gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රේමය ඉල්ලුවාම සිසුවිය සහෝදරයින් ගෙන්වලා... සිසුවා මිතුරන් ගෙන්වලා... ගුටි කෙළියෙන් 15 ක් රිමාන්ඩ්!

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසල් සිසු - සිසුවි පෙම් සබ­ඳ­තා­වක් මුල­්ක­ර­ග­නි­මින් ඇතිවූ ආරවුලක් නිසා සිදු කළ පහ­ර­දී­මක් හේතු­වෙන් තරු­ණ­යන් 15 දෙනෙකු රිමාන්ඩ් කරන ලද පුවතක් වාර්තාවේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මුල්ලේ­රි­යාවේ පදිංචි 10 වන ශ්‍රේණියේ සිසු­වෙකු 9 වන ශ්‍රේණියේ සිසු­වි­යක සමඟ ප්‍රේම සබ­ඳ­තා­වක් ගොඩ නඟා ගැනී­මට උත්සාහ ගෙන තිබේ.

නමුත් සිසු­විය එය ප්‍රති­ක්ෂේප කර ඇත. දිගින් දිග­ටම මෙම සිසුවා තමන් හා යාළු වෙන්නැයි සිසු­වි­යට බල­පෑම් කිරිම හේතු­වෙන් ඇය මේ බව ඇයගේ වැඩි­ම­හල් සොහො­යු­රන් දෙදෙනාට දැනුම් දී ඇත.

අන­තු­රුව පාසලේ පැවැති ක්‍රීඩා උත්ස­ව­ය­කට එම සහෝ­ද­රයින් හා එක් සහෝදරයෙකුගේ විවාහක බිරියද පැමිණ බලපෑම් කරන සිසුවා හමු වී තම සහෝ­ද­රිය තවම ඉගෙන ගන්නා බැවින් ප්‍රේම­ය­කට ඇයට බල­පෑම් නොක­රන ලෙස දැනුම් දී ඇත.

එයට එකඟවී නැති සිසුවා  තමන්ට කෙසේ හෝ සිසුවියගේ ප්‍රේමය අවශ්‍ය බව දන්වා ඇත.

එම අවස්ථාවේ පිරිස අතර බහින්බස්වීමක් පැනනැගී ඇති අතර දුර­ක­තන ඇම­තු­මක් ලබා දී සිය මිතු­රන් පිරි­සක් එම ස්ථාන­යට ගෙන්වා ඇති සිසුවා පාසල් භූමි­යෙන් පිට­තදී සිසු­වි­යගේ සහෝ­ද­ර පිරි­සට පහර දී ඇත.
එහිදී සිසු­වි­යගේ සහෝ­ද­ර­යන් දෙදෙ­නෙ­කුට සහ සහෝ­ද­ර‍යෙ­කුගේ බිරි­යට කල­හ­කා­රිව හැසු­රුණු පාසල් සිසුවා සහ ඔහුගේ මිතු­රන් පහ­රදී ඇත.

මේ සිද්ධි­යෙන් තුවාල ලැබූ තරු­ණ­යන් දෙදෙ­නෙක් සහ තරු­ණි­යක කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර පහ­ර­කෑ­මට ලක් වූ එක් පුද්ග­ල­යෙ­කුගේ තත්ත්වය බර­ප­තළ බවත් ඔහු දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන බවත් පොලි­සිය පැවැ­සීය.

මේ සම්බ­න්ධ­යෙන් මුල්ලේ­රි­යාව පොලී­සිය සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­ක­රු­වන් 15 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන අධී­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ. ඔවුන් ඊයේ (29) දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබේ. ඔවුන් අද දිනයේ හඳු­නා­ගැ­නීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කරන ලෙසත් අධි­ක­ර­ණය නි‍යෝග කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් සීසී­ටීවී දර්ශන සහ දුර­ක­තන ඔස්සේ පටි­ගත වී ඇති දත්ත ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka