gossip lanka

මෙන්න මීයෙක් කළ හරියක්... මීයෙක් නිසා ශ්‍රී ලන්කන් එයාර් ලයින් කැළඹෙයි

ලංකන් ගුවන් යානාවල ඊයේ සිදු වූ ප්‍රමාදය එම සමාගමේ පරිපාලන බිඳ වැටීමක් නිසා සිදු වූවක් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා...

එම සමාගමේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ එදින නිවාඩු ගත් සේවකයින් 13 දෙනෙකු සේවයෙන් ඉවත් කරන ලෙසයි..

මෙම සාකච්ඡාවට වෘත්තිය සමිති ද එක්ව සිටි අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා..

ඊයේ අලු‍යම ගුවන් තොටුපොළ පිරික්සුම් කවුළුවල සිදුවු ප්‍රමාදයත් සමග ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසියාව දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර ප්‍රමාද වීමක් වාර්තා වුණා..

මෙම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුලු එහි නිලධාරීන්ද එක්ව සිටියා. එහිදී අමාත්‍යවරයා ඊයේ ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව විමසා සිටියා..

යානයකට මීයෙක් රිංගීම නිසා පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පියාසර කිරීමට නොහැකිව දින 3 ක් රඳවා තැබීමට සිදු වූ බවද මෙහිදී අනාවරණය වුණා..

කෙසේ වෙතත් මෙම රැස්වීම උණුසුම් වූයේ කැබිනට් රැස්වීමට යා යුතු බව පවසමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වීමත් සමගයි..
gossip lanka