ඒ ඇස්වල තියෙන්නේ අමුතුම දීප්තියක්.. රතු රෝස මල් මිටක් එක්ක තනිවුණ රෝස කුමාරිගේ හැඩ කොහොමද..? (PHOTOS)

ඇයත් ලස්සන රෝස මලක් කිව්වොත් හරි..

කස්තුරි ජයවර්ධන , ගොඩක් දෙනෙක් ආදරය කරන පුංචි තිරයේ අහිංසකාවියක්.. 

ඇය මීට දවස් කිපයකට කළින් ඇය මෙන්න මේ විදිහේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා..

ඒ ඉතින් ආදරවන්තයින්ගේ මාසයේ ආදරයෙන් පිරෙන්න කස්තුරිත් ගොඩක් කැමති වෙලා වගේ..

මේ බලන්නකෝ රතු රෝස මල් එක්ක එයාගේ ලස්සන.. 

'ඉගිල්ලෙන මාලුවෝ' ෆිල්ම් එකේ සම්පූර්ණයෙන් ම නිරුවත් වුණාට, ගයේෂා පෙරේරාට ගෙවූ මුදල?: 'මට අම්මා කෙනෙක් වෙන්න බෑ කිවුවා, මම නිළියක් නෙවෙයි කිවුවා!

සංජීව පුෂ්පකුමාර 'ඉගිල්ලෙන මාලුවෝ' හදන්නෙ කාලෙකට කලින්. මේ 'ආන්දෝලනාත්මක' චිත්‍රපට කතාව ඇතුළේ තිබුණු 'ගයේෂා පෙරේරා'ගේ නිරුවත් දර්ශන කිහිපය ඒ සමයේ වඩා වැඩි කතාබහට ලක්වනවා.

ඒ හා සමඟ 'ගයේෂා'ගේ දේශපාලන ආගමනයත් 'ඉගිල්ලෙන මාලුවෝ' ගැන කතාබහ වැඩිවෙන්න හේතූ වුණා.

'මායිම් ගම්මානයක්' කේන්ද්‍ර කරගෙන නිර්මාණය කෙරුණු 'ඉගිල්ලෙන මාලුවෝ' ලංකාව ඇතුළේ 'ප්‍රදර්ශනය කරන එක' තහනම් වුණත්, අන්තර්ජාලය ඔස්සෙ ඒ 'සම්පූර්ණ නිර්මාණය' නරඹන්න තරම් ප්‍රේක්ෂකයෝ පෙළඹුණා. (ඔවුන්ට ඒක නොබලා ඉන්න බැරිවුණා....)

කොහොම වුණත් 'ඉගිල්ලෙන මාලුවෝ' කියන්නෙ සමාජය හංඟපු 'අමු ඇත්තක්'. චිත්‍රපට කතාවකින් ඒක කියන්න තරම් 'සංජීව' වැඩකරුවෙක් වුණත් අනෙක් අතට, එහි ඇතුළත් 'ලිංගික දර්ශන' අනවශ්‍යයි කියලත් ඇතැම් විචාරකයින් අදහස් දක්වලා තිබුණා.

කොහොම වුණත්, තමන් ඒ 'රංගනය' ගැන පසුතැවීමක් නොමැති බැව් ඈ පුවත්පත් මාධ්‍ය හරහා කියා තිබුණා.

'පහුගිය කාලයේ අපි දැවැන්ත ලෙස අන්තර්ජාලය ඔස්සේ සහ දැවැන්ත ලෙස මාධ්‍යයට කතාකරපු චිත්‍රපටයක් හැටියට "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය ගැන ඒ චිත්‍රපටයේ හිටපු මිනිසුන් පිළිබදව පසුතැවීමකට ලක්වුණා නැත්තේ නැහැ. හැබැයි ඒ චිත්‍රපටයේ රංගනය පිළිබදව කිසිසේත්ම පසුතැවීමකට ලක්වන්නේ නැහැ.'

'මොකද අපේ රටේ බිහිවෙච්ච ප්‍රවීන අග්‍රඝනයේ අයට බනින්නේ නැහැනේ අදටත්. චරිතයක් පිළිබදව මේ විදිහට මඩගැසීම් වලට ලක් කිරීම මං නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේකෙන් වෙන්නේ ඉදිරියේදී හොද නිර්මාණයක් බිහිකරන්න, බිහිවෙන්න ඒකට දායක වෙන්න අපේ රටේ නළු නිළියන් ගොඩක් වෙලාවට පසුබෑමකට ලක්වෙනවා. ඉතිං මේක හැම මනුස්සයගේම දර්ශනය පිළිබදව තියෙන දෙයක්.'

ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකෙරුණු සමයේත් 'ගයේෂා' තමන් වෙතට එන 'ගැරහුම්' සහ 'බියවැද්දීම්' ගැන ප්‍රසිද්ධියේ කියා තිබුණා.‍

ඉන් නොනැවතී තමන්ව එහි අධ්‍යක්ෂකවරයා 'මූල්‍යමය' වශයෙන් සූරා කෑමකට ලක් කළ බවත්, තමන්ට ඒ සඳහා ගෙවූ මුදල 'රුපියල් තිස්දහසක්' පමණක් බවත් ඇය කියා තිබුණා. (නමුත් ඇතැම් තැන්වල එය 75,000ක් බව ද සඳහන් කර තිබුණා....)

මේ වන විට අමරිකාවේ දිවි ගෙවන 'ගයේෂා', මෑතක 'ඉගිල්ලෙන මාලුවෝ' තිරගත වීම ගැනත් එරට සිට අදහස් දක්වා තිබුණා.

'හැම අතින්ම අද මම ජීවිතය දිනලා ඉවරයි. දේශපාලනයෙන් කරකුට්ටම් වෙච්ච දේශපාලකයෝ මට බයේ සමාජගත කළා මම නිළියක් නෙමෙයි කියලා. මට අම්මා කෙනෙක් වෙන්න බැහැ කිව්වා මම හිතන්නේ මම ඒ හැමදේකටම අද වෙනකොට පිළිතුරු දීලා හමාරයි කියලා. අදටත් මම ගයේෂා පෙරේරා. මගේ පෙර පිනකට මට මිනිස්සු ආදරෙයි.'

එංගලන්තයේ ලාංකික සිසුවා නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමතැයි බියෙන් දිවි නසාගෙන

එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිසුවෙකුගේ අභිරහස් මරණය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිනාල් ද අල්විස් නමැති 16 හැවිරිදි වියේ පසු වූ පාසල් සිසුවෙක් වන මොහු 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වන දා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අභිරහස් ලෙස මියගොස් සිටි ඩිනාල්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට විනිශ්චය කර එයට හේතුව සොයා අඛණ්ඩව විමර්ශන සිදු කර ඇති අතර ඒ විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට කළ තර්ජනයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

විමර්ශන නිලධාරීන් සැක පළ කරන්නේ VPN තාක්ෂණය භාවිත කරමින් නයිජීරියාවේ සිට ඩිනාල් වෙත මෙම පණිවුඩය එවා ඇති බවත් එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කප්පම් ඉල්ලා ඇති පුද්ගලයා ඔහු වෙත නිරුවත් ඡායාරූප දෙකක් යොමුකර තිබෙන බවයි.

විමර්ශකයින් කියා සිටින්නේ ඔහු මීට පෙර ලබාගත් ඡායාරූප දෙකක් මෙලෙස සැකකරුවන් අතට පත්ව ඇති බවට විශ්වාස කරන බවයි.

පැතුම් සහ චමීර නැති බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා T20 සංචිතය

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන 20 – 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබූ එම සංචිතය පහතින්.

පන්ති කාමරයක දරුවෙක් අපහසුතාවට පත්කරන වීඩියෝව ගත්ත කෙනා ගැන හොයයි

පාසල් පන්ති කාමරයක් තුළදී කුඩා දරුවෙකුට අපහසුතාවයක් ගෙන දෙන ආකාරයේ වීඩියෝ පටයක් පටිගත කිරීමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වේ.

කුඩා දරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර, ප්‍රතිචාර දැක්වීමේදී දරුවාට අපහසුතාවයක් දැනෙන බව දැකගත හැකිය.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිද්ධිය පටිගත කිරීමට වගකිව යුතු පුද්ගලයා හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි.

එම පුද්ගලයා ගුරුවරයකු බවට තහවුරු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව සුදුසු විනය පියවර ගන්න බවද අදාළ නිලධාරියා පවසා ඇත.

මෙරට වාහන මිල තවදුරටත් ඉහළට – නවතම මිල ගණන් දැනුම් දෙයි

මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙනවා.

වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි.

පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (26) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් වෙනවා.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැට ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 66යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 95යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 67 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 91යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි හතලිස් ලක්ෂයයි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 52යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 32යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 52යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23,900යි

"Phone හොරකම් කරලා ආවේ නැත්නම් අම්මා ගහනවා..'' ළමා රෝහල අසල මල් කැකුළක් ලවා කරගෙන ගිය ජාවාරමක් එළියට!

දරුවෙකුට යහ මඟ යන්න කියා දෙන්න ඕන මව්පියන් නේ.. ඒත් මේ දරුවන් වරදට පොළඹවාගෙන තියෙන්නෙත් මව්පියන්මයි.. 

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්...

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල අසල කාලයක් තිස්සේ කරගෙන ගිය මේ වැඩේට ඇත්තටම ඒ දරුවා යොමු කළේ කවුද..? මේ කතාව ඇහුවොත් නම් ඇත්තමයි ඔබ පුදුම වේවි..

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් දුරකථන තම හත් හැවිරිදි දරුවා ලවා සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා...

පොලිසිය පවසන්නේ මෙම දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් ඔහු පවසා ඇත්තේ ජංගම දුරකථන රැගෙන නොගෙන ආවොත් මව විසින් තමාට පහර පිට පහර ලබා දෙන බවත්, රැගෙන එන ජංගම දුරකථන තම මව විසින් පියාට දෙන බවයි..

ඇය සමඟ කතාකර සිටින අතර නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවෙකුගේ මවගේ අතේ තිබු රුපියල් 40,000 පමණ වටිනා දුරකථනයක් රැගෙන පලාගොස් තිබෙන බවට ද පැමිණිලි ලැබී තිබෙනවා...

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකාර මව ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි...

කුවේටයේදී කෑම නිසා වෙඩි කාපු ශ්‍රී ලාංකිකයා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතට!

කුවේට් රාජ්‍යයේ ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති ශ්‍රී ලාංකිකයා ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙනයෑමේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහු ජබ්‍රියා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට තානාපති කාර්යාලය සහතික වී තිබේ.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන්ට මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

රාජාංගණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු පියකු වන මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩිතැබූ බව තුවාලකරු පවසයි. වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

ඔහුව යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර තිබේ. එසේම, ඔහුගේ රෝහල් වියදම් ඔහු සේවය කරන අවන්හල විසින් දරනු ලැබ ඇති බව ද කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

එම වෙඩිතැබිම සිදු කරන ලද කුවේට් ජාතිකයා මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

'අම්මා එක්ක තරහා වෙලා ආවේ','එන්න නංගි.... අපි ගමනක් යමු!!': එදා ටිහාරා, මෙදා තව කෙනෙක්! පෙම්වතායි මිතුරියයි එකතුවෙලා, සිසුවියකට කරපු අපරාධය

පසුගිය 21 වැනි දින 'කළුතර උතුර' පොලිස් ස්ථානයට පැමිණි එක්තරා මවක් (ඇය පනාපිටිය වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්) සිය 'අස්ථානගත' වූ දියණිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් 'විමර්ශන' ඇරඹූ පොලිස් නිලධාරින් මෙම 'බාලවයස්කාර දියණිය' ඇගේ මිතුරියක් හා සිටියදී සොයා ගනු ලැබුවා.

නමුත් සත්‍ය වශයෙන් ම ඔවුන් දෙදෙනා සිට ඇත්තේ 'මීගමුව' ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළ යි.

මෙම 'සම්බාහන' මධ්‍යස්ථානයේ දී අදාළ දැරිය (ඇයට තවමත් අවුරුදු 15යි) දූෂණය කර ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නෙ.

'උපාය දූතයෙක්' මාර්ගයෙන් දැරිය පොලිසිය වෙත ගෙන්වා ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබුණෘ.

බොලොස්සගම පදිංචි අවුරුදු 17ක පෙම්වතා සහ ඇගේ යෙහෙළිය විසින් මෙම 'දැරිය' සම්බාහන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිය මව සමඟ අමනාප වූ 'දැරිය' මීගමුව ප්‍රදේශයේ හිතවතියකගේ නිවසට කැඳවාගෙන යන බව පවසා, පෙම්වතා ඇයව මෙම 'සම්බාහන මධ්‍යස්ථානයට' රැගෙන ගොස් තිබුණා.

එසේම ඉන් අනතුරුව ඇයව එක්තරා 'ව්‍යාපාරිකයෙක්'ට මුදලට විකිණීමට ද පෙම්වතා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නෙ.

මේ වන විට ඇගේ 'පෙම්වතා' සහ යෙහෙළිය අත්අඩංගුවට ගෙන ඇති බැව් ද සඳහන්‍.

'කළුතර උතුර' පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මින් ඉහතද මෙවැනි වූ 'අවාසනාවන්ත සිදුවීම්' කිහිපයක් ම වාර්තා වූ අතර, මාස කිහිපයකට පෙර දී දැරියක් එවැනි වූ සිදුවීමක් නිසා අබිරහස් ලෙස මරණයට පත් වී තිබුණා. (ඒ ගමන ද ඇයව රැගෙන ගොස් තිබුණේ යෙහෙළියක් විසිනු යි...)

මව්පිය විරසකම් සහ ඉන් එහා 'ලිංගික දැනුම' අල්ප වීම හේතුවෙන් මෙවැනිම වූ අවාසනාවන්ත සිදුවීම් නිරන්තරයෙන් දකින්නට අහන්නට ලැබුණා.

නාමල්ගේ සෙරෙප්පු දෙක උස්සගෙන යන්නත් වෙනම කෙනෙක්? (VIDEO)

නාමල් රාජපක්ෂ ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

මේ වෙනකොට අලුත් ආරම්භයක් ගනිමින් නාමල් නව ගමනක් ආරම්භ කරලා තියෙනවා.

නාමල් ගමින් ගමට ගෙදරින් ගෙදරට ගිහින් සිය දේශපාලන ව්‍යාපාරයට අලුත් ආරම්භයක් අරගෙන තියෙනවා.

නාමල් පන්සලකට යන වීඩියෝවක් ඔබ දැක්කා මතක ඇති.

ඒ වීඩියෝවේ අමුත්තක් ඔබ දැක්කද?

ඒ වීඩියෝ එකේ නාමල් රාජපක්ෂ ලඟින් යන අතින් කෙනා අතේ පාවහන් යුගලයක් තියෙනවා.

හැබැයි ඔහු පාවහන් පැලදගෙනයි ඉන්නේ.

නාමල් නම් පාවහන් නැතුවයි ඉන්නේ.

එතකොට ලස්සන බණ්ඩාරගේ අතේ තියෙන්නේ නාමල්ගේ සෙරෙප්පුද?

රටම බලා සිටි, සජිත් සහ ජලනිගේ කැදැල්ල සැරසූ අලුත් අමුත්තිය පළමුවරට එළියට!

විපක්ෂ නායක 'සජිත් ප්‍රේමදාස' මහතා පිය පදවිය ලැබූ පුවත මින් ඉහත 'මොනරා' අප වාර්තා කළා ඔබට අමතක නැතුව ඇති.

'චමින්ද විජේසිරි' මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසා සජිත් ප්‍රේමදාසගේ 'දියණිය' ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙනවා.

රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් 'දරු සුරතල්' බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා. (ඒ සමයේ පහත ඡායාරූපය ද මේ කතාබහ ඇතිවෙන්න තරම් හේතුවක් වූවා...)

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි 'අලුත් අමුත්තියට' පක්ෂ විපක්ෂ බේදයක් හෝ නොමැතිව බොහෝ දෙනෙක් 'සුභාශිංසන' එක්කොට ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.

මේ අතර, ජලනි ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින නවතම සේයාරූ පෙළක් මේ වන විට 'සමාජ මාධ්‍ය' තුළ සැරිසරනවා.

ජලනි ප්‍රේමදාස සිය දියණිය හා යම් 'පිංකම් අවස්ථාවක්' සඳහා සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූපයි මේ....

'මට ඕනි වුණේ එක දවසක් විතරක් ජීවත් වෙන්න' සංක්‍රාන්තිකභාවයට අදාළ සැත්කම අතරතුර දී ගත් ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් එළියට (VIDEO)

සංක්‍රාන්තික බවට පත්වුණු, 'ඉෂාර සපුමල්' ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියනවා.

පසුගිය දිනෙක 'යූටියුබ්' නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඔහු සිය 'සංක්‍රාන්තික ආගමනය' ගැන ‌බොහෝමයක් තොරතුරු 'හෙළි පෙහෙළි' කළා.

'ස්ත්‍රී ආත්මයක්' හා දිවි ගෙවූ 'ඉෂාරා', සුවිශේෂී සැත්කමකින් අනතුරුව 'ඉෂාර' බවට පත්ව තිබුණා.

තමන්ගේ 'සිතැඟි' සැබෑ කරගත් අයුරු 'ඉ‍ෂාර' කියලා තිබුණේ මෙහෙමයි.......

'ඒ වෙනකොට මට තිබුණේ ඉතාම අල්ප දැනුමක්. මම සංක්‍රාන්තික වුණු අයව සම්බන්ධ කරගත්තා ෆේස්බුක් එකෙන්. ඒ අතරේ මම අන්තර්ජාලයෙන් රිසච් කළා. මම මේක පස්සෙ විධිමත්ව හෙවුවා.....'

'ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම ප්‍රතිකාර පටන් ගත්තේ.. 2022 ජනවාරි 1 වැනිදා මම රාගම රෝහලේ ඉන්නෙ.. එතනින් පටන් ගත්ත ගමන 2023 ජනවාරි වෙද්දි මම විවාහ වෙලා පියෙක් වෙලා ඉන්නවා....'

'මට දැනෙන ලොකුම සතුට මම මං වෙලා අවුරුද්දක් ජීවත් වුණා. මට ඔිනි වුණේ එක දවසක් විතරයි ජීවත් වෙන්න. ඒත් හරිම සන්තෝසයි... අවුරුද්දක් තිස්සෙ මම ජීවත් වෙනවා....'

මේ අතර, ඉෂාර සිය 'සැත්කම' අතරතුර දී ගත් 'වීඩියෝ පටයකුත්' මේ වන විට සමාජ මාධ්‍යයේ අතිවිශාල කතාබහකට ලක්වනවා.

එම වීඩියෝව පහතින් බලන්න...

'මේ ගුටිකන කොල්ලා මම! ස්ටේජ් නැග්ගේ අමුතු ආතල් එකක් ගන්න නෙවේ!!': බුකිය කැළඹූ වීඩියෝව ගැන, ගුටිබැට කෑ තරුණයා හඬ අවදි කරයි

පසුගිය දින කිහිපයේ 'සමාජ මාධ්‍යයේ' සැරිසැරූ තරුණයෙක්ට 'ගුටිබැට' දෙන වීඩියෝවක් කතාබහට ලක් වූවා ඔබට මතක ඇති.

'සංගීත ප්‍රසංගයක්' අතරතුර දී සිදු වු මෙම 'ආන්දෝලනාත්මක සිදුවීම' ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කර තිබුණා.

මේ අතර, එම වීඩියෝවේ සිටින තරුණයා ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් 'පැහැදිලි කිරීමක්' කරමින් සමාජ මාධය වෙත සටහනක් එක් කොට තිබෙනවා.

මේ ඒ සටහනයි.. (සටහන පහතින් කියවන්න..)

'මෙ වීඩියෝ එකෙ ගුටි කන කොල්ලා මම..පට්ට කට්ටක් කාගෙන ගෙදර අයගෙ සපොට් එකක් ඇතුව ලයින් එකක් ගහන් යන එකෙක් මං. #කර්ණාගල ගෙදරින් යන්න එපා කියද්දි කාලෙකින් සෙට් උන යාලුවෝ එක්ක අඩියක් ගහලා සංගීතෙ බලන්න ගියා...ටිකට් කඩලා ඇතුලට ගියා .වැඩි වෙලාවක් යන්න ගියෙ නැ සක්කුවෙ පොන් එක නැ.සෙනග දාහක් මැද්දෙ පිස්සුවෙන් වගෙ මං මගෙ පොන් එක හෙව්වා .(මගෙ පොන් එක කියන්නෙ මං ගහපු මැච් එක ගොඩ දාලා දුන්නෙ මෙ පොන් එක .#karnagala viewpoint.)'

'පොන් එක නැන්දා කෙනෙක්ට හම්බ වෙලා එයා ලග තියන් ඉදලා එක මට දුන්නා.පොන් එක හම්බුනාට පස්සෙ තිබ්බ සතුට වැඩි වෙලාවක් තියෙන්න උනෙ නැ .අවුරුදු 2ක් විතර පරණ කෙස් එකක් අල්ලගෙන කොල්ලො ටිකක් මගෙ වටෙ කැරකෙනවා.පොන් එක හොයන්න ගිහින් එකට හිටපු යාලුවො එකෙක්වත් හොයා ගන්න නැ .එකම විසදුම බෙරෙන්න පුලුවන් තැනකට ගිහින් ඉන්න එක කියලා ස්ටෙජ් එක ලගට ගියා.එතනින් එහාට ඉතිං කියන්න ඔනි නැනි‍‍‍..'

'අවුලක් නැ එතනින් එහාට ගුටි කලා ගෙදර ඇවිත් ශෙප් එකෙ පැනඩොල් දෙකක් ගහලා නිදා ගත්තා...පහුවදාට උහුලන්න බැරි තරම් ආමාරුයි .ගෙදරටවත් නොකියා හිටියා.13 වෙනිදා හවස kurunagala #beji මට ගහපු එක විඩියො කරලා fb දාලා.විනාඩි 15ක් යද්දි 75k බලලා තිබ්බා..කොල් කරලා කිව්ව අයින් කරන්න කියලා .ගෙදරින් විසුමක් නැ...අයින් කරන්න කියලා වැන්දෙ නැති ටික විතරයි....'

'කවුරුවත් කැමති නැ ගුටි කන එකක් මුලු සමාජයක් දකිනවට..(අවුලක් නැ පහුවදා උදෙ වෙනකොට පෙජ් කාරයො වැඩ අල්ලලා) දැං කියලා මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ මෙහෙම පොස්ට් එකක් දාන එක විතරයි එන දෙකට මූණ දීලා මගෙ පඩුවෙ හිටියම කිසි ප්‍රශ්ණයක් නැ කියලා මං මගෙ හිත හදා ගත්තා.මං ස්ටෙජ් එකට නගින්නෙ අමුතු ආතල් එකක් ගන්න නෙමෙ මුංගෙන් බෙරෙන්න හිතාගෙන..දෙයක් උන තැන තමන්ට තමන් විතරයි.... මං දාන මෙ පොස්ට් එක විඩියො එක මුලින් බලපු තරම් දකින්නැති වෙයි ..එත් අවුලක් නැ ඔක තමා ඇත්ත කතාව .පොලිසි ගිහින් එ ප්‍රශ්නෙ එතනින් ඉවර කරා .මිනියක් මැරිලා ඉවර වෙන්න තිබ්බ කතාවක් මෙහෙම හරි ඉවර උන එක ගැන සතුටුයි..'

මම පාවිච්චි කරන්නේ ඉර්ෆාන් යාළුවා දෙන අලුත්ම ඇපල් ෆෝන් එකක් – නාමල්ගේ ෆෝන් කතාවෙන් සමාජ මාධ්‍ය උණුසුම්

තමන් පාවිච්චි කරන්නේ ඇපල් 15 නවතම ජංගම දුරකතනය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට වසර 20ක පමණ කාලයක සිට නිකුත් වන අලුත් ම දුරකතනය තමන්ට ත්‍යාග ලෙස ලැබෙන බවයි.

පිටකොටුවේ ඉර්ෆාන් නම් මිතුරා සිය පැරණි දුරකතනය ගෙන අලුතින් නිකුත් වන දුරකතනයක් තමන්ට තෑගි කරන බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ, මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

“උඹට වෙන එකෙක් හිටියේ නැද්ද?” – කාන්තාවන් දෙන්නෙක් කෙහෙවලූ පටලාගත් වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න

කාන්තාවකට තවත් කාන්තාවක් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා ඔබත් දකින්න ඇති.

ඒ වීඩියෝව දැකපු ඔබට ඒ මොකක්ද වෙන්නේ කියලා එක පාරටම හිතා ගන්නත් බැරි වෙන්න ඇති.

හැබැයි ඔබ ඉතා සංයමයෙන් යුතුව ඒ වීඩියෝව බැලුවා නම් ඔබට එය වටහා ගන්නට තිබුණා කියලා අපි හිතනවා.

තමන්ගේ පුත්‍රයා හා සම්බන්ධතාවයක් ගොඩ නඟාගත් කාන්තාවකට එම පුත්‍රයාගේ මව විසින් මෙසේ පහර දෙන අතර, මෙම පහරදීම එහි රැදී සිටින තරුණියන් පිරිසක් විසින් රූගත කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

මෙන්න මීයෙක් කළ හරියක්... මීයෙක් නිසා ශ්‍රී ලන්කන් එයාර් ලයින් කැළඹෙයි

ලංකන් ගුවන් යානාවල ඊයේ සිදු වූ ප්‍රමාදය එම සමාගමේ පරිපාලන බිඳ වැටීමක් නිසා සිදු වූවක් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා...

