gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවට ජයග්‍රහනය නූලෙන් මග හැරෙයි" - සිවුවෙනි තරගයේ ජයග්‍රහණය අහිමි වූ අවාසනාවන්ත සිදුවීම !

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සිවුවෙනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 18ක ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය. නායක දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදි ප්‍රබල එංගලන්ත කණ්ඩායමට  තියුනු තරගයක් ලබා දීමට සමත්වුවද අවාසනාවන්ත ලෙස තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අහිමි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය. මුල් කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම එක ලකුණකට දැවි යද්දි නොම්මර තුන පිතිකරු ලෙස කණ්ඩායමට පැමිණි දිනේෂ් චන්දිමාල් වගකීම් සහගත පිතිහරඹයකින් ඉනිම ගොඩ නැගීය.

පිට පිටම තරග 3 කදී ලකුණු නොළබා දැවී ගිය කුසල් මෙන්ඩිස්ට මෙම තරගයෙදීද සුපුරුදු පරිදි අසාර්ථක විය. ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුමෙන් දැවීයන විට පන්දු 14 කට මුහුණදී සිටි මෙන්ඩිස් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. එහිදී ඔහු ලබාගත් ලකුණක් පාසා නරඹන්නන් ඝෝෂා කරන අයුරු දක්නට ලැබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 27 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. තරගය නතර කරන විට ජෝ රූට් ලකුණු 32 ක්ද, නායක ඔයින් මෝගන් ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ජෝ රූට් ලකුණු 22 ක් ලබා ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ලසිත් මාලිංග අතට උඩ පන්දුවක් දුන්නේය. එය රැකගැනීමට මාලිංග සමත් වුවද, ඒ වන විට යාර 30 සීමාවෙන් පිටත නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර පන්දු රකින්නකු රඳවා තිබීම හේතුවෙන් දෙවන විනිසුරුවරයා එය නිපන්දුවක් බවට සංඥා කළේය.

මෙම කඩුල්ල දැවී ගියා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ජය හිමිකර ගත හැකිව තිබුනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka