gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මේ ගුටිකන කොල්ලා මම! ස්ටේජ් නැග්ගේ අමුතු ආතල් එකක් ගන්න නෙවේ!!': බුකිය කැළඹූ වීඩියෝව ගැන, ගුටිබැට කෑ තරුණයා හඬ අවදි කරයි

පසුගිය දින කිහිපයේ 'සමාජ මාධ්‍යයේ' සැරිසැරූ තරුණයෙක්ට 'ගුටිබැට' දෙන වීඩියෝවක් කතාබහට ලක් වූවා ඔබට මතක ඇති.

'සංගීත ප්‍රසංගයක්' අතරතුර දී සිදු වු මෙම 'ආන්දෝලනාත්මක සිදුවීම' ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කර තිබුණා.

මේ අතර, එම වීඩියෝවේ සිටින තරුණයා ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් 'පැහැදිලි කිරීමක්' කරමින් සමාජ මාධය වෙත සටහනක් එක් කොට තිබෙනවා.

මේ ඒ සටහනයි.. (සටහන පහතින් කියවන්න..)

'මෙ වීඩියෝ එකෙ ගුටි කන කොල්ලා මම..පට්ට කට්ටක් කාගෙන ගෙදර අයගෙ සපොට් එකක් ඇතුව ලයින් එකක් ගහන් යන එකෙක් මං. #කර්ණාගල ගෙදරින් යන්න එපා කියද්දි කාලෙකින් සෙට් උන යාලුවෝ එක්ක අඩියක් ගහලා සංගීතෙ බලන්න ගියා...ටිකට් කඩලා ඇතුලට ගියා .වැඩි වෙලාවක් යන්න ගියෙ නැ සක්කුවෙ පොන් එක නැ.සෙනග දාහක් මැද්දෙ පිස්සුවෙන් වගෙ මං මගෙ පොන් එක හෙව්වා .(මගෙ පොන් එක කියන්නෙ මං ගහපු මැච් එක ගොඩ දාලා දුන්නෙ මෙ පොන් එක .#karnagala viewpoint.)'

'පොන් එක නැන්දා කෙනෙක්ට හම්බ වෙලා එයා ලග තියන් ඉදලා එක මට දුන්නා.පොන් එක හම්බුනාට පස්සෙ තිබ්බ සතුට වැඩි වෙලාවක් තියෙන්න උනෙ නැ .අවුරුදු 2ක් විතර පරණ කෙස් එකක් අල්ලගෙන කොල්ලො ටිකක් මගෙ වටෙ කැරකෙනවා.පොන් එක හොයන්න ගිහින් එකට හිටපු යාලුවො එකෙක්වත් හොයා ගන්න නැ .එකම විසදුම බෙරෙන්න පුලුවන් තැනකට ගිහින් ඉන්න එක කියලා ස්ටෙජ් එක ලගට ගියා.එතනින් එහාට ඉතිං කියන්න ඔනි නැනි‍‍‍..'

'අවුලක් නැ එතනින් එහාට ගුටි කලා ගෙදර ඇවිත් ශෙප් එකෙ පැනඩොල් දෙකක් ගහලා නිදා ගත්තා...පහුවදාට උහුලන්න බැරි තරම් ආමාරුයි .ගෙදරටවත් නොකියා හිටියා.13 වෙනිදා හවස kurunagala #beji මට ගහපු එක විඩියො කරලා fb දාලා.විනාඩි 15ක් යද්දි 75k බලලා තිබ්බා..කොල් කරලා කිව්ව අයින් කරන්න කියලා .ගෙදරින් විසුමක් නැ...අයින් කරන්න කියලා වැන්දෙ නැති ටික විතරයි....'

'කවුරුවත් කැමති නැ ගුටි කන එකක් මුලු සමාජයක් දකිනවට..(අවුලක් නැ පහුවදා උදෙ වෙනකොට පෙජ් කාරයො වැඩ අල්ලලා) දැං කියලා මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ මෙහෙම පොස්ට් එකක් දාන එක විතරයි එන දෙකට මූණ දීලා මගෙ පඩුවෙ හිටියම කිසි ප්‍රශ්ණයක් නැ කියලා මං මගෙ හිත හදා ගත්තා.මං ස්ටෙජ් එකට නගින්නෙ අමුතු ආතල් එකක් ගන්න නෙමෙ මුංගෙන් බෙරෙන්න හිතාගෙන..දෙයක් උන තැන තමන්ට තමන් විතරයි.... මං දාන මෙ පොස්ට් එක විඩියො එක මුලින් බලපු තරම් දකින්නැති වෙයි ..එත් අවුලක් නැ ඔක තමා ඇත්ත කතාව .පොලිසි ගිහින් එ ප්‍රශ්නෙ එතනින් ඉවර කරා .මිනියක් මැරිලා ඉවර වෙන්න තිබ්බ කතාවක් මෙහෙම හරි ඉවර උන එක ගැන සතුටුයි..'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka