gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතියගේ බලන්න නිවසට ගිය කුලියාපිටියේ තරුණයාව අත්පා බැද දේශපාලකයෙකුගේ නිවසට ගෙනිහින්.. මරා දමලා යයි පරීක්‍ෂණ!

සිය පෙම්ව­තිය මුණ­ගැ­සී­මට ඇගේ නිව­සට පසු­ගිය 22 වෙනිදා ගිය මොහොතේ සිට අතු­රු­දන්ව සිටින කුලි­යා­පි­ටියේ පදිංචි තරු­ණ­යාව අත්පා බැඳ මෝටර් රථ­යක දමා­ගෙන වයඹ පළාතේ හිටපු දේශ­පා­ල­න­ඥ­ය­කුගේ නිව­ස­කට රැගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොර­තු­රක් සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් පොලි­සිය ආරම්භ කර ඇත.

මෙම තරු­ණ­යාව අතු­රු­දන් කර ඇතැයි කියැ­වෙන පෙම්ව­ති­යගේ පියා කුලි­යා­පි­ටිය රෝහලේ සේවයේ නිරත සුළු සේව­ක­යකු බව ද පොලි­සිය කියයි. තරු­ණයා අතු­රු­දන් කර ඇත්තේ සිය දිය­ණිය මගින් තරු­ණ­යාව නිව­සට ගෙන්වා­ගෙ­නය. මෙම අප­රා­ධය කල්තියා පෙම්ව­ති­යගේ පියා විසින් සැල­සුම් කර තිබී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

ඒ සඳහා පෙම්ව­ති­යගේ පියා විසින් කැප්පෙ­ටි­පොළ ප්‍රදේ­ශ­යෙන් හිත­ව­තුන් දෙදෙ­නෙක් ගෙන්වා­ගෙන සිට ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. මේසන් බාස්වරු වන ඔවුන් දෙදෙ­නාව විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් ඊයේ (29) සිය භාර­යට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔවුන් පවසා ඇත්තේ තරු­ණ­යාගේ ජීවි­ත­යට එම අව­ස්ථාවේ දී කිසිඳු හානි­යක් නොකළ බවය. මෝටර් රථයේ දමා­ගෙන දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ නි‍ෙව­ස­කට ඔහුව රැගෙන ගිය බව ඔවුන් පව­සන බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. තරු­ණ­යාට ඉන් එහාට සිදු­වූයේ කුම­ක්දැයි තමන් නොදන්නා බව ඔවුන් දෙදෙනා පවසා ඇත.

මෙම පුද්ග­ල­යන් සැබෑ­වක් පව­සන්නේ දැයි සොයා වැඩි­දුර ප්‍රශ්න කිරීම් සිදු­වන බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. කුලි­යා­පි­ටි­යට ඔවුන් දෙදෙ­නාව රැගෙන ඒමෙන් පසු අදාළ දේශ­පා­ල­න­ඥ­යාගේ නිව­සට ඔවුන් දෙදෙ­නාගේ මඟ­පෙ­න්වීම මත ගොස් පරික්ෂා කිරී­මට නිය­මි­තය. මේ වන විටත් පොලි­සියේ බුද්ධි නිල­ධා­රීන් එම දේශ­පා­ල­න­ඥ­යාගේ නිවස පිහිටි ප්‍රදේ­ශයේ ආවේ­ක්ෂණ කට­යු­තු­වල නිර­තව සිටින බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මෙම දේශ­පා­ල­න­ඥයා සහ ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් සමඟ අතු­රු­දන්ව සිටින තරු­ණ­යාගේ පෙම්ව­ති­යගේ පියා ඉතා කිට්ටු­වෙන් ඇසුරු කරන අයෙක් බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

පොලි­සිය සැක­ක­ර­නුයේ අතු­රු­දන්ව සිටින තරු­ණ­යාගේ ජීවි­ත­යට මේ වන විට හානි­යක් සිදුව ඇති බවය. පෙම්ව­ති­යගේ පියා විසින් පවුලේ සාමා­ජි­ක­යන් ද රැගෙන පලා­ගොස් ඇත්තේ ඒ නිසා විය හැකි බව ද පොලි­සිය සැක පහළ කරයි.

තරු­ණ­යාව නි‍ෙව­සට ගෙන්වා­ගෙන මෙම අප­රා­ධය කර ඇති බවත් ඒ වෙනු­වෙන් මෝටර් රථ­යක් පවා ඊට දින දෙක­කට පෙර කුලී පද­නම මත ලබා­ගෙන ඇති බවත් අනා­ව­ර­ණය වී තිබේ. තරු­ණ­යාගේ අතු­රු­ද­න්වී­මෙන් පසු මෝටර් රථය නැවත කුලි­යට ගත් ස්ථාන­යට ලබා දී කුඩා වෑන් රථ­යක් කුලි­යට ගෙන ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ.


කුලි­යා­පි­ටිය කබ­ලෑවේ පදිං­චි­ක­රු­වෙක් වන 31 හැවි­රිදි වියේ පසු­වන සුසිත් ජය­වංශ නමැති තරු­ණයා මෙසේ අතු­රු­දන්ව ඇති බව පොලි­සිය කියයි. ඔහු ආහාර පාන අලෙ­වි­ස­ලක් පව­ත්වා­ගෙන යන්නෙක් බව ද පොලි­සිය කියයි. ඇගේ පෙම්ව­තිය අවු­රුදු 18ක් වය­සැති තැනැ­ත්ති­යකි. පෙම්ව­ති­යත් ඇගේ 12 සහ 08 යන වය­ස්වල පසු­වන සහෝ­ද­රි­යත් සහෝ­ද­ර­යාත් මවු­පි­ය­නුත් මේ වන විට ගේ දොර අත­හැර දමා පලා­ගොස් සිටිති. ඒ හැරු­ණු­කොට යාබද නිව­සක පදිං­චිව සිටි පෙම්ව­ති­යගේ පියාගේ නැඟ­ණි­යත් නැඟ­ණි­යගේ සැමි­යාත් ගේදොර අත­හැර පලා­ගොස් සිටි­න්නන් අතර සිටින බව පොලි­සිය කියයි.

ගයාන් කුමාර වීර­සිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka