gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදු­න්කො­ටුව මහ­ත්මි­යගේ පියා ජීවන මඬලට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදු­න්කො­ටුව මහ­ත්මි­යගේ පියා වන ජ්‍යෙෂ්ඨ සංගී­ත­ඥ­යෙක් මෙන්ම සංගීත ආචා­ර්ය­ව­ර­යෙක් වූ ආචාර්ය ප්‍රේම­දාස මුදු­න්කො­ටුව මහතා අභා­ව­ප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂ 1933 ඔක්තෝ­බර් මස 06වැනි දින අවි­ස්සා­වේල්ල කොස්ගම ප්‍රදේ­ශයේ උපත ලබා ඇති ඒ මහතා මිය­යන විට 91 හැවි­රිදි වියේ පසු වුණා.

ඒ මහතා කො/ කන­ම්පැල්ල මහා විද්‍ය­ල­යේත්, කො/කොස්ගම සුමේද විද්‍යා­ල­යේත් මූලික අධ්‍යා­ප­නය ලැබු­යේය.

හොරණ ශ්‍රීපාලි විද්‍යා­ල­යෙන් උසස් අධ්‍යා­ප­නය ලැබූ මුදු­න්කො­ටුව මහතා 1957 වර්ෂයේ සංගීත උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස තම සංගීත සේවාව ආරම්භ කළා.

සංගීත ක්ෂේත්‍ර­යට සිදු කළ සේවය අග­ය­මින් සංගීත අධ්‍යා­ප­නය සඳහා වූ රාජ්‍ය සම්මා­නය ඇතුළු සම්මාන රැස­කින් පිදුම් ලබා තිබීම විශේෂත්වයක්.

පෙර­දිග සංගී­තය පිළි­බඳ හසල දැනුම් සම්භා­ර­යක් ඇති එතු­මන් විද්‍යා­ර්ථ­යන්ගේ දැනුම සඳහා සංගී­තය පිළි­බඳ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කෘති මාලා­වක් සකස් කර තිබේ.

1997 දී සම්භාව්‍ය සංගීත ප්‍රවේ­ශිකා නමින් කෘති­යක්ද, සම්භාව්‍ය සංගීත ප්‍රථම, සම්භාව්‍ය සංගීත ඩිප්ලෝමා, විශා­රද තබ්ලා පරි­චය සිංහල හා ඉංග්‍රීසි, ආදි වශ­යෙන් කෘති මාලා­වක් සංගීත ප්‍රේමීන් වෙනු­වෙන්ම ලේඛ­නය කර ඇත.

සංගී­තා­චා­ර්ය­ව­ර­යෙක්, සම්භාව්‍ය සංගී­ත­ඥ­යෙක්, සංගීත උප­දේ­ශ­ක­ව­ර­යෙක් සහ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙසද ප්‍රේම­දාස මුදු­න්කො­ටුව මහතා කට­යුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු පසුව දැනුම් දෙනු ලැබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka