gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ලිංගික හිංසන කතා කළ ගයාත්‍රී හංසනීට එරෙහි නඩුවක් ඉවතට!

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­පති ඇතුළු නිල­ධා­රීන් විසින් එහි අලෙවි හා සන්නි­වේ­දන අංශයේ හිටපු ලේක­ම්ව­රි­යක වන ගයාත්‍රී හංසනී වික්‍ර­ම­සිංහ මෙනෙ­වි­යට එරෙ­හිව පැවරූ නඩු­වක තීන්දුව දුන් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා නඩුව නිෂ්ප්‍රභ කර වග­උ­ත්ත­ර­කා­රි­යට රුපි­යල් 50,000ක නඩු ගාස්තු ගෙවන ලෙස පැමි­ණි­ල්ලට නියෝග කරන ලදී.

2012 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ අලෙවි හා සන්නි­වේ­දන අංශයේ ලේක­ම්ව­රි­යක ලෙස සේවය කළ ගයාත්‍රී වික්‍ර­ම­සිංහ මෙනෙ­වි­ය අසා­ධා­රණ හා අභූත හේතු­මත සේව­යෙන් නෙර­පීමේ හේතුව මත ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­පති ඇතුළු නිල­ධා­රීන්ට එරෙ­හිව කම්කරු උසා­වියේ නඩු­වක් ගොනු කර ඇත. එම නඩුව මේ වන විටත් විභාග වෙමින් පව­තින අතර,

එහිදී පැමි­ණි­ලි­කා­රි­යට වාසි­දා­යක වන ආකා­රයේ අතුරු තහ­නම් නියෝග 2ක් අවස්ථා දෙක­කදී දී ඇත. එම අතුරු තහ­නම් නියෝග අභි­යෝ­ග­යට ලක් කර­මින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­පති ෂම්මි සිල්වා මහතා ඇතුළු නිල­ධා­රීන් විසින් ගයාත්‍රී වික්‍ර­ම­සිංහ මෙනෙ­වි­ය වග­උ­ත්ත­ර­කා­රිය ලෙස නම්කර කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ 2022දී නඩු­වක් ගොනු කර තිබේ. එහිදී දෙපා­ර්ශ්වය දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කළ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය පැමි­ණිල්ල නිෂ්‍ප්‍රභ කර කම්කරු උසා­විය දුන් අතුරු තහ­නම් නියෝ­ගය තහ­වුරු කළේය.

රාජ­කාරි වේලා­වේදී නිය පාට කිරීම, කොණ්ඩය පිරීම, රූප­ලා­වන්‍ය කට­යුතු කිරීම, උස් හඬින් දුර­ක­තන සංවාද පැවැ­ත්වීම, පමාවී සේව­යට පැමි­ණීම ඇතුළු චෝදනා යටතේ ගයාත්‍රී වික්‍ර­ම­සිංහ මෙණෙ­විය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය විසින් සේව­යෙන් නෙර­පන ලදී. තමන් සේව­යෙන් ඉවත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ ඇතැම් නිල­ධා­රීන්ගේ දුරා­චාර ක්‍රියා­ව­ලට අව­නත නොවීම නිසා බවට ලිංගික අල්ලස් චෝද­නා­වක් ඇය පසුව ඉදි­රි­පත් කරන ලදී.

මේ ගැන ඇය 2016දී ඩේලි මිරර් පුවත්පතට මෙසේ අදහස් දැක්වූවාය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගේ ලිංගික අතවර සහ විකෘති කිරීම් ඇතුළු හිරිහැරවලට මම මුහුණ දී තිබෙනවා. සවස් වරුවේ බීම සඳහා මට සමාජ ශාලාවේ සාමාජිකත්වය ලබා දී ඇති අතර ඇතැම් පුද්ගලයින් මා සමඟ රාජකාරි කරන කාලය තුළ ඔවුන්ගේ අමතර විවාහ සබඳතා ගැන කතා කර ඇත.

“මම ශාරීරිකව ලිංගික හිරිහැරවලට පවා මුහුණ දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, මම 2012 වසරේ එක් සිදුවීමක් එවකට ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතාට වාර්තා කළා, එවකට සභාපති උපාලි ධර්මදාස මහතා සමඟ ප්‍රශ්නය යොමු කර ඔහු එම ප්‍රශ්නය සමථයකට පත් කරන්න උත්සාහ කළා.

“මා මේ කියන පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් සේවකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් හිටපු සම සාමාජිකයන්ය. ඔවුන්ගේ නම් හෙළි කිරීමට මට අවශ්‍ය නැත, නමුත් අවශ්‍ය වූ විට මම කරන්නෙමි. අවිවාහක කාන්තාවක් වන මට මැසිවිලි නඟා මගේ ප්‍රතිරූපය විනාශ කිරීමට අවශ්‍ය නැහැ..“
“කොහොම වුණත් මම ගැන ටැබ්ලොයිඩ්වල සහ පත්තරවල බොරු කතා පළවෙලා තියෙනවා. පසුව 2014 සැප්තැම්බර් 17 වැනි දින “සිලෝන් ටුඩේ” සමාව අයැදීමක් පළ කරා. තරගාවලි සංවිධානය කිරීමට සම්බන්ධ වූ එකම කාන්තාව මමයි. මම සංචාර සංවිධානය කරන කාලය තුළ ඇතැම් සහායක කාර්යමණ්ඩලයේ පුද්ගලයන්ගෙන්ද ලිංගික හිරිහැරවලට සහ විකෘතිවලට මුහුණ දී තිබෙනවා” ඇය පවසා තිබේ.

කම්කරු උසා­වියේ විභාග වන නඩු­වේදී ක්‍රිකට් පාලක මණ්ඩ­ලය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් ලිංගික අල්ලස් සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඇගෙන් හරස් ප්‍රශ්න විම­සී­මට සූදා­නම් වූ අව­ස්ථාවේ පැමි­ණිල්ල එයට විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කරන ලදී. නඩු­වට අදාළ නොවන කාර­ණ­යක් සම්බ­න්ධ­යෙන් හරස් ප්‍රශ්න විම­සීම වළ­ක්ව­මින් ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යට එරෙ­හිව කම්කරු උසා­විය අතුරු තහ­නම් නියෝ­ග­යක් දෙන ලදී. තවත් අව­ස්ථා­ව­කදී එම සිදු­වීම සම්බන්ධ කරු­ණක් ගැන හරස් ප්‍රශ්න විම­සී­මට වග­උ­ත්ත­ර­ක­රු­වන් සූදා­නම් වූ විට එම අව­ස්ථා­වේදී ද කම්කරු උසා­විය ඒ් ගැන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලය කොළඹ මහා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ප්‍රති­ශෝ­ධිත පෙත්සම මඟින් බලා­පො­රොත්තු වූයේ ඉහත නඩුව අර­භයා කම්කරු උසා­විය නිකු­ත්කර ඇති අතුරු තහ­නම් නියෝග දෙක ඉවත් කර ගැනී­මය. වග­උ­ත්ත­ර­කා­රිය වෙනු­වෙන් නීතිඥ දිනු­ෂිකා මිරි­හාන මහ­ත්මි­යගේ උප­දෙස් මත නීතිඥ චානක ජය­මහ මහතා කරුණු දක්වන ලදී. පැමි­ණිල්ල වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ ජගත් වික්‍ර­ම­නා­යක මහතා පෙනී සිටි­යේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka