gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී... මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි' - රවී ලංකාවට ආයුබෝවන් කීමට සැරසෙයි

රවී රොයිස්ටර් කියන්නේ අතිශය ජනප්‍රිය සහ දක්ෂ ගායන ශිල්පියෙක් සහ නිර්මාණකරුවෙක්.

ඔහු පසුගියදා ඉන්දියාවේ ජනප්‍රිය සිනමාපටයකටද සිය ගායන දායකත්වය ලබා දුන්නා.ඉඳහිට කරන නිර්මාණ රසික හදවත් තුලට දැනෙන්නට ගායනා කරන ඔහු තරමක සංවේදී සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ පළ කර තිබුණා.ඔහු ලංකාවේ සංගීතයට තිත තියන්නද සූදානම.මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහන.
" මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි.

මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.

කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි.

ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.

මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය.

ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.

ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත.

එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි.

ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය.

කලාව තුළින් අප්ඩේට් නැත.

අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි.

තවත් කීමට එමටයි.

මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.

විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.

අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු .ස්තුතියි. මගේ රටට ආදරෙයි.
Ravi Royster 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka