gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියානු ප්‍රහාරයකින් 'හැරී පොටර් මන්දිරය' ගිනිබත් වෙයි: සිව්දෙනෙක් මරුට - 32කට තුවාල

යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි ප්‍රකට මන්දිරයක් වන 'හැරී පොටර් මන්දිරය'ට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රුසියාව විසින් එල්ල කර ඇති එම ප්‍රහාරයෙන් 'හැරී පොටර් මන්දිරය'ට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු සහ ගර්භනී කාන්තාවක් ද සිටින බවයි ඔඩෙසා ප්‍රාදේශීය ආණ්ඩුකාර 'ඔලේ කිපර්' ප්‍රකාශ කර ඇත්තේ.

එම ප්‍රහාරයෙන් සුනඛයෙකුද මියගොස් තිබෙනවා.

හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි අදාළ නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති අතර එය යුක්‍රේන ජනතාව අතර ප්‍රකටව ඇත්තේ 'හැරී පොටර් මන්දිරය' ලෙසයි.

ප්‍රහාරයෙන් එම මන්දිරය මුළුමනින්ම ගිනි ගෙන ඇති අතර අසළ නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා බලධාරීන් උපරිම වෙහෙසක් දරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka