gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලට වැටුණ අවුරුදු දෙකක දරුවෙක් ගිලී මිය යයි… සැඩ පහරට කිලෝ මීටර 2ක් ගහගෙන ගිහින්!

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී ඊයේ (26) දහවල් ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලී   මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර අංක, 27 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු දෙකක් වයසති    ඒකනායක මුදියන්සේලාගේ ඉසුරු ජයනාත් බණ්ඩාර නැමැති දරුවෙකි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටී මෙම අනතුරු සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද  සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka