gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඹලත් එකයි මට දේශපාලකයොත් එකයි... වැඩි ගණන් අය කරන ගායක ගායිකාවන්ට විරාජ් කියපු කතාව

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවම දන්න කියන හැමෝම ආදරය කරන ගායකයෙක්.

ඔහු ගායනා කළ ගීතවලට බොහෝ දෙනෙක් දක්වන්නේ ඉතාමත් විශාල ප්‍රියතාවයක්.

ඉතින් මෙහෙම හැමෝම ආදරය කරන විරාජ් එයාගේ ෆේස්බුක් ගිනුමේ අපූරූ සටහනක් තබා තිබුණා.

ඒ විශාල මුදලක් අය කරන ගායක ගායිකාවන් ගැන.

පසුගියදා සමාජ ජාලා තුළ කතාබහට ලක්වුණ සිදුවීමක් අලලා මේ සටහන ලියා තිබුණ බවටයි බොහෝ දෙනෙක් මත පල කරලා නම් තිබෙන්නේ.

ඉතින් මේ සටහනට හොඳ සහ නරක ප්‍රතිචාර බොහෝ ලැබෙනවා.

“ලක්ෂ ගනනක් අය කරන අලුත් සහ පරන ගායක ගායිකාවන්ට උපහාරයක්ම වේවා…media වලින් කියන්නේ අපේ රසිකයන්ට පන වගේ ආදරෙයිලු. මං දැන් අවුරුදු 14ක් තිස්සේ සංගීත ක්ශේත්‍රයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසටත් පද රචකයෙක් ඒ වාගේම ගායන ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනව … මං නිර්මානය කරපු ගීත වගේම ගායනා කරන ඉතාමත් ප්‍රසිද්ධ ගීත 40ක් 50ක් මටම තියෙනව..ඒක ඔයාලත් දන්නවා.. මටත් පුලුවන් මට දැනට තියෙන ගීත වල වටිනාකමත් එක්ක ලක්ෂ 3කට 4කට ප්‍රසංග බාරගන්න… ඒත් මං කවදාවත් එහෙම කලේ නැහැ… මං කිසිම දවසක ප්‍රසංග වල ගීත ගායනා කරල සල්ලි ගනන් කරන්නෙත් නෑ…මං ගීත ගයන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්…. ගොඩක් අය මට කියනව විරාජ් ඔයා දැන් ලක්ෂ 2ක්වත් අවම ගන්න ඕන කෙනෙක් කියල…

එක අතකින් බලද්දි ඒක ඇත්ත..අලුතින් ආපු ළමයි වගේ පරන අයත් ගොඩක් දැන් ලොකු මුදල් ඉල්ලනව sing කරන්න…ඒ අස්සෙ මම ඇයි මෙච්චර ගීත තියාගෙන අඩු මුදලකට ගීත ගායනා කරන්නේ ඒකට හේතුව තමයි පුතේ සල්ලි පෙරේතකමින් music කළොත් ආත්මය තුල වැඩිපුර ආසාව ඇතිවෙන්නේ මුදල් වලට… වැඩිපුර පෙරේතකම ඇතිවෙන්නේත් මුදල් වලට.. සමහර විට ඒ පෙරේතකම නිසාම ලබන ආත්මයේ සල්ලි හිඟාකන මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නැහැ…පරිස්සමෙන් ලබන ආත්මයෙත් ගායන ශිල්පියෙක්ම වෙන්න මං උත්සහ කරනව මුදල් පෙරේතකම පැත්තකට දාලා….මුදල් වලට නෙමේ අපේ සිංදු වලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න මුලින්ම… junior artist ලට වගේම senior,ලොකු මුදලු මිනිස්සුන්ගෙන් ඉල්ලන ලොකු ලයින් අල්ලන artist ලට මේ කියන්නේ …

උඹලත් එකයි මට දේශපාලකයොත් එකයි…පන දෙන්න media වල කථාව නම්…මගේ රසිකයොන්ට මං ආදරෙයි ලු…ආදරෙයි නම් පලයව් දුප්පත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට…සක්කිලි වගේ උන්ගෙ දුප්පත් කමටම කෙලවන්න හදන්නෙ නැතුව දේශපාලකයෝ වගේ…ඒ වගේ ලොකු ලයින් අල්ලන උන්ව ගෙන්නනවටත් උඹලට හොදම වැඩේ…අඩුම තරමේ හරියට සමහර එවුන්ට සිංදු කියන්නත් බැහැ…එහෙම එවුන්ටත් ලක්ෂ ගනන් ගෙවල ප්‍රසංග වලට ගෙන්නන තරම් මොලයක් නැහැ කියන්නෙ ඉතිං කථා කරලත් වැඩක් නැහැ මං ඕව ගැන… තේරුම් ගනිල්ලා ලොකු මුදල් ඉල්ලන එකෙක්වත් උඹලට ආදරේ නැහැ සල්ලි වලටයි ආදරේ “
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka