gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අම්මා එක්ක තරහා වෙලා ආවේ','එන්න නංගි.... අපි ගමනක් යමු!!': එදා ටිහාරා, මෙදා තව කෙනෙක්! පෙම්වතායි මිතුරියයි එකතුවෙලා, සිසුවියකට කරපු අපරාධය

පසුගිය 21 වැනි දින 'කළුතර උතුර' පොලිස් ස්ථානයට පැමිණි එක්තරා මවක් (ඇය පනාපිටිය වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්) සිය 'අස්ථානගත' වූ දියණිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් 'විමර්ශන' ඇරඹූ පොලිස් නිලධාරින් මෙම 'බාලවයස්කාර දියණිය' ඇගේ මිතුරියක් හා සිටියදී සොයා ගනු ලැබුවා.

නමුත් සත්‍ය වශයෙන් ම ඔවුන් දෙදෙනා සිට ඇත්තේ 'මීගමුව' ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළ යි.

මෙම 'සම්බාහන' මධ්‍යස්ථානයේ දී අදාළ දැරිය (ඇයට තවමත් අවුරුදු 15යි) දූෂණය කර ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නෙ.

'උපාය දූතයෙක්' මාර්ගයෙන් දැරිය පොලිසිය වෙත ගෙන්වා ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබුණෘ.

බොලොස්සගම පදිංචි අවුරුදු 17ක පෙම්වතා සහ ඇගේ යෙහෙළිය විසින් මෙම 'දැරිය' සම්බාහන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිය මව සමඟ අමනාප වූ 'දැරිය' මීගමුව ප්‍රදේශයේ හිතවතියකගේ නිවසට කැඳවාගෙන යන බව පවසා, පෙම්වතා ඇයව මෙම 'සම්බාහන මධ්‍යස්ථානයට' රැගෙන ගොස් තිබුණා.

එසේම ඉන් අනතුරුව ඇයව එක්තරා 'ව්‍යාපාරිකයෙක්'ට මුදලට විකිණීමට ද පෙම්වතා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නෙ.

මේ වන විට ඇගේ 'පෙම්වතා' සහ යෙහෙළිය අත්අඩංගුවට ගෙන ඇති බැව් ද සඳහන්‍.

'කළුතර උතුර' පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මින් ඉහතද මෙවැනි වූ 'අවාසනාවන්ත සිදුවීම්' කිහිපයක් ම වාර්තා වූ අතර, මාස කිහිපයකට පෙර දී දැරියක් එවැනි වූ සිදුවීමක් නිසා අබිරහස් ලෙස මරණයට පත් වී තිබුණා. (ඒ ගමන ද ඇයව රැගෙන ගොස් තිබුණේ යෙහෙළියක් විසිනු යි...)

මව්පිය විරසකම් සහ ඉන් එහා 'ලිංගික දැනුම' අල්ප වීම හේතුවෙන් මෙවැනිම වූ අවාසනාවන්ත සිදුවීම් නිරන්තරයෙන් දකින්නට අහන්නට ලැබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka