gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිරිමි දරුවන් දෙන්නෙක් එක්ක ගුරුවරයෙක් ලැගුම්හලක - වොලිබෝල් වලට එක්කගෙන යනවා කියලා ගිහින් තියෙන්නේ (VIDEO)

එප්පාවල නගරයේ ලැඟුම්හලක පිරිමි ළමුන් දෙදෙනකු සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ගල්නෑව අධ්‍යාපන කලාපයේ පාසලක සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපනය (ක්‍රීඩා ගුරුවරයා) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයෙකි.

මෙම ගුරුවරයා පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු සමඟ මෙලෙස එප්පාවල නගරයේ නවාතැන් පොලක සැකකටයුතු ලෙස රැදී සිටිම හේතුවෙන් පොලිස් අත්අඩංගුව ගෙන ඇත.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පසුගිය 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙනො රැගෙන යන බවට එම දරුවන්ගේ මවුපියන්ට දැනුම් දී , දරුවන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන පැමිණ ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.


මගී ප්‍රවාහන බස් රථයකින් මෙම ගුරුවරයා හා ළමුන් පැමිණ ඇති අතර ,එම වොලිබෝල් පුහුණුවීම නොපැවැත්වෙන බැවින් එප්පාවල නගරයෙන් බැස නවාතැන් පොළට 27 වැනි දින පැමිණ ඇත.

එප්පාවල පොලීසිය මගින් 28 වැනි දින හදිසියේ නවාතැන්පළ පරික්ෂාවක් සිදු කර ඇති අතර එහිදී මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දරුවන් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පාසල් දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවට අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

දරුවන්ගේ මවුවරුන් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් කියා සිටියේ ගුරුවරයා දරුවන් එප්පාවල නගරයේ නවාතැන් පළක රඳවා ගන්නා බව තමන්ට නොදැනවූ බවයි.

අත්අඩංගුවට ගත් 51 හැවිදිරි ක්‍රීඩා ගුරුවරයා බාල වයස්කාර දරුවන් දෙදෙනකු නීත්‍යාණූකූල භාරකාරීත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ ඊයේ (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වීඩියෝ දර්ශන පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka