අමන්දාගේ සරාගී ඡායාරූප එකතුව සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.

නිරූපණයෙන් සරාගී රූරටා මවන චරිතයක් තමයි අමන්දා කියන්නේ.

අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් එක්කනේ.

ඉතින් ඒ දෙන්නට විවාහයෙන් පස්සෙත් ලස්සන ලස්සන ඡායාරූප අපිට එයාලගේ සමාජ මාධ්‍යවලින් දැක ගන්න පුළුවන් වුණා.

දැන් ඇය බිරිඳක්.

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.

අමන්දා සිල්වා සිය සැමියා සමඟ සිදු කළ ජායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

බොරැල්ලෙන් මතුවූ රාවණා තම නිල රථය ලෙස සුදු අශ්වයකු තෝරාගනී – සැඟවුණු දසුන් මෙන්න (VIDEO)

කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා.

ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති වෙනවා.

සමාජ මාධ්‍ය වල එක එක්කෙනා එක එක දේවල් කියනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

මේ වෙනකොට සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් හුවමාරු වෙනවා.

ඒ ඔහුගේ නිල රථය ලෙස සුදු අශ්වයකු තෝරා ගැනීමේ වීඩියෝවක්.

එම වීඩියෝව පහතින්,

"අනේ එයාට සිහිය නැති වුණා.. ටිකක් ඇවිල්ලා බලන්න පුළුවන්ද..?" හෝටල් කාමරයක මියගිය 23 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක්!

මේ තවත් එක් අභිරහස් මරණයක්..

අගක් මුලක් සොයාගන්න බැරි වුණ මේ කතාව ගැන බොහෝ දෙනාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..

අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා..

මෙලස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්..

ඊයේ සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා...

මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා..

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ..

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා..

"ඩොක්ටර් එකපාරම දොර වහලා ඇවිත්,මගේ ඔඩොක්කුවට වෙලා අඬන්න ගත්තා... ඊළඟට.." - වෛද්‍යවරයෙක් ගැන නර්ස් නෝනා කෙනෙක් කියන හිතාගන්න බැරි කතාවක්!

ඔහු ලංකාවේ එක්තරා රෝහලක වෛද්‍යවරයෙක්.. ඇය නර්ස් කෙනෙක්.

මොකද්ද එතකොට මේ කතාව ?

"මම සාමාන්‍යයෙන් ගොඩක් මිත්‍රශිලි කෙනෙක්. හැමෝම එක්ක ෆිට් එකේ ඉන්නවා. ඉතින් ඩොක්ටර් අවිනාත්.තමයි ගොඩක්ම මට කිට්ටු.. මම එයාට මගේ හැමදේම කියනවා.

ඒ දවස්වල මගේ ලවු එක බ්‍රේකප් වෙලා මම සෑඩ් මූඩ් හිටියේ. ඉතින් ඩොක්ටට මම සේරම කියනවා.."

"ඒ අස්සෙ ඩොක්ටත් මට දුක කියනවා. එයාගේ ෆැමිලි ප්‍රොබ්ලම්..මමත් ඉතින් අහන් ඉන්නවා. මෙයා පස්සෙ මට නිතරම කෝල් කරන්න ගත්තා. මැසේජ් දාන්න ගත්තා.

එයාගේ ඩිස්පැන්සරි එකක් තිබ්බ. ඕකට එහෙම ගෙන්න ගන්නවා. වැරදි දේකට නෙවෙයි. එතැන කවුරුත් නැති වුණාම හෙල්ප් එකට.."

දවසක් මට ප්‍රයිවට් වැඩක් කියලා ඩොක්ටර් නුගේගොඩ එන්න කිව්වා.. එයා මාව ලොකු ගෙදරක් ඇතුළට එක්කන් ගියා.

මට එහෙම අමුත්තක් දැණුනේ නෑ.. පස්සෙ ගෙදර උඩ තට්ටුවට ගියා අපි. එතැන රූම් එකකට ඩොක්ටර් ඇතුළු වුණා.

ඒ රූම් එකේ කවුරුත් හිටියේ නෑ ! මම ඇහුවා පේශන් කෝ කියලා. ඩොක්ටර් එකපාරම දොර වහලා ඇවිත්, මගේ ඔඩොක්කුවට වෙලා අඬන්න ගත්තා. ඊළඟට එයා හෙන දිග කතාවක් කිව්වා.."

"එයා ගොඩක් ලිංගිකව දුබල කෙනෙක්ලූ. ඒ නිසා වයිෆ් කැමති නැල්ලූ. වයිෆ් පිට යනවලූ. ඔහොම කිය කිය වැළපුණා. මා එක්ක පිස්සුවෙන් ආදරේ කරන්න ඕනි කිව්වා,සෙක්ස් කරන්න ඕනි කිව්වා. ඒත් මම කිව්වා හැඟීමක් නැතුව මට එහෙම කරන්න බෑ කියලා. දුක ඇහුවත්, බෙදාගත්තත්ඒ වගේ දේකට පෙළඹීමක් කරන්න මට බෑ කියලා.

මම පැහැදිළිව කිව්වා. පස්සෙ මෙයා පැත්තකට වුණා..." 

"මම සොරි ඩොක්ටර් කියලා එතැනින් ආවා. පස්සෙ දවස් ගාණක්ම මට මැසේජ් කර කර වද දුන්නා. කෝල් කර කර එක එක කියවන්න ගත්තා.ඒත් මම අයින් වෙලා හිටියා. බැරිම තැන එයාගේ වයිෆ්වහම්බුණේ. දන්නවද වයිෆ් කියපු එක..?

මෙයා ඔය බොරුව කිය කිය ගොඩක් නර්ස්ලාව ඩොක්ටර්ස්ලව ළං කරගන්නවලූ... ඒ අය එක්ක තැනින් තැන ගිහින් විනෝද වෙනවලූ..."

"ඔන්න ඔය වගේ අයත් මේ වෘත්තියේ ඉන්නවා. මම හොඳ වෙලාවට බේරුණේ.."

"දෙයියනේ...උසස් පෙළ පන්ති ගිය පුතා නිවසේ මෙහෙකාරිය එක්ක ලැගුම්හලක..." - අන්තිමට වුණ දේ මෙන්න

නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කරන 35 හැවිරිදි කාන්තාවක් සමග උසස් පෙළ සිසුවෙකු ලිංගිකව හැසිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම මෙහෙකාරිය මීට වසරකට පමණ පෙර අදාල නිවසේ සේවය කිරීමට පැමිණ ඇති අතර එම නිවසේ දෙමාපියන් විධායක ශ්‍රේණියේ කොළඹ ප්‍රදේශ පුද්ගලික අංශයේ සේවයේ නිරත වන අය වනවා.

මෙහෙකාරිය සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන් වුන අයෙක්.

පාසල් සිසුවා ජංගම දුරකථනයෙන් නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූවෙක් වන අතර මෙහෙකාරිය නිවසේ සේවය කිරීමට පැමිණ සති කිහිපයකට පසුව දිනක් තරුණයා ඇය නාන අයුරු හොර රහසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇත.

අනතුරුව එම වීඩියෝව ඇයට පෙන්වා ඇති අතර තරුණයා එය මකා දැමීමට නම් තමන්ගේ ලිංගික ආශාවන්ට අවස්ථාව දෙන ලෙසට ඉල්ලා තිබෙනවා.

එය ප්‍රතික්ෂේප කරමින් සිටි මෙහෙකාරියට තමන් ආදරය කරන බව පවසා මුසා බස් දොඩවමින් මාස කිහිපයක් කල් ගත කර ඇති අතර අනතුරුව ඇය තරුණයාට කැමැත්ත පල කිරීමෙන් පසුව දෙදෙනා ලිංගික සබදතා නිරන්තරව පවත්වා තිබෙනවා.

පසුගිය දිනෙක රාජකාරියට ගිය තරුණයාගේ පියා අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසට පැමිණෙන විට සිය පුතා නිවසේ මෙහෙකාරිය සමග නිදියහනේ ලිංගික එක්ව සිටින අයුරු දැක කෝපයට පත්ව දෙදෙනාටම පහරදී ඇත.

අනතුරුව මේ පිළිබදව කිසිවකුටත් ප්‍රකාශ කළහොත් පොලීසි යන බව පියා මෙහෙකාරියට තර්ජනය කර මුදල් ද නොගෙවා නිවසින් පිටමං කර තිබෙන අතර ඉන් නොනැවතුණ තරුණයා මෙහෙකාරිය සමග ලැගුම්හල් වලට ද ගොස් ඇති අතර, එය දුටු ප්‍රදේශවාසියෙක් තරුණයාගේ නිවසට දැනුම් දී තිබෙනවා.

රනිල්ට සහාය නොදුන්නොත් මාව මරනවා කිව්වා... සජිත් එක්ක එකතු වූ පොහොට්ටුවේ වසන්ත යාපා රහස් හෙළිකිරීම අරඹයි! රාජපක්ෂලා කරපු වැඩ ගැනත් එකින් එක කියයි (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්තා යාපා බණ්ඩාර මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කළද ඔහුද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසී මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඇතැම් මුග්ධ තීරණ සහ සිදුකළ අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් වූ තමන්වද යොදාගත් බවත් තවදුරටත් එසේ මුලා වීමට නොහැකි වීම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් රාජපක්ෂ පාලනයට එරෙහිව සටනක් ආරම්භ කර ඇති බවත් වරෙක රාජපක්ෂලා බිත්තියට හේත්තු කිරීමට තමන් ඇතුළු පිරිසට හැකිවූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

ප්‍රපාතයට වැටෙන්න ගිය බස් රථය කන්දක හප්පා ජීවිත 50ක් බේරාගත් ලංගම රියැදුරා!

නාවලපිටිය දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් 09 වැනිදා මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් 9 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසයි. 

පාසල් සිසුන් තිදෙනකු,මගීන් පස් දෙනකු සහ බස් රථයේ රියදුරා මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත. නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදීමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කරගෙන ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මීටර් 300 ක පමණ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරැළීම වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව පොලිසිය කියයි.බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදී නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරින් එම බස් රථය යළිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති බස් රථයක් බව නාවලපිටිය ඩිපෝවේ නිලධාරියෙක් පැවැසීය.

"මටත් සමතැන ඕනේ..." සමතැන ඉල්ලූ බිරිඳව පොල් කඩන්න ගහට යවලා... අන්තිමට වුණ දේ මෙන්න

පිරිමින් හා සමාන අයිතයක් තමන්ටද ලැබිය යුතු බවට තර්ක කළ බිරිඳව පොල් කැඩීම සඳහා ගහට නැංවීමට උත්සාහ කළ තරුණයෙකු පිළිබඳව  වාර්තා වෙනවා.

ඒ කෑගල්ලට නුදුරු ගම්මානයකින්.අදාළ තරුණ කාන්තාව තවත් කතුන් පිරිසක් හා එක්ව මෑතක සිට සමිතියක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් නිතරම පාහේ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඇය විසින් සැමියාටද වරින්වර මේ පිළිබඳව පැහැදිලි කිරීමට ගොස් තිබෙනවා.

පසුගිය දිනයකදීද මෙවැන්නක් සිදුව ඇති අතර,”පිරිමින් හා සමානයි”නම් තමන් වෙනුවට ගසට නැඟ පොල් කඩන ලෙස ඔහු බිරිඳට පවසා ඇයව ඔසවාගෙන ගොස් ගසේ මඟක් දුර නංවා තිබෙනවා.

එහෙත් ඇගේ කෑ ගැසීම ඇසුනු අසල්වැසි නිවසේ අය පැමිණ සමථයකට පත් කොට තිබෙනවා.

කෝටි 06ක් ලොතරැයියක් දිනපු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20 ක ලොතරැයියක් ඇදෙයි!

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙන්.

ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.

වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් වාර්තා වනවා.

මැදවච්චිය පොලිසියේ හය දෙනෙක් වෘෂණකෝෂයක් අයින් කරන්නම තරුණයෙකුට පහර දීලා!

මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනකු තමාගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයක් කළ බව දිලීෂ සංගීත් නමැති අය පවසනවා. එම ශල්‍යකර්මයෙන් තමන්ගේ වෘෂණකෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බවයි ඔහු කියන්නේ.

මෙලෙස මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් පහර කෑමට ලක්ව තිබූ දිලීෂ සංගීත් මැදවච්චිය, තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි දිලීෂ සංගීත් 23 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ පියාද පොලිසියේ සැරයන්වරයෙක් වීම විශේෂයක්.

“පහුගිය හත්වෙනිද බට්ටා ලොරිය හදාගෙන, මමයි යාළුවායි එන කොට ට්‍රැපික් පොලිස් දෙන්නෙක් පාරේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි එතැන පසු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවයි එළියට ඇදලාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා වාහනයට දාලා ගැහුවා. අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසියේ ත්‍රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලුවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත බව කිව්වා. ඒ වෙලාවේ මම ඒ මහත්තයලට කිවුවා මට ගොඩක් අමාරුයි, ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා. ඊට පස්සේ අරන් ගියාම, දොස්තර මහත්තයා බලලා කිවුවා ගොඩක් අමාරුයි අනුරාධපුරට ගෙනියන්න කියලා. පස්සෙ අනුරාධපුර ඉස්පිරිතාලෙන් ස්කෑන් එකක් කරලා කිව්වා මගේ වෘෂණකෝෂවලට ලේ බැහැලා කියලා ඔපරේෂන් එකක් කළා. අපිට ගහපු හේතුවක් අපි දන්නේ නෑ. ඒ ට්‍රැෆික්ලා අපිට නතර කරන්න කිව්වලු. අපි ඒක දැක්කෙ නෑ. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. දැන් මගේ බෙල්ල, කොන්ඳ, යටිබඩ තද වේදනාවක් දැනෙනවා” යි මැදවච්චිය පොලිස් පහර කෑමට ලක්ව ශල්‍යකර්මයකට බඳුන්ව සිටින දිලීෂ සංගීත් පවසනවා.

දිලීෂ සංගීත් මව වන කේ.පී. ප්‍රියදර්ශනී පවසන්නේ “පුතා තව යාළුවෙක් එක්ක වාහනය හදාගෙන එන්න මැදවච්චියට ගියා, එතකොට පොලිසිය අත දාලා තියෙනවා, පුතාලා දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා, වාහනෙන් එළියට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙනවා. ඊට පස්සේ මැදවච්චියෙන් අනුරාධපුර රෝහලට අරන් ඇවිල්ලා දැන් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා මගේ පුතාගේ වෘෂණකෝෂයක් අයින් කරල. අනේ දෙයියනේ මගේ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද?

පුතා රට යන්න පාස්පෝර්ට් හදලා කොරියන් කෝස් එක කරගෙන උන්නේ.

මේ සිද්ධිය ගැන අපි උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළා. මම මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්, පොලිස්පතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා වරදක් කරල නෑ” යනුවෙන්.

මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙලෙස පහර දීමක් සිදු නොකළ බවයි.

“මේ සිද්ධිය පසුගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැදවච්චිය, මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය අසල අපේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් රාජකාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථයකට නතර කරන්න සංඥා කරලා. ඒත් ලොරිය අණ නොතකා ධාවනය කරනවා. ඒ අවස්ථාවෙ දී පොලිස් ත්‍රිරෝද රථයක සිටි නිලධාරීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසුපස ලුහුබඳිනවා. කිලෝ මීටර් නවයක් විතර දුර යනවා. එක නිලධාරියෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙනවා. ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරුපාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ලගන්නවා. පස්සේ රියැදුරා කලහකාරි ලෙස හැසිරිලා තිබෙනවා.

මේ රියැදුරා බීමත්ව රිය ධාවනය කර තිබෙනවා. රිය සහායක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා ලොරියෙ යන කොට. රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය, අණ නොතකා රිය ධාවනය සම්බන්ධයෙන් මේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබුණා. රය සහායකයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියැදුරා පොලිසියට ඇතුළත් කළාම වෘෂණකෝෂය ඉදිමිලා කියලා කියනවා. අපි ඊට පස්සේ රෝහල්ගත කරනවා. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතා යටතේ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනා දැනට වෙනත් පොලිසි දෙකකට මාරු කර යවා තිබෙනවා” යි ඔහු පවසනවා.

"එයා මහ රෑ ඇහැරලා ඒ කවරේ අරන් මැද සාලේට ගියා... ඒ කරපු දේ මට ‍හරි පිළිකුල් මල්ලී"

මේක තවත් කතාව...

"සල්ලි බාගෙ තිබුනා කියලා මිනිස්සුන්ගෙ අඩුපාඩු සල්ලි වලින් වහගන්න බෑ මල්ලි.මම කසාද බැන්ඳේ හීන ගොඩාක් තියාගෙන.දරුවෙකුත් හදාගෙන මිනිහටත් වැරැද්දක් නොකර ලස්සනට ජීවත් වෙන්න.ඒවා හීන විතර‍යි.

මායි සුමිතුයි කසාද බැඳලා මුල් මාස දෙක තුන යසට ගෙවිලා ගියා.එයාගෙ පේන්න තරම් වැරැද්දක් තිබුනේ නැහැ.අපි දෙන්නට ආශ්‍රය කරන්න තරම් කාලයක් තිබුනෙත් නැහැ.මොකද ගෙදරින් කතා කරපු එකක් නිසා මම ඒකට කැමති වුනේ.නිදී ඇඳේදිත් එයා වැඩිය ක්‍රියාශීලීකමක් නැහැ.මමත් එහෙම ලොකු දෙයක් එයාගෙන් බලාපොරොත්තු වුනේ නැහැ.මොකද මහත්තයෙක් ඉන්නවා කියන එකෙන් මම හිත පුරවගෙන හිටියේ.දවසක් එයා වැඩට ගියහම මම වෙනදා වගේ ගේ අස්පස් කරන්න පටන් ගත්තා...එහෙම අස්පස් කර කර ඉද්දි එයාගෙ ඇඳුම් තියෙන අල්මාරිය ඇරියා.

පරණ කලිසනුයි අලුත් කලිසනුයි ඔක්කොම එකට.මම ඒ ටික නව නවා පිළිවෙලට තියද්දි පොඩි ටියුලිප් කවරයක් හම්බුනා.ඒක දිග අරිද්දි ඒකේ තිබුනේ ගෑනුන්ගෙ යට ඇඳුම්....අලුත් ඒවා නෙවෙයි ඔක්කොම පරන ඒවා...මගෙ මුළු ඇඟම පන නැතුව ගියා.මට මුකුත්ම හිතාගන්න බැරි වුනා.ඇයි එයා ඒ පරන යට ඇඳුම් තියාගෙන ඉන්නේ.පස්සෙ මමම හිත හදාගත්තා නැන්දම්මට බැරි වෙලා ගෙනහල්ලා තිව්වද කියලවත්.පස්සේ ඒ ටික එතනම තියෙන්න ඇරියා.දවසක් රෑ අපි දෙන්නා නිදාගන්න ඇඳට ගියා,ටික වෙලාවකින් මට දැනුනා සුමිත් නැගිටිනවා...ඒ එක්කම හිමීට අර යට ඇඳුම් තිබුන අල්මාරියේ දොර ඇරෙනවා.මම සද්ද නැතුව හිටියා...මටත් දැන් සැකයි..එයා හිමීට යට ඇඳුම් තිබුන කවරේ අරං එකින් එක තේරුවා...

එතනින් එකක් අරං කාමරෙන් එලියට ගියා...මමත් හිමීට ඇඳෙන් නැගිටලා එයා ගිය පැත්තට ගියා...මම යද්දි දැක්ක දෙයින් මට සුමිත් ගැන ආවේ මාර පිළිකුලක්.ඒ අරං ගිය යට ඇඳුම ඉඹින ගමන් ස්ව්‍යං වින්දනයේ යෙදෙනවා...එයා ඒ වැඩේ ඉවර කරලා එන්න හදනකොටම මම එයාගෙ ඉස්සරහට ගියා.මොකද මට මාවම පාලනය කරගන්න බැරි වුනා.මාව දැක්ක ගමන් එයා බය වෙලා වගේ යට ඇඳුම අතින් වහගත්තා.මම බලෙන්ම එයාගෙ අතින් ඇද්දා..එතකොට ඒ යට ඇඳුම බිමට වැටුනා.එයාට කර කියගන්න දෙයක් නැහැ.පස්සෙ මම අඬ අඬා ඇහුවා ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ මගෙ ජීවිතේ කෑවේ ඇ‍යි කියලා.එයා එයාගෙ අඩුපාඩුව තේරුම් ගත්තා...එයාට ගෑනු අයගෙ යට ඇඳුම්වලට තියෙන ආසාව පාලනය කරගන්න බැරිලු.ඒ යට ඇඳුනුත් අහල පහල ගෙවල්වල ගෑනුන්ගේ මල්ලි...

එයාට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න කතා කරාට ආවෙත් නැහැ.පස්සෙ එයාට හොරෙන් ඒ යට ඇඳුම් ටික පිච්චුවා.ඒ වුනාට තවමත් මට එයාව සැකයි.මිනිස්සු සර්ව සම්පූර්ණ නැහැ මල්ලී. අඩුපාඩු තියෙනවා.මට ඒ මනුස්සයා හදාගන්න ඕනි.මොකද ඒ මගෙ මනුස්සයා.ඒත් එයා උත්සාහ කරන්නෙ නැත්නම්.ඇගේ හඬ අවකාශෙට මුහු වුනා.මමත් ගොළු වුනා...

කතුන් දෙදෙනෙකුගේ ඇසුර ලැබූ පුද්ගලයෙක් රජයේ වියදමින් අවසන් ගමන් යයි

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථාන භූමියේදී පහර දී ඝාතනය කර තිබුණු පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ බිරින්දෑවරුන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂ කර තිබෙනවා.

කුලී පදනම මත හෙම්මාතගම, අරකොටවැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, දේහය තම නිවසේ තැන්පත් කිරීමට ඉඩකඩ නොමැති බව යි.

ඔහුගේ පළමු විවාහක බිරිඳ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටින බව ත් දික්කසාද වී සිටින බැවින් ඇය ද දේහය භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, දේහය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා රජයේ වියදමින් මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා පොලිසිය පියවර ගෙන ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේදී අද සිදු කර ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම සහ සිවිල් ආරක්ෂක නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග පොර බැදීම නිසා ඇති වූ බව කියන තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

"හරි අපි බලමු කෝ ගර්ල්ස්ලා... ඔයාලා තෝරාගන්න පැකේජ් එක හැටියට තමයි ප්‍රයිස් එක, අමතරව සර්විස් එකක් ඕන නම් ටිප් එකක් දෙන්න වෙයි'' - ස්පා ගිහින් අපා දුක් විඳින්න එපා… මෙන්න ස්පාවල ඇත්ත කතාව

රටේ තරුණ සම්පත කුඩු, අයිස්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය මගින් බිලිගනිද්දී තවත් පැත්තකින් මෙරට මුළුමහත් සමාජයම සමාජ රෝගවලින් බිලිගන්නා බවක් විවිධ පුවත් මගින් මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතී.

රටේ අවාසනාවට මෙන් මෙරට ජීවත්වන තරුණ තරුණියන් මත් පෙත්තෙන්, කුඩු, අයිස්, හෙරොයින්වලින් මත්වී ජීවිතයේ පරම සැපත සොයායන්නට ගොස් තම ජීවිතයම විනාශ කර ගන්නා අන්දම ද සමාජය දෙස බැලූ විට දැකබලා ගත හැක.

බොහෝමයක් තරුණ ජීවිත “සැප” යැයි තෝරා ගන්නා මේ කියන විෂ මත්ද්‍රව්‍යවලින් රටේ තාරුණ්‍යයට සිදුවන විනාශය හා මේ මත්ද්‍රව්‍ය තුළින් විවිධ විෂමචාරී ක්‍රියාවලට පෙළඹීම තුළින් රටේ තාරුණ්‍යය වැටී ඇත්තේ ඉතාමත් පහත් අඩියකට ය.

මද්‍යසාරයෙන් හා විෂ මත්ද්‍රව්‍යයෙන් මත්වූ රටේ සමාජය අලුතින් දේ අත්හදා බැලීමට හුරුපුරුදුව සිටින්නේය. බොහෝ අයකු තෝරාගන්නේ කම්සැප විඳීමටය. මේ සඳහා අයථා සම්බන්ධතා ගොඩනඟා ගත් බොහෝ අය හොර රහසේ තමන්ට රිසි ලෙස ලැගුම්හලකට ගොස් කම්සැප විඳිති. මේ අතර තවත් පිරිසක් ආදායමට වඩා වියදම සැර නිසාවෙන් බොහෝ අය තෝරා ගන්නේ කාමර ගාණේ යනවාට වඩා ‘ස්පා’ ගොසින් අඩු මුදලකට වැඩේ කරගැනීමටය.

කලඑළි බැස්ස ‘ස්පා’ කතාව
මේ සම්බන්ධව පසුගියදා දැඩි කතාබහකට ලක්වන්නේ මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමෙනි. මේ නිසා ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා එහි තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට පොලිස් අත්අඩංගුවට පත්විය.

එමෙන්ම පසුගියදා යුක්තිය මෙහෙයුම මගින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති අතර මේ කියන මත්ලෝලීන්ට සමාජ රෝග වැළඳී ඇත්දැයි සිදුකළ පරීක්‍ෂණවලදී එක් පුද්ගලයකුට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති බවද තහවුරු විය.

එකී පුද්ගලයා දරුණු ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවකු වන අතර මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවක් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවටද පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවිය.

මේ කියන ස්පා ආයතනයට ආ ගිය පුද්ගලයින්ගේ ප්‍රමාණය ද මේ වනතුරු අනාවරණය නොවීම ද දැඩි සමාජ ගැටලුවකි. රටේ වාසනාවකට මෙන් මීගමුවේ පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරාගේ ඇස මේ කතාන්දරය දෙස යොමු වුවද මේ වනවිටත් ස්පා ගොස් එච්අයිවී වෛරසය ගෙදර රැගෙන ගිය අය ගැන ද තවමත් නිසි වාර්තාවක් නැත.

අප කියන්නට යන කතාව ද මේ කියන ස්පා හෙවත් සම්බාහන ආයතන මගින් මෙරට තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටි ප්‍රජාවද සමාජ රෝගවලට බිලිවන අයුරුය. එමෙන්ම ‘ස්පා’ හෙවත් සම්බාහනය තම රැකියාව ලෙස තෝරාගන්නා තරුණියන් හා මැදිවියේ පසුවන කාන්තාවන් බොහෝ දෙනකු වෙහෙස මහන්සියෙන් තොරව වැඩි මුදලක් උපයාගැනීමට මේ කියන ස්පා රැකියාව තෝරාගන්නට දක්වන උනන්දුවය.

නියම සම්බාහනය හා හොර ස්පා
මේ කියන ස්පා ආයතන බිහිවන්නේ ආයුර්වේදය මුල්කොටගෙනය. ආයුර්වේදීය ක්‍රමවේදවලට අනුකූලව තෙල් බේත් සාත්තුවෙන් ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශ්වයේ ශරීරයේ මාංශ පේෂීන් තෙරපීම තුළින් ශරීරයේ ප්‍රකෘතිමත්භාවය ලබාගැනීමට සිදුකරනු ලබන සම්බාහනය නියම ‘ස්පා’ ලෙස හැඳින්විය හැක. බොහෝමයක් නීත්‍යානුකූල ස්පා හෙවත් නිවැරදි සම්බාහනය මෙරට ආයුර්වේදය තුළ හා තරුපහේ හෝටල් දේශීය හා විදේශිකයන් සඳහා සිදුකරන්නෙකි.

මෙම සම්බාහනය පවත්වාගෙන යන්නේ ද සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන නිවැරදි ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙනි. බොහෝ විදේශීය ජාතිකයින් මෙරටදී මේ කියන නීත්‍යානුකූල ආයුර්වේද සම්බාහනය සිදුකර ගන්නේ මෙරට ආයුර්වේද සම්බාහනය තුළ දක්‍ෂ වෛද්‍යවරුන් සිටිනා බැවිනි.

තවද නිවැරදි ලෙස පවත්වාගෙන යන මේ ආයුර්වේදීය සම්බාහනය තුළින් රටට විදේශ විනිමය ද උපද්දවන්නේය. එහෙත් මේ ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරගෙන යන අපේ රටේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන නිසා සම්බාහනය කියූ විටද ඇතැමෙකු බලන්නේද වපර ඇසකිනි.

කොටින්ම කිවහොත් හොර ස්පා යනු ආයුර්වේදයේ ලියාපදිංචියකින් තොරව සිදුකරනු ලබන සම්බාහන මධ්‍යස්ථානය. මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන ඉහත කී පරිදි නිවැරදි සම්බාහනයෙන් තොරව අදාළ සේවාදායකයාට තමන්ගේ ලිංගික ආශාවන් මුදලට ඉටුකරගැනීමට සූදානමින් පවතින බවක් පෙනෙන්නට ඇත.

රටේ හැම තැනම ස්පා
ස්පා හෙවත් සම්බාහන ආයතන ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිතව බහුලව පවතින බවක් පෙනෙන්නට ඇත. ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන දෙකක් අතර පරතරය මීටර් 50 කටත් නොඅඩු තරමින් මෙරට ස්පා ආයතන බිහිවී ඇත්තේ මෙරට තුළ ස්පා යන්නන් මෙතරම් සිටිනවාද යන ප්‍රශ්නයද සිහියට නගිමිනි.

කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ සම්බාහන මධ්‍යස්ථාන දකින්නට ඇත. කොළඹ සිට මාතර දෙසටද, කොළඹ නුවර දෙසටද, කටුනායක, මීගමුව, දෙහිවල මහරගම යන නගර ආශ්‍රිතවද මේ කියන ස්පා ආයතන අඩියෙන් අඩියටම බිහිව ඇති බවක් පෙනෙන්නට ඇත.

බෞද්ධයන්ගේ අතිශය වැදගත් පුණ්‍ය භූමියක් වන අනුරාධපුරයේ පූජාභූමිය ආශ්‍රිතව ද මේ වනවිට සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ වී අවසානය. මේ ආකාරයෙන් සම්බාහන මධ්‍යස්ථාන පොකුරු ලෙස බිහිව ඇති තවත් නගරයක් වන්නේ තලවතුගොඩය.

ස්පා ගැන කතා කළ ඇතැමකු පැවසූයේ ද ‘ස්පා නම් ඉතින් තලවතුගොඩ තමයි’ යන්නය. එයින් හැඟීයන්නේ දැන් තලවතුගොඩ ප්‍රසිද්ධ ස්පාවලටම පමණක් බවයි.

ස්පා කතාවේ ඇතුල් පැත්ත
තලවතුගොඩ ස්පාවලට ප්‍රසිද්ධියක් උසුලා ඇති බව රහසක් නොවන බව හැඟෙන්නේ තලවතුගොඩ නගරය හරහා ගමන් කරන විටය. මේ ස්පා රැකියාවේ යෙදෙන්නියක් සමග කුළුපග වීමේ අපේක්‍ෂාවෙන් අප තලවතුගොඩ ප්‍රදේශයේ ‘ස්පා’ ආයතනයක් වෙත පියමැන්නෙමු.

මුළු නගරයට අඳුර පරදා විදුලි බුබුලින් ආලෝකවත් වෙද්දී නගරයේ වීථි පුරා අධික කාර්යබහුලත්වයක්ද පෙන්නුම් කෙරිණි. අදාළ ස්ථානයට පැමිණි අපට දැකගත හැකිවූයේ නේක පැහැයෙන් වර්ණවත් වූ විදුලි බුබුලින් සමන්විත SPA යනුවෙන් සඳහන් කරන ලද පුවරුවකි.

වහා පුවරුව ළඟ මොහොතකට නතර වූ අපට දැක හැකි වූයේ මෙම පුවරුව මෙන්ම මාර්ගය දෙපසම මේ කියන ජාතියේ SPA ඇති බවය. ස්පා පුවරුවේ යටින් සඳහන් කර ඇති ඊතලය නිසා දෝ අදාළ තැනට කිසිදු මාර්ගෝපදේශකයකු නොමැතිවම ඕනෑම කෙනෙකුට යා හැකිය.

එහි ගිය අපට නවීන පන්නයට ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් දිස් විය. එම ගොඩනැඟිල්ලේ කොරිඩෝවක් දිගේ මඳක් ඉදිරියට ගිය අප අදාළ ස්ථානය වෙත ළඟාවුණෙමු. මෙකී ස්ථානය වෙත ළඟාවන විට කිසියම් පාළු ස්වභාවයක් එහි වූ අතර එහි පැමිණි අපගේ නාස්කුහර කඩාගෙන යන තරමටම හඳුන්කූරු සුවඳින් පිරීගොස් තිබිණි.

අවට මල් පෝච්චි තබා විවිධ ලෙස හැඩකර තිබුණේද එහි ඇතුළු වූ අයෙකුට තමන් ඇතුළු වූයේ අමුතුම ලෝකයකට බව ඒත්තු ගන්වමිනි. එහි ඇතුළුවන තැනම දේව පිළිම රැසක්ද තබා ඒවාට මල් පහන් තබා පුද සත්කාර කර ඇති අන්දම පැමිණි අපට දර්ශනය විය.

“ආ එන්න සර්…” අප ඉදිරියේ සිටි පිළිගැනීමේ නිලධාරිනිය දෑත් එක්කොට ආචාර කොට මුව පුරා නැගුණු සුහද සිනහවකින් යුතුව අප පිළිගත්තාය.

අප සිතන පරිදි ඇය මෙම ආයතනයේ අයකැමිවරිය විය යුතුය. වයසින් මැදිවියේ පසුවන ඇය පිරුණු දේහයකින් මෙන්ම රුවින්ද අඩුවක් නැත. අප පැමිණි අවශ්‍යතාව කුමක්දැයි ඇසීමට මේ කියන කාන්තාව දිගු වේලාවක් වැය කළේ නැත.

“සර්… එන්න එන්න… මොන වගේ අයද සර්ල බලන්නේ…”

යංග් ගර්ල්ස්ල ඉන්නව… මහත අයද ඕන… කෙට්ටු අයද ඕන..”

අලුත් අයත් ඉන්නවා… බලමු..”

ඇය තමන්ගේ බිස්නස් එක කර ගැනීමට සුමුදු සුමට වදනින් එන කස්ටමර්ස් කෙසේ හෝ අල්ලා ගැනීමට උපන් හපන්නියක් බවද ඇගේ වාග් විලාසයෙන් අපට තේරුම් යන්නට විය.
“හරි අපි බලමු කෝ ගර්ල්ස්ලා.. අපි ඇයට කතා කළෙමු.

“එන්න පෙන්නන්න… කියා අපිව ඇය එතනින් එහාට වූ අඩඅඳුරින් යුත් කාමරයක් පෙන්වීය.

කාමරය වෙත ගිය අපට ඒ වනවිටත් තරුණියන් හතර දෙනකු සිටින බව දැකගත හැකි විය. ඇතැම් තරුණියන්ගේ දෙතොල මත රැඳී දැල්වෙන සිගරැට්ටුවෙන් හමනා දුමින් එකී කාමරය පිරී ගොස් තිබුණි. මහත් ඕනෑකමින් ඒ දෙස බැලූ අපට එහි අයකැමිවරිය පැවසූ පරිදි වයස අවුරුදු දහ අටේ. විසිපහේ තරුණියෝ ද එහි වූහ.

“සර්ලට කොහොමද වෙන්න ඕන…” පෙර කී ආයතනයේ කළමනාකාරිවරිය අපෙන් අසන්නට විය.

අපගේ අරමුණ වූයේ මේ කියන සම්බාහන ආයතනයක සිදුවන දේ සියැසින් දැකබලා ගැනීමටය.

කොහොමද ගණන් අප සමග ගිය අයෙක් ඇයගෙන් විමසීය.

“මෙතන සර්විස් එක දෙදාහේ ඉඳන් හයදාහ වෙනකන් තියෙනවා. ඔයාලා තෝරාගන්න පැකේජ් එක හැටියට තමයි ප්‍රයිස් එක, අමතරව සර්විස් එකක් ඕන නම් ටිප් එකක් දෙන්න වෙයි. ඒවා ඔයාලා මේ අයත් එක්ක කතා කරගන්නකෝ…”

මෙතනට එන කස්ටර්මස් කෙනෙක් හරවා එවන පුරුද්දක් එහි නොවන බව ඇයගේ කතාවෙන් අපට දැනෙන්නට විය. එනපොට හොඳ නැති වග අපට හැඟෙන්නට වූ හෙයින් ‘අපට සැටිස්’ නැහැ පස්සේ එන්නම්” කියා මේ කියන සම්බාහන ආයතනයෙන් පිටවීමට අපට සිදුවිය.

මෙවැනි සිද්ධීන් තුළින් අපට තේරෙන්නේ අදාළ ස්ථානයට පිරිස් යන්නේද තමාගේ කැමැත්තෙනි. එසේ යන ඔවුනට සම්බාහනය කිරිල්ල පැත්තකට දමා තමන්ගේ ලිංගික කර්තව්‍යය ඉටුකරගැනීමට මේ කියන ‘ස්පා’ ආයතනවලින් ලැබෙන්නේද මනා පිටිවහලකි.

තවද බොහෝදෙනකු මේ කියන ස්පා කඩ තුළට ඇතුළු වී සේවය ලබාගත්ත ද තමන්ගේ පොකට්ටුවට ද තෙරපිවරියන් තට්ටු කරන අවස්ථා ද එමටය. මෙහි යන ඇතැම් අය සේවය ලබා එළියට එන විට ඇඳිවත පමණක් ඉතිරි වන අවස්ථා ඇත. තවද සම්බාහනයෙන් පමණක් අවශ්‍යතාව සපුරා නොගන්නා ඇතැම් අයට ලිංගික කර්තව්‍යය කරන්නට ගොස් රටේ නැති ලෙඩ හදාගෙන ගෙදර යන්නට සිදුවනු ඇත.

සැප ගන්න බෙහෙත් බී මැරෙන හැටි
මේ වන විට පාසල් යන වයසේ තරුණයන් පවා සම්බාහන ආයතනවලට යෑමේ ප්‍රවණතාව වැඩිවී ඇත. එමෙන්ම විශ්වවිiාල සිසුන් පවා මේ සඳහා නැඹුරු වී ඇති බවද ලැබෙන තොරතුරු මගින් අනාවරණය වන්නකි. අද වන විට තරුණ ප්‍රජාව ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා විවිධ පෙතිවර්ග, ස්ප්‍රේ වර්ග භාවිත කරන බවක් දක්නට ඇත. මීට ආසන්න උදාහරණය වන්නේ පසුගිය දිනක ස්පා ආයතනයක් තුළ 52 හැවිරිදි පුද්ගලයකු ලිංගික උත්තේජක පෙති භාවිතකොට පසුව හෘදයාබාධයකට ලක්වී මියයෑමේ සිද්ධියයි.

රැකියාව අතහැර සම්බාහන රැකියාවට වැටෙන හැටි
සම්බාහනය හෙවත් ස්පා රැකියාවේ නියැළෙන කාන්තාවන් තමන් කැමැත්තෙන් නොව අකැමැත්තෙන් එම රැකියාවේ නියැළෙන බව එම ස්පාවල සේවය කරන කාන්තාවන් පවසන කතාවකි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවයේ යෙදුනද ඉතා අඩු වැටුප් නිසා ජීවත් වීම ඉතා දුෂ්කර බැවින් මේ කියන සම්බාහන රැකියාව බොහෝ කාන්තාවෝ තෝරා ගනිති. ඇතැම් දුර බැහැරින් කොළඹ රැකියාව සඳහා පැමිණෙන ඇතැම් කාන්තාවන් බෝඩිං කුලී ගෙවා ගෙන, මඟ වියදම් ද, ආහාර පාන සඳහා වියදම් දරාගෙන කොළඹ රැකියාවක් කළ ද තමන්ගේ මාසයේ අන්තිමට කිසිදු මුදලක් අත ඉතුරු නොවන බැවින් මේ කියන රැකියාව තෝරා ගත් පිරිස ද බොහෝ වෙති.

සැබෑ ආදරය ‘ස්පා’ දක්වා ගිය හැටි
මේ ස්පා රැකියාව තෝරාගත් යුවතියක් කී කතාවකි. කුරුණෑගල ප්‍රදේශයේ නම් සඳහන් කිරීමට අකැමැති ඇය තමන් ස්පා රැකියාවට වැටුණු හැටි ගැන හරි අපූරු විස්තරයක් කළාය. කුරුණෑගල ඇඟලුම් කම්හලක සේවය කළ ඇය කොළඹ ප්‍රදේශයෙන් කුරුණෑගල ප්‍රදේශයේ විනෝද චාරිකාවක පැමිණි තරුණයකු සමග ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ මීට වසර කිහිපයකට පෙරදීය.

කලක් පෙම්සුව විඳින මේ තරුණ යුවළගේ දිවියට කණකොකා හඬන්නේ මින් මාස කිහිපයකට පෙරය. ඇය කී කතාව අනුව මෙම තරුණයා ඇය සමග බොහෝ හිතවත්ව පසුව එම හිතවත්කම ප්‍රේම සම්බන්ධයකට පෙරළා ගන්නේ දෙදෙනාගේම දැඩි කැමැත්ත මතය. තරුණියගේ නිවසේ දෙමාපියන්ට ද හොර රහසේම මේ කියන තරුණයා ඈ කැටුව කොළඹ නගරයට පැමිණෙන්නේ කටුනායක ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා දීමේ බලාපොරොත්තුව ද පෙරදැරි කරගෙනය.

ටික කලක් මේ කියන යුවළ කටුනායක බෝඩිං කාමරයක අඹු සැමියන් සේ කල් ගත කළද අදාළ තරුණයා මත්කුඩු ගැසීමට ඇබ්බැහි වූවකු බව දැනගන්නා විට ඇගේ කණකර පවා ඔහු උකස් කොට හමාරය. තම පෙම්වතා විසින් සොයාදෙනු ලැබූ කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවක් කළ මෙකී තරුණියට ඔහු කළ බලහත්කාරකම් හේතුවෙන් කෙසේ හෝ මුදලක් සොයා කුඩු පැකැට්ටුවක් මිලදී ගැනීමට මුදල් සොයාදීමට ඇයට සිදුවිය.

මේ නිසා ඇය ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් වෙත අතපෑ වාර ගණන ද අනන්තය. බැරිම තැන ඇයට සිදුවී ඇත්තේ තම පෙම්වතා ගෙන ආ යෝජනාවට කැමැත්ත පළකිරීමටය. එනම් ඇයව අසල පිහිටි සම්බාහන ආයතනයකට විකිණීමට මේ කියන පෙම්වතා දෙවරක් නොසිතුවේ තම පෙම්වතියට වඩා කුඩුවලට ඇලුම් කළ නිසාය. ඉන් ලැබෙන මුදලින් කුඩු අදින මේ පෙම්වතා නිසා ඇයට සිදුවූයේ අකැමැත්තෙන් හෝ සෑම දිනකම මේ කියන සම්බාහන ආයතනයේ වැඩකිරීමටය.

මෙය එක් කතාවක් පමණි. මෙවැනි කතා බොහෝමයක් මෙරට සම්බාහන ආයතන තුළ සේවය කරනා කාන්තාවන්ට සමාජයටම ඇසෙන්න හඬ ගා කියන්නට ඇත. තවද මෙවැනි ඉරණම් අත් වූ කාන්තාවෝ මෙරට තවත් අනන්තවත් සිටිය ද තමාගේ කතාව සඟවා සිටීමට වෙරදරන්නේ ලජ්ජාවට වඩා කුසගින්න දරුණු නිසා විය හැකිය. බොහෝ කතුන්ට තමන්ගේ ජීවිතය ස්පා ආයතනයක අනුන් වෙනුවෙන් කැපකිරීමට සිදුවන්නේ අප පෙර කී කතාවේ පරිදි මත්ලෝලීන් හා විවිධ විෂමාචාර ක්‍රියාවන්ට ඇබ්බැහිවූවන් නිසා බවද කිව යුතුය.

රට රැකියා සිහින දැක්ක කතුන් ස්පාවල
බොහෝ විදේශ රැකියා ආයතන මගින් මෙරට කාන්තාවන්ට රට රැකියා යැයි පෙන්වා ඇත්තේ විදේශවල ලිංගික ශ්‍රමය විකුණන රැකියාවන්ය. බොහෝ රැකියා ඒජන්සිකරුවන් විසින් මේ කියන කාන්තාවන් ඉතා අඩු මුදලකට පිටරට ගණිකා වෘත්තීය ඇතුළු රැකියාවලට යැවූ පුවත් පසුගිය කාලය තුළම වාර්තා වන්නට විය. එහි ගිය ඇතැම් කතුන්ට කිසිදු වැටුපක් ද නොමැතිව ඇතැම් ගෙවල්වල ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවය කිරීමට සිදුවන බවද නොරහසකි.

මෙලෙස වංචාකරුවන්ට අසුවී සිටින බොහෝ කතුන් නැවත මෙරට පැමිණ මෙම ස්පා ආයතන තුළ සේවය කරන බවද ලැබෙන ආරංචි මාර්ගවලින් තහවුරුවනු ඇත. රටද ආර්ථික අගාධයේ වැටුණු මෙවැනි කාලයකදී බොහෝ වගකිවයුතු පාර්ශ්වයන් රැසක් මේ කියන කාන්තාව වැටී ඇති තත්ත්වයට ද වගකිවයුතුය. එමෙන්ම මෙම තත්ත්වයට මෙරට කාන්තාවන් ඇද වැටුණේ නිකම්ම නොවන බවද ඉතාමත් පැහැදිලි කතාවකි.
රමින්ද මාවතගේ

"හත් දෙයියනේ හර්ෂ අපේ ලොකු අයියා" - පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවෙලා... අන්තිමට වුණ දේ මෙන්න

තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියා.

‘හර්ෂ... අපේ තාත්තා අයියෝ...’’ තරුණිය භිරාන්තවී හැඬුම් බර ස්වරයෙන් කීවාය.

‘‘කෝ... කෝ?’’ තරුණයා කලබල වෙමින් ඇසීය. ‘‘අර ඈත... මේ පැත්තෙට එනවා.’’ ඇය පෙන්වූවාය.

තරුණයාට ගණ දෙවි නුවණ පහළ විය. හේ ඇගේ අතින් අල්ලාගෙන එම සුවිසල් ගොඩනැගිල්ලේ පිය ගැට පෙළ නැංගේය. උඩු මහලේ තිබූ අවන් හලට ඇතුළු වූ ඔවුහු එහි අසුන්ගෙන සිසිල් බීමක් ඇණවුම් කළහ.

තරුණිය තවමත් බයෙන් ගැහෙයි. වේටර් සිසිල් බීම වීදුරු දෙකක් ගේනාවේය. දෙදෙනා ඒවා තොල ගාන්නට වූහ. ‘‘හත් දෙයියනේ හර්ෂ අපේ ලොකු අයියා’’ ඊළඟ මොහොතේ තරුණිය බයේ ගැහෙමින් තෙපළාය.

‘‘කෝ... කෝ...’’ තරුණයා ඇය බලා සිටි දෙස බලමින් ඇසීය. ‘‘අර කොනේ මේසෙ වාඩි වෙලා මෙහාට පිටුපාලා ඉන්නේ අපේ ලොකු අයියා.’’ ඇය හැඬුම්බර ස්වරයෙන් කීවාය.

එකනෙහිම එම තරුණයා පිටුපස හැරී බැලීය. තම නැගණිය හඳුනාගත් හේ කෝපයෙන් නැගිට එතැනට දිව ආවේය. ‘‘චූටි නංගි... උඹ අද පන්ති යනවා කියලා නේද ආවේ?’’ එසේ අසමින් ඔහු ඇයට කනේ පාරක් ගැසීය.

ඇය මහ හඬින් හඬා වැටෙද්දී ඔහු සමග එකට බීර බොමින් සිටි මිතුරා වහා දිව විත් ඔහු වළකා ගත්තේය.

කෝපවී සිටි ඔහු තම නැගණියගේ පෙම්වතාට පහර පිට පහර දෙන්නට විය. මිතුරා ඔහු පාලනය කර ගැනීමට සමත් විය. ‘‘ මට මීට පස්සෙ අහු වුණොත් මම තෝ මකනවා පල යන්න මෙතැනින් ‘‘කෝපයෙන් ගිගිරූ හේ ඔහුට පා පහරක් ද ගැසීය. ඔහු යන්නට ගියේය. ඔහුට සුළු තුවාල ද සිදුව තිබිණි.

අද ලෞකික සැප විදින්න පුළුවන් සුපිරි ග්‍රහයෝගයක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් ඉන්න

මේෂ ලග්නය
අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

මෙය සියලුම ලග්නයනට පොදුවේ.(සඳු මේ දිනවල මින රාශියේ ගෝචරය වීම හේතුවෙන් යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි. කලාවට සාහිත්‍යට ප්‍රිය සෞන්දර්යවාදී අදහස් මතු වෙයි. දාර්ශනික දේ දැනගැනීමට කැමත්තක් දක්වයි. මධ්‍යස්ථ සිතුවිලි සහ නම්‍යශීලී අදහස් දරයි. රළු දේවලට ප්‍රිය නොකරයි. ලෞකික සැපයට සහ සුපෝඛභෝගී දිවියකට ආශා කරයි.)

⭕ වෘෂභ ලග්නය
අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

⭕ මිථුන ලග්නය
ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

⭕ කටක ලග්නය
අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

⭕ සිංහ ලග්නය
සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

⭕ කන්‍යා ලග්නය
ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

⭕ තුලා ලග්නය
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

⭕ වෘශ්චික ලග්නය
ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

⭕ ධනු ලග්නය
සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

⭕ මකර ලග්නය
ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

⭕ කුම්භ ලග්නය
අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ ස හකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

⭕ මීන ලග්නය
චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

සූර්යග්‍රහණය මිලියන ගණනක් නරඹලා – උතුරු ඇමෙරිකාවට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය මෙන්න (VIDEO)

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්යග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ සූර්යග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළේය. යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.

මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රිත නගරයට ඉතා පැහැදිලිව සූර්ය ග්‍රහණය දිස් වූයේ මිනිත්තු කීපයක් දහවල රැය බවට පරිවර්තනය වෙමිනි. මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නැරැඹීමට උනන්දු විය.

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසා ඇත.

හොරණ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්!

හොරණ මාලොස්ඇළ ප්‍රදේශයේදී පෙරේදා (07) සිදුකළ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙසට කටයුතු කළ බව කියන පුද්ගලයා ඊයේ (08) අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගොස් තිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක් වන අතර ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, පෙරේදා දහවල් හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම ‘හඳයා’ නමැත්තාගේ වෙඩික්කරුවන්නේද මෙම පුද්ගලයා බව පොලිසිය පවසයි.

අවුරුදු ක්‍රීඩාවල නම් වහාම වෙනස් කරයි – කණා මුට්ටිය වාසනා මුට්ටිය වෙයි

කන මුට්ටිය බිඳීම සහ අන්ධයට කිරි කැවීම” යන වැකිය “වාසනා මුට්ටිය බිඳීම සහ සඟයට කිරි කැවීම” ලෙස යාවත්කාලීන කර තිබේ. අලුත් අවුරුදු උත්සව සන්දර්භය තුළ ප්‍රකාශයට පත් කරන ලද මෙම වෙනස් කිරීම, ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීමට අදහස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් ප්‍රකාශ කර සිටී.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා අලුත් අවුරුදු උත්සව 1089ක් සංවිධානය කිරීමට සමෘද්ධි වැඩසටහන යටතේ සියලුම බැංකු සම්බන්ධීකරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අවංකවම කියන්න ඕනේ අනිත් තාත්තලා වගේ මගේ දරුවොත් එක්ක මට ඉන්න වුණේ නෑ ඒ ගැන මම පසුතැවෙනවා” – දයාසිරි

දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තු ඒ වගේම විවිධ ආකාරයෙන් කතාබහට ලක්වුණු දේශපාලන චරිතයක් තමයි දයාසිරි ගුණසේකර කියන්නේ.

විටින් විට විවිධ පක්ෂ හරහා දේශපාලනයේ නිරත වුණු එතුමා පෞද්ගලික ජීවිතය තුළදීත් විනෝද කාමය විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන චරිතයක්.

මේ වෙද්දෙත් විවාහ වෙලා ආදරණීය දරුවන්ගේ පියෙක් වෙන දයාසිරි ගුණසේකර ඔහුගේ දේශපාලන වැඩ කටයුතුත් එක්ක ඉතාමත් කාර්යබහුල කාල සීමාවක් තමයි ගත කරන්නේ.

ඒ දේවල් එක්ක ඔහුට පවුලත් එක්ක එකට ඉන්න තියෙන කාලය බොහොම සීමිතයි.

ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කරලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අවංකව කියන්න ඕනේ මට මගේ දරුවොත් එක්ක එච්චර කාලයක් ඉන්න හම්බවුණේ නැහැ.ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් අද පසුතැවෙනවා.වෙන තාත්තලා වගේ ඒ චාන්ස් එක මට හමුවුණේ නැහැ.”

“ආයෙත් රඟපාන්න ලොකු ආශාවක් තියෙනවා” – අවුරුදු 23ක් ඇමරිකාවේ ජීවත්වෙන ඩිලානි දැන් කියන කතාව

ඩිලානි අබේවර්ධන කියන්නේ සිංහල සිනමාව තුළ අමතක නොවන මතක සටහන් රැසක් ප්‍රේක්ෂකයන්ට දායාද කරපු දක්ෂ කලාකාරිනියක්.ඉතින් හිටි හැටියේම ඇය කලාවෙන් සමු අරගෙන විදෙස් ගත වෙන්න තීරණය කළා.මේ විදි ඇමරිකාවේ ජීවත්වන ඩිලානි ආදරණීය ආච්චි කෙනෙක් වෙලා.

ඒ දේවල් එක්ක තමයි ඇය කාර්යබහුල වෙලා තියෙන්නේ.තමන්ගේ ආදරණීය දියණියගේ පුතා පණ වගේ බලාගෙන ගෙදර දොරේ වැඩ කරමින් ගත කරන ජීවිතය හරිම සුන්දරයි කියලා තමයි ඩිලානි කියන්නේ.ඉතින් ණය දැන් ඇමරිකාවට ඇවිල්ලා අවුරුදු විසිතුනා. ඒ දේවල් එක්ක ආයෙ රඟපාන්න හිතෙන්නේ නැද්ද ඒ ජීවිතේ ඒකාකාරී නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ආයෙත් රඟපාන්න ආශාවක් තියෙනවා තවම මගේ වගකීම් ඉවර නැහැ.දුවගෙන් නිදහස් වුනත් පුතා තවම ඉගෙන ගන්නවා. එයාගෙනුත් නිදහස් වුණාට පස්සේ තමයි රඟපාන්න වෙන්නේ.ඉතින් හැරමිටියෙන් යන ආච්චි කෙනෙක්ගෙ චරිතයක් තමයි කරන්න වෙන්නේ.මෙහෙට ආවට පස්සේ දුව පුතා ලොකු උනා. එයාලගේ ඉගෙනීම් කටයුතු හොයා බැලුවා. එක එක උත්සව ප්‍රිය සාදවලට සහභාගී වුණා. ඉතින් අවුරුදු විසිතුනක් ගත වුණා. මේ රටේ ඉන්නවනම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ ගෙදර වැඩත් කරනවා. පිටින් පෙන්නුවේ නැති උනාට අපි දැන් වයසට ගිහින්”

සැමියා සහ දරු දෙදෙනා එක්ක ඉතාලියේ දිවිගෙවන ඉමායා... පුංචි තිරය සහ රිදී තිරය සැරසූ ඇය යළිත් රංගනයට?

සෑහෙන කාලයක් රංගන කාර්යයෙන් බැහැරව හිටියත්... නම, රුව සහ චරිත අමතක නොවන තරමට රසිකයින්ට සමීප විය හැකියි නම්, ඒ තමයි කලාකරුවෙක් ලබන සැබෑම ජයග්‍රහණය.

ඉමායා ලියනගේ කියන්නෙ අන්න ඒ වගේ රංගන ශිල්පිනියක්.

වසර ගණනක් තිස්සේ ඈ වෙසෙන්නේ ඉතාලියේ.

නමුදු ඉමායා කළ චරිත තාම ඇයට ආදරේ කරන රසික පිරිසට මතකයි.

සමහර තැන්වල ඉමායා කියන නමටත් වඩා ජනප්‍රියයි ඈ රංගනයෙන් දායක වුණු නිර්මාණවල චරිත.

ඉමායා දැන් පැටව් දෙන්නෙක්ගෙ මවක්.

ඉවානා රකේලෙ.... අන්තෝනියෝ රෆායෙලෙ... ඒ තමයි ඉමායාගේ මුළු ලෝකෙම.

විවාහ ගිවිසගෙන ඉමායා ලංකාවෙන් යන්නෙ ඇගේ ''හොඳම කාලෙ''

ඈට ආදරේ කරන කවුරුත් කිව්වෙ එහෙම. මොකද ඒ ඇය ජනප්‍රියත්වයේ උඩින්ම උන්නු කාලයක්.

හැබැයි අර අපි කිව්වා වගේ, ලංකාවෙන් ගියා හෝ රංගනයේ නොයෙදුණා කියලා ඇයව කාටවත් අමතක වුණේ නම් නෑ.

සමාජ මාධ්‍ය තුළ නිතර සක්‍රීය චරිතයක් වන ඇය, තමන්ව එහෙම අමතක වෙන්න ඉඩදුන්නෙත් නෑ.

ඉමායා තමන්ට ආදරේ කරන පිරිස් වෙනුවෙන් සිය ආදරණීය සැමියා සහ දරු දෙන්නා එක්ක ගෙවන සුන්දර ජීවිතේ ආදරණීය මොහොතවල් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට එක්කාසු කළා.

ඉමායා කියන්නෙ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට ගිය රූ රැජිනක්.

ඒ නිසාමද මන්දා පැටව් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුණත්, රස රස කෑම නිතර ඇස් රවටන ඉතාලිය වගේ රටක ජීවත් වනවා වුණත් එදා වගේම හරි ලස්සනට ඇය සිය රූපය පරිස්සම් කරගෙන ඉන්නෙ.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය දිනූ ඉමායා නිවේදිකාවක් ද වනවා.

ඉතින්, එවන් දක්ෂතා රැසකින් පරිපූර්ණ ඇය රංගන කාර්යයෙන් ඈත් වීම සැබවින්ම ඈට ආදරේ කරන පිරිස් හට වේදනාවට කාරණයක්.

කොහොම නමුත් එහෙම වේදනාවෙන් ඉන්න රසිකයින්ට පුංචි බලාපොරොත්තුවක් ඇති කරන්න ඉමායා සුබ ආරංචියක් අරන් ඇවිත් තිබුණා.

ඒ ඇය සමාජ මාධ්‍ය වෙත එක්කාසු කළ සටහනක මෙලෙස සඳහනක් තබමින්...

''2019දී විවාහය වී කෙටි නිහැඬියාවකින් පසු අද වන විට මගේ සෙනෙහෙබර පවුල් ජීවිතයට මුල් තැන දෙමින්,

දයාබර සැමියා සහ ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවෙන් දුර බැහැරව ඉතාලියේ ස්ථීර පදිංචිව සිටියත්

ඉතාමත් නොදුරේදීම නැවතත් සුපුරුදු පරිදි ඔබ හමුවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි....''

”සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක් එයා වැඩ කරන්නේ ගෙදර ඉඳන් ... අපි පොඩ්ඩක්වත් රණ්ඩු වෙන්නේ නැහැ” – ළහිරු

ලහිරු මුදලිගේ කියන්නේ තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන නිවේදන ක්ෂේත්‍රය තුළින් ඉහළටම ගියපු දක්ෂ නිවේදකයෙක්.ඔහු youtube කලාව තුළ අලුත්ම කලාවක් නිර්මාණය කරපු කලාකරුවෙක් කිව්වොත් හරියටම හරි.ස්වර්ණවාහිනී ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලහිරු අද වන විට වෘත්තීනය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ බොහොම සතුටින් ජීවත්වන චරිතයක් කිව්වොත් හරියටම හරි.

ලහිරු මේ වෙද්දී ආදරණීය පුතෙකුගේ පියෙක්.ඒ ආදරණීයත්වයත් එක්ක ජීවිතය විඳින ඔහුට මේ සියලුම දේවල් සාර්ථකව කරන්න අත හිත දෙන්නේ ආදරණීය බිරිඳ සඳුනි. පුතා සහ බිරිඳ සමග ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන ලහිරු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අනිවාර්යෙන්ම මමයි සඳුනේ පුතා එක්ක ඉන්න වෙලාව දාගෙන ඉන්නේ.වැඩ නැත්නම් මම හතර පහ වෙද්දි ගෙදර.අපේ ගෙදර රණ්ඩු හරිම අඩුයි.සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කාර්යබහුලයි.එයා වැඩ කරන්නේ ගෙදර සිට මාත් කාර්යබහුලයි.අපි දෙන්නා අතර වාද විවාද ඉතාමත් අල්පයි වාදයක් වුණොත් ඒක අපි පුතා ඉදිරියේ කරන්නේ නැහැ”

“මම තවමත් දේශපාලනයෙන් ඈත් වෙලා නෑ... මගේ එකම අරමුණ අපේ පක්ෂය දිනවන එක” – දීපානි සිල්වා

ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනගාගෙන ඉන්න ඇය නමින් දීපානි සිල්වා කලාකාරිනියයි. මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි කියනටෙලි නාට්‍යයේ මිත්තණියගේ චරිතයක් හරහා තමයි ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.

ඇය පුංචි තිරය රිදීතිරය ඒවගේම වේදිකාව කියන මේ සියලුම අංශ අතික්‍රමණය කෙරූ ප්‍රවීණ කලාකාරිනියක් වගේම දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා.ඇය හැම වෙලාවෙම කියන්නේ දේශපාලනය කිරීම තුළින් ජනතාවට සේවය කරන්න තමයි ඇය කැප වෙන්නේ කියලා.

කලාකාරිනියක් වූ පමණින්ම අය දේශපාලනය තෝරගන්නේ නෑ. ඇයගේ කැමැත්ත මත තමයි ඇය දේශපාලනයට එන්නේ.බොහෝ දෙනෙක් කියල තිබුණා ඇයි දැන් දේශපාලනයෙන් අයින් වෙලා ඉන්නවා කියලා. ඇත්තට ඒක එහෙමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“නැහැ. මම කිසිසේත්ම දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලා නැහැ.මම දැනටමත් දේශපාලනය කරන කෙනෙක්. අපේ පක්ෂය දිනවන්න වගේම ජයග්‍රහණය උදෙසා මම දේශපාලනය කරනවා.”

පාඩම් අමතකයි කියා දෙවන වසරේ සිසුවෙකුට අමානුෂිකව පහර දුන් ගුරුවරියක් අත්අඩංගුවට!

වවුනියාවේ සුන්දරපුරම් විදුහලේ දෙවන වසරේ කුඩා ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියක් ඊයේ ( 7 )  වවුනියාව ඊච්චන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවාට කලින් දිනයේ කියා දුන් පාඩම් මතකයේ නොතිබූ බව කියමින් එම ගුරුවරිය සිසුවාට පහර දී තිබූ අතර එම පහර දීම නිසා සිසුවාගේ ඇස් වලට හිසට කම්මුලට තුවාල සිදුව ඇත.

දෙමව්පියන් මුලින්ම පාසලට ගොස් තම පුතාට පහර දුන් බව කියන ගුරුවරිය හමු වී තොරතුරු විමසද්දී එම ගුරුවරිය දෙමව්පියන්ටද බැන  වැදී තිබේ. 

පසුව ඔවුන් සිසුවා ප්‍රතිකාර සදහා වවුනියාව මහ රෝහලට අතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල් පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසුව ඊච්චන්කුක්ලම පොලිසිය විසින් සැකකටයුතු ගුරුවරිය අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගුරුවරිය වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවද වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්ෂණ ආරම්භ කොට ඇත.

දිනසේන රතුගමගේ

රැකියාව නිමවා නිවසට යමින් සිටි හෙද සොයුරිය, සිමෙන්ති ලොරියට බිලි වෙයි

රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් ඊයේ අලුයම සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිළියන්දල ජාලියගොඩ විජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනූෂා ක්‍රිෂාන්ති ලියනගේ නමැති (47) දෙදරු මවකි.

ඇය වාට්ටු අංක 11 ප්‍රධාන හෙද සොයුරිය ලෙස කටයුතු කළාය.අනතුරින් ඇයගේ සැමියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය හෙද සොයුරියගේ සැමියා ද පෞද්ගලික රෝහලක තාක්ෂණ කළමනාකරුවකු ලෙස සේවය කරන අතර,ඔහු සේවය නිමවීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල අසලට ගොස් සිය බිරිය ද යතුරු පැදියට නංවාගෙන ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව ඔවුන් දෙදෙනා නිවස කරා පැමිණෙමින් සිටිය දී රාත්‍රී ආහාර ද මිලදීගෙන තිබූ අතර, නිවසට මීටර් පනහක් පමණ තිබිය දී සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට දී ඔවුන්ට පිටුපසින් පැමිණි සිමෙන්ති කොට්ට පැටවූ ලොරියක වැදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කළේය.එහිදී මිය ගිය හෙද සොයුරියගේ සැමියා මාර්ගයේ වම් පැත්තටත් හෙද සොයුරිය මාර්ගයේ දකුණු පැත්තටත් වැටීමෙන් ලොරියේ පිටුපස රෝද දෙකට හිස යටවීමෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

හෙද සොයුරිය සහ ඇගේ සැමියා අනතුරට ලක්වීමත් සමගම ලොරිය තවත් මීටර් අටක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇතැයි පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා අනතුරු සිදු වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන පවත්වා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

සිමෙන්ති ලොරියේ රියදුරු අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහු මත්පැන් පානය කර සිටී දැයි පරීක්ෂා කිරීම සඳහා පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු වෙත ඊයේම ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර, ඔහු මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කීය.

සැකකාර රියදුරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

කඩුවෙල අජන්තා මරුවා ළඟට ගෙන ගියාද ? ඇඟ කිළිපොලා යන ඝාතනයේ සුල මුල හෙළිවෙයි

අපරාධකරුවකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවට කියමනක් ඇත. ඒ එම අපරාධකරු කොතැනක කොයි මොහොතකදී හෝ පොලිසියට කොටුවන නිසාය.මෙයද එවන් කතාවක්ය.
එය පෙළගැසෙන්නේ මෙලෙසය. ඒ ඉකුත් මාර්තු මස 27 වැනිදාය. 119 හදිසි ඇමැතුම් අංශය හරහා කඩුවෙල පොලිසියට ඇමැතුමක් ලැබුණේය. ඒ කඩුවෙල, කොතලාවල, පට්ටියවත්ත ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක් ඝාතනය කර ඇති බව පවසමිනි. ඇමැතුම ලැබීමත් සමඟ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වහා පට්ටියවත්තට ගියහ.

නිවෙසක සාලයක් මැද කාන්තාවක් ලේ විලක් මැද වැටී සිටින අයුරු නිලධාරීන්ට දැකගත හැකි විය. ඒ වන විට 1990 ගිලන් රථයද සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබිණි. එහි සිටි නිලධාරීන් සාලයේ වැටී සිටි කාන්තාව මියගොස් සිටින බව තහවුරු කර තිබිණි. සිද්ධිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දීමත් සමඟ ඔහුද එතැනට පැමිණ විමර්ශනවලට සහාය විය.

මියගොස් සිටි කාන්තාව අජන්තා කටුගම්පොළ නමැති 52 හැවිරිදි වියේ පසුවන්නියක්ය. ඇය දෙදරු මවක් වූවාය. ඇගේ සැමියාද කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යන අතර දරු දෙදෙනාද පෞද්ගලික ආයතනවල රැකියාවන් සඳහා උදෑසන නිවෙසින් පිටව යති. මියගිය අජන්තාද කඩුවෙල නගරයේ පවත්වා ගෙන යන රෙදිපිළි ආයතනයකට මැහුම් කටයුතු සඳහා නිවෙසින් බැහැරව යන්නීය.

27 වැනිදාද ඔවුන්ගේ සුපුරුදු දින චරියාව එය වුවද එදින අජන්තා පමණක් රැකියාවට නොගොස් නිවෙසේ නතර වූවාය. ඇගේ පුතා උදෑසන අටට පමණ සේවය සඳහා පිටව ගිය අතර සැමියා සහ දියණිය ඊට පසු රැකියාවන් ස¼දහා පිටව ගොස් තිබිණි.

කෙසේ වෙතත් දිවා කාලයේ ඇගේ දියණිය සිය මවට දුරකථන ඇමැතුමක් ලබාගෙන ඇතත් ඊට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා ඇය නිවෙස අසල පදිංචි කාන්තාවකට ඇමැතුමක් දී අම්මා නිවෙසේ සිටින්නේ දැයි සොයා බලන ලෙස දන්වා ඇත.

අසල්වාසී කාන්තාව එම ඇමැතුමට අනුව අජන්තාගේ නිවෙසට ගොස් විපරම් කළ බලද්දී ඇය දැක ඇත්තේ අජන්තා නිවෙසේ සාලයේ ලේ විලක් මැද වැටී සිටින අයුරුය. ඇය මරහඬ දෙමින් නිවෙස ඉදිරියට පැමිණ කෑගසන්නට වූවාය. අහල පහල දෙතුන් දෙනා අජන්තාගේ නිවෙසට දිව එන්නේ ඉන් පසුවය.

පොලිසිය මෙවන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු සිද්ධිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාටත් සොකෝ සහ  ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ටත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් දැන්වීමට පියවර ගත්තේය. ඊට අමතරව සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා නිල සුනඛ සහායද ලබාගැනීමට නිලධාරීහු කටයුතු කළහ.

සහකාර පොලිස් අධිකාරි සමරනායක සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ විමර්ශන අංශය භාර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන් අතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

නිවෙසේ සාලයේ කාන්තාව මැරී වැටී සිටි ස්ථානය පුරා රුධිරය ගලා ගොස් තිබූ අතර ඒ අවට බිත්තිවලද ලේ පැල්ලම් දකින්නට තිබිණි. සමහරක් ලේ පැල්ලම් මකා දැමීමට කිසිවකු උත්සාහ කර ඇති අයුරුද සොකෝ නිලධාරීන්ට දැකගත හැකි විය.

සියල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අජන්තා මරා දමා ඇති ආකාරය නිශ්චය කිරීම සඳහා ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළ අතර ඉන් අනතුරුව ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුල්ලේරියාව ප්‍රධාන අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කරන්නට පොලිසිය පියවර ගත්තේය.

අජන්තා කටුගම්පොළ දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇරඹුණේ ඉන් පසුවය. නිලධාරීන් මුලින්ම ප්‍රශ්න කළේ අජන්තා මැරී වැටී සිටින අයුරු මුලින්ම දුටු අයගෙන්ය. ඒ අනුව අජන්තාගේ නිවෙස අසල පදිංචි කාන්තාවකගෙන් සහ ඇගේ නිවෙසේ තාප්පයට එහා පැත්තේ නිවෙසේ පදිංචි යකඩ වැඩවල යෙදෙන ඇගේ ඥාති පුත්‍රයකුගෙන් සහ ඔහුගේ යකඩ වැඩවල යෙදෙන ගෝලයකුගෙන්ද නිලධාරීහු ප්‍රශ්න කළහ.

“මම දුවගෙන එනකොට අජන්තා බිම වැටිලා හිටියේ. මේ බාසුන්නැහේත් මෙතැන හිටියා. මම දැක්කා අජන්තාට පණ තියෙනවා වගේ. මම කිව්වා ත්‍රීවීලර් එකකින් ඉක්මනට මෙයාව ඉස්පිරිතාලේට අරන් යමු කියලා. ඒත් මෙයාලා ඒකට කැමැති වුණේ නැහැ. මෙයා කිව්වා 1990 ඇම්බියුලන්ස් එකට කියලයි තියෙන්නේ. ඒක එනකම් ඉඳිමු කියලා.”ඇය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියාය. ගිලන් රථ නිලධාරීන්ද කීවේ ඒ මොහොතේම ඇය රෝහලට ගෙන ආවේ නම් සමහර විට ඇගේ ජීවිතය බේරා ගැනීමට වුවත් ඉඩ තිබූ බවය.

ඒ නිසා පොලිසියේ සැකය නිවෙස අසල පදිංචි ඥාති පුතා සහ ඔහුගේ ගෝලයා වෙත එල්ල විය. ඒ ඔවුන් බරපතළ තුවාල ලබා වැටී සිටි අජන්තා රෝහලට ගෙන යෑමට ඕනෑකමින්ම ප්‍රමාද කළේද යන්න ඇති වූ සැකය නිසාය.

අජන්තාගේ නිවෙසට යාබදවම පදිංචි එම පුද්ගලයා සිය නිවෙසේම යකඩ වැඩකටයුතු කිරීමේ නිරත වූ අතර ඔහු අජන්තාගේ ඥාති පුතකුද විය. ඒ නිසා ඔහු නිතර නිතර එම නිවෙසට ගිය අයකුද විය. නිවෙසේ කිසියම් අලුත්වැඩියාවක් කිරීම සඳහා ඔහුගේ ගෝලයකුද එදින ඥාති පුතාගේ නිවෙසේ රැඳී සිටියේය.

නිලධාරීන් ඔවුන්ගෙන්ද ප්‍රශ්න කළේය. එහෙත් මුලින් මුලින් ඔවුන්ගෙන් හරි හැටි යමක් දැන ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. ඥාති පුත්‍රයා බොරු බේගල් ඇදබාන බව කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට වැටහුණේය.

නිලධාරීන්ගේ උකුසු ඇස් ඊළඟට යොමු වූයේ ඒ අසල ස්ථාපිත සීසීටීවී කැමරා වෙතය. කැමරා එකිනෙක නිරීක්ෂණය කළද කිසිදු පුද්ගලයකු මාර්ගය දෙසින් අජන්තාගේ නිවෙසට පැමිණෙන බවක් නිලධාරීන්ට දැක ගැනීමට හැකි නොවීය.

අජන්තාගේ ඝාතකයා ඒ අසලම පදිංචිකරුවකු බව නිලධාරීන් සැක කරන්නට විය. සැකය එල්ල වී තිබුණේ අජන්තාගේ නිවෙස අසල පදිංචි ඇගේම ඥාති පුතා වෙතය. එහෙත් නිලධාරීන් ඔහු එකවර අත්අඩංගුවට ගත්තේ නැත. තවත් සාක්කි සෙව්වේය. එහිදී නිලධාරීන්ට නිවෙස අසල තිබී ඉනිමඟක් සොයාගත හැකි විය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය වූයේ ඝාතකයා අජන්තාගේ නිවෙසට පැන ගැනීමට එම ඉනිමඟ උපයෝගි කරගන්නට ඇති  බවය.

“ඒක නිසා තමයි ඔය මියගිය කාන්තාවගේ ගෙදරට පිටස්තරයකු එන බවට දර්ශන කිසිවක් කැමරාවල නැත්තේ. පිටින් කෙනෙක් ඒ ගෙදරට එනවා නම් කැමරාවේ අනිවාර්යයෙන්ම සටනක් වෙන්න ඕන. සීසීටීවී කැමරාවක තියෙනවා ඔය ගෙදර හිටිය බාස්ගේ ගෝලයා පාර පැත්තේ එහෙට මෙහෙට බල බල සැකයෙක් ඉන්න අයුරු විතරක්.

අනෙක ඔය මියගිය කාන්තාවගේ ගෙදර සුරතලේට බල්ලෙක් ඇති කරලා තියෙනවා. නාඳුනන කිසිම කෙනෙක්ට ඒ ගෙදරට ඇතුළු වෙන්න බැහැ බල්ලා බුරනවා. ඒත් මේ සිද්ධියේදී බල්ලා බුරපු බවක් අනාවරණය වෙන්නේ නැහැ. ඒ හින්දා බල්ලත් හොඳින් හඳුනන කෙනෙක් තමයි අජන්තාගේ ගෙදරට එන්න ඇත්තේ කියලා අපිට තවත් සැකයක් තිබුණා.” විමර්ශන නිලධාරියකු කීවේය. ඒ මොහොතේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයද අතුරුදන්ව තිබුණේය. පොලිසියට එයද සැකයක් ගෙන දුන්නේය.

නිලධාරීන්ගේ ලොකුම සැකය වූයේ ලේ විලක් මැද වැටී සිටි කාන්තාවගේ සිරුර ඒ මේ අත ඇද තිබීමය. නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඥාති පුතාගෙන් කරුණු විමසුවේය. ඇගේ හිසින් ගලන රුධිරය නතර කිරීමට අයිස් කැට තැබීමට උත්සාහ කිරීමට කටයුතු කර ඇති බව එහිදී අනාවරණය විය. නිලධාරීන් නැවතත් සැකකාර ඥාති පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

අජන්තාගේ අතුරුදන් වූ ජංගම දුරකථනය සොයාගත හැකි වූයේ ඉන් පසුවය. එම දුරකථනය සියුම් පරීක්ෂාවට ලක්කරද්දී අනාවරණය වී ඇත්තේ සිද්ධිය වූ දින එම දුරකථනයට ලැබුණු වීඩියෝ ඇමැතුම් කිහිපයක් මකා දමා ඇති බවය. මේ අතර අජන්තාගේ මරණය ඝාතනයක් බවත් ඇගේ ගෙල කපා මරා දමා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

කෙසේ වෙතත් සැකකාර ඥාති පුත්‍රයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අජන්තාගේ නිවෙස ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට තිබී රුධිරය සහිත මන්නයක්ද පොලිසියට සොයා ගැනීමට හැකි වන්නේ ඉන් අනතුරුවය. එය අජන්තා මරා දැමීමට භාවිත කළ මන්නය බව පොලිසියේ සැකය විය.

මෙවන් කරුණු කාරණා මත පොලිසිය අජන්තා කටුගම්පළ නමැති දෙදරු මවගේ ඝාතනයට ඇගේම ඥාති පුතා ද ඝාතනයට ආධාර අනුබල දීමේ වරදට එදින ඥාති පුත්‍රයාගේත් නිවෙසේ සේවයට පැමිණි ගෝල බාස්ද සැකපිට අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු කටයුතු කළහ. ඥාති පුතා තිස් අට වැනි වියේ පසුවිය.

මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වූ තවත් සාක්කි රැසක්ද පොලිසිය සතුව ඇතැයි කියති. සැකකාර ඥාති පුත්‍රයා මියගිය කාන්තාව සමඟ හිතවත්කමක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව ඔහු ඇය  සමඟ උරණ වී ඇති බවටද පොලිසියට ලැබුණු සැක සහිත කරුණු කාරණාවල සටහන් වී ඇත. ඒ බව අහල පහල කිහිපදෙනකුම පොලිස් නිලධාරීන්ට පවසා ඇතැයිද කියති.

ඒ අමනාප බව අනුව සැකකරු සිද්ධිය වූ දින අජන්තා නිවෙසේ තනිව සිටින බව වටහා ගෙන ඇගේ නිවෙසට ඇතුළු වී ඇති බවත් එහිදී ඇති වූ කිසියම් ආරවුලක් මත ඇය ඝාතනය වන්නට ඇති බවත් පොලිසියේ සැකයයි.

මියගිය කාන්තාව ප්‍රදේශයේ කා සමඟත් ඉතා කුලුපගව සිටි අයෙක් වන අතර කඩුවෙල නගරයේ රෙදිපිළි වෙළෙඳසලක මැහුම් වැඩ කිරීමෙන් කිසියම් මුදලක් උපයා ගත් තැනත්තියක්ද වූවාය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අජන්තා නමැත්තිය ඝාතනය කිරීමට උපයෝගි කරගත් රුධිරය සහිත තියුණු මන්නයද ඇගේ අතුරුදන් වූ ජංගම දුරකථනයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබිණි.

සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 
කීර්ති මෙන්ඩිස්

මොරගහහේන ද්විත්ව ඝාතකයා පාදුක්කේදී පොලිසිය මරා දමයි

ඊයේ මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයක ප්‍රධාන සැකකරු එම සිද්ධිය සිදුවී පැය 24 ක් යන්නට මත්තෙන් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පොලිසිය ඝාතනය කර ඇතැයි ආරංචි සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදැයි පොලිස් නිවේදනයේ දැක්වේ.
පොලිස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බවද වාර්තා කර ඇත.

මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඊයේ (07) මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බව පවසා තිබේ.

මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07 වැනිදා) වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එය පාතාල කල්ලි නායක හඳපාන්ගොඩ ‘හඳයා’ නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ‘හඳයා’ සහ ඔහුගේ කල්ලියේ අපරාධකාරයන් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබා දුන් බව කියන සිද්ධියකට පළිගැනීමට මොවුන් මෙසේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා 50 සහ 52 වියේ පසුවන අය වන අතර ඔවුහු පන්නිපිටිය පිළියන්දල පදිංචිකරුවෝ වෙති.

සොරකම් සහ තවත් අපරාධ කීපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මෙම පුද්ගලයන් දෙදෙනාට සෑම ඉරිදා දිනකම රත්නපුර පොලිසියේ පෙනී සිටීමට නියමිතව තිබී ඇත.

ඊයේ පෙරවරුවේ මොවුන් දෙදෙනා රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රිරෝද රථයකින් තම නිවෙස් බලා එමින් සිටියදී මොරගහහේන මාලොස්ඇළ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල, අවි යොදාගෙන මොවුන්ට වෙඩි තබා පලා ගොස් ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයන් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

‘හඳයා’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් හෝමාගම, මොරගහහේන ඇතුළු ප්‍රදේශ ගණනාවක සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් හඳයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

ලන්ච් ටයිම් නිවේදක මංජු පැවිදි දිවියට පිවිස කරන ගඩොල් ආධාර වැඩසටහන ගැන හතර වටින් විවේචන – අලුත් වීඩියෝවකින් කතාව වෙනස් කරයි (VIDEO)

සිරස ටීවී ලන්ච් ටයිම් වැඩසටහන ඉදිරිපත් කිරීම නිසා ප්‍රකටව සිටි මංජු තේනුවර මීට වසර 4 කට පෙර 2020 පැවිදි දිවියට පිවිසියේ “මාතර විජයසීහ‘ හිමි නමිනි.

මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනයේදී පැවිදි දිවියට එළඹි මාතර විජයසීහ හිමි පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කළේ පන්සලක් ගොඩනගන්නට ගඩොල් පරිත්‍යාග කරන ලෙස කළ ඉල්ලීමක් නිසාය.

රූපවාහිනී නිවේදකයෙකු ලෙස තමන් ලද පුහුණුව නිසාදෝ ඒ හිමියන් සමාජ මාධ්‍ය තුළ ගඩොල් පරිත්‍යාග කරන්නට කරන ලද කථාබහ අතිශය සිත්ගන්නා සුලු විය.

එම ඉල්ලීම ප්‍රකට විය.

නමුත් පසුව ඒ ගැන විවේචන මතු විය. විවේචකයින් දන්වා සිටියේ හිමියන් ගඩොල් පූජා කරන්නට කීවත් ගඩොල් රැගෙන එන්නට එපා යයිද ඒවා කලියෙන්ම පන්සලට ගෙනවිත් ඇති බව කියන බවයි. ආධාර කරන්නට පැමිණෙන අය මුදල් පමණක් රැගෙන එන ලෙස කළ ඉල්ලීම නොගැලපෙන බවයි. එසේම හිමියන් සිය පුද්ගලික බැංකු ගිණුම් අංක සමාජ මාධ්‍ය තුළ පළකරමින් මුදල් රැස්කිරීමද නොගැළපෙන බවයි.

මාතර විජයසීහ හිමි මුදල් ගෙවා වෙරිෆයි කළ ෆෙස් බුක් ගිණුමක්ද පවත්වා යන අතර මෙම විවේචන වලින් පසුව මාතර විජයසීහ හිමියන් වීඩියෝවකින් පෙනී සිටිමින් තමන් වහන්සේ ගැන සැක ඇති නොකරගන්නා ලෙස ඉල්ලා තිබේ.

තමන්ගේ මව වයස 81 ක් බවත් සොයුරෙකු මියගොස් ඇති බවත් අනෙක් සොයුරිය ඇමරිකාවේ බවත් කියන උන් වහන්සේ තමන්ට මුද්ල රැස් කරන්නට කිසිදු පුද්ගලික ආසාවක් නැතැයි එහිදී පැහැදිලි කර තිබේ.

ආන්දෝලනය ඇතිවීමෙන් පසු මාතර විජයසීහ හිමි පළ කළ වීඩියෝව පහතින්

බොරැල්ලෙන් මතුවූ අලුත් රාවණා නිදා සිටින රාවණා ඇහැරවීමට සූදානම් – බැතිමතුන් මවිත වෙමින් වැද වැටෙන වීඩියෝව මෙන්න (VIDEO)

කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා.

ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති වෙනවා.

සමාජ මාධ්‍ය වල එක එක්කෙනා එක එක දේවල් කියනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

මේ වෙනකොට සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් හුවමාරු වෙනවා.

"එයා හස්බන්ඩ් දාලා මා එක්ක ආවෙත්, දෙන්න අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුණු නිසයි" - එකමිටට තනි අතක් ගන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ කුණ්ඩසාලේ රතු නෝනා

ජාතික ජන බලවේගයේ කුණ්ඩසාලේ (දකුණ) විධායක කමිටු සාමාජිකාවක් හා ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිනියක් වන අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිගේ මරණය මුළු රටේම අවධානයට ලක්වූවකි. 

සමාජ මාධ්‍ය තුළ ඇගේ මරණය පසුගිය දින කිහිපය තුළ පට්ට ගැසුවේය. ඒ ඇය ජවිපෙ ක්‍රියාකාරිනියක් හෝ ජාතික ජන බලවේගයේ කුණ්ඩසාලේ (දකුණ) විධායක කමිටු සාමාජිකාවක් නිසාම නොව අනියම් සැමියා විසින් ඇයට පහර දී එය හදිසි අනතුරක් ලෙස හුවා දක්වමින් රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ මරණය සිදුවීම හේතු කොටගෙනය.

ජනතා විමුක්ති පෙරමුණ නම් වූ පක්ෂය ජාතික ජන බලවේගය ලෙස අලුත් මුහුණුවරකින් ක්‍රියාකාරී වන විට එහි කාන්තාවන් බලගැන්වීමේ කටයුත්ත පැවරෙන්නේ එම පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රීවරියක් මෙන්ම ජාතික විධායක සභිකවරියක් වන ආචාර්ය හරිනි අමරසූරියටය.

“ගැහැනු අපි එක මිටට“ තේමාවෙන් රට පුරා විසිරී සිටින කාන්තාවන් සිය අරමුණ වෙනුවෙන් පක්ෂය වටා රැස් කරන්නට නායකත්වය දෙන්නේ ඇයය. “ගැහැනු එක මිටට ගැනීමට“ තෙල්දෙණියේ පැවති රැස්වීම් මාලාව සංවිධානය කිරීමට යෝධ හයියක් වී තිබුණේ අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිය.

ඇය මේ තැනට පත්වන්නේ පසුගිය ජනවාරි 12 වෙනිදා කුණ්ඩසාලේ මහවැලිතැන්න පන්සල අසල පිහිටි ජවිපෙ ක්‍රියාකාරිකයකුගේ නිවෙසේ පැවති රැස්වීමකදී කුණ්ඩසාලේ (දකුණ) කාන්තා සංගමය පිහිටුවමින් එහි විධායක කමිටු සාමාජිකාවක් ලෙස පත්වෙමිනි.

මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක් වන ඇය එහි සේවය කරනු ලැබුවේ සමූපකාර පරීක්ෂකවරියක් ලෙසිනි. මහනුවර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් වූ ඇය පාසල් සමයේ පටන්ම සටන්කාමී චරිතයක් බව ඇයව හොඳින් දන්නා හඳුනන බොහෝ අය කියති. මෙරට ප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාමයක් සහිත ඇඟලුම් ව්‍යාපාරික සමාගමක සේවයේ නිරත ඇගේ සැමියා ද ඇගේ දේශපාලන ධාරාවේ රැඳී සිටින්නෙක් බව කියැවෙයි. එහෙත් ඔහු ඇය මෙන් ක්‍රියාශීලීව දේශපාලනයේ නිරත වන්නෙක් බව බැලූ බැල්මට පෙනී යන්නේ නැත.

ජවිපෙ, මෙන්ම ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිස් පවසන්නේ ඇය සිය පක්ෂයේ සිටි ශක්තිමත් සටන්කාමී චරිතයක් බවය. ඇගේ දේශපාලන කතාව පවා සිත්ගන්නා සුළු බව ද කියැවෙති. ඇය විසින් දේශපාලන වේදිකාවේ කළ එවන් කතා ඕනෑ තරම් සමාජ මාධ්‍යවල ද පසුගිය දිනවල හුවමාරු වෙමින් තිබුණේ ඇගේ ඝාතනයේ උණුසුමත් සමඟිනි.

ඇය මෙසේ දේශපාලනයේ නිරත වන්නේ අද ඊයේ පටන් නොවීය. ඇගේ දේශපාලන ඉතිහාසය වසර විස්සකට විසිපහකට වඩා පැරණිය. 48 හැවිරිදි ඇයට ඇතැම් විට ඊටත් එහා ගියදේශපාලන ඉතිහාසයක් තිබෙන්නට පුළුවනි. පැවසෙන ආකාරයට අනුව ඇයට සිය සැමියාව පවා මුණගැසෙන්නේ දේශපාලනය හරහාය.

අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිට ඇය දරන දේශපාලන මතය ඔස්සේ දේශපාලනය කිරීමට සැමියාගෙන් ලැබී ඇත්තේ අසීමිත නිදහසකි. ඒ සැමියා ද එකී දේශපාලන මති මතාන්තර දැරූවෙක් නිසා වන්නට හැකිය. සැමියා රැකියාවේ නිරතව සිටියේ කොළඹය. එබැවින් සති අන්තයේ සැමියා පැමිණෙන තුරු කුණ්ඩසාලේ විදුර වත්තේ පිහිටි නිවෙසේ අමිලා විමානි ජීවත් වූයේ තට්ට තනිවමය.

ඒ විවාහයෙන් විසි වසරක් ගතවී ඇතත් දරු සුරතල් බැලීමට ඔවුන්ට මෙතෙක් අවස්ථාවක් උදාවී නොතිබුණු බැවිනි. වටින් ගොඩින් නම් කියැවෙන්නේ ඇය තනිවම එම නිවෙසේ සිටියා යැයි කීවාට එසේම නොවන බවය. එහි ඇත්ත නැත්ත පැහැදිලි නැතත් දේශපාලනයෙන් පිට ඇගේ චරිතය ගැන නම් ඇත්තේ පැහැදිලි තත්ත්වයක් නොවන බව හැම පැත්තෙන්ම කියැවෙන්නෙකි. ඇගේ මරණයට ද මුල් වන්නේ එවැනි සිදුවීමකි.

සිය සැමියා සමඟ විවාහ වූ මුල් කාලයේ ඔවුන් ගතකර ඇත්තේ කුරුලු ජෝඩුවක් විලසිනි. අමිලා විමානිගේ පවුල් ජීවිතයට කණකොකා හැඬලෙන්නේ තුන්වැන්නෙක් එම පවුලට එබිකම් කරන්නට ගැනීමත් සමඟිනි. ඔහු සමන් චන්දන කොඩිතුවක්කුය. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ පදිංචිකරුවෙක් වන ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. බිරිය ඔස්ට්‍රෙලිියානු ජාතිකයෙකි. බිරියත් දරුවාත් සිටින්නේ ඔස්ට්‍රෙලියාවේය. කියැවෙන ආකාරයට සමන් චන්ද කොඩිතුවක්කු විශ්‍රාමික හමුදා මේජර්වරයෙකි. ඒ ශ්‍රී ලංකා හමුදාවේ නොව, ඕස්ට්‍රේලියානු හමුදාවේය. ඒ බව කියන්නේ සමන් චන්දන කොඩිතුවක්කුය. සැබෑ ලෙසම ඔහු ඕස්ට්‍රේලියානු හමුදාවේ සේවය කළ විශ්‍රාමික මේජර්වරයෙක් බව නම් තහවුරුවී ඇති බවක් දැන ගන්නට නැත.

සමන් චන්දන ද ජවිපෙ මතවාදයේ සිටින්නෙකි. දෙදෙනාම කුණ්ඩසාලේ ජීවත්වූවත් මුහුණු පොත හරහා අමිලා විමානි සහ සමන් චන්දන දැන හඳුනා ගෙන මිතුරන් බවට පත්වන්නේ ඔවුන්ගේ දේශපාලන මතවාදවල ගැළපීම් නිසා විය හැකිය. පැවසෙන ආකාරයට අනුව මේ මිතුදම වසර ගණනාවක් පුරාවට විහිදී ගිය එකකි. දුක වේදනාව මුහුණු පොත ඔස්සේ ඔවුන් දෙදෙනා බෙදාගෙන තිබුණේ දේශපාලන මතවාදයෙන් එහා ගිය හිතවත්කමක් පසු කාලයේ වර්ධනය කර ගනිමිනි.

ඒ බව කිසිවක් නොදත් අමිලා විමානිගේ සැමියා ද මුහුණු පොත හරහා සිය බිරියගේ සමීපතයාගේ කිට්ටුවන්තයෙක් බවට පත්වන්නේ පවුලේ හිතවතෙක් බවට පත්වෙමිනි. ඕස්ට්‍රේලියාවේ ඒ වන විටත් සිටි එම යුවළගේ පවුලේ ආරවුල් පවා වීඩියෝ දුරකතන ඇමතුම් මඟින් උපදෙස් දෙමින් විසඳන්නට පවා මැදිහත්වන්නට වූයේ අමිලා විමානිගේ සැමියාය. ඒ ඔස්සේ ඔහු අමිලා විමානිගේ පවුලට වඩාත් සමීප වූවා පමණක් නොව, අමිලා විමානිගේ හිත ද සොරා ගත්තේය. ඒ අනුකම්පාව ඔස්සේ ඇගේ ආදරය දිනා ගනිමිනි.

අමිලා විමානිගේ පවුලේ ජීවිතයට කණකොකා හැඬලෙන්නේ ඒත් සමඟිනි. සැමියාගේ රැවුම් ගෙරවුම්වලට පවා අමිලා විමානි ඒත් එක්කම ලක්වෙන්නට ගත්තාය. ඇය කෙරෙහි සැමියා හැමවිටම බලන්නට ගන්නේ සැකයෙනි. ඒ දේශපාලනයෙන් එහා ඇය ගැන ඇසෙන්නට වූයේ එතරම් හොඳ දේවල් නොවූ බැවිනි. දේශපාලනයෙන් ඇය කොතරම් ඉදිරියට ගියත් සිය පවුල් ජීවිතය පැත්තෙන් ඒ වන විටත් ඇය සිටියේ ආසාර්ථකවය. ඒ නිසාම සමන් චමින්ද සිටියේ ඇයව ඕනෑම මොහොතක භාර ගැනීමේ සූදානමිනි.ඒ වෙනුවෙන් ඔහු සිය බිරිය හා දරුවා අතහැර දමා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට එන්නේ පසුගිය වසරේ නොවැම්බර් 15 වෙනිදාය.

ඒ අමිලා විමානිව සිය සැමියාගෙන් දික්කසාද කරවා ඇය සමඟ විවාහ වී අලුත් ජීවිතයකට ඇරඹුමක් තබන්නට සිතාගෙනය. එහි ප්‍රතිඵලයක් වන්නේ අමිලා විමානි සහ සැමියා අතර අඩදඹර හා ආරවුල් දිනෙන් දින දික්ගැස්සීමය. මේ නිසාම ඇය දැඩි තීරණයක් ගත්තාය. සිය සැමියා අතහැර කුණ්ඩසාලේ විදුර වත්තේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි සමන් චමින්දගේ නිවෙසේ පදිංචියට ආවාය. ඒ එන්නේ ද අතට හසුවන ඇඳුම් කඩමලු ටිකක් ද බෑගයේ ඔබාගෙනය. ඒ පසුගිය මාර්තු 18 හෝ ඒ ආසන්න දිනකදීය. ඇය එසේ සිය සැමියා අතහැරදමා අනියම් සැමියා වෙත එන්නේ අලුත් ජීවිතයකට මුලපුරමිනි.

දිනය මාර්තු 25 වෙනිදා අලුයම 5.00ට පමණ ඇත. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි සමන් චමින්දගේ නිවෙස ඉදිරිපිට නතර වන්නේ සයිරන් නලා හඬ නංවමින් පැමිණි 1990 සුවසැරිය ගිලන් රථයකි. එම රථය එම ස්ථානයට එන්නේ සමන් චමින්ද ලබාදුන් දුරකතන ඇමතුමකට අනුවය. ඒ සිය බිරිය නාන කාමරයේ ඇද වැටී තුවාල ලබා සිටින බවය.

1990 සුවසැරිය ගිලන් රථ සේවාව එහි පැමිණෙන විටත් අමිලා විමානි සිටින්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයකිනි. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටින බව වටහා ගත් සුවසැරියේ උපස්ථායකින් වහාම ඇයට මූලික ප්‍රතිකාර ලබාදෙමින් රැගෙන යන්නේ මහනුවර මහා රෝහලටය. එහිදී ඇගේ භාරකරු ලෙස රෝහල් පෝරමයේ සටහන් තැබෙන්නේ සමන් චන්දනගේ නමය.

මහනුවර රෝහලට ඇතුළත් කළ සැණින් අමිලා විමානි ඇතුළත් කරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයටය. ඒ ඇය ඒ වන විට සිටින්නේ වචනයක්වත් කතා කර ගැනීමට නොහැකි තත්ත්වයකිනි. ඒ අඩසිහියෙනි. ඇයව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේදී රෝහල් වෛද්‍යවරුන්ට ඇගේ හිසට සිදුව තිබුණු තුවාලය ගැන ඇති වන්නේ කුකුසකි. ඒ නාන කාමරයක ඇද වැටීමකින් යැයි කීවාට ඇගේ හිසට සිදුව ඇති තුවාලය එවැනි ඇද වැටීමකින් සිදුවිය හැකි තුවාලයකට වඩා එහා ගිය අවස්වාභාවික එකක් වූ බැවිනි.

මේ නිසාම අමිලා විමානිව අධිකරණ වෛද්‍ය විශේෂඥයාගේ පරීක්ෂාවට ද ලක් විය. එහිදී හිසට පමණක් නොව, ඇගේ සිරුරේ තවත් ස්ථාන රැසකට සිදුවී ඇති තුවාල නිරීක්ෂණය කළ ඔහු ඒ බව පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කරමින් සඳහන් කරනු ලබන්නේ අමිලා විමානි අනතුරට ලක්වූවේ යැයි කියන ස්ථානය නිරීක්ෂණය කරන ලෙසය. ඒ ඇද වැටීමකට වඩා එහා ගිය යම් සිදුවීමක් ඇති බව කියමිනි.

එම දැනුම්දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ මහනුවර රෝහලට යන්නේ ඒ වන විටත් මෙම සිදුවීම පොලිසියට වාර්තා වී නොමැති වූ බැවින් ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමටය. එහිදී පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගේ අතට ලැබෙන්නේ ඇයව රෝහල්ගත කිරීමට මැදිහත් වූ ඇගේ භාරකරුවූ සමන් චමින්දගේ දුරකතන අංකයයි. ඇයව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් මොහොතක් වත් රෝහල පැත්ත පළාතේ පැමිණ නොතිබුණු ඔහු ඒ වන විට සිටියේ සිය ජංගම දුරකතනය පවා අක්‍රිය කරය.

පොලිස් නිලධාරීන් දෙතුන් වතාවක්ම දුරකතනයට ඇමතුම් ගත්ත ද ඵලක් නොවූ තැන හතරවටින් තොරතුරු සොයාගෙන යන්නේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි නිවෙසටය. ඊට 1990 ගිලන් රථ සේවයෙන් ද ලොකු සහයක් පොලිසියට ලැබී තිබුණේය. ඒ ඇයව රෝහලට රැගෙන එන්නේ ගිලන් රථ සේවයේ උදවිය වූ බැවින් ඇයව ගිලන් රථයට ගොඩකරගත් ස්ථානය ගැන ඔවුන්ට යම් අවබෝධයක් පැවති බැවිනි.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි සමන් චමින්දගේ නිවෙස සොයා යන විටත් එහි දොර ජනේල් තිබෙන්නේ වසා දමාය. දුරකතනය විසන්ධි කර ගේ දොර වසා දමා තිබීමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ඇතිවන්නේ ලොකු සැකයකි. ඒ නිසාම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ඔහුව සොයා ගැනීමට ඇති වන්නේ ලොකු උනන්දුවකි. පොලිසියේ එම උනන්දුව නිසාම සමන් චමින්දට වහන්වී වැඩි කාලයක් සිටින්නට ඉඩක් නොවීය. 26 වෙනිදා ඔහුව අල්ලා ගන්නේ ඒ පැත්තේම යම් තැනක සැඟවී සිටියදීය.

ඒ අනුව නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසේ දොරගුළු පොලිසියට විවර වන්නේ ඔහු අතින්මය. මෙම නිවෙස තනි තට්ටුවේය. එහෙත් සාලයේ සිට කෑම කාමරයටත් මුළුතැන්ගෙටත් කාමරවලටත් ගමන් කළ යුතුව ඇත්තේ පඩිපෙල් මතිනි. භූමියේ පිහිටීම උපයෝගී කරගෙන එම නිවෙස එසේ නිර්මාණය කර ඇත. සාලය ඇත්තේ නිවෙසේ පහළය.

“සර් 24 වෙනිදා දවසම මම ගෙදර හිටියේ. අමිලා උදේ ගිය ගමන් ආවේ ටිකක් රෑ වෙලා. මම එයා යන එන තැන් අහන්නේ නැහැ. එයාගේ සමහර වැඩ මේ ටික දවසට මට එතරම් රිස්සුවෙත් නැහැ. එයා ගැන මිනිස්සු එක එක කතා කියනවා. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ. එයා එදා ගෙදර ඇවිත් කිචන් එකට වෙලා වයින් වීදුරුවක් බිව්වා. මම සාලේ හිටියේ. පොඩියට ෂොට් එකක් දාන ගමන්. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ මුහුණ තඩිස්සි වෙලා තියෙනවා. එයා හස්බන්ඩ් දාලා මා එක්ක ආවෙත් දෙන්න අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුණු නිසයි. ඒ නිසා මම හිතුවා හස්බන්ඩ් එයාට ගහල ද කියල. ඒ ගැන ඇහුවා විතරයි එයාට තරහා ගියා. කෑ ගහගෙන උඩ ඉඳන් පල්ලෙහාට එනකොට එයාව පඩිපෙළින් වැටුණා” අමිලා විමානිට වූ දේ ගැන සමන් චමින්ද පොලිස් ප්‍රශ්න කිරීමේදී කියන්නට වූයේ එසේය.

නාන කාමරයේ වැටී තුවාල වූ බව කීවත් දැන් එය සිදුව ඇත්තේ නාන කාමරයේ වැටීමකින් නොව, පඩිපෙළකින් වැටීමකිනි.

“හයියෙන් ආපු පාර එයා උඩබෙලි අතටයි වැටුණේ. ඔළුව පිටිපස්සෙන් පඩිපෙළේ වැදුණා. “අමිලා විමානිගේ හිසට තුවාල සිදුව තිබුණේ පිටුපස පැත්තේය. දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට තරම් ඇය බරපතළ තත්ත්වයේ සිටියේ එම තුවාලය හේතුවෙනි. ඇයට වචනයක්වත් කතා කරන්නට බැරි වූයේ එම තුවාලය නිසාය. ඒ වන විටත් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවය. අධිකරණ වෛද්‍ය විශේෂඥයා පොලිස් නිලධාරීන්ව දැනුවත්කර තිබුණු ආකාරයට අනුව තුවාල සිදුව තිබුණේ ඇගේ හිසට පමණක් නොව ඉල ඇට පවා බිදී තිබුණේය. එය මොට ආයුධයකින් කළ පහරදීමකි. ඒ නිසාම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සමන් චමින්ද කී කිසිවක් එකවර විශ්වාස කරන්නට ගියේ නැත. අමිලා විමානි බිම ඇද වැටුණේ යැයි කියූ පඩිපෙළ පරීක්ෂා කළේය. එහි තැන තැන විසිරී තිබුණු ලේ පැල්ලම් කිහිපයක් පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළේය. අනතුරුව පොලිස් නිලධාරීන් අමිලා විමානි මෙම නිවෙසේ රැඳී සිටි කාමරය පරීක්ෂා කළේය. එය පිහිටියේ සාලයට ඉහළින්ය.

එම කාමරයේ ඇද මත ද ලේ පැල්ලම් කිහිපයක් පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට හසුවන්නට විය. පඩිපෙළේ වැටී ඇයට තුවාල සිදු වූයේ නම් ඇඳ මත ලේ පැල්ලම් විසිරෙන්නට කිසිසේත්ම විදිහක් නොමැති බව වටහා ගත් පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය උසස් නිලධාරීන් මේ ගැන දැනුවත් කරමින් නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසට ගෙන්වා ගන්නේ මහනුවර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කණ්ඩායමකි. ඒ අපරාධමය ස්වභාවයක් නිවෙස තුළ දක්නට ලැබුණු බැවින් නිවෙස තුළ සියුම් පරීක්ෂාවක් සිදු කර බැලූ බැල්මට ඇති තත්ත්වය සම්බන්ධයෙන් යම් විද්‍යාත්මක විග්‍රහයක් සහ විශ්ලේෂණයක් කර ගැනීමටය.

මෙහිදී අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පඩිපෙළ මතින් සහ ඇඳ මත තිබී පමණක් නොව, මුළුතැන්ගෙයින් ද, නිවෙසේ පුටු මේස යටින් ද, බිත්තියක් මතින් ද ලේ පැල්ලම් සොයා ගත්තේය. ඒ විසිරුණු කුඩා බින්දුය. ලේ පැල්ලම් විසිරී තිබුණු බිත්තියේ ඇගේ හිස කෙස් ඇලී තිබියදී ද සොයා ගන්නේ ඇයට මාරාන්තික තුවාලය සිදුවූ ආකාරය ගැන යම් විග්‍රහයක් කර ගැනීමට අවස්ථාවක් ද පොලිසියට ලබා දෙමිනි.

ඒ වන විටත් බොහෝ දේවල් සමන් චමින්ද සිටියේ සඟවාගෙනය. කොතරම් ප්‍රශ්න කළත් ඔහු කටක් ඇර සිදු වූයේ කුමක් දැයි කියා ඇත්ත වැමෑරුවේ නැත. පොලිසිය ද පස්සෙන් පන්නමින් දන්නා ශිල්ප දමා ඔහුගෙන් ඇත්ත වමාරා ගන්නට ගියේ ද නැත. ඒ කොයි මොහොතක හෝ අමිලා විමානි කට ඇරිය විට බැටේ දෙන්නම් යැයි සිතාගෙනය. ඒ යැයි කියා පොලිසිය සමන් චමින්දව අතහැරියේ නැත. නිවෙස තුළ අපරාධමය ස්වභාවයක් දක්නට ඇති බැවින් ඒ ගැන සැකයන් මතු කර ඔහුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. පොලිසිය විසින් කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ දවස් 14කටය. සමන් චමින්ද බන්ධනාගාරගතව ගතවූයේ සිව් දිනකි. අමිලා විමානි දැඩි සත්කාර ඒකකයේදීම අවසන් හුස්ම පොද වාතලයට මුසු කරනු ලබන්නේ බොහෝ දේවල් සඟවා ගෙනය.

අමිලා විමානිගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවන්නේ ද මහනුවර රෝහලේදීමය. එහිදී ඇගේ සිරුර විච්ඡේදනය කර පරීක්ෂා කරනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකි. ඒ ඇගේ තුවාල ගැන සැකයක් ඇතැයි පොලිසියට කී අධිකරණ වෛද්‍යවරයාමය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කරන්නට වූ නිගමනයන්ට අනුව අමිලා විමානිගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට හා පපු ප්‍රදේශයට පහරදීමකින් සිදුවූ බහු විධ තුවාල හේතුවෙනි. ඇගේ ඉල ඇට තුනකට ද මෙහිදී හානි සිදුව ඇත්තේ පහරදීමේ බරපතළ තත්ත්වය කියාපාමිනි.

වැසිකිළියේ වැටුණු බව මුලින් කීවත්, පසුව පඩිපෙළින් වැටී තුවාල වූ බව කීවත් අමිලා විමානිට සැබෑ ලෙසම තුවාල සිදුව ඇත්තේ පහරදීමකිනි. ඇය මියයන්නේ ද එම පහරදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව ඇගේ මරණය හදිසි අනතුරක් නොව මිනිස් ඝාතනයක් බව පැහැදිලිය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසේ සිදු කළ පරීක්ෂණවලින් සොයාගත් තොරතුරු ඔස්සේ මේ වන විට නිගමනය වී ඇත්තේ අමිලා විමානිට පහර දී හිස බිත්තියේ පවා ගසා ඇති බවය. රුධිර පැල්ලම් සමඟ බිත්තියේ හිසකෙස් ඇලෙන්නේ එම පහරදීමෙනි.

මේ හැමදෙයක්ම සිදුව ඇත්තේ 24 වෙනිදා රාත්‍රී කාලයේදී සාලයත් මුළුතැන්ගෙයත් අතර කොටසේය. 1990 සුවසැරිය ගිලන් රථය කැඳවා ඇත්තේ 25 වෙනිදා අලුයම 5.00ට පමණය. ඒ අනුව පෙනී යන්නේ පහරදීමෙන් තුවාල ලැබූ ඇය පැය ගණනාවක් නිවෙස තුළ රැඳී සිට ඇති බවය. මේ කාලය තුළ ඇය සිටින්නට ඇත්තේ ඇඳ මතය. ඒ එහි ලේ පැල්ලම් ඇත්තේ එබැවිනි. ඉතා දරුණු සහ අමානුෂික පහරදීමකට ලක්ව සිටි ඇය මේ කාලය තුළ දැඩි වේදනාවකින් පීඩාවිඳිමින් සිට ඇත්තේ අඩුම තරමින් ප්‍රඵමාධාරයක් වත් නොලබාය. රෝහල්ගත කළත් දැඩි සත්කාරයක් තුළ ප්‍රතිකාර ලැබුවත් ඇයට ජීවත්වීමට වාසනාවක් උදා නොවන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.

කෙසේ වෙතත් අවසානයේදී ඇගේ සිරුර භාර ගැනීමට ඉදිරිපත් වන්නේ ද ඇගේ සැමියාය. රෝහලින් නිදහස් කරගත් සිරුර භූමදානය කරනු ලබන්නේ මහයියාව පොදු සුසාන භූමියේය. ඒ ඇගේ සිරුර නිවෙසටවත් රැගෙන නොයාය. අඩුම තරමින් ඇගේ තනි නොතනියට ඇය පස්සේ වැටී සිටි කිසිවකුත් ඒ අවසන් මොහොතේ ඇය සමඟ නොසිටියාය.
ගයාන් කුමාර වීරසිංහ
සිළුමිණ