gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතියගේ නිවසට ගිය සුසිතව මරා දැමුවාද?

පසුගිය 22 වනදා මිතුරෙකු සමඟ, ආරාධනයකට අනුව වස්සාඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට ගිය බව කියන තරුණයෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ සහෝදරයා පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමැති තරුණයෙක්.

මෙම තරුණයා පසුගිය 22 වනදා "සිඟිති" නමින් හඳුන්වන පුද්ගලයෙකුගේ නිවසට මෙලෙස ගොස් ඇති අතර, එම නිවස හිමි සිඟිති නැමැත්තා සහ නිවැසියන් ද මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් තරුණයා සමඟ 22 වනදා එහි ගිය අනෙක් තරුණයා පවසා ඇත්තේ තමන් නිවස අසළ රැඳී සිටිය දී මිතුරා සිඟිති යන අයගේ නිවසට ගිය බවයි.

කෙසේ වෙතත් සැළකිය යුතු වේලාවක් ගතවුවත් මිතුරා නොපැමිණි හේතුවෙන් තමන් දිගින් දිගටම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළත් එය ක්‍රියා විරහිතව තිබූ බවයි මිතුරා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර අදාළ තරුණයා ගිය නිවසේ, නිවෙස් හිමියන් එහි සිට වාහන දෙකකින් අධික වේගයෙන් නිවසින් පිටව යන ආකාරය අසල්වැසියන් දැක තිබෙනවා.

කෙසේ වෙතත් සිඟිති නැමැත්තා සුසිතගේ මිතුරෙකුට පසුව දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ සුසිත මරා දැමූ බවයි.

එමෙන්ම පොලිසියට ගොටු අල්ලන පිරිසක් තවමත් ඉන්නා බවත්, ඔවුන් ද මරා දමන බවට සිඟිති නැමැත්තා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවනු ලබනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka