gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුවේටයේදී කෑම නිසා වෙඩි කාපු ශ්‍රී ලාංකිකයා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතට!

කුවේට් රාජ්‍යයේ ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති ශ්‍රී ලාංකිකයා ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙනයෑමේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහු ජබ්‍රියා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට තානාපති කාර්යාලය සහතික වී තිබේ.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන්ට මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

රාජාංගණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු පියකු වන මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩිතැබූ බව තුවාලකරු පවසයි. වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

ඔහුව යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර තිබේ. එසේම, ඔහුගේ රෝහල් වියදම් ඔහු සේවය කරන අවන්හල විසින් දරනු ලැබ ඇති බව ද කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

එම වෙඩිතැබිම සිදු කරන ලද කුවේට් ජාතිකයා මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka