gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ මඩින්න අර්ජුන ඉන්දියාවේ සහාය ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරඟ පාවාදීම්. දූෂණ හා ඔට්ටු ඇල්ලීම් වැළැක්විම සඳහා ඉන්දියාවේ සහාය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දීය සංචාරයකට ඒක්වූ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් හා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රජ්නාත් සිං මහතාගෙන් අමාත්‍යවරා මෙම ඉල්ලිම් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඩලීම පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින්, ආරම්භයක් ලෙස ඔහු සමග සාකච්ඡා අරඹන ලෙසයි. එසේම එම සාකච්ඡාව ඉන්දීය බලධාරීහු  වහාම සංවිධානය කළහ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරා පවසා ඇත්තේ නීත්‍යානුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහය ලබා දීමට සූදානම් බවයි. එසේම ඒ සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන ආරක්‍ෂණ ක්‍රමවේද හා තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් ශ්‍රී ලංකාවට ද ලබා දෙන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඔහුගෙන් ඉල්ලා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka