gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෑවුමක ප්‍රාඩෝ එක නවතා ඉදිරියට ඇවිදගිය ව්‍යාපාරිකයා එයටම යටවී මරුට!

බියගම සියඹලාපේ ගලහිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු තමාගේ ප්‍රාඩෝ වර්ගයේ රථයට යටවී ඊයේ (29දා) පෙරවරුවේ මරුමුවට පත්ව ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයකු වූ ගීතරත්නගේ සුදත් විජේන්ද්‍ර (57) නමැති තිදරු පියෙකි.

එම ව්‍යාපාරිකයා තමාට අයත් ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ රථය තමාම පදවාගෙන විත් නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවත්වා රථය පණ ගන්වා තිබියදී අත් තිරිංග ඇද රථයෙන් බැස ඉදිරියට ගොස් ඇති අතර බෑවුම් ප්‍රදේශයේ තිබූ රථය ඔහු පසුපසින් පැමිණ තිබේ. එහිදී ඔහු තම රථයටම යට වී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ අසල්වාසීන් ඔහු බියගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ව්‍යාපාරිකයා මියගොස් සිට ඇත.

මෙම රථය කාර්මික දෝෂයක් හේතුවෙන් ඉදිරියට ඇදී ආවේද? එසේ නොමැති නම් වෙනත් හේතුවක් මත රථය ඉදිරියට ඇදී ආවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරයි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. පී. කුලරත්න, පො.කො. (57226) බණ්ඩාර යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka