gossip lanka

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

ජනවාරි මාසයේ මුල් සතියේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර,කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ,චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

T20 කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලකයි.

මෙම ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව සඳහන්.
gossip lanka