එම සමාගමේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ එදින නිවාඩු ගත් සේවකයින් 13 දෙනෙකු සේවයෙන් ඉවත් කරන ලෙසයි..

මෙම සාකච්ඡාවට වෘත්තිය සමිති ද එක්ව සිටි අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා..

ඊයේ අලු‍යම ගුවන් තොටුපොළ පිරික්සුම් කවුළුවල සිදුවු ප්‍රමාදයත් සමග ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසියාව දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර ප්‍රමාද වීමක් වාර්තා වුණා..

මෙම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුලු එහි නිලධාරීන්ද එක්ව සිටියා. එහිදී අමාත්‍යවරයා ඊයේ ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව විමසා සිටියා..

යානයකට මීයෙක් රිංගීම නිසා පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පියාසර කිරීමට නොහැකිව දින 3 ක් රඳවා තැබීමට සිදු වූ බවද මෙහිදී අනාවරණය වුණා..

කෙසේ වෙතත් මෙම රැස්වීම උණුසුම් වූයේ කැබිනට් රැස්වීමට යා යුතු බව පවසමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වීමත් සමගයි..

අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ.. හංස ජෝඩුවක් වගේ ආදරය උතුරන ඒ දෙන්නාගේ හැඩ කොහොමද බලන්නකෝ (PHOTOS)

මාධවී - කසුන් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිත දෙකක්..

දකින දකින හැම කෙනෙක්ටම ඊරිසියා හිතෙන තරමටම ඒ දෙන්නා හැම මොහොතක්ම හරිම ආදරණීය විදිහට ඉන්න වග බලාගන්නවා..

මේත් ඒ වගේ තව ආදරණීය දවසක්.. චන්දිමාල්ගේ විශේෂ අවස්ථාවලට කොහොමත් මේ දෙන්නා ගොඩක් වෙලාවට සහභාගී වෙනවා..

ඒත් එක්කම එහෙම එකතු වෙන හැම තැනකදීම වගේ මේ වගේ ලස්සන ලස්සන ඡායාරූප ගන්නත් ඒ දෙන්නා අමතක කරන්නේ නෑ...

මෙන්න බලන්නකෝ ඉතින් මේ එයාලා එහෙම ගත්ත ට්ගවත් ආදරණීය ඡායාරූප පෙළක්..

එකපාරටම ඉන්දියාවේ ගිය සචිනි දැන් ටිකක් සරාගී වෙලා නේද..? (PHOTOS)

සචිනි අයේන්ද්‍රා, ඇය ගොඩක් ලස්සන රූ සොබාවක් හිමි රංගන ශිල්පිනියක්..

ඉතින් මෙන්න ඇයට ඉන්දියාවේ යන්න අවස්තාවක් ලැබිලා.. 

 ඒ මොකටද..? තවත් රංගන වරමකටද..?

ඉතින් ඒ ගැන ලොකු විස්තරයක් එකපාරටම කියන්න ඇය මැලි වෙනවා ඇති..

ඒත් ඉතින් මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ඇය පළ කරන්නේ ඉන්දියාවේ ගිය ගමනකදීයි.. ඉතින් මේ බලන්නකෝ ඒ ලස්සන නම් කොහොමද කියලා..

එයාට එන්න එන්නම වයස අඩු වෙනවා කියලා මේක දැක්කාම ඔයාටත් හිතේවි..

හිතුවේ ඉන්දියාවේ කෙනෙක් කියලාද..? මේ ඇඳුමට එයාගේ හැඩ කොහොමද බලන්නකෝ (PHOTOS)

ඇය ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. 

 තවමත් ලාබාල වයසේ ඉන්න සෙලීනා කියන්නේ ඇත්තටම එක වතාවක් දැක්කොත් තව වතාවක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් හිමි තැනැත්තියක්..

හිරු සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයෙන් කවුරුත් දැනගත්ත මේ චරිතය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි.. 

ඉ‍තින් ඒ වගේමයි, එක එක විලාසිතාවලටත් ඇය ගොඩක් ලස්සනට පේන තැනැත්තියක්..

ඒත් එක්කම මේත් ඒ වද්ගේ ටිකක් වෙනස් විදිහේ ඇඳුමකින් ඇය සැරසුන අවස්තාවක්.. මෙන්න බලන්නකෝ මේ ඉන්දියානු විලාසිතාවලට ඇය මොන තරම් හැඩට පේනවාද කියලා..