gossip lanka

ගුරුවරියකගේ සහ සිසුවකුගේ ප්‍රී ශූට් එකක් නිසා සමාජ ජාලා කැළඹෙයි

ගුරුවරියක් සහ ඇගේ සිසුවෙකු සමඟ සිටින ඡායාරූප කිහිපයක් නිසා සමාජ මාධ්‍ය දැඩි කැළඹීමකට ලක්ව තිබෙනවා.

Deccan Herald පුවත්පතට අනුව, මෙම ඡායාරූප ගත කිරීම අධ්‍යයන චාරිකාවක් අතරතුර සිදුවී ඇති අතර මෙම ගුරුවරිය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මුරුගමල්ල රජයේ උසස් පාසලේ අයෙකු බව සඳහන්.

මේ අතර සිසුවා 10 වසරේ ඉගෙනුම ලබන අයෙකු වනවා.

ඡායාරූපවල දැක්වෙන්නේ ගුරුවරිය සිසුවියව බදාගෙන සිප ගන්නා ආකාරය වන අතර ඔහු ඇයව එක් ඡායාරූපයක පවා ඔසවාගෙන සිටින ආකාරයද දකින්නට හැකියාවක් තිබෙනවා.

කෙසේ නමුත් මෙම ගුරුවරිය පවසා ඇත්තේ ඔහු සහ ඇය අතර ඇත්තේ මවකගේ සහ පුතකුගේ ආකාරයේ සම්බන්ධයක් බවටයි.මෙම ඡායාරූප ගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ තවත් සිසුවකු බවට සඳහන්.

කෙසේ නමුත් ප්‍රාන්ත බලධාරීන් මෙම ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
gossip lanka