gossip lanka

'ඉගිල්ලෙන මාලුවෝ' ෆිල්ම් එකේ සම්පූර්ණයෙන් ම නිරුවත් වුණාට, ගයේෂා පෙරේරාට ගෙවූ මුදල?: 'මට අම්මා කෙනෙක් වෙන්න බෑ කිවුවා, මම නිළියක් නෙවෙයි කිවුවා!

සංජීව පුෂ්පකුමාර 'ඉගිල්ලෙන මාලුවෝ' හදන්නෙ කාලෙකට කලින්. මේ 'ආන්දෝලනාත්මක' චිත්‍රපට කතාව ඇතුළේ තිබුණු 'ගයේෂා පෙරේරා'ගේ නිරුවත් දර්ශන කිහිපය ඒ සමයේ වඩා වැඩි කතාබහට ලක්වනවා.

ඒ හා සමඟ 'ගයේෂා'ගේ දේශපාලන ආගමනයත් 'ඉගිල්ලෙන මාලුවෝ' ගැන කතාබහ වැඩිවෙන්න හේතූ වුණා.

'මායිම් ගම්මානයක්' කේන්ද්‍ර කරගෙන නිර්මාණය කෙරුණු 'ඉගිල්ලෙන මාලුවෝ' ලංකාව ඇතුළේ 'ප්‍රදර්ශනය කරන එක' තහනම් වුණත්, අන්තර්ජාලය ඔස්සෙ ඒ 'සම්පූර්ණ නිර්මාණය' නරඹන්න තරම් ප්‍රේක්ෂකයෝ පෙළඹුණා. (ඔවුන්ට ඒක නොබලා ඉන්න බැරිවුණා....)

කොහොම වුණත් 'ඉගිල්ලෙන මාලුවෝ' කියන්නෙ සමාජය හංඟපු 'අමු ඇත්තක්'. චිත්‍රපට කතාවකින් ඒක කියන්න තරම් 'සංජීව' වැඩකරුවෙක් වුණත් අනෙක් අතට, එහි ඇතුළත් 'ලිංගික දර්ශන' අනවශ්‍යයි කියලත් ඇතැම් විචාරකයින් අදහස් දක්වලා තිබුණා.

කොහොම වුණත්, තමන් ඒ 'රංගනය' ගැන පසුතැවීමක් නොමැති බැව් ඈ පුවත්පත් මාධ්‍ය හරහා කියා තිබුණා.

'පහුගිය කාලයේ අපි දැවැන්ත ලෙස අන්තර්ජාලය ඔස්සේ සහ දැවැන්ත ලෙස මාධ්‍යයට කතාකරපු චිත්‍රපටයක් හැටියට "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය ගැන ඒ චිත්‍රපටයේ හිටපු මිනිසුන් පිළිබදව පසුතැවීමකට ලක්වුණා නැත්තේ නැහැ. හැබැයි ඒ චිත්‍රපටයේ රංගනය පිළිබදව කිසිසේත්ම පසුතැවීමකට ලක්වන්නේ නැහැ.'

'මොකද අපේ රටේ බිහිවෙච්ච ප්‍රවීන අග්‍රඝනයේ අයට බනින්නේ නැහැනේ අදටත්. චරිතයක් පිළිබදව මේ විදිහට මඩගැසීම් වලට ලක් කිරීම මං නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේකෙන් වෙන්නේ ඉදිරියේදී හොද නිර්මාණයක් බිහිකරන්න, බිහිවෙන්න ඒකට දායක වෙන්න අපේ රටේ නළු නිළියන් ගොඩක් වෙලාවට පසුබෑමකට ලක්වෙනවා. ඉතිං මේක හැම මනුස්සයගේම දර්ශනය පිළිබදව තියෙන දෙයක්.'

ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකෙරුණු සමයේත් 'ගයේෂා' තමන් වෙතට එන 'ගැරහුම්' සහ 'බියවැද්දීම්' ගැන ප්‍රසිද්ධියේ කියා තිබුණා.‍

ඉන් නොනැවතී තමන්ව එහි අධ්‍යක්ෂකවරයා 'මූල්‍යමය' වශයෙන් සූරා කෑමකට ලක් කළ බවත්, තමන්ට ඒ සඳහා ගෙවූ මුදල 'රුපියල් තිස්දහසක්' පමණක් බවත් ඇය කියා තිබුණා. (නමුත් ඇතැම් තැන්වල එය 75,000ක් බව ද සඳහන් කර තිබුණා....)

මේ වන විට අමරිකාවේ දිවි ගෙවන 'ගයේෂා', මෑතක 'ඉගිල්ලෙන මාලුවෝ' තිරගත වීම ගැනත් එරට සිට අදහස් දක්වා තිබුණා.

'හැම අතින්ම අද මම ජීවිතය දිනලා ඉවරයි. දේශපාලනයෙන් කරකුට්ටම් වෙච්ච දේශපාලකයෝ මට බයේ සමාජගත කළා මම නිළියක් නෙමෙයි කියලා. මට අම්මා කෙනෙක් වෙන්න බැහැ කිව්වා මම හිතන්නේ මම ඒ හැමදේකටම අද වෙනකොට පිළිතුරු දීලා හමාරයි කියලා. අදටත් මම ගයේෂා පෙරේරා. මගේ පෙර පිනකට මට මිනිස්සු ආදරෙයි.'
gossip lanka