gossip lanka

එංගලන්තයේ ලාංකික සිසුවා නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමතැයි බියෙන් දිවි නසාගෙන

එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිසුවෙකුගේ අභිරහස් මරණය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිනාල් ද අල්විස් නමැති 16 හැවිරිදි වියේ පසු වූ පාසල් සිසුවෙක් වන මොහු 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වන දා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අභිරහස් ලෙස මියගොස් සිටි ඩිනාල්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට විනිශ්චය කර එයට හේතුව සොයා අඛණ්ඩව විමර්ශන සිදු කර ඇති අතර ඒ විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට කළ තර්ජනයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

විමර්ශන නිලධාරීන් සැක පළ කරන්නේ VPN තාක්ෂණය භාවිත කරමින් නයිජීරියාවේ සිට ඩිනාල් වෙත මෙම පණිවුඩය එවා ඇති බවත් එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කප්පම් ඉල්ලා ඇති පුද්ගලයා ඔහු වෙත නිරුවත් ඡායාරූප දෙකක් යොමුකර තිබෙන බවයි.

විමර්ශකයින් කියා සිටින්නේ ඔහු මීට පෙර ලබාගත් ඡායාරූප දෙකක් මෙලෙස සැකකරුවන් අතට පත්ව ඇති බවට විශ්වාස කරන බවයි.
gossip lanka