ද ඔහු ක්‍රියා කෙරූ බව එහි සඳහන්.

සම්පූර්ණ සටහන පහතින් බලන්න..




'රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ ලෙස පෙනී සිටින අයෙකුගේ වීඩියෝවක් මේ දිනවල බුකියේ හිට් වී ඇත. තමන්ට යකුන් බැඳ පිටි කෙටිය හැකි බව දේවින්ද ගුරා එම වීඩියෝවෙන් කියා සිටියි මොහු මීට කලින්ද මේ ආකාරයේ edited වීඩියෝ, චායා රූප පෙන්වා අවඥාවට ලක් වූ අයෙකි.'

'මොහු මුලින්ම මහාපරිමාන ලෙස මිනිසුන් ඇන්ඳ වූයේ කොරෝනාවට ඖෂධයක් සොයා ගත්තා යයි පවසමිනි. බයියන්ගේ නාඩිය දත් රිටිගල හොර ගුරා ---- නාලිකාවේ ප්‍රධානියා ගොනාට අන්දවා එහි සේවකයන්ට කොරෝනා බේත අලෙවි කළේය. කෙසේවුවද සුමානයක් යාමට මත්තේන් --- නාලිකාවේ බාගයකට වඩා කොරෝනා වැළදුණි.'

'ඒ සමගම රිටිගල ඖෂධයද කෑගල්ලේ ධම්මික පැනිය මෙන් ප්‍රෝඩාවක් බව පසක් විය. තවද රිටිගල කොරෝනා බෙහෙත හදන්නේ උකුසු බිත්තර වලින් යයි පැවසීම නිසා නිසා මොහු අපරාධ වරදකට කො‍ටු වී තිබුණි. එනම් සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව කැඳලි වලින් උකුසු බිත්තර ඉවත් කිරීම අපරාධ වරදක් විය.'

'කොරෝනා ඖෂධ නාටකය බැක් ෆයර් වීමත් සමග අතුරුදහන් වූ මේ තක්කඩියා යලි මතුවූයේ මෙම වීඩියෝව සමගිනි. ලොව භයානකම දේ තක්කඩි මිනිසුන්ගේ තක්කඩිකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඩතාවයයි. ඒ නිසා රිටිගල හොර වෙදා අමතන්න, දුරකතන අංකය පහත දක්වා ඇත!' (කීර්ති රත්නායකගේ ෆේස්බුක් සටහනක්...)
gossip lanka