gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගය ජයග්‍රහණය කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 261ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ ලකුණු 261ක ඉලක්කය පසු කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් විය.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ සහ ප්‍රබ්සිම්රාන් සිංට හැකි වු අතර ජොනී බෙයාස්ටෝ ලකුණු 108ක් ලබාගැනීමට සමත් විය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ආරම්භක පිතිකරුවන් ලකුණු 50 සීමාව පසු කළ අතර එය ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 50 සීමාව පසු කළ පළමු වතාව වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka