gossip lanka

"Phone හොරකම් කරලා ආවේ නැත්නම් අම්මා ගහනවා..'' ළමා රෝහල අසල මල් කැකුළක් ලවා කරගෙන ගිය ජාවාරමක් එළියට!

දරුවෙකුට යහ මඟ යන්න කියා දෙන්න ඕන මව්පියන් නේ.. ඒත් මේ දරුවන් වරදට පොළඹවාගෙන තියෙන්නෙත් මව්පියන්මයි.. 

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්...

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල අසල කාලයක් තිස්සේ කරගෙන ගිය මේ වැඩේට ඇත්තටම ඒ දරුවා යොමු කළේ කවුද..? මේ කතාව ඇහුවොත් නම් ඇත්තමයි ඔබ පුදුම වේවි..

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් දුරකථන තම හත් හැවිරිදි දරුවා ලවා සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා...

පොලිසිය පවසන්නේ මෙම දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් ඔහු පවසා ඇත්තේ ජංගම දුරකථන රැගෙන නොගෙන ආවොත් මව විසින් තමාට පහර පිට පහර ලබා දෙන බවත්, රැගෙන එන ජංගම දුරකථන තම මව විසින් පියාට දෙන බවයි..

ඇය සමඟ කතාකර සිටින අතර නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවෙකුගේ මවගේ අතේ තිබු රුපියල් 40,000 පමණ වටිනා දුරකථනයක් රැගෙන පලාගොස් තිබෙන බවට ද පැමිණිලි ලැබී තිබෙනවා...

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකාර මව ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි...
gossip lanka