gossip lanka

Exclusive - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන අලුත්ම තරුව මෙන්න: සුද්දෙක් කළ රාජකාරියක් අපේ එකෙක්ට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව අභ්‍යාසක (Trainer) ලෙස ඩිල්ෂාන් ෆොන්සේකා නම් කර ඇතැයි වාර්තා වනවා.

එළැඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසකවරයා ලෙස කටයුතු කළේ ග්‍රාන්ට් ලූඩන්ය.

අසාර්ථක ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරුවලින් ඉවත්වූ අතර, ඒ වෙනුවට ඩිල්ෂාන් ෆොන්සේකා එම තනතුරට නම්කර තිබෙනවා.

ඩිල්ෂාන් ෆොන්සේකා මීට පෙරද ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කර තිබෙන අතර, දශකයකට ආසන්න කාලයක් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ රාගම ක්‍රිකට් සමාජයේ අභ්‍යාසක ලෙස කටයුතු කරමින් අත්දැකීම් රැසක් ඇති පුහුනුකරුවෙකි.

ජාතික කණ්ඩායමේ තනතුරුවලට පත්වීමට පෙර ෆොන්සේකා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කර ඇත.
gossip lanka